IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රාජගිරිය ගුවන් පාලමේ තාක්ෂණය ඉතා ඉහළයි

(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

රාජගිරිය ගුවන් පාලම ඉතා ඉහළ නවීණ තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු  ප්‍රමිතීන්ට අනුකූලව නිසියාකාරව ඉදිකෙරෙන බවත් එය අවුරුදු 100 කට වඩා කාලයක් ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන බවට තමන්ට වගකීමක් දිය හැකි බවත් ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන  අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි‍ මහතා පවසයි.

රාජගිරිය ගුවන් පාලම නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකෙරෙන බවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා පසුගියදා කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින්  මාර්ග සංවර්ධන  අධිකාරියේ සභාපතිවරයා එම අධිකාරියේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ලංකාවේ දැනට ධාවනය කෙරෙන බර වාහන ඇතුළු ඕනෑම වාහනයක් මෙම ගුවන් පාලම මතින් ගමන් කළ හැකි බවත් මෙය ඉදිකෙරුණු පසු රාජගිරිය මංසන්ධිය ඇතුළු ඒ අවට ප්‍රධාන මාර්ග කීපයකම දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකි බවත් ඒ මහතා කියයි .



අදහස් (11)

රාජගිරිය ගුවන් පාලමේ තාක්ෂණය ඉතා ඉහළයි

upali Tuesday, 29 August 2017 01:51 PM

තමන්ගේ ප්‍රදේශයේ සෑම ව්‍යාපෘතියකින්ම තමන්ගේ කොටස අනිවාර්යයෙන් ලබාදිය යුතුයි. එහෙම නැතිව කලොත් මෙවැනි කටයුතු වලට මුහුණ දෙන්න සිදුවෙනවා. රටට වන සෙතක් ගැන දේශපාලයකයන්ට වැඩක් නැත තමන්ගේ සාක්කුව පිරෙනවනම් එච්චරයි. මේවා නැතිකරන්න ආපහු සුද්දෙකුට රට දෙන්න වෙයි..

:       7       259

sachithFriday, 01 September 2017 03:25 AM

ඔබතුමාගේ අදහස් දැක්වීම 1000% නිවැරදියි. එත් අපේ ජනතාව බලාගෙන එන්නේ මේ වගේ දේශපාලයකයන් ඊගාව මැතිවරණයෙනුත් උඩින්ම දිනවන්න.

:       0       1

de silva berlin Tuesday, 29 August 2017 03:16 PM

පිටතට නිරාවරණය වුන යකඩ සැකිල්ලක් සහිත පාලම් හදන්නේ නැතුව, අර අධිවේගී මාර්ගයේ ඉදිකරලා තිබෙන ප්‍රමිතියට එක දිශාවට අඩුම තරමේ මංතීරු 2 (එක දිශාවකට පළල මීටර් 6, 5 වත් ඇති ), පාලම් ඉදිකරන්න. එතකොට කාලයක් පවතිනවා අර නුගේගොඩ ඉදිකර ඇති ප්‍රමිතියේ පාලම් ඉදිකිරිම නිසා මාර්ග තදබදය වැඩි වේ. පිටතට නිරාවරණය වුන යකඩ සහිත පාලම් ලංකාවේ දේශගුණයට ඔරොත්තු නොදෙන අතර ,පාලම හදල විවෘත කරාට පසු එහි තීන්ත ගෑම වැනි නඩත්තු කටයුතු ලංකාවේ තිබෙන පළාත්පාලන ආයතන විසින් පැහැරහරිනු ලැබේ ,

:       59       121

himalWednesday, 30 August 2017 03:31 AM

නුගේගොඩ තිබ්බ මාර්ග තදබදය ගුවන් පාලම නිසා අඩු වුනා. ඒක නොතිබ්බා නම් දැන් තියෙන තදබදය දෙතුන් ගුණයකින් වැඩි වෙන්න තිබ්බා. තදබදය තියෙද්දි පවා බස් රථ ගුවන් පාලම මතින් යන්නේ නැතිව පහළ පාරෙන් යන්න හදන කොට තවත් තදබදය වැඩි වෙනවා. ඒක පාලමේ වැ‍රැද්දක්ම කියන්න බෑ.

