IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බේරේ වැවේ මගී බෝට්ටු සේවය ඇරැඹේ

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා  මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීම  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බේරේ වැවේදී  ක්‍රියාත්මක කෙරිණි.

වායුසමනය කර ඇති මෙම මගී බෝට්ටුවේ මගීන් පනස් දෙනෙකුට ගමන් කළ හැකි අතර ඉදිරියේදී බෝට්ටු කිහිපයක් යෙදවීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් විසින් නිපදවන ලද මෙම බෝට්ටු ක්‍රියාත්මක කරන්නේ ද නාවික හමුදා සාමාජිකයන් විසිනි.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙය සංවිධානය කර තිබු අතර  අමාත්‍යවරුන්වන  පාඨලී චම්පික රණවක, සාගල රත්නායක ඇතුළු ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 ( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

්‍



අදහස් (24)

බේරේ වැවේ මගී බෝට්ටු සේවය ඇරැඹේ

prasanka Thursday, 22 August 2019 05:21 AM

පයින් යන දුර ....

:       473       467

ranilThursday, 22 August 2019 06:13 AM

ඔයා පයින් යන්න. බෝට්ටුවේ යන කට්ටිය එ්කේ යයි. මොකක්ද ප්‍රශ්නය...?

:       476       484

rohanThursday, 22 August 2019 06:24 AM

ඉතින් ඔයා පයින් යන්නකෝ? මොකටද බොරු කමෙන්ට් දාන්නේ? ඕනෑතරම් කුහක මිනිසුන්මයි රටේ ඉන්නේ... හොඳ වැඩක්වත් අගය කරන්න බැරි.

:       616       628

shan Thursday, 22 August 2019 05:23 AM

ඉතාම හොද ක්‍රියාවක්. රථ වාහන තද බදය කෙසේ හෝ අඩු කර ගත යුතුයි. මේ ආකාරයටම හැමිල්ටලන් ඇල හරහා ද මෙවන් ප්‍රවාහන සේවයක් ඇති කිරීමට කටයුතු කරන්න. එවිට මීගමු පාර හා කැළණි පාලම් වල රථ වාහන තද බදය අඩුවනු ඇත .

:       74       356

max Thursday, 22 August 2019 05:28 AM

ඔය වැඩේ පටන් ගත්ත මනුස්සයටත් අාරම්භක උත්සවයට ආරාධනා කලානම් නේද වඩාත් ලස්සන? ඒවා කොහෙද මේ සිරි ලංකාවේ නේද ඇමතිතුමා ?

:       460       457

sanaThursday, 22 August 2019 06:02 AM

ඒ කියන්නේ මේකේ ශක්‍යතා අධ්‍යයනය කරපු අයද?

:       305       274

saaliThursday, 22 August 2019 06:35 AM

නැහැ අහවලා.., එයා තමයි මේ ඔක්කොම කළේ.. ඔය බෝට්ටුව හැදුවෙත් එයා. අද කරන හැම සංවර්ධනයක්ම එයා පටන් ගත් එ්වා.. මේක පුදුම පක්ෂපාතීත්වයක්.

:       204       211

SenaThursday, 22 August 2019 06:52 AM

මැක්ස් හරියටම හරි. මේ ආණ්ඩුවේ අය හැමදාම කරේ අනුන් කරපු වැඩ තමන් කරා කියලා මෙලෝ දෙයක් නොකර ලකුණු දාගන්න වගේ කුණු වැඩ කරපු එක තමයි. එහෙව් කට්ටියට කඩේ යන යහපාලන බත් බැලයින්ට ඇත්ත කියද්දි හරි අමාරුයි මැක්ස්...

:       625       655

athuraThursday, 22 August 2019 09:42 AM

මතකයි.. මතකයි.. පටන් ගත්තා. පටන් ගත්තට වැඩිය වේගෙන් ඒක නැවතුණා. සේනගේ කඩේ යාමත් යහපාලනයට කඩේ යාමත් අතර කිසිම වෙනසක් නැති බවයි මට නම් පේන්නේ...

:       92       51

Uditha - London Thursday, 22 August 2019 06:12 AM

මේ අඩි 10 දුරට... නාටක තමයි.

:       275       117

gayan Thursday, 22 August 2019 06:23 AM

බෝට්ටුවේ ප්‍රථම සහ අවසාන ගමන...

:       91       104

Romesh Thursday, 22 August 2019 06:46 AM

අනේ අපොයි.. මුලින් යන එවුන් දැක්කහම බෝට්ටු සේවයත් ඔතැනින්ම ඉවරයක් වෙයි වගේ. මොකට මේ වගේ කාපාලුවො වද්ද ගන්නවද මන්දා...? ජනතාව වෙනුවෙන් වෙන් කරපු සේවයක් පටන් ගනිද්දී...

