IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


වරාය සේවකයෝ වරාය පිවිසුම වට කරති

(ඩයනා උදයංගනී)

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව  වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය  කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අද (23) පැවැත්විණි.

මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඒ හේතුවෙන් කොළඹ පලමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.

'හොරු රකින - බදු ගහන රනිල් රාජපක්ෂ පන්නමු', 'කරන්න පුළුවන් එකෙකුට දීලා පව් නොදී පලයල්ලා', 'තොපිට  සැප - අපිට බදු - වැඩබිම පාරට' ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.

මෙම විරෝධතාවය පැවති ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් ද යොදා තිබෙනු දක්නට ලැබුණු අතර පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයන් ද එම ස්ථානයට කැඳවා තිබිණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (13)

වරාය සේවකයෝ වරාය පිවිසුම වට කරති

කුමාර Monday, 23 January 2023 01:32 PM

මේ බදු අය කරන්නේ රු .ලක්ෂයට වැඩි මාසික වැටුප් ලබන අයගෙන් නේද.වරයේ අයගේ පඩිය හිතා ගන්න පුඵුවන්.

:       68       74

Sunil Monday, 23 January 2023 02:10 PM

රජය නම් විරෝධතා වලට බොහෝ සෙයින් බයවෙලා වගෙයි .එසේ වෙතත් මේ දුරධාන්ත රජය යවන තුරු විරෝධතා පවත්වමු

:       38       71

Athula Monday, 23 January 2023 02:26 PM

රට කන රනිලා තෝ පල ඔය හොරු රැල සමග. නැතිනම් තොපිට වෙන දේ හිතාගන්න බැරිවෙයි

:       41       59

Ruhunu Monday, 23 January 2023 02:26 PM

මේ ඉන්නේ කිසිම හොරකමක් නොකරන අය

:       21       64

PereraTuesday, 24 January 2023 02:53 AM

මැති ඇමති ගොල්ලෝ හොරකම් කරන තරමට් නම් මුන් හොරා කාලා නැහැ

:       8       1

JagathSL Monday, 23 January 2023 02:36 PM

වරාය සේවකයො කියන්නෙ ලංකාවෙ රාජ්‍ය සේවයේ යෙදෙන කම්බ හොරු කොට්ඨාශයක්. කිසිම ලැජ්ජාවක් නැතුව මේ වගේ රාජ්‍ය සේවකයොත් දේශපාලඥයන්ට හොරුයි කියනවනෙ. දේශපාලඥයො විතරක් තනියම හොරකම් කරල රට මේ තත්වෙට වැටුන වගේ හරියට.

:       14       61

senaMonday, 23 January 2023 05:01 PM

දේශපාලඥයන් නැතිනම් ඔයත් හොරකම් කරනවද.?

:       0       1

සිල්වා Monday, 23 January 2023 03:07 PM

රනිල් රාජපක්ෂලා පන්නන්න එකෙ කතා දෙකක් නැත. රාජපක්ෂලා මංගල සමරවීර හිටපු ඇමතිතුමාගෙ බදු ක්‍රමය වෙනස් කල නිසා රජයේ ආදායම් බිලියන ගණනින් පහත වැටී මාසිකව මුදල් අච්චු ගැසීමටත් ඒ හෙතුවෙන් උද්ධමනය වැඩි වී භාණ්ඩ වල මිල ඉහළ යෑම සිදුවුණා. දෙශපාලනය කෙසේ වෙතත් බදු අය නොකර රටක් පාලනය කිරීම බොරුවකි. රට ගොඩ නැගීමට නම් යම් කිසි කාලයක් මෙම ක්‍රමය යායුතුය. 69 ත් එක්ක එකතු වෙලා ඔක්කෝම බදු ගෙවපල්ලා.

:       11       47

Nandalal DE SILVA - France Monday, 23 January 2023 03:09 PM

වර්ජන කරන මේ සියලුම වරාය සේවකයින් මසකට රුපියල් 100 000 කට වඩා උපයනවද? ඉහලම තලයේ වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ රජය පෙරලීම සඳහා සියලු උපක්‍රම භාවිත කරයි.

:       12       36

PereraTuesday, 24 January 2023 02:57 AM

අද ලක්ෂයක් කියන්නේ සොච්චමක්.

:       4       3

Rata Perata Tuesday, 24 January 2023 12:05 AM

මෙතන සමහර ඕලමොට්ටලයෝ වරායේ සේවකයන්ගේ හොරකම් ගැන කතා කරනවා .මාර්ගය තියෙනවානම් ඕන එකෙක් හොරකම් කරයි .ඒවා නැති කරන්න තමයි දේශපාලුවෝ පත් කරන්නේ .උන් කඹ හොරු උනාම කොහොමද අනිත් හොරකම් නවත්තන්නේ ?

:       3       4

pakeer Tuesday, 24 January 2023 03:36 PM

රජයේ සෙවකයන්ගෙන් 99.99% ක්ම හොරු තමයි..එහෙම නැත්නම් නිකන් පඩි ගන්න එවුන්. රට දුවන්නෙ පුද්ගලික අන්ෂයෙ එවුන්ට පින් සිද්ධ වෙන්න.

:       2       4

sampath Tuesday, 24 January 2023 07:45 PM

සිංගප්පූරුවේ වරාය හදද්දි ඇහුවලු ඇයි කොළඹ වරාය තියෙද්දි අපි වරායක් හදන්නේ ඒක විවෘත කරද්දි කිව්වලු කොළඹ වෘත්තීය සමිති කාරයන්ගේ පිහිටෙන් අපිට නැව් එනවා කියලා. මොකද කොළඹ හැමදාම වර්ජන. දැන් සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට පොඩි තල්ලුවක් දෙන්න. ඕක නිකම්ම කරදිය පොකුණක් කරලා දාන්න පුළුවන්. ගේට්ටු වහලා මිනිසු පාරේ තියලා ගොන් කමයි පෙන්නන්න හදන්නේ. එනෙක වරායේ පඩි සහ දීමනා ගැන හැමෝම දන්නව කෑම නිකම්ම වගේ ලැබෙනවා තේ ලැබෙනවා ඕටී තියනවා. මොනවද වරාය සේවකයන්ට නැත්තතේ අනෙක් අයට සාපේක්ෂව.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 5067 11

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ



ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2706 10

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප




මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 637 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site