IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපයේ 5 කට විනය ක්‍රියාමාර්ග ගන්න ලිපි බාරදෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව පක්ෂය ලිපි බාර දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 මේ සම්බන්ධයෙන් දින  7 ක් ඇතුළත කරුණු දක්වන ලෙස ඔවුන්ට එම ලිපි මගින් දැනුම් දී ඇතැයි ද හෙතෙම කීය.

අද (4) පැවති මාධ්‍ය හමුවක දී ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

ලක්ෂමන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා , එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට මෙලෙස ලිපි බාර දී තිබේ.

(28535)



අදහස් (22)

ශ්‍රීලනිපයේ 5 කට විනය ක්‍රියාමාර්ග ගන්න ලිපි බාරදෙයි

ගල්කටස් Wednesday, 04 September 2019 08:00 AM

ගිරා බෙනේට රිලව් රිංගුවම වෙන දේ ගැන කිව්ව කථාව මතක් වුණා.

:       29       105

isurandi Wednesday, 04 September 2019 08:06 AM

විනය පරීක්ෂණ කරලා විතරක් මදි, මොවුන්ට ඡන්දෙ දීපු ඡන්ද පාක්ෂිකයින්ව නොමග යැව්වට නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.

:       2       118

MaheeWednesday, 04 September 2019 11:45 AM

ඔබ සමග මමත් එකඟයි. අවස්ථාවාදී මජරයින් මහා රංචුවක් අතරින් කීපදෙනෙක් පමණයි මේ... කොහොමත් මොවුන් හැම කෙන‍ාම දේශපාලනයට එන්නේ හම්බ කරන්නනේ... ඒක කොන්තරාත්වලින් වෙන්න පුළුවන්.. ටෙන්ඩර් වලින් වෙන්න පුළුවන්.. කුඩුවලින් වෙන්න පුළුවන්.. පක්ෂමාරු කිරීමේදී ලැබෙන කුට්ටියෙන් වෙන්න පුළුවන්. ඔය ඕනෑම ක්‍රමයකින් බඩ වඩා ගැනීම සඳහා අපි ඔවුන්ට ලයිසන් එකක් දීලයි යවලා තියෙන්නේ. දැන් අපි ඔහේ බලාගෙන ඉම්මු...

:       8       6

PrabhaWednesday, 04 September 2019 03:04 PM

ඔබට වැරදිලා... ජනතාවගෙන් ප්‍රතික්ෂේපවෙලා ගෙවල් අස්සේ ඉන්නකොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු අය. කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් රිළවෝ කිව්වලු.

:       0       0

Hafeel Wednesday, 04 September 2019 08:15 AM

දැන් මෙයා මෙහෙම හැසිරුනාට, බැරිවෙලාවත් සජිත් බලයට අාවොත්, මෙයාත් ආපහු යූ.එන්.පී. එකට හේත්තු වුණත් පුදුමයක් නොවේ. රනිල් එපාවෙලා මහින්ද ලඟට ගිහින් රනිල්ට ගැහුවා. මහින්ද ලඟ ඉඳන් පහුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිට පට්ට ගැහුවා. ආපහු මෛත්‍රි ලඟට ඇවිත් මහින්දට ගහනවා. මේක තමයි දේශපාලන හපන්කම්...

:       0       0

sirimal Wednesday, 04 September 2019 08:43 AM

මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර තිබෙන්නේ ඔවුන් පක්ෂයේ මතයට පිටින් කටයුතු කරමින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීම නිසා බවයි පෙනෙන්නේ. එහෙම නම් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන" දෙවතාවක්ම ප්‍රසිද්ධියේ පොහොට්ටුවේ සාමාජිකත්වය විතරක් නෙවේ... සභාපතිකමත් ලබාගෙන ඒ බව ලෝකෙටම ප්‍රකාශ කළ, පොහොට්ටුව ප්‍රවර්ධනය කරමින් දවස්පතා පන්සල් ගාණෙත් වෙනත් තැන්වලත් කතා පවත්වන" අයට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මොකද මහලේකම් මහත්තයෝ? බයටද නැත්නම් ලජ්ජා නැති කමටද?

:       46       212

chandika Wednesday, 04 September 2019 08:49 AM

ඉතාම හොද තීරණයක්..

:       88       87

sisira Wednesday, 04 September 2019 09:05 AM

එතකොට වර්තමාන ජනාධිපතිවරයා ඔය තත්වයට අාවේ නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට විරුද්ධව පක්ෂයෙන් එළියට බැහැලා තරග කරලා එයට සදාචාරාත්මක අයිතියක් තියනවද? අනිත් අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න...

:       86       273

සෙනෙවි Wednesday, 04 September 2019 09:58 AM

පළමුවෙන්ම විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ. ශ්‍රීලනිපෙ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව එජාපය සමග එකතුවී ඡන්දෙට ඉදිරිපත්වූ සිරිසේන මහතාටයි. තවද ශ්‍රී ලංනිපෙ ප්‍රධාන විරුද්ධවාදී සජිත්ගේ න්‍යායපත්‍රයට වැඩ කරමින් පක්ෂය එජාපයට එකතු කිරීමට කුමන්ත්‍රණය කරමින් පොහොට්ටුව සමග එකතුවීමට බාධා පමුණුවමින් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳවද දයාසිරිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි..

