IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


පැහැරගත් එළවළු ලොරියට වෙඩි තබා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

ලොරියක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු කඩුවෙල නගරයේදී පසුපස හඹා ගොස් ලොරියට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකට එලවලු රැගෙන පැමිණි අධිශීතකරන සවි කරන ලද ආවරණය කරන ලද ලොරි රථයේ රියදුරු සුපිරි වෙළඳසලට යාමට පෙර තේ පානය සඳහා අසල රාත්‍රී ආපනශාලාවක් ඉදිරිපිට නතර කර තිබියදී සැකකරු මෙම ලොරිය සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් පණිවිඩ හරහා ලද තොරතුරක් අනුව අවට පොලිසි මගින් මාර්ග බාධක දමා ලොරිය නතර කිරීමට උත්සාහ කළද සැකකරු ලොරිය නොනවත්වා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව කඩුවෙල පොලිස්  ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ විශේෂ යතුරුපැදි කණ්ඩායමක් ලොරියට වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු ලොරියෙන් බැස පලායමින් සිටියදී අත් අඩංගුවටගෙන ඇත.



අදහස් (3)

පැහැරගත් එළවළු ලොරියට වෙඩි තබා අල්ලයි

පම්පෝරි ජනක Saturday, 01 March 2025 08:50 AM

මොකක්ද මේ පැහැර ගැනීමේ තේරුම ? දැන් රට පුර ගොඩක් කලබල තියෙනව කියලා පෙන්නන්න රාජපක්ෂලාගේ නාට්‍ය කණ්ඩායම දියත් කරලා තියන මහා ප්‍රසංගයේ තවත් කොටසක් වගේ.

:       17       37

Bunny Preena Saturday, 01 March 2025 10:25 AM

නොසැලිකිලිමත් ලෙස කටයුතු කරන ඔය වගේ ලොරි රථ රියදුරන්ව එලවලා දාන්න තියෙන්නේ.

:       6       23

Rifan Saturday, 01 March 2025 09:14 PM

මේවා රටේ සිදුවන හුදෙකලා සිද්ධීන් විදියට හිතන්න හොඳ නැහැ. රජය මේ ගැන දැඩි අවදානයක් යොමුකළ යුතුයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

වීඩියෝ දර්ශන







වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20044 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 126 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 441 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 528 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site