IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අඟුරුවාතොට මව - දියණියයි මරා කැලයට විසි කරලා

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි.

24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි  දිලන්‍යා මීට දින දෙකකට පෙර අතුරදහන් විය. 

ඇගේ සැමියා  රැකියාවට ගොස් පැමිණි බිරිය සහ දරුවා නිවසේ නොසිටි බවට ඔහු පොලිසියට පැමිණිලි කළේය.

ඝාතනය ලක් වූ කත පාවිච්චි කළ ඇගේ තුවාය ද ඇයගේ සිරුර මත තිබූ බව පොලිසිය පවසයි. මවගේ උදරය ප්‍රදේශය කබරයි විසින් කා දා ඇති අතර ඇගේ දියණියගේ සිරුර මවගේ සිරුර තිබූ ස්ථානයේ සිට මදක් දුරට වන්නට තිබියදි සොයාගෙන ඇත. ඇගේ මුහුණ ප්‍රදේශයට කබරයි විසින් හානි කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගත් සැමියාගේ ළඟම ඥාතියා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහල අතර ඔහු ‌ මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන් ව ඇතැයි පොලිසිය කියයි. ඔහු සොයා මේ වන විට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත. 

 



අදහස් (24)

අඟුරුවාතොට මව - දියණියයි මරා කැලයට විසි කරලා

Hira Friday, 21 July 2023 01:26 PM

පොලිසිය භාරයට ගත්තනම් කොහොමද ප්‍රදේශයෙන් අතුරුදහන් වුනේ..

:       5       35

Ranjan Friday, 21 July 2023 05:01 PM

හරියට කියවා බලන්න කවුද අතුරුදහන් වෙලා ඉන්නේ කියලා...

:       4       6

Bamunuarachchi Saturday, 22 July 2023 05:08 AM

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර ඇත... ඉස්කෝලේදී හොඳට සබ්බුව ලැබිලා ඇති. ලයික් දාපු අයත් ඒ ගොඩට අයිතී.

:       0       1

නිහල් Friday, 21 July 2023 01:36 PM

පොලිස් බාරයට ගත්තනම් අතුරුදහන් වෙන්නේ කොහොමද ?

:       4       37

Pradeep Kumara Friday, 21 July 2023 01:44 PM

පොලිස් භාරයටගත් පුද්ගලයෙක් ප්‍රදේශයෙන් අතුරුදන් වෙන්නේ කොහොමද?? කොහොම උනත් කමක් නෑ කොයි ලෝකෙන් හරි හොයාගෙන දෙන්න පුළුවන් උපරිම දඩුවම් ලබා දෙන්න.

:       1       33

බන්ඩාර Friday, 21 July 2023 01:56 PM

සිංහල බෞද්ධ, 2600ක සංස්කෘතිය තියෙන රටක් ලු.

:       24       55

සුපුන්Friday, 21 July 2023 02:21 PM

ගොන් ආතල් දෙන්න එපා බංඩාර. ඒ අහිංසකයො මරන්න කියල බුද්ධාගමේ කොතනද කියල තියෙන්නෙ

:       22       33

namaFriday, 21 July 2023 03:34 PM

දැන් මේ රට නිරාගමික රටක්

:       7       27

JanahithaFriday, 21 July 2023 09:07 PM

ඔබ සමග ලක්දිවට පැමිණි පිරිස ඉන්දියාවේ සොර මුලක්... ආගම ප්‍රශ්නයක් නොවේ..

:       2       7

kasunSaturday, 22 July 2023 04:55 PM

හැම දේටම ඕක අල්ලගන්න එපා. ඒක මේ බෞද්ධ දර්ශනයේ වැරැද්ද නෙවෙයි. මේකෙ ඉන්න අය ඔබ වගේම හරක් ඉන්න එකේ වැරැද්ද... පන්සල්, පල්ලි, කෝවිල් හැම එකටම ගිහින් යදින්නේ නැතිව බුද්ධ දර්ශනය පොඩ්ඩක් බලන්න.

:       2       1

Anil Friday, 21 July 2023 02:11 PM

අමු තිරිසනුන් ඉන්න මහ කාලකන්නි රටක්

:       5       47

සමන් 0 ඕමානයFriday, 21 July 2023 10:51 PM

අපරාධයක් කිරීම වැරැදියි තමයි. නමුත්, ඒ නිසා රටටම ගරහන්න එපා. මෙතැන කමෙන්ටු දාපු හුඟ දෙනෙක් රටට, ජාතියට හා ආගමට අනවශ්‍ය විදිහට ගරහලා තියනවා. අපරාධ කාරයින් නැත්තේ මොන රටේද? බහුතර ජනතාව හොඳින් ඉන්න බව තේරුම් ගන්න තරම් ඔබලාගේ මොලය මෝරලා නැද්ද? නැතිනම් ඔය කොමෙන්ට් කාරයින් රටට, ජාතියට, ආගමට ද්වේශ කරන අමනයින් රැලක්ද?

