IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සරසවි භික්ෂූන් සහරාන් වගේ

(බී.ජී.චතුරංග)

අද සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හරියට සහරාන්ලා වගේ කොන්ඩෙ රැවුල වවාගෙන ඒ අය පිළිපදින්නේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය තලේබාන්ලා කරන වැඩ තමයි කරන්නේ මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවුරුදු තුනෙන්, හතරෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවන විදියට නීති සම්පාදනය කළ යුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.

අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා ඒ පිළිබඳව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙපාරක් ලිව්වත් අසමත් වෙන ළමයින්ට වෘත්තීය පුහුණුවක් ලබා දෙන්න ඕනේ, මේ විභාග දෙකම දෙපාරක් ලිව්වහම ඇති, ඊ⁣ට පස්සේ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුර වැසියෝ නිර්මාණය කරන්න ඕන.

ඒ වගේම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍ය වේදී කියලා දෙකක් තියෙනවා. එම සිසුන් අවුරුදු 4ක්, අවුරුදු 3ක්, ඉගෙන  විශ්වවිද්‍යාලයෙන් බැහැරව යා යුතුයි. ඒවට නීති සම්පාදනය කරන්න ඕනේ.

අපේ ශිෂ්‍ය භික්ෂූන් වහණ්සේලාටත් එම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ, සහරාන් කියන පුද්ගලයා රැවුල වවාගෙන තමයි මැරුණේ, ඊට පස්සේ ගොඩක් මිනිස්සු සහරාන්ලා වගේ වෙන්න පටන් ගත්තා. රැවුල වවන්න පටන් ගත්තා. ඒ වගේම අපේ සරසවිවල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හාමුදුරුවන් වහන්සේලා කොණ්ඩ, රැවුල වවන්න පටන් ගත්තා.

අද පාලි බෞද්ධ විශ්ව විද්‍යාලය ඇතළු සරසවි වල තිබෙන කලා පීඨ වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලේබාන්ලා වගේ වැඩ කරන්නේ, ලෙනින්ගෙන් න්‍යායට තමයි ඒ අය වැඩ කරන්නේ බුදු හාමුදුරුවන්ගේ, ශාස්තෘන් වහන්සේ මග යන්නේ නැහැ.



අදහස් (28)

සරසවි භික්ෂූන් සහරාන් වගේ

Senarath Monday, 19 December 2022 04:26 PM

සම්පූර්ණ ඇත්ත හාමුදරුවනෙ. සමහර සරසවි සිසුන් වගේම සමහර සර්සවිවල ඉගෙන ගන්න භික්ශූන්ටත් දේශපාලනය කරනවට වඩා දෙයක්ක් නැහැ. එයාල සරසවි එන්නෙ ඉගෙන ගන්න නෙමේ රටෙ ජනමතය එයලට ඔනෙ විඩියට වෙනස්කරන්ට.

:       18       62

ABMonday, 19 December 2022 06:14 PM

විස්වවිද්‍යාල පුර්ණ ප්‍රතිසංවිදානයකට ලක්කලයුතුවේ. සරසවිතුල අනත්වාදය, ජාතිවාදය නොමැතිව නිදහස් පරිසරයතුල අදයපනය ලැබීමට සියල්ලනට අවස්ථව තිබිය යුතුවේ. පාසල් අදයපනය තුල වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුර වැසියෝ නිර්මාණය කරන්න ඕන. ජාත්‍යන්තර තත්වයේ වෘත්තීය පුහුණුව මගින් දේශීය මෙන්ම ලෝකයේ ඕනෑම රටක රැකියාවන් වෙත යාම සදහා අවස්ථවන් ලබාදිය යුතුවේ. රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ දේශනය අගය කරමු.

