IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මාවනැල්ලේදී බස් රථ දෙකක් හැපී 32 ක් රෝහලේ

(ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)

කොළඹ නුවර ප්‍රධාන මර්ගයේ මාවනැල්ල අන්වාරම පල්ලිය ඉදිරිපටදි 25 දා දහවල් 11.30 පමණ පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් එකිනෙක ගැටිමෙන් තිස්දෙදෙනකු මාවනැල්ල මූලික රෝහලවෙත ඇතුලත්කර ඇතයි මාවනැල්ල පොලිසිය පැවැසීය.

අනතුරට පත්ව ඇත්තේ කෑගල්ල දෙසසිට මහනුවර බලා ධවනය යෙදුන පෞද්ගලික බස්රථයක් හා කෑගල්ල දෙසට ධාවනයේ යෙදුන මාවනැල්ල ඩිපෝවට අයත් බස් රථයක් බවත් අනතුර සිදුවන අවස්ථාවේ බස්රථ දෙකෙහිම මගීන් ගමන්කරමින් සිට ඇති බවද පොලිසිය පැවසීය.

අනතුරින් රෝහල්ගත 32 ගෙන් 5 දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

මාවනැල්ල දෙස සිට කෑගල්ල දෙසට ධාවනය යෙදුන ලංගම බස්රථයේ රියදුරු විසින් නවතා තිබු තවත් බස්රථයකට අපරික්ෂා කාරි අයුරින් ඉස්සර කිරිමට යාමේදි මෙම අනතුර සිදුව ඇති බවට දැන සිදුකල පරික්ෂණ වලින් අනාවරණය කෙරි ඇති බවත් බස් රථ දෙකහිම රියදුන් සුළු තුවාල ලබා ඇති බවත් ඔවුන් දෙදෙනාම මෙ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් අනතුරට පත් බස්රථ දෙකදටම දැඩි හානි සිදුවි ඇමිබවටද පොලිසිය පැවසීය.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්ඳේවත් මහතාගේ අධිකන්ෂණයෙන් කෑගල්ල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි (I) ප්‍රදීප් විරසේකර මහතාගේ උපදෙස් මත මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කලුආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂ නුවන් රත්නායක, පොලිස් සැරයන් 47544 රූපසිංහ, පොලිස් කොස්තාපල් 85012 චන්ද්‍රසිරි යන නිළධාරින් විසින් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.



අදහස් (6)

මාවනැල්ලේදී බස් රථ දෙකක් හැපී 32 ක් රෝහලේ

චන්දන Tuesday, 25 October 2022 03:04 PM

පේන්නේ නම් ප්‍රයිවෙට් බස් එකේ වැරැද්දක් බවයි .

:       14       3

PereraWednesday, 26 October 2022 09:56 AM

පේන්නේ නැද්ද සී.ටී.බී බස් එක වංගුවකදී අනිත් බස් එක ඉස්සර කරන බව .හැම දේකටම ප්‍රයිවට් බස් වලට දොස් පවරන සංස්කෘතියක් නෑ

:       2       7

පිටරැටියා Tuesday, 25 October 2022 03:27 PM

ලන්කාවේ වගේ රිය අනතුරු සිදුවෙන රටක් ලෝකේ කෙහෙවත් නැතුව ඇති.

:       1       14

හැටට හැටේ.. Tuesday, 25 October 2022 04:49 PM

ලංගම බස් රියැදුරු විස්කි ගහලා වගේ වංගුවකදී තව බස්‍ රථයක් ඉස්සර කරන්න ගිය වුන සිද්ධියකි මේ..! ලංකාවේ නිතරම අනතුරු සිදුවන ඉතාම ප්‍රචලිත තැනක් තමයි හැටන් කියන්නේ... මරුවා එලවන් යන වාහන කියලයි කියන්නේ! හැටන් පොලිසිය ඔය අනතුරු වලක්වන්න කිිසිම දෙයක් කරන්නේ නැහැ,,! සීතලට කාල ගහලා උන් රෑට බුදි,,, ඇත්තටම මේ වගේ රියදුරන් ගැන මීට වඩා දෙයක් පොලීසිය කරනවනම් තමයි හොඳයි... මේක අමතක උනාම ආයිමත් ඔහොම තමයි හැටට හැටේ යන්නනෙ පාරෙ..!

:       3       10

මානවැල්ලWednesday, 26 October 2022 11:11 AM

මචං මේ මාවනැල්ල. හැටන් ඉඳන් සෑහෙන දුර තැනක්‍

:       0       4

ගූගල් මල්ලියාWednesday, 26 October 2022 06:14 PM

ඒ වුනාට එකම වංගුව... එකම කාපට් පාර... එකම හතර රෝද වාහන... ගහන්නේ එකම ඩීසල්... ගූගල් මල්ලියා දැක්කේ සෙන්ටි මීටර දුරකින්..!

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන

ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2648 8

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප





ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 5903 15

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 425 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site