(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර මංසන්ධියේ දී අද (23) උදෑසන ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් රියදුරු රියසහයක සුලු තුවාල ලැබු බව ඇල්ල පොලිසිය පවසයි .
කොළඹ සිට බදුල්ල බලා ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරිය අද (23) උදෑසන දෙමෝදර මංසන්ධියේ වංගුව අසලදී මෙසේ මාර්ගය හරහා පෙරලී ගොස් ඇත.
අනතුරින් ලොරියේ පටවා තිබූ ටයිල් කැට කැඩී විනාශ වී ඇති අතර ලොරිය ටද දැඩි ලෙස අලාභහානි වී ඇතැයි පොලිසිය සදහන් කළේය .මේ නිසාවෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබිණ .
ලොරියේ පටවා තිබූ ටයිල් කැට මාර්ගය පුරා විසිරී ගොස් ඇති අතර , ටයිල් කැට විසිවී ගොස් දෙමෝදර ස්ප්‍රීංවැලි මාර්ගයේ දෙමෝදර මංසන්ධිය අසල ත්‍රීරෝද රථ ගාලේ නවතා තිබූ ත්‍රීරෝද රථ වලට වැදී ත්‍රීරෝද රථ කීපයකට අලාභහානි වී ඇති බවත් පොලිසිය පැවසීය .
හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බ
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ග
රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ටයිල් ලොරිය පාරේ පෙරැළෙයි
ගුණරත්න Thursday, 23 January 2025 03:04 PM
අපරාදේ සල්ලි.