:       0       3

පිටරට දහම් පාසළ Monday, 19 December 2022 07:01 PM

මේවා දුටු යුරෝපා රටක ඉරිදා දහම් පාසල් යන වයස 9 ට අඩු දරුවන් වගයක් පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇහුවාලු ඇයි හාමුදුරුවනේ ලංකාවේ හාමුදුරුවරු රැවුළ, කොණ්ඩය වවාගෙන පාරේ කෑ ගගහා පෙළපාලි ගිහිල්ලා බුද්ධාගමට අවමන් කරන්නේ? මේ රටේ අපි යන පාසලේ අපේ පංතියේ විවිධ ආගම් ජාතීන් ඉන්න යාලුවො අපෙන් අහනවා ඕගොල්ලන්ගේ ආගමේ අය ඇයි මේ විදියට හැසිරෙන්නේ... රැවුල, කොණ්ඩය වවාගෙන පාරේ කෑ ගගහා හරිම ලැජ්ජයි... පොලිසියටවත් ඒ අය බය නෑනේ... ඒවා අහලා ලැජ්ජා හිතුණු අපිට නම් ආයේ පන්සලක් පැත්තේ එන්න හිත දෙන්නේම නැහැ හාමුදුරුවනේ... එක ළමයෙක් කිව්වාලු... මම නම් අම්මට කිව්වා ආයි සිවුර ඇඳගෙන ඉන්න කිසිම කෙනෙක්ට මම වඳින්නෙම නැහැ කියලා...!

:       16       37

අප්පුහාමි Monday, 19 December 2022 04:44 PM

මිහින්තලේ නායක හාමුදුරුවෝ වදාරා තියෙන්නේ සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනෑ දේවල් තමයි. හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය පෙළ අසමත් හා උසස් පෙළ අසමත්ව සිටින සියලු දෙනාටම පුහුණුවක් දෙන්න ඕනෑ කියලා. ඒ දෙපිරිසට අමතරව සාමාන්‍ය පෙළ නොලියා පාසැල් හැරයන තවත් පිරිසක් ඉන්නවා. රටේ අනාගතය වන දරුවන්ගෙන් රජය බලන්නේ උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලවලට යන පිරිස් ගැන පමණයි. අනෙක් අය මොකද කරන්නේ කියලා ඇහැක් ඇරලා බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා ගම්මට්ටමින් පාසල් හැරයන දරුවන් ගැන බලා ඔවුන්ට සෙතක් සලසන්න ක්‍රමයක් හදන්න ඕනෑ ඒවා ක්‍රියාත්මක කරන්න ඕනෑ. එවිට රටේ දියුණුවක් දකින්න ලැබේවි. කෙනෙකුට කියන්න පුළුවන් තරුණ සේවා සභාව, ආධුනිකත්ව මණ්ඩලය හා නිපුණතා සංවර්ධන නිලධාරින් ඉන්නවා කියලා... ඒත් ඔවුන් කරන්නේ ඔවුන් ළඟට යන අයට උපදේශයක් දීම පමණයි.. එහෙම නොවෙයි වැඩිදෙනෙක් නිවසේ සිටින දිනවල නිවෙස්වලට ගොස් තොරතුරු ලබාගෙන දැනුවත් කරමින් උපකාරී වෙමින් දිනපතා යාවත්කාලීන කරන දත්ත පද්ධතියක් හරහා වැඩ සටහනක් සාදා දරුවන් රැකියාවක් කරන තුරු සොයාබලන ක්‍රමයක් හදන්න ඕනෑ...

:       18       59

සුරංගොඩ Monday, 19 December 2022 07:20 PM

අන්ලයික් දාන්නේ අප්පුහාමි කියපුදේ කළොත් සමාජයේ කුඩ්ඩො, කසිප්පු කාරයෝ, හොරු, මංකොල්ලකාරයෝ, කැලෑපාලුවෝ, ගංජා කාරයෝ වගේ සමාජ විරෝධීන් නැතිවෙලා... තමුන්ලාට වැඩක් ඵලක් කරන්න කෙනෙක් නැතිවේවි කියලා බයට නේද?

:       9       34

නිහාල් Tuesday, 20 December 2022 02:15 AM

අන්ලයික් දාන්නෙ කැම්පස් වල jvp සහ පෙරටුගාමි කට්ටිය

:       2       8

රත්නTuesday, 20 December 2022 08:23 AM

ගම් මට්ටමින් විතරක් බැලුවොත් ඇති ද? බිම් මට්ටමින් බලන්න ඕනේ නැද්ද?