:       93       353

Gamarala Wednesday, 04 September 2019 10:34 AM

මේ වෙලාවේ අපට ඕන රට බේරාගැනීමද? නැත්නම් අපිත් විනාශ වී, රටත් විනාශ කර පක්ෂය රැකගැනීමද කියලා හිතුවොත් හොඳයි. කාගේ කාගේත් කිල්ලෝටේ හුණු තියන බව අමතක කරන්න එපා. ඒ අයත් අපේම මිනිස්සු තමයි...

:       0       0

Gamarala Wednesday, 04 September 2019 10:34 AM

මේ වෙලාවේ අපට ඕනෑ රට බේරාගැනීමද, නැත්නම් අපිත් විනාශ වී, රටත් විනාශ කර පක්ෂය රැකගැනීමද කියලා හිතුවොත් හොඳයි. කාගේ කාගේත් කිල්ලෝටේ හුණු තියන බව අමතක කරන්න එපා. ඒ අයත් අපේම මිනිස්සු තමයි...

:       54       56

siri Wednesday, 04 September 2019 10:38 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කියන්නේ ලොකු තනතුරක්... දරන්න බැරි කෙනෙකුට එවන් තනතුරක් ලැබුණාම හීනමානය එනවා.

:       13       39

Buddika Wednesday, 04 September 2019 11:36 AM

හොඳායි..!! එතකොට අද පොහොට්ටුවේ නායකයා සහ සාමාජිකත්වය දරමින් නිදහස් පක්ෂය විවේචනය කරමින් පොහොට්ටුව ප්‍රවර්ධනය කරන නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිස ගැන විනය ක්‍රියාමාර්ග නොගන්නේ බයටද? මහින්දටත් විනය පියවර නොගන්නේ බයටද?

:       25       28

janathava Wednesday, 04 September 2019 12:05 PM

19 ට අත උස්සපු අය දඬු කඳේ ගහනවා. අපිට, විනය පරීක්ෂණ ඕනෑ නැහැ.

:       0       320

Gamarala Wednesday, 04 September 2019 01:15 PM

හරියට හරි ඇත්ත...!

:       0       3

Amila Wednesday, 04 September 2019 01:28 PM

අනිවාර්යයෙන්ම මොවුන්ව නෙරපා හරින්න පුලුවන්. මොකද ඡන්දේ ඉල්ලලා දිනපු අය නෙමේනේ. අර සිල්වා කාරයෙක් කරපු විකාර වැඩේ නිසා තමයි ඡන්දේ ඉල්ලලා දිනපු එවුන් පැන්නහම එලවන්න බැරි.. ජාතික ලැයිස්තු අයව නිකන්ම එලවලා දාන්න පුලුවන්... එක පක්ෂයක් විසින් කරන පත්කිරීමක් නිසා..

:       0       0

annda Wednesday, 04 September 2019 02:06 PM

විනයක් නැති එවුන් විනය ගැන කතාකරනවා. මුල් තැනින්ම පටන් ගත්තොත් නරකද?

:       0       24

Thilina Wednesday, 04 September 2019 02:50 PM

තමන්ගේ පක්ෂයට විරුද්ධව ගිහින් තමන්ගේ ප්‍රධාන විරුද්ධ පක්ෂය එක්ක එකතු වෙලා ජනාධිපති වෙලා ආපහු පක්ෂයේ සභාපතිකම අරගෙන නැවත වතාවක් මහමැතිවරණය වෙලාවේ පක්ෂයට විරුද්ධව වැඩ කරලා දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා කියලා ඡන්දයට දවසක් තියලා ලේකම්ලා බලෙන් මාරු කරලා පැරදුණු එවුන් ලිස්ට් එකෙන් අරගෙන කරන්න පුලුවන් ඔක්කොම අළුගුත්තේරු වැඩ කරපු පොළොන්නරුවේ ගමරාළට විරුද්ධව පළමුවෙන්ම විනය ක්‍රියාමාර්ග අරගෙන ඊට පස්සෙ අනිත් අයට නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       0

THILAK Wednesday, 04 September 2019 02:54 PM

රිලාසිරිට ඔය තනතුර දුන්න අයට මඩුවලිගෙන් ගහන්න ඕනෑ...

:       0       0

Chanak los angeles Wednesday, 04 September 2019 04:13 PM

එතකොට මහින්ද හිටියේ මොන පක්ෂයේද? විපක්ෂනායක කම ලැබුනේ මොන පක්ෂයේ සාමාජික යටතේද? දැන් මහින්ද සාමාජික වෙලා ඉන්නේ නිදහස් පක්ෂයේද පොහොට්ටුවේද? මහින්දට පොහොට්ටුවේ නායකකම ලැබුණා නේද? කෙනෙකුට පක්ෂ දෙකක සාමාජිකත්වයක් තියා ගන්න පුලුවන්ද? මහින්ද නිදහස් පක්ෂයට විරුද්ධව වැඩකරලා නම් ඔහුට විනය පරීක්ෂණයක් නැතිද? මහින්දට බයද?

:       0       0

ලුම්බිණි Thursday, 05 September 2019 02:33 AM

යන එකෙකුට යන්න දෙන්න. මොන විනය පරීක්ෂණද?

:       0       0

Perakum Thursday, 05 September 2019 04:20 AM

ඔය කිසි ප්‍රශ්ණයක් නෑ පක්ෂ මාරුව තහනම් කරන්න. අපේ චන්දෙන් ගිහිල්ල අපිට ඕන නැති දේ කරන්න එයාලට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. අපේ නියෝජිතයා අපේ කැමැත්ත නියෝජනය කල යුතුයි. බැරිනම් අස්වී යා යුතුය.

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 5187 11

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ



ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2730 10

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප




මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 716 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 355 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 503 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site