IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් විනිසුරු හඬාවැටෙයි

(රොමේෂ් මධුෂංඛ)

සිය ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතා මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඩා වැළපුණේය.

මිය ගිය 57 හැවිරිදි පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නමති නිලධාරියාගේ බිරිඳ අද(23) උදෑසන පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ ස්ථානයට පැමිණි අතර එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා එසේ හැඟීම්බර විය.

ඉලංචේලියන් මහතා ඊට පෙර සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීයාද හමු වීමට ගිය අතර එහිදී ද එම පොලිස් නිලධාරියා වැළඳගනිමින් හඩා වැළපුණේ ය.

මිය ගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ උදර ප්‍රදේශයට වෙඩි වැදීමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වීම නිසා එම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත.

 



අදහස් (27)

මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් විනිසුරු හඬාවැටෙයි

Savini Sunday, 23 July 2017 08:33 AM

ඔබතුමා උතුම් මනුෂ්‍යයෙක්. යහපත් ආදර්ශයක් !!!

:       0       18

raveendra Sunday, 23 July 2017 08:59 AM

රාජකාරිය නිසිලෙස ඉටුකිරීමේදී තම ජීවිතය පුජාකර යාපනයේ මහාධිකරණ විනිසුරුතුමාගේ ජීවිතය බේරාදීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් හැටියට අප ඔබ කල මෙම උතුම් සේවයට හිසනමා ආචාර්ය කරමු. ශ්‍රී ලංකා මාතාවද ඔබකළ සේවය උතුම්කොට සලකන අතර ඔබට නිවන්සුව ප්‍රර්ථනා කරමු. මෙම නිහීන ක්‍රියාව කල නිවටයින් ඉතා ඉක්මණින් නීතිය මගින් දඬුවම් ලබාදෙනු ඇත.

:       0       10

mahinda gamage Sunday, 23 July 2017 09:18 AM

ඔහු ද්‍රවිඩයකු නොව සැබෑ මිනිසෙකි උත්තුන්ග ගුණාංගයන්ගෙන් පිරි සැබෑ මානව හිතවාදියෙකි. ඔබට දීඝායු මැතිදුණි,

:       0       7

dingirala Sunday, 23 July 2017 09:36 AM

මෙන්න හැබෑ සන්හිඳියාව ලොවට පෙනුන අවස්ථාවක්.මේ විදියට දමිල මිනිසුන් රැකීමට සිංහල සොල්දාදුවන් කීදෙනෙක් මානුෂිය මෙහෙයුමේදී LTTE බෝම්බ පහරට සහ වෙඩි උන්ඩ වලට ලක් උනාද? නමුත් දමිල දේශපාලුවන්ට ඒවා සත පහක වටිනා කමක් නැහැ. නමුත් නීතිවේදියෙක් වූ හදවතක් ඇති මේ අවංක මිනිසාට එය මහත් කම්පනයක් ජනිත කලා.මේවා දුෂ්ට දමිල දේශපාලුවන් පසුපස යන අනෙකුත් දමිල අනුගාමිකයන්ටත් හොඳ ආදර්ශයක්.

:       0       145

rpshan Sunday, 23 July 2017 10:04 AM

රත්තරන් මිනිස්සු.. රත්තරන් ලේ...

:       0       32

husen-riyadh Sunday, 23 July 2017 11:02 AM

අද දවසේ ගොඩක් ප්‍රභූ කියන පැලන්තියෙන් නොදකින අපුරු මනුස්සකමින් හෙබි චරිතයක්. මෙතුමා ඉතාමත් නීතිගරුක විනිසුරුතුමෙක් හැටියට ප්‍රසිද්ධයි. එනමුත්,මනුස්සකම ඊට වඩා ප්‍රදර්ශනය වූ අවස්ථාවක් හැටියට මෙය අපි දකිනවා වගේම ගොඩක් අයට ආදර්ශමත් විරල අවස්ථාවක්. එතුමාට මාගේ ප්‍රණාමය.

:       1       48

Mahasenawi. Sunday, 23 July 2017 11:03 AM

මේවා තමයි මනුස්සකම කියන්නේ, නැතුව කුලමල ,ජාතිවිජාති ආගම්නිකාය නොවේ. අපි කවුරුත් මනුෂ්‍යයෝ. ඒක තේරුම් ගන්න නුපුළුවන් මිනිසුන්ගේ ශරීරෙ තියෙන්නේ තිරිසන් ලේ .

