IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි

(යොහාන් භාසුර)
සහල් පාලන මිල පිළිබඳව දැනුවත් කිරීම සඳහා සහල් ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ (22) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල මහතාගේ ප්‍රකාශයකට විරෝධය පළකිරීමත් සමඟ මාධ්‍ය හමුව දැඩි උණුසුම්කාරී ස්භාවයක් ගත්තේය. 
මහ පරිමාණ, මධ්‍ය සහ සුළු පරිමාණ යන සියලුම සහල් ව්‍යාපාරිකයන් සහල් රජයේ පාලන මිලට ලබාදෙන බවට ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව ලන්කේෂ්වර මිත්‍රපාල මහතා සහල් පාලන මිලට ලබාදිය නොහැකි යැයි පැවසීමත් සමඟ සිරිසේන මහතා බැන වදිමින් මාධ්‍ය හමුවෙන් නැගිට පිටව ගියේය.
එහිදී විවේචනය ආරම්භ කරමින් ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ පැවසීය. 
“බොරු කියන්න එපා මිත්‍රපාල. හාල් මිල වැඩි කරන්න මෙතන කථා කරන්න දෙන්න බෑ. ඔයා නැගිටින්න. හාල් මිල වැඩි කරන්න දෙන්න බෑ. ඔයා නැගිටින්න... මුන් තුන්දෙනා එකතු වෙලා කරන්නේ හාල්මිල වැඩි කරන එක. මේක මෙයා විරතක් නොවෙයි ලක් සහල්, නිපුන, රත්න ඔක්කොම ඉන්නවා මෙතන. වැඩි කරන්න දෙන්න බෑ, නැගිටිනවා. ඔයා යන්න. නැගිටිනවා. නැත්තනම් තමුසේ ඉන්නවා” යැයි පවසමින් සිරිසේන මහතා ප්‍රධාන මේසයෙන් නැගිට ගියේය.  
“මම තමයි මාෆියාව කියන්නේ, තොපි තමයි යකෝ මාෆියාව. සාධාරණව වෙළදාම කරන මට මාෆියාව කියනවා”
පිටව ගිය සිරිසේන මහතා නැවත පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.  
“මම හාල්මිල මීට වඩා වැඩි කිරීමට මේ මස තුන තුළ එකඟ වන්නේම නෑ.  
මම බොහෝම පැහැදිළිව කියනවා අපි ළග තියෙන වී තොග පිළිබඳව සමීක්‍ෂණයක් කරන්න. මිත්‍රපාල මහත්මයා මගේ යාළුවා, හිතවතා, අසල්වැසියා වුණාට මේකෙ වැඩි මිල ඉල්ලුවට පොඩිම මිනිස්සු කන වැඩිම නාඩු වී තියෙන්නේ එයා ළඟ. මගේ ළග තියෙන්නේ මේ රටේ ලොකු මිනිස්සු කන කීරි එක. මට මේ චෝදනාව කළාට. 
මෙච්චරකල් මෙහෙමනේ මේක නිකුත් කළේ. එහෙම නැත්නම් මේක රජයට පවරාගෙන, අපේ වී පොඩිමෝල් හිමියන්ට පටවන්න ඕන. මොකාගේ වුණත් කමක් නෑ. මගේ වුණත් කමක් නෑ. ඩීසල් නෑ, කරන්ට් එක නෑ වෙන ප්‍රශ්න නම් රජය මැදිහත් වෙලා මම කියපු මිලට ඔයාලා ගන්නවනේ. 
පාලන මිලට දෙනවද කියලා එයාගෙන් අහන්න ඕන නෑ. 7500 ට ගත්ත වී මේ ගාණට දෙන්න කියලා මම කිව්වට පස්සේ ආයි බම්බුව ද එක එකාගෙන් අහන්නේ. 
(මේ අතරතුර මිත්‍රපාල නැවතත් පාලන මිලට එකඟ නොවන බව ප්‍රකාශ කළේ) 
එකඟ නැත්නම් රජය මැදිහත් වෙලා වී ටික ගන්න ඕන. රටේ ජනතාව මේ පාලන මිලට වැඩිය ගන්න එපා. මේකට එකතු වෙන්න. රජය කරන අයගේ කොන්ද පණ නැත්නම් අපි එකතු වෙලා මේක කරමු. අපි මෙච්චරකල් රටේ ජනනතාවගෙන් හම්බ කළා. දැන් රටේ මිනිස්සුන්ට හාල් ගන්න බැරි තත්වෙට පත්වෙලා තියෙන්නේ. තෙල් පෝලිමට, ගෑස් පෝලිමට ගියාට පස්සෙ රටේ මිනිස්සුනට ජීවිකාව කරන්න බැරුව ඉන්නේ. දැන් මොන ලාභද?
මෙච්චරකල් රටේ තමය ඩඩ්ලිගේ මාෆියාවනේ, ඩඩ්ලිගේ මාෆියාවද මේ තියෙන්නේ එතකොට. ඩඩ්ලිගෙ එක විතරද තිබ්බේ. දැන් කාගෙද මාෆියාව. 
ජනතාව බහින්න පාරට, අරගලයත් ඕන නෑ. මේ වෙලාවේ ඉල්ලීමක් බෑ. දෙන්න ඕන. 
ගොවිජනතාව වස බිව්වා, විකුණගන්න බැරිව වීවලට ගනි තිබ්බා. අහිංසක මිනිස්සුන්ගේ වී ටික අරගෙන ගොඩනැගුණේ අපි. සෑම ව්‍යාපාරිකයෙක්ම ගබඩා හදලා, තාක්‍ෂණය ගෙනල්ලා අපි අගය එකතු කරලා තමයි ලාභ ලබලා තියෙන්නේ. ඒක පුරවැසියෙක් ලෙස මගේ අයිතිය. ඒවා කළේ රටේ නීතියට යටත්ව. අපි හොරාකාලා හබ්බ කරපු අය නොවෙයි”
මේ අවස්ථාවේදී නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල මහතා තව දුරටත් මාධ්‍ය හමුවේ රැදී සිටියේය. 
ඡායාරූපය:
ඩඩ්ලි සිරිසේන මහතා මිත්‍රපාල මහතාට මාධ්‍ය හමුවෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් අවස්ථාව.

