( චමින්ද ජයලත්)
වරකාපොළ, ගනේගම ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙස් මිය ගොස් ඇත්තේ නිරෝෂා නිරංජලී නැමැති තරුණියකි. ඇය කෙටි කළක් යුද හමුදාවේ සේවය කර නිත්‍යනුකූලව ඉවත් වී ඇතැයිද පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීමෙන් ඩි.එච් වයලට් රංජනි නම් 52 හැරිවිරිදි ඇගේ මවද බරපතල තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළු කර තිබේ.
සැකකරු සහ තරුණිය අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මත අද අලුයම මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු උඩුමුල්ල දොරවක ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බව හඳුනාගෙන ඇති අතර සිදුවීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇති බවත් පොලීසිය කියයි.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙඩි තැබීමකින් තරුණියක් මරුට