:       1       5

කල්පනා Tuesday, 20 December 2022 01:17 PM

රත්නෙ මහත්තයෝ ගම්මට්ටමින් කියන්නෙ ඇයි කියලා හිතන්න බැරිද රජයේ නිළධාරින් අතරේ ගමේ ඉන්නෙ ග්‍රාම නිළධාරින් .ඔවුන් නගරෙ හිටියත් ලොකුම නගරයේ සිටියත් ග්‍රාම නිළධාරින් කියලා තමයි හදුන්වන්නෙ. එහෙනම් ගම් මට්ටමෙන් කිව්වම වරද මොකක්ද දැන් නගර වුනත් ඒවත් කලකට පෙර ගම් තමයි

:       0       2

fairoos Monday, 19 December 2022 04:59 PM

රැවුල, කොණ්ඩෙ වැවුවා කියලා බුදුදහම නැතිකරන්න බැහැ. හැබැයි දේශපාලකයින්ට කඩේ ගියොත් ඔහොම වෙන්න ඉඩ තියෙනවා.

:       15       49

නිහාල් Tuesday, 20 December 2022 02:23 AM

ඔය කතාව ඇත්ත . නමුත් හරියට කොණ්ඩය රැවුල නොකපන පිළිවෙළට භික්ෂු විනයට ජීවත් නොවෙන ඉගෙන ගන්නෙ නැතිව අවුරුදු 7,8 විශ්ව විද්‍යාල වල කල්මරමින් දායකයින් මුලා කරන දුශ්ශීල භික්ශූන් කරන්නෙත් රට විනාශ කරන එකයි.

:       1       10

KumaraTuesday, 20 December 2022 09:14 AM

බුදු දහමේ විනය ගැන අවබෝධයක් නැතිව මේ වගේ comment දැමීමෙන් වළකින්න

:       6       6

Samantha Monday, 19 December 2022 05:59 PM

ඒ කතාව නම් සහතික ඇත්ත... අපේ හාමුදුරුවනේ...!!!

:       15       34

Ruhunu Monday, 19 December 2022 06:28 PM

ඒ විදිහට හැසිරෙන්නේ බුදුදහම ගැන අවබෝධයක් ඇති භික්ෂූන් නෙවෙයි.

:       7       37

සත්‍ය ගවේෂී. Monday, 19 December 2022 07:32 PM

කතාව සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ...! කොණ්ඩ හා රැවුල් වවාගෙන,සහරාන් වගේ තලේබාන් න්‍යාය පත්‍රයට අනුව තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. බුදු දහම නෙමෙයි පිළිපදින්නේ ලෙනින්ගේ දහම. මේ දුසිල්වතුන් ශාසනයෙන් නෙරපා හැරීමට ක්‍රියා කළ යුතුයි.

:       7       39

ravinMonday, 19 December 2022 08:12 PM

හාමුදුරුවනේ ඇවිලෙන ගින්නට පිදුරු දමන්න එපා.ඔය පොඩි හාමුදුරුවන් සිටින්නේ අසහනයෙන්.ඒ අයගේ අනාගතය ගැන හිතනවාට වඩා රටට වුනදේ ගැන කම්පාවෙලා සිටින්නේ. ඔබවහන්සේ මධ්‍යස්තව සිටින්න.එහෙම නැතිවුනොත් ඔබ වහන්සේව අනිවාර්යයෙන්ම හොර දේශපාලුවන් උන්ගේ ඔඩොක්කුවට දමා ගන්නවා.එතකොට ඔබ වහන්සේ නිකම්ම නිකම් ඔඩොක්කු කුක්කෙක් වෙනවා.එහෙම වුනොත් තනියම පාරේ බැහැලා යන්න බැරිවෙනවා, එස් ටි එෆ් ගාඩ් එක මන්ත්‍රීගෙන් ගන්න වෙනවා.

:       17       2

දිනේශ් Tuesday, 20 December 2022 01:20 PM

ජෙප්පෙක් හරි පෙරට්ටෙක් හරි චීවරධාරියෙක් හරි වෙන්න පුළුවන් මේ පුද්ගලයා. මෝඩ කථා කියන්න එපා මනුස්සයෝ. ඕවා කියන්නේ මොන්ටිසෝරි ළමයි කියලා හිතුවද රටේ මිනිස්සු . මේ ස්වාමින්වහන්ස කියන කතාව හරියටම හරි. එකේ දෙකක් නෑ. රට අරාජික, කුජීත වෙනවට කැමති උන් මේ කතාවට අකමැති ඇති.

