IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


Y-12 යානයක් කඩා වැටී ගුවන් හමුදාවේ 4 ක් මරුට

හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ  සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන  ඇතැයි ගුවන් හමුදාව පවසයි.

අනතුරින් එහි ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනා මියගොස් ඇතැයි බවද තොරතුරු තහවුරුකරගෙන තිබේ.

නීරීක්ෂණ කටයුත්තක් සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට හපුතලේ දක්වා ගමන්ගන්නා අතර තුරදී මෙම යානය අනතුරට ලක්ව තිබේ.

 යානය කඩා වැටුණු ආසන්නයේ නිවසක සිටි කාන්තාවක්ද එහි කම්පනය හේතුවෙන් රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිදුර තොරතුරු සොයා පරීක්ෂණ සිදු කරමින් පවතී. 

(ගුවන් යානා අනතුරි මියගිය සාමාජිකයන්ගේ දසුන්)  ඡායාරූප සැපයීම - ප්‍රසන්න පද්මසිරි 



අදහස් (17)

Y-12 යානයක් කඩා වැටී ගුවන් හමුදාවේ 4 ක් මරුට

පිටිගල මිලානෝ Friday, 03 January 2020 06:26 AM

මෙම චීන වයි දොළහ යානය නවසීලන්තය ඇතුළු ලොව දියුණු රටවල භාවිතය තහනම් කර ඇත. ලංකාවේ හිටපු පාලකයෙක් බලෙන් ගුවන් හමුදාවේ කරේ ගහපු යානයකි මේ.

:       61       268

Janaka Friday, 03 January 2020 07:53 AM

රුසියා වල හදපු ගුවන් යානයක් වෙන්න ඇති.

:       110       2

කපුරුහාමි Friday, 03 January 2020 11:32 AM

කිවයුතු දේවල් නම් තියෙනවා. කිව්වා කියලා ඵලකුත් නැහැ. ඔබ සියලුම දෙනාට නිවන්සුව ලැබේවා..!

:       1       61

Dinesh Friday, 03 January 2020 11:46 AM

1997 ජනවාරි 20 වන දින, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Y-12-II, CR851, නිරීක්ෂණ මෙහෙයුමක යෙදී සිටියදී පලාලි ගුවන් කඳවුරෙන් කඩා වැටී යානයේ සිටි සිව්දෙනාම ජීවිතක්ෂයට පත්විය.

:       1       31

Wedda Friday, 03 January 2020 11:50 AM

පාවිච්චිකළ කබල් ගුවන් යානා කොමිස් කුට්ටි ගහලා ගෙනාවා සිංහල කොල්ලො මරන්න.

:       3       104

විපරමා Friday, 03 January 2020 11:52 AM

දින 52 අගමැතිත් වැඩිපුරම ගියේ උඩින්. මේකට වැඩිය හොඳ එව්වා වෙන්න ඕනේ...

:       50       72

Maalaka Friday, 03 January 2020 12:34 PM

මේක මාස 2කට කලින් වුණානම් මේ වෙනකොට රනිල්ට බැණුම් තමයි අහන්න වෙන්නේ...

:       17       332

සමීර Friday, 03 January 2020 01:58 PM

මේක චීනයේ නිෂ්පාදිත පැරණි ගුවන් යානයක්. අහෝ දියුණු රටවල මේක භාවිතය තහනම් කරලයි තිබෙන්නේ. 2005-2015 කාලයේ බලයේ සී. ප්‍රධානියෙක් කොමිස් පිට මෙව්වා ගෙන්වූයේ. දැනටත් මෙවැනි යානා 7ක් ගුවන් හමුදාව සතුව තියෙනවා...

:       32       44

දේසප්‍රියFriday, 03 January 2020 05:03 PM

බලලෝභී දූෂිත දේශපාලුවන් ගැන කවර කතාද? හරිම කණගාටුදායකයි.

:       2       3

Thakshila Friday, 03 January 2020 07:32 PM

කතාව නවත්වන්න. ගුවන් හමුදාවට මේවා 1986 ඉඳලා තමයි තියෙන්නේ.

:       0       1

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 03 January 2020 02:30 PM

අවුරුදු තිස්ගාණක් පරණ යානයක්ලුනේ... අැත්තටම සමහර දේවල් ගැන කථා කරලා වැඩක් නෑ.. ඒත් මට දුක මේ මියගිය රණවිරුවන් සිව්දෙනා ගැන.. රටට මොනතරම් සම්පතක්ද නැති වුනේ...? මැති අැමැති අගමැතිවරුන්ට නවීන වාහන ගන්න පොරකාපු කාලේ අපේ රණවිරුවන්ට හොඳ ගුවන් යානා ටිකක් අරන් දුන්නා නම්... නව ජනාධිපතිතුමාවත් මේ ගැන හිතයි කියලා බලාපොරොත්තු වෙනවා...