:       1       0

බද්රානි Friday, 21 July 2023 02:23 PM

අවුරුදු 2500 ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන ධර්මධ්දීපය කියල කියන්නේ, කට කහනවට නෙවෙයිනේ....?

:       28       33

sumalka Friday, 21 July 2023 02:34 PM

අතිගරු අහවලා ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

:       16       22

පිටිගල මිලානෝ Friday, 21 July 2023 04:28 PM

පන්සලකට පල්ලියකට තනිපංගලමේ කොල්ලෙක්ට වත් යන්න බැරි ලංකාවේ ඉන් එහාට කවර කතාද…? මේ සමාජ පරිහානියට ඍජුම හේතුව පූජ්‍ය පක්ෂය සහ දේශපාලන පක්ෂ සන්ධානගත වීමයි. ඉන්පසු කලේ ජනතාව ගොනාට ඇන්දවීමයි.

:       5       48

Gunendra Friday, 21 July 2023 05:33 PM

ඇත්තෙන්ම හරි...!

:       2       9

lankika Friday, 21 July 2023 05:06 PM

මේ වෙනස ආරම්භ කළේ 1990 මුල මාධ්‍ය ආයතනයක්. ඒ කාලේ ඒ ගැන අනතුරු ඇඟවූ අයට ලිඳේ ගෙම්බන් බවට පත් වුණා. දූපත් මානසිකත්වය කිව්වා...

:       4       25

සමන් විමල් Friday, 21 July 2023 09:08 PM

ඔබ හරියටම හරි. භාෂාව විනාශ කිරීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවත්. එසේම ටෙලි නමින් ඉස්කෝලේ, අකුරට යන වෙලාවේ කියලා පාසල් සිසුන්ට වැරැදි පූර්වාදර්ශ ලබා දෙන්නෙත් මෙයාලාමයි.

:       2       4

RasikaFriday, 21 July 2023 11:55 PM

ඔබ හරියටම හරි. ඔවුන් මුලින්ම භාෂාව මැරුවා. ඊළඟට සංස්කෘතිය සහ හැදියාව. නිරාගමික සෙට් එකක් අරගෙන රටම ඇන්දුවා. ඔවුන්ගේ පිල්ලි දේශපාලනයටත් ගිහින්...

:       0       0

Demuni Uduwara Friday, 21 July 2023 05:47 PM

56 පංච මහා බලවේගය... සිට සංඝයා වහන්සේලා දේශපාලනයට ගෙනාවා... එතැන් සිට තමයි විනාශය කරා ගියේ...

:       5       31

දිලන්ත Friday, 21 July 2023 06:34 PM

උඩුවරගේ අදහස ඉතාමත් නිවැරැදියි... ලංකාවේ පිරිහීම ආරම්භය 1956 තමයි... නුවණැත්තෝ 1956 සිට සිදුවූ රටට අහිතකර දේවල් මෙනෙහි කරත්වා...!

:       0       0

සමන්ත Friday, 21 July 2023 08:08 PM

ශ්‍රී ලංකාවේ ගැහැණිය සහ දරුවන් රැකගැනීමට නොහැකි පිරිමින් ඉන්නා බෞද්ධ රටකි. කාන්තාව සහ දරුවන් රැකගත නොහැකි රටකට අනාගතයක් නැත...

:       6       24

ගමේ එකාලා Saturday, 22 July 2023 03:34 AM

පින් ජනපතියා ථේරවාදී බුද්ධ ධර්මය ලෝකය පුරාම ව්‍යාප්ත කරලා රට හදන්නයි හිතාගෙන ඉන්නේ...!

:       1       0

Jayani Saturday, 22 July 2023 07:51 AM

දැනට වසර 30කට විතර උඩදී සෝමාලියාව, උගන්ඩාව සහ මොසැම්බික් වගේ රටවලුත් මේ විදියට රටේ නීතියක් ධර්මයක් තිබු‍ණේ නැහැ. ඔවුන් අදටත් එම පාලකයින් නිසා අන්ත දුක් විඳිනවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන

ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2562 8

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප





ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 5898 15

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site