(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 32-7ආර්. කණුව ආසන්නයේදී අධි සුඛෝපභෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.
එම අවස්ථාවේදී බස් රථයේ රියැදුරු සහ තවත් පුද්ගලයකු පමණක් එම බස්රථයේ සිට ඇති බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ග ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පැය කීපයක් ඇතුළත දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්කළ බව ද පොලිසිය කීය.
දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හයක මුදල් කල්පිරීමට පෙර ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පඩුවක් කළැයි කියන සිද්ධ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්
ලුම්බිණි Friday, 28 March 2025 06:30 PM
හදන්නේ චීනේ... ටිකක් ප්‍රවේශමෙන්...!
Perera Sunday, 30 March 2025 07:49 AM
අඩු පමිතියේ චින බස් මදිවට අන්න චීන විදුලි කරුත් ගෙනල්ලා.. ගිනි නිවන හමුදාවට හොඳට වැඩ තියෙයි.