:       0       57

jayasekara Sunday, 23 July 2017 11:44 AM

රත්තරන් හදවතක් ඇති මහත්මයෙක්

:       0       51

jayasekara Sunday, 23 July 2017 11:52 AM

ජාතිය නොව වැදගත් ක්‍රියාව තමා වැදගත් රත්රන් හදවතක් තිබෙන නිලයෙන් හිස උදුම්මුව නොගත් ගරු කලයුතු මහත්මයෙක් ඔබට හිස නමා ආචාර කරමි .

:       0       43

ලුම්බිණි Sunday, 23 July 2017 11:55 AM

මහාධිකරණ විනිසුරු වුණත් මනුස්සයෙක් බව පෙනෙනවා.

:       0       33

indra Sunday, 23 July 2017 11:59 AM

හරිම සංවේදී දසුනක්

:       0       17

nuwan Sunday, 23 July 2017 12:53 PM

සංවේදී හදවතක් තියන කරුණාවන්ත විනිසුරු තුමෙක්. ජාති බේදයක් නැතිව බලන්න හදවත උණු වෙන හැටි. මේ සිදුවෙමෙන් පෙන්නේ මේතුමාගේ ජිවීතේ අනතුරේ බව .

:       0       33

Nuwan Sunday, 23 July 2017 02:21 PM

අපේ සිංල ඔලුව උදුම්මන් ඉන්න විනිසුරුවන්ට නියම කනේ පහරක්. මේක තමයි අව්‍යාජ සහජීවනය​. තමාගේ දිවි බේරා දුන් ඒ හිතාදරයාගේ වෙන්ව යාම ඔබට මෙතරම් සංවේදීවී යැයි අදහා ගත නොහැකි විය විනිසුරුතුමනි. රාජකාරි දිවියේ ඔබ දෙපලටම දරදඬු කර්කෂ තීන්දු තීරණ ගත යුතු වුවත් ඔබ දෙපලම සැබවින්ම මනුෂ්‍යයෝය. තමා දිවිහිමියෙන් ආරක්ෂා කලේ දෙමළෙක්ය, තමා මේ වැඳවැටී හඬනුයේ සිංහලයකු වෙනුවෙන් ය යන්න ඔබ දෙපලටම වැදගත් වුයේ නැත. සැබවින්ම ඔබ දෙපලම සැබෑම මනුෂ්‍යයෝය. ලක්මවගේ පුතනුවෝය. අප කවදා මේ යථාර්තය තේරුම් ගනී ද ???? සරත් හේමචන්ද්‍ර මහතාණෙනි ඔබට නිවන් සුව පතමි...!!!

:       0       79

nimallalitha Sunday, 23 July 2017 02:28 PM

ඊලමට ආවඩන දෙමල ජාතිවාදීන්ට මේ මිනිස් ගති ඇති මිනිස් මිනිසුන් ආදර්ශයට ගනිත්වා. එසේ වුවහොත් මේ රට කෙතරම් වාසනාවන්ත රටක් වේද.?

:       0       110

Senarath Sunday, 23 July 2017 02:51 PM

තවමත් කොටියට කඩේ යන බටහිරයෝ දැන්වත් තේරුම් ගන්න ඕනේ, අපේ පොලිසියේ හමුදාවේ කීදෙනෙක් දිවි පිදුවද ද්‍රවිඩ පුරවැසියෝ ආරක්ෂා කරන්න ගිහිල්ල. මේක තමයි නියම ඇත්ත. මේ මහාධිකරණ විනිසුරුතුමා ඇස්දෙකෙන්ම දැක්ක සිදුවුනු දේ. ඒ නිසා එතුමාට ඇඩෙනවා. මේ මරණේ ගැන අපිට තියෙන දුක, වේදනාව අඩුවෙනවා මේ විනිසුරුතුමාගේ ගතිගුණ, හැසිරීම දැක්කම. මැරිලා හරි බේරුවේ වටිනා මනුස්සයෙක් .

:       2       142

hewawitharana Sunday, 23 July 2017 08:27 PM

මෙවන් අය අනෙක් අයට වැදගත් ආදර්ශයක්

:       1       82

Channa Sunday, 23 July 2017 08:40 PM

මෙන්න නිහතමානි රාජ්‍ය සේවයේ නියුතු වෘත්තිකයන්! අපේ ඔය සයිටම් ප්‍රශ්නය ඇදල අරගෙන මහජනයා තලන ඔලුව ඉදිමුණු දොස්තර සෙට් එක මේ පින්තුරය බලලා හැදෙනවා නම් ලොකු දෙයක්. මේ මියගිය ආරක්ෂකයා ගිය තැනක ඉඳන් මේ ආදර්ශමත් රාජ්‍ය සේවකයාට ආශිර්වාද කරනවා ඇති.

