IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කුකුළු මස් ආනයනයට අවසර

(යොහාන් භාසුර)

කුකුළු මස් මිල සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ඉතා ඉහළ මට්මටක පැවැතීම නිසා කුකුළු මස් ආනයන කිරීමට තීරණය කළ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මේ මස 27 වනදා පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේදී කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට එකඟ වූ බවත් වෙළෙඳපොළ ඉහළ යන කුකුළු මස් මිල පහත දමන ලෙස දේශීය නිෂ්පාදකයන් දැනුවත් කළ ද ඔවුන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් හිමි නොවූ බවත් අමාත්‍යවරයා කීය.

කුකුළු මස් කිලෝවක් දේශීය වෙළෙඳපොලේ පවතින රුපියල් 1,450 කට වඩා අඩු මිලකට මෙම ආනයනය කරන කුකුළු මස් කර්මාන්ත සඳහා දීමට හැකියාව ලැබෙන බව ද කී අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව එම කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනයන්හි මිල අඩු වීමක් අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

වෙළෙඳපොලේ කුකුළු මස් මිල ඉහළ යාම තව දුරටත් පාලනය කිරීමට නොහැකි වුවහොත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද කුකුළු මස් ආනයනය කර දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (31) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

 



අදහස් (4)

කුකුළු මස් ආනයනයට අවසර

Nimesh Monday, 31 July 2023 04:19 PM

ඒ ඔර්ඩ එකත් ඉන්දියාවට හරි චීනෙට හරි දෙයි... මේක තමයි පින්පතිතුමා ගහලා තියන කොන්ත්‍රාත් එක.., රටේ සියලුම දේශීය නිෂ්පාදන විනාශ කරලා රට කවදාවත් ගොඩ එන්නේ නැති තැනකට ගේන්න තමයි මේ සැලැස්ම...

:       5       10

DineshMonday, 31 July 2023 07:00 PM

සැලසුමක් නැති වැඩ.. රට තවත් වලපල්ලට තමයි යන්නේ...!

:       4       5

Perera Tuesday, 01 August 2023 05:44 AM

අසූචි ආනයනය කරන්න අවසර ලබපු රටනේ...

:       0       0

Rohan Tuesday, 01 August 2023 07:11 AM

ලංකාවේ වෙළෙන්දොත් දැනගන්න ඕනේ මිනිස්සුන්ව හූරාගෙන නොකා ඉන්න... මිනිස්සු ඉන්නේ හරිම අමාරුවෙන්. ලොකු එකාගේ ඉඳන් පොඩි එකා එනකන් මිනිස්සුන්ව හූරන් කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 489 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site