IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


පළාත් පාලන ඡන්දය ලබන වසරේ

(ශාන්ත රත්නායක)

පළාත් පාලන ඡන්දය මේ වසරේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“ජනවාරි 6 , 20 හා 21 වැනි දා තියන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් දෙනවා.අපි කැමති ඡන්දය පුළුවන් තරම් ඉක්මනින් තියන්න.නමුත් දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන් තෝර ගන්න අවස්ථාව දීම අවශ්‍යයි. ඒ වගේම පනත අනුව අපේක්ෂක නාම ලේඛන වලට 25 %ක් කාන්තා නියෝජනයක් අනිවාර්ය වී තිබෙනවා.නැතහොත් එම න්‍ාම ලේඛන ප්‍රතික්ෂේප වෙනු ඇති “
 

ඒ මහතා මේ බව පැවසුවේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අද (12) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති උත්සවයකදී ය.

ආසියානු කලාපයේ සියළුම රටවල මැතිවරණ දෙපාර්තමේන්තු, කොමිෂන් සභා  නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහා සමුළුවක් 2018 වසරේදී ශ්‍රී ලංකාවේදී   පැවැත්වීමට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සැලසුම් කර ඇති අතර එහි අවබෝධතා ගිවිසුම මෙහිදී අත්සන් කෙරිණ.

 



අදහස් (3)

පළාත් පාලන ඡන්දය ලබන වසරේ

chandana Wednesday, 13 September 2017 03:04 AM

මෙතුමා ඒ දවස්වල නම් චන්දයක් දවසක් පරක්කු වුනත් වේවැල අතට අරගෙන සිංහ තෙජාවෙන් හතර අතට පහර දුන්නා, එත් දැන්, ආණ්ඩු පක්ෂෙන් තියන්න කිව්වොත් කියන දවසක චන්දෙ තියන සේය්යාවෙන් ඉන්නවා. අනේ මන්දා, සිංහයෙක් වුනත් දේශපාලනයට ගැති වුනොත් රටේ පුරවැසියන්ට උඩ ඉන්න දෙය්යන්ගේම පිහිටයි.

:       6       149

priyantha Wednesday, 13 September 2017 03:16 AM

චන්ද ඔිනි නැ යහපාලනය හරිම සැපයි ..... ආයේ මොකටද චන්ද සැප ජනතාවගේ කටින් බෙිරෙනවා...

:       0       45

Ranil Wednesday, 13 September 2017 08:39 AM

තව ටිකක් රසට කන්න හැදුවට දැනටමත් රට කාලා ඉවරයි වගේ...

:       0       71

ඔබේ අදහස් එවන්න

 

වීඩියෝ දර්ශන

ඝාතනය කළ බවට සැක තරුණයෙකුගේ මළ සිරුරක්
2025 මාර්තු මස 13 1293 0

අගුණකොළපැලැස්ස ,අබේසේකර ගම ප්‍රදේශයේ තිබී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළසිරුරක් අද (13) උදේ හමුවූ බව පොලිසිය කියයි .


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුට රට පනින්න බැරි වේ
2025 මාර්තු මස 13 1882 1

මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයායේදී සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංග


කතරගම බස්නායක නිලමේගෙන් පැය තුන හමාරක ප්‍රකාශයක්
2025 මාර්තු මස 10 1711 3

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.


‘‘ලංකාවේ ලස්සන ලෝකෙටම කියනවා‘‘
2025 මාර්තු මස 10 1949 4

ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළි


මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට
2025 මාර්තු මස 09 2321 6

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ



මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 332 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 779 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 298 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site