:       1       10

Samiddhi Monday, 19 December 2022 09:29 PM

කොණ්ඩය වැවීම පිටුපස අන්තවාදී ආගමික අදහසක් ඇතිවගේම. කොණ්ඩය කැපීම පසුපසත් අන්තවාදී ආගමික අදහසක් ඇත.

:       1       3

RuwanTuesday, 20 December 2022 10:24 AM

දිබුලාගල හිටපු ලොකු හාමුදුරුවෝ හිටියෙත් කොන්ඩය රැවුල වවලා , උන්වහන්සේ ශාසනයට ඉමහත් සෙවයක් කලා

:       3       4

කැපකරු Tuesday, 20 December 2022 01:13 PM

කෙස්, රැවුල් බාන්න කියලා බික්ෂුන්ට දෙසනකලේ බුදුරජාණන් වහන්සේ. ඊට වඩා ඉහලින් තව කව්රුහරි ඉන්නවද මේ සාසනේ. මේ විදියට පිරිහෙමින් ගිහින් තමයි පසු කාලෙක කසාය කණ්ඨකලා බිහිවෙන්නේ. ඒගොල්ලෝ "හරි" කියන්නත් පිරිසක් ඉඳියි මේ වගේ.

:       0       5

K Perera Monday, 19 December 2022 10:05 PM

හාමුදුරුවනේ.මේ කාලකන්නියන්ට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමතන එකත් පාපයක්.මුන් බුද්ධාගමට අවමාන කරන්න පෙර කරුම වලට ඉපදුන තලේබාන් බෞද්ධයෝ

:       2       21

රටවැසියෙක් Tuesday, 20 December 2022 12:35 AM

ගෞරවනීය ස්වාමින්වහන්ස තමයි දැන් කෙලින්ම කතාකරන ස්වාමින්වහන්ස නමකට ඉන්නේ. ඔබවහන්සේ කියපු දේවල් කලොත් මේ රටේ තියෙන දුෂිත දේවල් ගොඩක් නැතිවෙනවා. තරුණ පිරිස රැකෙනවා. රට යහපත් මඟට වැටෙනවා. රට මෙච්චර අඝාදයකට වැටිලා තියෙන වෙලාවෙත්, විශ්වවිද්‍යාල ස්වාමින්වහන්සලා ගිහියන් වගේ හැසිරෙද්දීත්, පාසල් ළමුන් පවා කුඩු මාරය ගිලගෙන යන මොහොතෙත්, මිනීමැරුම්, මංකොල්ල කෑම දිනපතා ඉහළ යනකොටත්, ස්ත්‍රී දුෂකයෝ පොඩි ළමයි පවා අත්නොහරින තත්වයට රට පත්වෙලා තියෙන මේ මොහොතේ ඇයි මහනායක ස්වාමින්වහන්සේලා නිහඬව ඉන්නේ. දේශපාලකයන්ට මේවාට විසදුමක් හොයන්න වෙලාවක් නෑ. ඔව්න් බලන්නේ රටට මොනවා උනත් බලය රැකගන්නේ, බලය ලබන්නේ කොහොමද කියලයි. කෙලින් ඒ ගැන කතාකරපු ඔබවහන්සේට අපගේ ගෞරව නමස්කාරය. තෙරුවන්සරණයි.

:       1       8

vernon Tuesday, 20 December 2022 08:44 AM

සාමාන්‍ය පෙළ අසමත් වෙන ළමයින්ට තමයි වෘත්තීය තාක්ෂණ අධ්‍යාපනය ඉස්කෝලවලම දෙන්නේ,ඒකට තමයි වසර 13ක අනිවාර්ය පාසැල් අධ්‍යාපනය දෙනවා කියන්නේ. ඔය කැම්පස් වල වසර හතරින් ඉවර කරලා යන්නෙ නැත්තේ විභාග අසමත් වෙලා හරි ඒකට වෙන මෙඩිකල් දිදී හරි ඉන්න අය.

