(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
රුපියල් 4,743 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් මෙම මිල පහත දැමීමත් සමඟ රුපියල් 3738 ක් දක්වා අඩුවූ බවත් රුපියල් 1,904 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1502 ක් දක්වා ද, රුපියල් 883 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 700 දක්වා ද, කොළඹ මිල පහත වැටුණ බවත් ඒ මහතා කීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 402 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 183 කින් ද, අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලිට්‍රෝ ගෑස් රුපියල් 1005 කින් අඩු කරයි
අරවින්ද මොනරවිල Tuesday, 04 April 2023 11:16 AM
රනිල් රාජපක්ෂ කල්ලියේ කවි ගී සීපද දැන් හෝ ගාලා ලියවෙයි.
tikiri Tuesday, 04 April 2023 11:19 AM
1005 තීරණය කලේ කුමන පදනමින්ද? 1000 යන සංක්‍යාව මත ජනමනස ආක්‍රමණය කිරීමට නොවෙයිද? සිංහල අවුරුද්ද ආසන්නයේ අඩු කලේ අයි? බාණ්ඩයක හෝ ඉන්දන වල මිල තීරණය කළු යුත්තේ ඉහත කරුණු මතද වියදම සහ වටිනාකම මතද? දේශපාලන පන්තියයි හරක් පන්තියේ ආර්ථික විද්‍යාවයි මේ රට ගෙනියන්නේ කොතනටද? මෙම මිල අඩු කිරීම නිසා අප පවතින රජය නැවත බලයට පත්කළ යුතුද?
ravin Tuesday, 04 April 2023 11:51 AM
මේ සිංහල දමිල හා මුස්ලිම් උත්සව නිසාද ?නැහැ ඇයි අයි එම් එෆ් එකේ කොන්දේසි අනුව හොරකමට හම් ද ?
මහසෙන් Tuesday, 04 April 2023 12:16 PM
දැනෙන්න අඩු කීරිම් දැනෙන්න වැඩි කීරිමක් වෙන්න කොච්චර කල් යයි ද කියලා බල බලා ඉන්න වෙන්නේ කොහොමත් .
Bamunuarachchi Tuesday, 04 April 2023 02:11 PM
රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වේවි. ඒත් දුෂණය නැති කරන්න පුළුවන් ජගතෙක් ඉන්නවාද? එකටත් solution එකක් තිබෙනවා. ඒ සම්බන්දව ලීවාට මෙහි අදහසක් හැටියට හෝ පළකරන්නේ නැහැ. මෙය පල උනොත් ඒ විසඳුම පලකරන්නම්.
සිල්වා Tuesday, 04 April 2023 03:17 PM
දැන් ඉතින් විදුලි ගාස්තවත් අඩු කලයුතුයි
Nandana Tuesday, 04 April 2023 03:21 PM
කුහක හැත්ත හොද දේ හොඳ විදිහට බලපියව්