(ඩී.ජී.සුගතපාල)
හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදි අද පෙරවරුවේ පුද්ගලයෙන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර කාරයාලය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ හික්කඩුව කලුපෙ පදිංචි කපුවා හන්දි සුසන්ත මෙන්ඩිස්(48) සහ හෙන්ද හේවගේ ඉසුරු ප්‍රසන්න (27) යන දෙදෙනෙකි.
ඝාතනයට ලක් වූ දෙදෙනා මෙයට මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේදිම තරුණයකු කපාකොට ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට මෙයට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ සිටි බවද පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා එම නඩුවට පෙනි සිටිම සඳහා ගාල්ල අධිකරණයට යාමට යතුරු පැදියකින් යමින් සිටියදී තිරාණගම ප්‍රදේශයේදි හික්කඩුව දෙස සිට කුඩා ජිප් රථයක් පැමිණ මග හරස්කොට එහි පැමිණි පුද්ගලයකු ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ආපසු ජිප් රථය හරවාගෙන හික්කඩුව දෙසටම ධාවනය කරඇති අතර ඔවුන් දෙදෙනා එම ස්ථානයේම මියගොස් ඇත.
පොලිසිය පැවසුවේ ඔවුන් දෙදෙනාට වෙඩි පහර 17ක් පමණ එල්ලකර ඇති බවය.පසුව මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදි.
2022 ඔක්තෝබර් මස 31
පෙ.ව. 10:03
(ඩී.ජී.සුගතපාල)
හික්කඩුව තිරානගම හන්දියේ දි මීට සුළු වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වැඩි විස්තර පසුව
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හයක මුදල් කල්පිරීමට පෙර ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පඩුවක් කළැයි කියන සිද්ධ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙකක් මරුට
fairoos Monday, 31 October 2022 02:23 PM
කෝ අපේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න..? නන්දසේනත් එක්ක පලාගියාද?