:       1       104

Chanak Los angeles Sunday, 23 July 2017 09:33 PM

ඉතාම උතුම් මහත්මයෙක් . මෙහෙම දකිනවිට සිංහල දමිල වර්ගවාදය රටට දායාද වුනේ කොහොමද ? එය දායාද කලවුන්ට හොඳක් නම් සිදුනොවන්නේමය ...

:       0       110

Chandana - Australia Monday, 24 July 2017 12:05 AM

මට මේ ක්ලිප් එක බලනකොට ඇස් දෙකට කදුළු ආවා. මෙම විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතාගේ මනුස්සකමට හිස නමා ආචාර කරමි. තුට්ටු දෙකේ ජාතිවාදීනට වඩා මෙම මිනිසුන් කොතරම් උතුම්ද කියා තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයකි

:       0       121

senavi Monday, 24 July 2017 03:00 AM

මේ සිංහයෙක් මෙතුමා මම හොදට දන්නවා නිතිය වෙනුවෙන් අභීතව පෙනී සිටිය

:       146       177

NIRESH Monday, 24 July 2017 04:47 AM

ඔබතුමා වගේ උතුම් මිනිසුන් මේ රටට ගොඩක් අවශ්‍යයි. ඔබතුමා වෙනුවෙන් දිවිදුන් උතුම් මිනිසුන්ට නිවන් සුව ලැබේවා...!!!

:       0       59

බණ්ඩාර-(කැකිරාව) Monday, 24 July 2017 06:31 AM

අන්තවාදී දේසපලුවන්ට නැති උසසස් මහත්මා ගති-ගුණ මෙතුමාට මොනතරම් අගය කල යුතුද. නිලය, බලය ,තනතුරටත් වඩාත් ඉහලින් මනුස්සකම හිතන මෙවන් සංවේදී මිනිසුන් අපි අතර දැකීමත් දුලභ දසුනකි ,මෙම රුප රාමු පෙළ දැකීමෙන් ගොඩක් මිනිසුන්ගේ නෙතුවලට කදුළු පිරුනටනම් සැකයක් නැත. අනුනුගේ ජීවිතයක් රැක දීමට තම ජීවිතය පුජා කල පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මතට නිවන් සුව පතමු එහෙත් අපි සිතිය යුත්තේ රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ස්ථීර ක්‍රමවේදයක් ගැනයි.

:       0       99

Shan Monday, 24 July 2017 06:33 AM

මෙන්න නියම මනුස්සයෝ. මොන තරම් හොඳ මිනිස්සු ඉන්න රටක් ද අපේ රට. නරුම, අවස්ථාවාදී, සල්ලි කෑදර අය අපේ රට කනවා. ජාතිය, ආගම නෙමෙයි අපේ රට ගැන හිතලා පෙළ ගැසෙමු.

:       2       98

Lalin Wednesday, 26 July 2017 02:42 PM

සිංහල, දෙමළ මිනිසුන්ගේ සංහිඳියාව පෙන්වන දුලභ අවස්ථාවක්. මේක නැති කළේ අවස්ථාවාදී සිංහල හා දෙමල දේශපාලකයෝ තමයි..

:       0       2

සෙනෙවි Thursday, 27 July 2017 12:11 AM

වීරවංශ නම් කියාවි මේකත් බටහිර කුමන්ත්‍රනයක් කියල

:       24       0

uddikaThursday, 27 July 2017 10:00 AM

නියම කතාවක්නේ කියන්නේ...

:       3       0

කනකාංජලි විජේසිංහ Friday, 28 July 2017 06:11 AM

ඔබ වා‍ගේ උතුම් මිනිසෙක් මේ පොලව මත සිටීම. කාගේ ශරීරයෙත් ගලන රුධිරය රතු පාට බව එකම පාට බව සිංහල ලේ , දමිල ලේ කියා සිටින අයට දුන්න නියම පිළිතුරක, මගේ දෑසටත් මේ දසුනින් වැටුන කදුළු අපමනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන

ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2598 8

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප





ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 5900 15

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site