IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වාන් ජලයේ ගිලී ඉණිමඟෙන් ගොඩවී පාසල් යන දරුවෝ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පාඩියමඩුව වැවේ වාන් ජලය, කොහොඹගස්වැව පාලම අසළින් ගලායාම හේතුවෙන් පාලමේ ඉදිරිකිරීම් අතරමග නවතා දමා ඇතැයිද, ආණමඩුව, ආඩිගම - මහකුඹුක්කඩවල මාර්ගයේ ගමනාගමන කටයුතු දින තුනක සිට සම්පූර්ණයෙන් නතරවී ඇතැයිද ජනතාව පවසති.
 
පසුගිය අප්‍රේල් 25 දින මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 239 ක් වැය කර ඇත. පාලමේ කටයුතු මාස තුනකින් ඉදිකර අවසන් කළ යුතු වුවද මේ වන විට එහි කටයුතු සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ජනතාව පවසති.
 
මේ හේතුවෙන් ආඩිගමට පැමිණෙන බොහෝ පිරිසකට සිදුව ඇත්තේ ආණමඩුවට ගොස් කිලෝමීටර් 25 කට අධික දුරක් ගෙවා යාමට බව ඔවුහු කියති.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි ඩබ්. එම්. දයාරත්න මහතා මෙසේ පැවසීය.
 
“මේ පාලම ඉදි කිරීම අත්‍යවශ්‍ය කරුණක්. නමුත් මේ වන විට මාස තුනකින් කරන්න කියපු පාලම මාස හයක් අවසන් වෙලාත් අවසන් වෙලා නැහැ. මහ වැසි නිසා මාර්ගය සම්පුර්ණයෙන් ගමනාගමන කටයුතු නැවතිලා. පූනවිටිය ප්‍රාථමික පාසලට යන දරුවන් අඩි 10 විතර උස පාලමට ඉණිමඟේ නැගලා ආයෙ අනිත් පැත්තෙන් බැහැලා යන්නේ බරපතල අනතුරු දායක තත්වයක් එක්ක”
 
මහකුඹුක්කඩවල  ප්‍රාදේශීය ලේකම් දුලන්කා අතුකෝරාළ මහත්මියගෙන් මෙසේ පැවසුවාය.
 
“පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තුමේන්තුවත් වයඹ පළාත් සභා අමාත්‍යංශයත් තමා මේ පාලමේ කටයුතු කරන්නේ. මේ දිනවල පවතින තත්වය ජනතාව මට දැනුම් දුන්නා. පාසල් දරුවන් පවා පාලම උඩින් අසීරුවෙන් යනවා කියලා දැනගන්න ලැබුණා. නමුත් අදාළ ආයතන දැනුවත් කිරීම මිස  වෙනත් දෙයක් කරන්න මට හැකියාවක් නැහැ”
 
මෙම පාලමේ අනතුරු දායක තත්වය බලධාරීන් නොසලකා හැරීමත් සමඟ තම ජීවිත අවදානමක ඇති බව ජනතාව කියාසිටිති.

 



අදහස් (21)

වාන් ජලයේ ගිලී ඉණිමඟෙන් ගොඩවී පාසල් යන දරුවෝ

neel Wednesday, 23 October 2019 10:49 AM

කෝටි 5000 ක බිල් ගෙවන්න සල්ලි නෑ

:       1       11

H.M.Anurasiri Herath Wednesday, 23 October 2019 11:02 AM

නිකවැරටිය, ඉඟිනියාගම මාර්ගයේ ඔය වගේම වැඩ නිමවෙලා නැති පාලම් කිහිපයක් තියෙනවා. වයඹ පළාත් සභාවල් හැමතැනම වැඩ කරලා තියෙන්නේ ඔහොමමයි. වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද?

:       1       36

namalThursday, 24 October 2019 02:57 AM

ආණ්ඩුකාරයින්නේ වැඩ බලන්නේ...

:       1       7

sampath Wednesday, 23 October 2019 12:29 PM

අධ්‍යාපනය ලබන දරුවන්ට මූලික පහසුකම් සපයන්න කිසිම ආණ්ඩුවකට බැරිවුණු රටක් හදන්න වේදිකා පැලෙන්න කිව්වා නම් හතර වටෙන්ම ඇහෙනවා. අවුරුදු කාලෙට කොහා අඬනවා වගේ ඡන්ද කාලෙට විතරයි සද්ද...

