IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


කතරගම බස්නායක නිලමේගෙන් පැය තුන හමාරක ප්‍රකාශයක්

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය කතරගම දේවාලයේ අරමුදල්වලින් ඉදිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඩිෂාන් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට පුද්ගලගයකු කළ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 2.20 ට පමණ ඉන් පිටව ගියේය.

එහිදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කියා සිටියේ මාතර, මාලිම්බඩ ප්‍රදේශයේ පිහිටි තමාගේ මව සහ සේවකයන් දෙදෙනකු පමණක් පදිංචිව සිටින නිවෙසට සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබූ බවත් පසුව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පොලිස් නිලධාරීන් බව හදුනාගත් බවත්ය.

 



අදහස් (2)

කතරගම බස්නායක නිලමේගෙන් පැය තුන හමාරක ප්‍රකාශයක්

Krish Monday, 10 March 2025 03:17 PM

ළමයින්ට රෝහලකට වාට්ටුවක් හැදුවාට ගෙන්නනවා නම් එතැන ප්‍රශ්නේ තියෙන්නේ වාට්ටුව හදපු එකාගේ නෙමේ. දේශපාලන කුහකකම්, පලිගැනීම් වහා නවතනු! මේවා කතරගම දෙවියෝම බලා ගනිත්වා..!

:       8       26

Siri Monday, 10 March 2025 03:27 PM

ඔච්චර තටමන්න දෙයක් නෑනේ. මහා බලගතු දෙයියන්නාන්සේට කීවානම් අහවරයිනේ...

:       19       6

ඔබේ අදහස් එවන්න

 

වීඩියෝ දර්ශන

කතරගම බස්නායක නිලමේගෙන් පැය තුන හමාරක ප්‍රකාශයක්
2025 මාර්තු මස 10 1180 2

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.


‘‘ලංකාවේ ලස්සන ලෝකෙටම කියනවා‘‘
2025 මාර්තු මස 10 1083 1

ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළි


මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට
2025 මාර්තු මස 09 2113 6

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ





මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 109 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 182 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site