(ප්‍රේමතිලක පෙරමුණ සහ ලක්මි කුඩලිගම)
මතුගම - මීගහතැන්න මාර්ගයේ මීගහතැන්න ගල්මුල්ල ප්‍රදේශයේ දී අද (16) අළුයම සිදුවු රිය අනතුරකින් හැත්තෑ හැවිරිදි කාන්තාවක් මිය ගොස් තවත් එකොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මීගහතැන්න පොලිසිය කියයි.
හබරකඩ ප්‍රදේශයේ පිරිසක් තම පුත්‍රයකු විදේශ ගතවිම සදහා ගුවන්තොටුපලට ඇරලවා ආපසු එමින් සිටියදි අද අළුයම 5 00 ට පමණ ඔවුන් ගමන්කළ වෑන් රථයේ රියදුරුට නින්දයාමෙන් වෑන් රථය පාරෙන් ඉවතට පැන උඩුකුරුව පෙරලිමෙන් එහි ගමන්කළ පිරිස තුවාල ලබා ඇතැයි ප්‍රදේශවාසින් කියති.
තුවාල ලැබු භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු පිරිස මීගහතැන්න රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සදහා කළුතර නාගොඩ මහ රෝහලට මාරු කර යවා ඇත. සිද්ධිය පිළිබඳ මීගහතැන්න පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මීගහතැන්නේ අනතුරින් කතක් මරුට:11 රෝහලට
Santhu Wednesday, 16 November 2022 05:03 PM
මොන කරදරයක් වුණත් ගමේ උදවිය එක හිතින් එතැනට එන්නේ එක්රොක් වෙන්නේ වෑන් එක ඇදලා ගන්න විදිය. ඒ ශ්‍රී ලංකාව. තුවාල රෝගීන්ට ඉක්මන් සුවයත්, ඡීවිතක්ෂයට පත් ඒ මහත්මියට නිවන් සුව පතමු.