 

-------------------------------------------------------------------------------

පෙරවරු 11.29  (යොහාන් භාසුර)

සහල් ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අළෙවිකරන බවත් පාලන මිලට සහල් අළෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පැවසීය.

පාලන මිල සහල් අළෙවි නොකරන වීමෝල වටලා වී තොග රජය භාරයට ගතයුතු යැයි පැවසූ සිරිසේන මහතා සඳහන් කළේ ඩඩ්ලිගේ සහල් මාෆියාව ලෙස හැදින්වුවද වර්තමානයේ සහල් වැඩි මිලට විකුණන පුද්ගලයන් මාෆියාවක් ගෙනියන බව පැහැදිළි බවයි.

තමන් ඇතුළු ප්‍රධාන සහල් මෝල් හිමියන් සහල් මිල අඩුකරා සේම වී මිල වැඩි කිරීමට පියවර ගත් බවත් රජය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබාදීමට ඉදිරිපත්විය යුතු බවත් සිරිසේන මහතා කීය.

සහල් ව්‍යාපාරිකයන් මෙතරම් රටේ ජනතාවට සහල් විකුණා ලාභ ලැබූ බව කී සිරිසේන මහතා ජනතාව සහල් කිලෝවක් මිලදීගැනීමට නොහැකි තත්වයකට පත්ව සිටින අවස්ථාවේ ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 7,500 බැගින් මීට පෙර මිලදී ගත් තොග ප්‍රධාන සහල් මෝල්හිමියන් සතුව පවතින බව කී සිරිසේන මහතා පැවසුවේ එම වීවලින් රජයේ පාලන මිලට සහල් දියහැකි බවයි.

රුපියල් 7,500 කට මිලදීගත් නාඩු සහ සම්බා වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 8,000 ක් දක්වා ද, රුපියල් 8,000 කට මිලදීගත් කීරි සම්බා වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 8,500 බැගින් ද, මිලදී ගන්නා බවත් සහල් මිල අඩුකර වී මිල වැඩි කර ඇති බවත් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.

කොළඹදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඩඩ්ලි සිරිසේන මහතා එසේ පැවසූ අතර එම මාධ්‍ය හමුවට සහභාගි වූ නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල මහතා සහල් පාලන මිලට ලබාදිය නොහැකි යැයි පැවසීමත් සමඟ සිරිසේන මහතා මාධ්‍ය හමුවෙන් නැගිට පිටව ගියේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (19)

සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි

de silva Wednesday, 22 June 2022 11:53 AM

මෙක ඩඩ්ලිගෙ නාටකයක් , සහල් මිල නියම කල යුත්තේ රජයේ අදාල දේපාර්තමෙන්තු මිස ඩඩ්ලි හෝ ඔහුගෙ ගොලයො නොවෙ , මේ ගැන ගොබ්බසෙන එහෙම උපදෙස් දුන්නෙ නැැද්ද

:       9       78

senaWednesday, 22 June 2022 12:53 PM

මම හිතන්නේ මෙයා ඊළඟ ඡන්දෙට ඒවි... බත්දුන් පියා වගේ නම්බු නාමයකින්...?

:       4       66

ABWednesday, 22 June 2022 02:39 PM

මේ පිස්සන්ට දෙවියන්ගේ හාල් කැවිලා, කිසිදු වගකීමක් නොමැති මෙවැනි පිරිස් රටටම විහිළු සපයන මොවුන්ගේ බිරින්දෑවරු, දරුවන්, මුණුබුරන් සමාජයට මුහුණ දෙන්නේ කෙසේද?

:       3       23

fairoos Wednesday, 22 June 2022 01:24 PM

මේ කාලකණ්ණි ආණ්ඩුවත් ෆේල්.. ඒකයි එක එක්කෙනා ඕන විදිහට නීති දාන්නේ..!

