IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


නළු නිළියන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා

(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (25) පැවසීය.

එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කර ඇති බවත් එසේ වුවද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බවත් සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීමට අදාල නළු නිළියන් සහභාගි වූ අතර එම නළු නිළියන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට පැමිණෙන බවත් සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ අදාල නළු නිළියන් සමඟ තමන් ඇතමුන් කියන ආකාරයේ ගමන් බිමන්වලට සහභාගි වී නොමැති බවත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් වියදම් කර නොමැති බවත්ය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද සහභාගි වූහ.  



අදහස් (23)

නළු නිළියන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා

ලුම්බිණි Tuesday, 25 July 2023 03:16 PM

ඔය ඇත්තමද?

:       2       76

kamal Tuesday, 25 July 2023 03:28 PM

අපිටත් ලෙටර් එකක් දෙන්නකෝ ඕස්ට්‍රේලියා යන්න .අපිත් දේශීය මැච් වලට එනවා ක්‍රිකටර්ස්ලව ප්‍රමෝට් කරන්න

:       1       0

Kamal Tuesday, 25 July 2023 03:28 PM

ෂම්මි සිල්වා වෙනුවෙන් එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වෙන් කලේ තනිව වියදම් කරන්න නෙවේනෙ. ඔය නිළියන්ටත් එක්ක තමා. නිළියෝ වියදම් කරන එව්වත් මෙයාගෙ වියදම් විදියට තමා ගනන් හදන්නෙ.

:       1       0

shammi Tuesday, 25 July 2023 03:39 PM

මදෑ නිළියන්ට කියලා කරගත්තු දිරි ගැන්වීම, එකෙකුට ලංකාවේ එකාලගේ දිරිගැන්වීම මදිවෙලා, එහෙන් දිරි ගන්න ගිහින්, තාම එහේ නඩු කියනවා. මරු ක්‍රිකට් ගැහිල්ල, ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එකට ඕන විදිහට නැටවෙන කාලකණ්නි බෝඩ් එකේ සෙට් එක තොලොන්චි වෙනකන්, බෝර්න් අගේන් සෙට් එකත් එක්කම, ඔය ක්‍රිකට් වලට ගොඩ ඒමක් නෑ

:       0       0

prasanna Tuesday, 25 July 2023 03:42 PM

තොපිත් අර රාජපක්ෂලා වගේ හොරු .රටම එය දන්නවා

:       1       0

wedage Tuesday, 25 July 2023 04:02 PM

ඔප්පු කරන්න බැරි වෙන්ඩ වියදම් කලේ

:       5       66

Shyam Tuesday, 25 July 2023 04:24 PM

නළු නිළියන් තමන්ගෙ මුදල් වියදම් කරන් ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කරන්න ගිහින්ද​ :D

:       0       0

Tikiri Tuesday, 25 July 2023 05:01 PM

බලාගෙන යද්දී පෙන්නේ ලංකාවේ පරිපාලනයේ සහා රාජ්‍ය ආයතනවල ඉන්න හැම හැත්තම පල් හොරු කියලා . මේ මහජන මුදල් නේ මුන් විනාශ කරන්නේ . ශාප වේවා මුන් ඔක්කොටම !

:       1       0

Pramuka Wijerathna Tuesday, 25 July 2023 05:16 PM

මොන ලැජ්ජාවක්ද දර්මදාස මහත්තයෝ. ඔබ කුප්‍රකට චරිතයක්. ප්ලීස් ශලනි තාරකාට හානියක් කරන්න එපා. ප්‍රමුක-නවසීලන්තය

:       0       0

de silva Tuesday, 25 July 2023 05:38 PM

නලු නිලියන්ට හිතවතුන්ට ස්පොන්සර් ලෙටර් දෙන්නෙ ශ්‍රී ලංකන් ක්‍රිකට් ඔබලගෙ බුදලයක්ද? පාලකයො ඔස්ට්‍රෙලියාවෙඩි පිස්සු නටනකොට ක්‍රිඩකයො අයාලෙ යන එක පුදුමයක්ද , අද ටෙස් මැච් එක දැක්කම ලෙකුපිත වෙන ජනතව හෙට අනිද්ද පෙලපාලියකින් ඇවිත් මෙ සභාපතිලගෙ නලු නිලියන්ගෙ ගෙවල් ඉදිරිපිට උද්ගොශන නොකරන එක පුදුමයක් ,

:       0       1

රවී Tuesday, 25 July 2023 07:13 PM

ඔය කියන නිලිය සහ තවත් නිලියක් අවස්තා දෙකකදී ඕස්ට්‍රේලියානු තරග වලට ලංකාවේ කණ්ඩායම සංචාරය කරද්දී පැමින සිටියා අපිට මතකයි. සාමාන්‍ය කෙනෙකුට ඕස්ට්‍රේලියාවට සංචාරක වීසා ලැබෙන්න අමාරු කාලයේත් මේ නිලියන් මෙහෙ කරක් ගහන්න කොහොම වීසා ලැබුනද කියා අපි ඒ දවස්වල පුදුම වුනා.