:       1       84

Kumar Wednesday, 23 October 2019 05:11 PM

මගේ ඇසට පෙනෙන්නේ ගම්මු රජයෙන් සෑමදෙයක්ම කරනතෙක් බලාසිටීමයි.., ගමේ සියලුදෙනාම එකතුවී ශ්‍රමදානයකින් කෙනෙකුට පාලම් මත නැගිය හැකි ආකාරයට පටු මාර්ගයක් සාදාගත්තොත් හොඳනැද්ද?

:       162       110

sharm warnThursday, 24 October 2019 05:46 AM

ගම්මුන්ට එකතු වෙලා හදාගන්න නම් රජයෙන් මුදල් වෙන් කළ යුතුද? ඇස ඉස්සරහම සදාචාර විරෝධී මූල්‍ය වංචාවක් වගේම මහජන අසාධාරණයක් වෙලා තියෙද්දී ඔයා අර දුප්පත් මිනිස්සුන්ට බර පටවන්න කතා කරන්නේ? අඩු ගානේ නිකවැරටිය කියන්නේ කොහෙද කියලාවත් දන්නවද? ඒ මිනිස්සු එදා දවස ගෙවා ගන්න ආදායමක් නැතුව අපා දුක් විදින කොටසක්.. ඔයා කියනවා පාලමක් හදාගන්නලු.. ඔයා හොඳයි පාර්ලිමේන්තුවට යවන්න. මොකද එ්කේ ඉන්නේ ඔය ජාතියේ කතා කියකියා මහජන මුදල් පිල්ලි ගහන හරක්නේ...

:       2       65

kapThursday, 24 October 2019 06:14 AM

පාර හදන්න වෙලා නැති උනාට ඡන්ද මිටින් යන්නයි, පෙළපාලි යන්නයි වෙලා තියෙනවා. හරියට අවබෝද කර ගන්න කුමාර් ගේ කතාව. අපි කම්මැලි වෙලා තියෙන්නේ මේ හැමදේම ආණ්ඩුවෙන් ඉල්ලන නිසා තමයි.

:       3       68

sharm warnThursday, 24 October 2019 09:04 AM

කැප් ... ඔව්. බත් මුලටයි අරක්කු බෝතලෙටයි මීටින් ගානේ යන්න එන්නේ දුප්පත් කමේ පතුලේ ඉන්න ඒ මිනිස්සු තමයි. දරුවට ඉස්කෝලේ යන්න පොත් අරන් දෙන්න වත් කමක් නැති, බොන්න පිරිසිදු වතුර පොදක් නැති ගහක් කොලයක් ඉඳන්න වගාවක් කරන්න වතුර ටිකක් නැති ඒ පළාත් වලට ඔයා ගිහින් එන්න... එතකොට ඔයාට තේරෙයි කම්මැලි කම ද නැතිනම් වෙන ප්‍රශ්නයක් ද කියලා... කාපට් පාරවල් තියෙනවා දැක්කොත් ඇස් නිලංකාර කර ගන්න එපා. ඒ මිනිස්සුන්ට පාරේ කාපට් එක කන්න බැහැ නේ... ඔයාට හිතෙන්නේ නැද්ද මේ පාලමට වෙන් කරපු සල්ලි කොහෙද ගියේ කියල අහන්න ? විගණනයක් නොකෙරෙන්නේ ඇයි කියලා අහන්න හිතෙන්නේ නැද්ද ? මේ වගේ බාගෙට හදලා මුදල් පිල්ලි ගහපු තැන් අපේ රටේ එමටයි. මුල් ඇදපු මුල් ගලුත් එක්කම. එව්වා ගැනත් කියන්නකෝ...

:       18       2

KumarThursday, 24 October 2019 05:24 PM

මම කිව්වේ තාවකාලික විසදුමක් පමණයි. එක අයෙකුගේ ජීවිතය නැතිවුනොත් ඔය ලොකු කතාවෙන් වැඩක් තිබෙනවද. එහෙම නැතිනම් ලංකාවේ මනුෂ්‍ය ජීවිතවල වටිනාකමක් නැති වගද. මට පිළිතුරක් ලියු ඔබ ආනමඩුව දන්නවද.

:       1       35

sharm warnFriday, 25 October 2019 04:40 AM

කුමාර් ඔබේ අදහස මට නම් ඔව්. මම එළුවන්කුලමේ ගම්මානයකට යම් සේවයක් වෙනුවෙන් ගියා. පාරිසරික තත්වයත්, ආර්ථික මට්ටමත්, ජීවන තත්වයත් යන මේ සියල්ලම හොදින් දැකපු නිසා තමයි මම කතා කරන්නේ.