:       0       103

SugathWednesday, 30 August 2017 04:46 AM

ඔබ හරි. නුගේගොඩ පාලම නිසා වාහන තද බදය අඩු වුනා. සමහර අය දරන මත බොරු. මේවා දේශපාලන අරමුණු මත කියන දේවල්.

:       0       71

sanjeevaThursday, 31 August 2017 04:05 AM

ඇත්තටම නුගේගොඩ තියෙන්නේ පානදුරේ ටවුන් එකේ හදන්න ගේනවා පාලම.. එත් එතන දිග පළල ප්‍රශ්නයක් ආව .. එක නිසා ගෙනල්ල නුගේගොඩ දැම්ම.

:       19       1

සිනිදු Wednesday, 30 August 2017 01:39 AM

බෝරැල්ල හන්දියටනේ ඔවැනි පාලම් ඕනා. බලන්න තියෙන තදබදය. පාරවල් කීයක්ද?

:       0       57

U Jayasinghe Wednesday, 30 August 2017 05:28 AM

මෙම පාලම හොඳින් ඉදිකරගෙන යන බව අපට පෙනෙනව. නමුත් එක කුළුණක් පාලමෙන් එලියට ඇවිත්. පාලමේ යකඩ බඳ කුලුනේ හරි මැදට එන විදියට තමයි සැලසුම් කර ඇත්තේ. නමුත් මේ කුලුනේ යම් වැරදීමක් වෙලා තියෙනවා. ඉංජිනේරු වරුන් මේ ගැන බලල දැන්ම හරි තීරණයක් ගන්නවානම් හොඳයි කියල මට හිතෙනවා.

:       15       32

husen-riyad Wednesday, 30 August 2017 06:02 AM

බැලු බැල්මට පාලමේ බර දරන කුළුණු හදල තියෙන්නේ යකඩවලින් බවයි පෙනෙන්නේ. නිතිපතා වගේ වහින කාලගුණයක් ඇති ලංකාව වගේ රටකට මෙය ගැලපෙයිද..? මොකද තෙමුණු යකඩ ඉක්මනින්ම දිරාපත් වෙන නිසා. ඒ යකඩ අතරින් කොන්ක්‍රීට් පුරවලා තියේනම්, යකඩ දිරලා ගියත් අවුලක් වෙන එකක් නැහැ.

:       161       2

RodnyWednesday, 30 August 2017 08:40 AM

කළුතර පාලමත් යකඩ නේද මහත්තයෝ?

:       4       22

Nandalal DE SILVA - France Wednesday, 30 August 2017 10:51 AM

සමහර පෙදෙස්වල කලාත්මක අලංකාරය සඳහා පමණක් මිස, මා ජීවත්වන මෙරටේ පාලම් යකඩෙන් හදන්නේ නැහැ. විශාල, බර ට්‍රක් ධාවනය වන අති විශාල පාලම් වුණත් මෙහේ ඉදිකරන්නේ කොන්ක්‍රීට් වලිනුයි. දැනට දෙමසකට පමණ පෙර මා පදිංචි ප්‍රදේශයේ දිග කොන්ක්‍රීට් පාලමක ශක්තිය පරික්ෂා කිරීම සඳහා ටොන් 38ක බර පැටවූ විශාල ලොරි රථ සංඛ්‍යාවක් නවතා එම පාලමට "ශක්ති සහතිකයක්" ලබා දුන්නා. මෙතරම් සිමෙන්ති නිපදවන ශ්‍රී ලංකාව වැනි රටක ආනයනික යකඩෙන් පාලම් හැදීම හාස්‍ය ජනක කරුණක් නොවේද ? පැරිසියේ, ලෝක ප්‍රකට අයිෆල් කුලුණ ඉදිකර තිබෙන්නේ යකඩෙන් වුණත්, එය දිරාපත් වීම වැළැක්වීම සඳහා වරකට මාස ගණනක් තිස්සේ, නිතිපතා විශේෂ තීන්ත ආලේප කරනවා.

:       1       10

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6803 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.



ජනපති සටන කොයිබටද?
2024 සැප්තැම්බර් මස 14 2248 4

මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරන





වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28684 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site