:       0       0

සේන Tuesday, 25 July 2023 07:35 PM

ඔප්පුකලොත් අස්කරනවා, අස්වෙන්න උවමනා නෑ.

:       0       0

Lalla Tuesday, 25 July 2023 09:14 PM

ඔප්පු කරන්න ඕන නෑ. දැන්ම අස්වෙලා යන්න. පළමු පන්තියේ ටිකට් අරන් නිලි වේශයෙන් ඉන්න අයත් සමග රවුම් ගහනකොට ක්‍රීඩකයින් පිට යාම කොහොමද නවත්තන්නේ...? හරියට තමන්ගේ සල්ලි වගේ මහජන මුදල් වියදම...

:       0       0

Rasi Wednesday, 26 July 2023 06:45 AM

හරි මචන්, ඔහොම්ම වියදන් කරගෙන ඉන්න. අපි ඒවා facebook දදා ඉන්නම්. තෑන්ක්ස් විස්තර කරාට. Good හරිය! අපි මොනවා හරි කරන්න බලන්නම් Srilanka Cricket ගොඩ ගන්න.

:       0       4

සල්ලි Wednesday, 26 July 2023 07:31 AM

ඕක ඔප්පු කොරලා ඉවර වෙද්දී ඔහේගේ ධූර කාලය අහවරයි නොවැ. අමෝ අමෝ පට්ට පොරොන්දුව . දේශපාලන ව්‍යවසායකයෝ හට දෙන ප්‍රසිද්ධිය කැලේ අලින්ට දුන්නා නම් සාංචාරකයෙක් හෝ වැඩිපුර එයි...

:       0       3

daesha Wednesday, 26 July 2023 07:40 AM

අම්මෝ මාර සත් ගුණවත් සෙට් එකක්නේ. ඒ හින්ද වෙන්න ඇති එක්කගෙන ගිය එකෙක් රහත්වෙලා හොයාගන්නත් බැරි.

:       0       2

dissanayaka Wednesday, 26 July 2023 08:02 AM

අස්වෙලා වැඩක් නෑ .එහෙම කරානම් ගෙවන්න ඕනි ඒවා ආණ්ඩුවට

:       0       3

Akila Wednesday, 26 July 2023 09:34 AM

ඔප්පු කරන්න දෙයක් නැහැ , විගණන වාර්තාවේ සඳහන් වෙනවා ඔය කියන නිළියන්ට මොවුන් ගේ මිතුරියෝ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔස්ට්‍ර්ලියනු වීසා ලබා දී තිබෙන බව , විසා විතරක් අරන් දීල ඒවට යන මුදල් ඒ නිලියෝන්ගේ අතින් ගෙවන්න කියන්නේ නැහැ කියල මේ රටේ පොඩි ළමයෙක් උනත් දන්නවා

:       1       10

Cricket Lover Wednesday, 26 July 2023 09:37 AM

අස්වෙලා විතරක් හරියන්නෙ නැහැ. සල්ලි ටිකත් ආපහු ගෙවපල්ලා

:       0       9

HELAYA Wednesday, 26 July 2023 11:03 AM

අනේ ඔයා අස්වෙන්න එපා.එතකොට වර්ල්ඩ් කප් දිනන්නේ කොහොමද.බොරු කියපු එකාට විරුද්ධව නඩු දාන්නකෝ

:       0       2

පිටිගල මිලානෝ Wednesday, 26 July 2023 11:55 AM

කලුකුමාර දිශ්ඨිය…..

:       0       2

sam Wednesday, 26 July 2023 12:27 PM

මෙඑන්න පට්ට පල් බොරුවක්. නලු නිලියො නිකම්ම අතින් වියදම් කරගෙන ඇතින් කාල හඅරක් බලන්ඩ එයි. ඔය ගෙවන සල්ලි වෙන මොනව හරි දේකට කියල ගෙවල ඇති. ඒක හින්ද පට්ට බොරු ‌කෙලින් නැතුව ඉන්නව.

:       0       5

Janahitha Friday, 28 July 2023 12:04 AM

වහාම හොර තක්කඩියන් රටින් පිට වෙයව්

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1462 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site