:       1       3

mahesh Tuesday, 20 December 2022 10:58 AM

මන් දැකපු නියම සිංහල බෞඩ්ඩ බික්ශුන් වහන්සෙ නමක් තමා දිබුලාගල හමුදරුවො . කොන්ඩෙන් රුවුලෙන් මහනකම මනින්න බැ . මෙ මහ නා හිමිවරු කියාගන්න අයගෙ වත්ගොත හොදට හොයල බැලුවොත් සහරාන් හොදයි කියල හිතෙයි . එ තරම් හානියක් මෙ හැමෝම මෙ රටට කරල තියෙනව , පල් හොරුන්ට කඩෙ ගිහිල්ල . ලෙනින් සරන ගිහින් හරි කමක් නෑ මෙ සමාජෙට හොදක් වෙනවනම්.

:       5       0

උපාසක Tuesday, 20 December 2022 01:07 PM

ඔබ කියන කරන්න නෙමෙයි පැවිදිවෙන්නේ." සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරනත්ථාය". කියලයි පැවිද්ද ඉල්ලන්නේ. ඔබ කියන දේවල් කරන්න ගිහියන්ට පුළුවන්. මිනිස්සු ශ්‍රද්ධාවෙන් බොහෝම අමාරුවෙන් දෙන දේවල් පරිභෝග කරලා ගිහියන් වගේ හැසිරෙන අය නෙමෙයි පැවිද්දෝ කියන්නේ. නොපැහැදුන අයගේ පැහැදීම පිණිසත්, පැහැදුන අයගේ වැඩි පැහැදීම පිණිසත් තමයි බික්ෂුන් වහන්සේ කෙකෙකුට හැසිරෙන්න බුදුරජනානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

:       0       5

sam Tuesday, 20 December 2022 11:07 AM

ඔබ වහන්සේ කියන එක සහතික ඇත්ත, හැබැයි හමුදාවෙන් මේවට වගකියන්න ඔනෙ අර සාටක මයින. ඔක තමයි සාසනේ කෑවෙ. ඔක තොළොන්චි උන දවසට ඉපදෙන්නෙ අපායෙ අසූචි වලක. ඔකගෙ පවුලෙ ඒවුන් තමයි කුඩු ගෙන්නුවෙත්.

:       1       3

ප්‍රියත් Tuesday, 20 December 2022 11:51 AM

මේ කතාව, විශ්ව විද්‍යාල වලින් සිසු මර්ධනය පටන්ගෙන එය භාවිතා කරමින් යලි 88-89 ක් නිර්මාණය කිරීමට ඡායාවක් ඇති කිරීමක්. මේ හාමුදුරුවොම තමයි ඊලඟට එන ඡන්දය කටු ගා දමන්න කිව්වේ. එය සමාජයේ විවේචනයට ලක් වුනා. දැන් මේ වගේ කතා කියමින් නැවත වෙනත් පාරක් හොයනවා. සමාජයේ නැගෙන ආණ්ඩු විරෝධී මතවාදය වෙනතකට යොමු කරන්න. ආණ්ඩු වෙනස් කිරීමට පාලකයා භික්ෂු සමාජය උපයෝගී කර ගන්නවා. කලින් හිටපු අය කියන දේ අහන්නේ නැති නිසා අලුත් අයව භාවිතයට ගන්නවා. ක්‍රමය එකයි, එය භාවිතාවට පුද්ගලයින් වෙනස් කරනවා. තේරුම් ගන්න කල් යයි..

:       0       1

visnu Tuesday, 20 December 2022 03:32 PM

තාමත් සමහර අව්‍යාජ භික්ශූන් ඉන්නවා. මම මේ ගැන සතුටු වෙනවා. මම බෞද්ධයෙක් නොවෙයි, නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලට ගරු කරනවා. නමුත් හාමුදුරුවරු වැඩි හරියක් මුදලාලිල.

:       0       0

චන්දිම ෆොන්සේකා Tuesday, 20 December 2022 11:32 PM

මේ හාමුදුරුවෝ දැනට දින කීපයකට කලින් දෙසපාලකයෝ 225ට බරපතල චෝදනා කරමින් ඔවුන්ට අනතුරු අගවා දින පවා නියම කළා. දැන් මොකද අරයා හොඳයි අර 225 ත් හොඳයි අපිම තමයි වැරදි කියන්නේ. මොකද නිකම් අර හුලන් බැහැලා වගේ කතා කරන්නේ. හැබෑටම එදා ඒ කතා කිව්වේ වෙන හාමුදුරු නමක්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 15905 4

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site