:       169       204

shantha Qatar Thursday, 22 August 2019 07:06 AM

දන්නේ නැති හින්ද අහන්නේ? මොකක්ද මේ ශක්‍යතා අධ්‍යයනය කියන්නේ? බෝට්ටුවේ සල්ලි නැතුව යන්න පුළුවන් ක්‍රමයක්ද?

:       12       18

RaveendraThursday, 22 August 2019 07:53 AM

shantha Qatar මයා වෙත, අප රටේ නම් ශක්‍යතා අධ්‍යයනය කියන්නේ මුළු ව්‍යාපෘතියටම යන වියදමින් තමන්ට කීයක් කොමිස් හම්බවෙනවද කියල බලන එක... බොරුනම් ඔය දියවන්නා ඔයේ ඉන්න හැලිවඳුරන් 225න් එක හැලිවඳුරෙක්ගෙන් හරි අහලා බලන්නකෝ..?

:       97       25

sanaThursday, 22 August 2019 09:06 AM

ශක්‍යතා අධ්‍යයනයකින් වෙන්නේ යම් කිසි ව්‍යාපෘතියක් කරන්න කලින් ඒක කරලා වැඩක් තියෙනවද කරන්න පුළුවන්ද කියලා හොයලා බලන එක. එහෙම නැත්නම් වෙන්නේ පුද්ගලික සිතුම් පැතුම් අනුව වැඩ කරන්න ගිහිල්ලා සල්ලි නාස්ති වෙන එක සහ ඒකෙන් අපේක්ෂිත ඉලක්ක වලට යන්න බැරි වෙන එක.

:       10       7

upahara Thursday, 22 August 2019 07:40 AM

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් බොහෝමයක් කටුබැද්දේ උගෙන ගත්තු සිසුන් ඉතා කුඩා ප්‍රමාණයේ සන්නද්ද නාවික යාත්‍රා බර අවියක් සමග 500ක් නිපදවා කොටි නාවික යාත්‍රා විශ්මිත ලෙස අඩපන කළා. එක තැනකට 50 යොදන විට බර අවි 50ක්ද ක්‍රියාත්මක වුණා.

:       0       317

janahitha Thursday, 22 August 2019 07:43 AM

එ්කෙත් පිටිපස්සේ පොහොට්ටුවක් පිපිලා චම්පික ඇමති කටුබැද්දේ උගත් කෙනෙක් මේවා නිර්මාණය කලේ ගෝඨා සමග නැවතත් එකතු වී වැඩ කරන්න කාලය පැමිණ ඇත.

:       117       18

kapThursday, 22 August 2019 11:02 AM

ගෝඨාව ඕනෙ කරන්නේ ඕකෙ සීට් කපන, බුලත් කෙල ගහන එවුන්ගේ විනය හදන්නද? ඒකට යම රජ්ජුරුවෝ ආවත් නවත්තන්න බෑ.. තමන්ගෙ විනය හදාගන්න හිට්ලර්ලා ඕනෙ නෑ හලෝ...

:       46       66

appu Thursday, 22 August 2019 07:44 AM

වසර 4ක් පමා කලේ... මේවා යෝජනා කරපු අයගේ නම් අමතක වෙනකම්ද?

:       3       34

ajtihThursday, 22 August 2019 04:46 PM

මීට වඩා කුඩා යාත්‍රා වලින් මේක කලා. යහපාලනයෙන් ඒක නවත්වලා ආයෙත් පටන් ගත්තා. ඒක තමයි වෙනස

:       6       55

SugathFriday, 23 August 2019 03:52 AM

බොරු කියන්න එපා අජිත් . දැන් නැති දේවල් වලට කට ගහන්න එපා .

:       15       2

chandima Friday, 23 August 2019 12:46 AM

වහල තෙමෙන ඉස්කෝලවල, පුටුබංකු නැති ඉස්කෝලවල, ගුරුවරු නැති ඉස්කෝලවල ළමයි එන්න කොළඹ ලස්සන බලලා බෝට්ටු සවාරියක් යන්න.

:       0       0

Sugath Friday, 23 August 2019 03:49 AM

කවුරු පටන්ගත්තත් හොඳ දේවල් හොඳය් කියන්න ඕනේ . එක එකාට කඩේ යන එවුන් රට ගැන සිතන්නේ නැහැ .හැමදේම පාච්චල් කරනවා .

:       0       0

Sunil gikiyanage Friday, 23 August 2019 04:42 AM

ඕපන් යුනිවසිට් එක ලගින් ආරම්භ කරපු බෝට්ටු සේවය ඔයාල කැවද. එක නවත්වල මේක පටන්ගන්නවා. හොදයි කොච්චර කාලයක් තිබෙයිද දන්නේ නැහැ

:       0       3

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6780 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.



ජනපති සටන කොයිබටද?
2024 සැප්තැම්බර් මස 14 2246 4

මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරන





වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25412 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23411 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site