:       5       80

Nuwan Friday, 03 January 2020 02:50 PM

60 පැනපු චීන ලදරන් තව මොකට රටේ තියන් ඉන්නවද? ඔය වගේම තමා අර ලදරන් මිග් ගෙනාවේත් කාටද මන්දා නඩුවකුත් තිබුණා ඒ ගැන. රට පාලනය කරපු වගේම කරන අයගෙත් බලලෝභී තීරණ නිසා නැතිවෙන්නේ සිංහල අපේ කොල්ලෝ කෙල්ලෝ!

:       75       130

Kumar Friday, 03 January 2020 04:39 PM

වසර ගණනකට පෙරත් චීනයේ නිෂ්පාදිත මෙවැනි යානයක් කළුතර නාගොඩ අසලදී කඩාවැටුණා නේද? කඩාවැටීමට හේතුව බැලීමට චීනයෙන් එනතෙක් එම වර්ගයේ යානා පාවිච්චියට නොගන්න එක තමයි හොඳ... කඩාවැටීම සැකිල්ලේ වරදක්ද එසේ නැත්නම් එන්ජිමේ වරදක්ද?

:       21       3

Nandalal DE SILVA - FranceFriday, 03 January 2020 11:43 PM

අපෝ චීන්නු ඇවිල්ලා කියාවි ඒ හුචක්කුව කඩා වැටුණේ "නියමුවාගේ නොසැලකිල්ල" නිසා කියලා. ඉතින් ඒ මියගිය අයට තවත් නින්දා කරවාගන්න ඕනෑද? චීන්නු ලවා..? රජය මගින් එම වීරයින්ගේ පවුල්වල අයට ඇහැට පේන, අතට දැනෙන වන්දි මුදල් ලබාදෙනු ඇතැයි සිතමු. කෙසේ වුණත් නැති වුණු ජීවිත රුපියල් වලට වඩා විශාල වශයෙන් වටිනවා නොවේද?

:       0       6

Nalaka Friday, 03 January 2020 10:23 PM

චීනුන්ගේ පාවිච්චි කළ අවුරුදු 30කට වඩා පැරණි කුණු ගොඩවල් ගත්ත කොමිස් කාක්කන් නිසා මෙවන් අකල් මරණ යුද්ධයක් නැතුවත් සිදුවුණා. පාලකයන් මෝඩයන් නම්, හමුදා නායකයින් වත් දැනගත යුතුයි. ප්‍රතික්ෂේප කළ යුතුදේ ප්‍රතික්ෂේප කරන්න.

:       0       2

TIKIRI Saturday, 04 January 2020 05:34 AM

මෙහි පලකරලා තියෙන අදහස් හිතෙනවා මොනතරම් අමනයින් රැලක් ලංකාවේ ඉන්නවද කියලා. පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබුණා කියලා කට්ටියට මතක ඇතිනේ... ඔය යුද්ධයට දායක වූ අය දන්නවා චීනයේ නිෂ්පාදනය කරපු Y 12 , Y 8 යානා වලින් සිදුවුණු සේවය... අපිට බොහෝ රටවලින් යුධ උපකරණ නොදුන්නු කාලයේ තමයි චීනයෙන් අපිට යුද ආයුධ දුන්නේ (සල්ලිවලට). මේකේ ලොකු කතා කියලා තියෙනවා. එ්ත් ගුවන් යානයක් තියා සරුංගලයක් වත් හදන්නේ නැති අපි කොහොමද ගුවන් යානා හදන හැටි චීනෙට උගන්වන්නේ? අනික් කාරණේ මෙම යානය ලංකාව මිලදීගෙන තියෙන්නේ 1986 දී...

:       20       66

UddikaSunday, 05 January 2020 05:51 AM

සියල්ල දත් බක පණ්ඩිත ඔස්තාර්ලා ඉන්නවනේ . Y 12 වලින් ලොකු සේවයක් යුද්ධය වෙනුවෙන් ලබා දුන්නා. ඒ එක්කම පහු ගිය පාලනයේදී ගුවන් යානා නිසිලෙස නඩත්තු උනේ නැහැ යූ එන් එකට යන ඒවා ඇරෙන්නට . කෆීර් එකක්වත් නැහැ C 130 එකයි දැන් දුවන තත්වයේ තියෙන්නේ . ඔක්කොම කොමිස් කොමිස් කියා කියා නොදන්නා රෙද්දවල් කියවනවා. ඔහොම කොමිස් ගහනවානම් බැරිය. ගොන් මෝඩ තකතීරු කතා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 5197 11

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ



ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2733 10

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප




මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site