(ප්‍රසංග සිල්වා)
කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ ගින්නක් ආග්‍රාහණය වූ පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි.
පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි කළමනාකරුවකු මියගොස් ඇතැයි ද පොලිසිය කියයි
ගින්නෙ මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවණය වී නැත.
හුස්ම ගැනීමේ අපහසුව සහ උදයයේ කැක්කුම මෙම සිසුන්ගේ රෝගී ලක්ෂණ බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ගින්නත් සමග පතිරගිය දුමාරය ඒ ආසන්නයේ පැවැති පාසල් දෙකක සිසුනට ආග්‍රාහණය වි ඇති අතර මේ වන විට සිසු සිසුවියන් 102 කට අධික පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
--------------------------------------------------------
පෙරවරු 10 . 01
(ප්‍රසංග සිල්වා)
කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ ගින්නක් ආග්‍රාහණය වූ පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි.
මේ වන විට සිසු සිසුවියන් 40කට අධික පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පාසල් දෙකක සිසු සිසුවියෝ මෙසෛ් රෝගී වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රසායනික කර්මාන්ත ශාලාවේ ගින්න සිසුහු 102 රෝහලට යවති
අරවින්ද මොනරවිල Tuesday, 08 August 2023 11:11 AM
ජනාශ්‍රිත ප්‍රදේශවල මෙවැනි අනතුරුදායක කම්හල් ඉදිකරන්න පවවාගෙන යන්න අවසර දුන්නේ කවුද කියලා මුලින්ම හොයන්න වෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාල පලාපාලන ආයාතන මෙම ආයාතනය ගැන දන්නේ නැද්ද ?
සල්ලි Tuesday, 08 August 2023 12:46 PM
ඕකේ කෙලවරක අනිවා දේශපාලනේ ඇති . 99%ක් සුවර්.
Bunny Preena Tuesday, 08 August 2023 02:22 PM
Sඅමහර ජනාශ්‍රිත ප්‍රඩෙශවලත් ආග්‍රානයට නුසුඩු ඩුමාරය පිටවන, ඩුහුවිලි පතුරුවන, යන්ත්‍ර සූත්‍රවලින් පරිසරයම දූශනය වන මද්‍යම සහ සුලු ප්‍රමානයේ කර්මාන්ත ශාල බොහොමයක් එම පෙදෙස්වල ජනතාවට ඉමහත් සෞක්‍යමය ගැටලු සහ නොයෙක් විදියෙ පීඩාවන් ගෙන දෙනව. මේව ගැන අදාල අන්ශ වලට පැමිනිලි කලත් එව්ව හරියට බීරි අලින්ට වීනා වාදනය කලා හා සමානයි. කියල වැඩක් නැහැ.
සෙබස්තියන් Tuesday, 08 August 2023 05:09 PM
විදුහල්පතිනිය මේකට වග කියන්න ඔනේ . ඔහොම වෙච්ච ගමන් දෙමව්පියන් ගිහින් ලමයි ඉල්ලුවා. ඒ වෙනකොටත් ගේට්ටුව වහන් දෙමව්පියන්ට ඇතුලට එන්න නොදි හිටියා පස්සේ කට්ටිය ගේට්ටුව තල්ලු කරන්න ගිහින් තමයි ලමයි ගත්තේ.