:       1       1

KumarFriday, 25 October 2019 05:07 PM

1980 මුල්කාලයේ රාජකාරිය සඳහා මම එළුවන්කුලම පාරේ කලාඔය ළඟටම යනවා. ඒ කාලයේ ඒ තැන කිසිවෙක් සිටියේ නම් නැහැ. ආනමඩුවේ මාන්කුලම, අතුරුපොළයාගම, තම්මන්නාවටිය, මත්තේගම සහ තල්ගස්වැව වැනි ගම්මාන රැසකට රාජකාරිය සඳහා ගොසින් තිබෙනවා. කිහිප අවස්ථාවක මඩවගුරු වැනි පාරවල් දිගේ දරුවන් වඩාගෙන යන අම්මලා ගෙනත් ගලගමුව පාරට ඇරලා තිබෙනවා. 1989 සිට මම ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ...

:       1       1

සමන් ඔස්ට්‍රලියා Wednesday, 23 October 2019 11:16 PM

මේ ළමයින්ටත් ටැබ් දුන්නනම් සේරම හරි. ලගම පාසැල හොදම පාසල

:       2       35

nimal Thursday, 24 October 2019 03:59 AM

ඉතින් තවත් දීපල්ලා මේ දෙපලට. හැත්තෑ එක් වර්ෂයක් රටම කෑවා. බලපල්ලා, මොලේ තියන අය තව ඉන්නවා ඔය ඡන්ද කොලේ... ඔවුන්ට පුළුවන් රට හදන්න.

:       2       9

නිලාන් Thursday, 24 October 2019 06:12 AM

ළමයිනේ මෙන්න මේ දේට තමයි කියන්නේ යහපාලනය , කොමිස් කාරයින්ට සහ වංචා කාරයින්ට, ලැබුණු සුපිරිම කාලයයි 2015-2019. ඔබ වැනි ගම්බද අහිංසක දරුවන්ට යලිත් මෙවැනි කරදර-බාධක අත්නොවන්නට "උගත් , බුද්දිමත් නායකයින් පමණක් පාර්ලිමේන්තුවට පත් කිරීමට ඔබේ වැඩිහිටියන්ට පහදා දෙන්න."

:       2       82

athuraFriday, 25 October 2019 04:02 AM

ඇයි යහපාලනය විතරක් ආසියාවේ ආශ්චර්ය තිබුණෙත් මේ රටේම තමයි මහත්මය.

:       1       6

rasika Thursday, 24 October 2019 09:52 AM

ටැබ් එක පරිස්සම් කරගන්න.

:       3       2

sampath Thursday, 24 October 2019 12:39 PM

මෙතන සමහර කමෙන්ට්ස් දැකකාම පුදුමත් හිතෙනවා. ලෝකේ කොහෙද මිනිස්සු එකතුවෙලා පාලම් හදාගන්නේ? මේ තරම් තාක්ෂණය දියුණු කාලේ අඩුම යකඩ පාලමක්වත් තාවකාලිකව හදා දීම රජයක වගකීමක්... අනෙක පෙළපාලි යන මිනිස්සු මේවට එන්නෙත් නෑ. මේවායේ ඉන්න මිනිස්සු පෙළපාලි යන්නෙත් නෑ..

:       1       2

KumarFriday, 25 October 2019 04:51 PM

මහත්මයා කියන වර්ගයේ පාලම් දමන්නේ රථවාහන අධික ප්‍රධාන මාර්ගවලට පමණයි. මට පුදුම මේ පාලම මෙතරම් උසින් වැඩි මොකද කියලයි. මේ රටේ මෙවැනි පාරක මෙවැනි දිය පාරකට දමන පාලම දිය පාරේ සිට මිමී 300ක් පමණ උසින්ය. මට පේන්නේ මීටර් 2ක් උසින් බවයි.

:       1       1

Nuwan Thursday, 24 October 2019 12:58 PM

මේ වගේ අවදානම් ගමනක යන මගේ දුවේ පුතේ ඔබට දෙවි පිහිට ලැබේවා...!!!

:       1       2

jayasekara Friday, 25 October 2019 04:16 AM

ඇපොයි බලාගෙන දුවේ ., පුතේ.. මාම දුන්නු ටැබ් එක වටෙයි වතුරට.පරිස්සමෙන්.

:       2       1

krishantha Friday, 25 October 2019 07:15 AM

බලන්න දැන් රෑට රෑට දුක සැප බලන්න එන්නේ කොහොමද ?ඉක්මනට ඕක හදලා දාන්න.

:       2       1

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6621 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.



ජනපති සටන කොයිබටද?
2024 සැප්තැම්බර් මස 14 2246 4

මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරන





වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21185 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20492 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site