:       5       53

sisilWednesday, 22 June 2022 03:31 PM

සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි, අර්බුදය විසඳගන්න නාගානන්ද කොඩිතුවක්කුගෙන් නීති උපදෙස් ලබාගන්න..

:       3       17

weerasekara Wednesday, 22 June 2022 01:44 PM

වී නිෂ්පාදනය කරන ගොවි සමාජයකට වී මෝලක් ලබා දී ඔවුන්ගේම ශ්‍රමයෙන් (වසරකට ගොවිතැන් කෙරෙන්නේ මාස 6. ඒ හයෙනුත් බොහෝ දිනවල වැඩ නැහැ.) වී සහල් කොට සාධාරණ මුදලට ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න..

:       0       23

preethi Wednesday, 22 June 2022 01:50 PM

ගොවිතැන් කරන කෙනා වකුගඩු රෝහලේ. බත් කන කෙනා බඩගින්නේ. මෙයාලා ජයික් හිල්ටන් එකේ...

:       0       37

පුරවැසියා... Wednesday, 22 June 2022 02:00 PM

මෙවන් තත්ත්වයක් යටතේ රටේ ජනතාවට කාගේ පිහිටක් ද .? මෙම තත්ත්වයට පියවරක් ගත නොහැකි මන්ද යන්න පුරවැසියන් වන අපට ගැටළුවකි.

:       0       19

nalin Wednesday, 22 June 2022 02:12 PM

වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 7,500 බැගින් මීට පෙර මිලදී ගත් තොග ප්‍රධාන සහල් මෝල්හිමියන් සතුව පවතින බව කී සිරිසේන මහතා පැවසුවේ එම වීවලින් රජයේ පාලන මිලට සහල් දියහැකි බවයි. රුපියල් 7,500 කට මිලදීගත් නාඩු සහ සම්බා වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 8,000 ක් දක්වා ද, රුපියල් 8,000 කට මිලදීගත් කීරි සම්බා වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 8,500 බැ ගින් ද, මිලදී ගන්නා බවත් සහල් මිල අඩුකර වී මිල වැඩි කර ඇති බවත් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය. කරුණාකර නිවැරදිව ලියන්න.

:       1       11

Rexi Wednesday, 22 June 2022 02:37 PM

මිනිස්සු අමාරුවෙන් කන්න බැරුව ඉන්නකොට මේ අවස්ථාවේ වත් මනුස්සකම නැති යක්කු වගේ හැසිරෙන්නේ...

:       1       16

karu Wednesday, 22 June 2022 04:04 PM

මේ සද්ගුණවත් ඩඩ්ලිගේ මනුස්ස කරුණාව දවසක් අපි දැක්කා එයාගේ නුවර එළියේ හෝටලයේදී. වැඩකරන සේවකයින්ට මෙයා සලකන්නේ වහල්ලුන්ට වගේ. බනිනවා ගහනවා සේවකයින්ට. මෙයා හිතාගෙන ඉන්නේ මෙයා වහල් හිමියෙක් කියලා. මොලේ අමාරුකාරයෙක්.

:       2       18

wimal Wednesday, 22 June 2022 04:36 PM

රුසියාවයි, යුක්රේණයයි වගෙ ... මුඋන් දනගස්සන්න මෙ රටෙ කොන්ද පන තියෙන එකෙක් නතිඋනනෙ,,,, මුන් දෙන්නම දේශපාලකයොන්ගෙ බොලෙ මිරිකල අද මිනිස්සුන්ට කන්න දෙන්න හදනව

:       0       16

විජේ Wednesday, 22 June 2022 05:05 PM

ඔය ඉන්නේ ඊළඟ පාර ජනාධිපති අපේක්ෂකයෙක්... මාර ගේම් තමයි මොවුන්ගේ තියෙන්නේ...!

:       0       8

චන්දිම Wednesday, 22 June 2022 05:06 PM

ඔය මහා හාල් මෝල් කාරයින් තුන්දෙනාම එක්කෝ පොහොට්ටු පක්ෂයේ නැතිනම් සිරිසේන පක්ෂයේ... කොටින්ම මොවුන් මේ ආණ්ඩුවේ එවුන්ම තමයි. එකෙක් ආණ්ඩුවේම ඇමැති කෙන‍ෙක්... ඒක තමයි ගෝඨාභය මහත්තයා මොවුන් ඉස්සරහා බෙලහීනව දණින් වැටිලා ඉන්නේ. ඔය හාල් මෝල්ලු තුන්දෙනා තමයි ගෝඨාභය මහත්තයට ඔවුන් එක්ක හැප්පෙන්න හයියක් නැහැ කියලා ඔප්පු කරලා පෙන්නුවේ...!

:       0       9

නිහාල් Wednesday, 22 June 2022 05:23 PM

මෙයා බෝධිසත්වයෙක් වගේ රඟපාන්නේ... මොකටද කියලා දැන් මිනිස්සු දන්නවා. ඕක අයියාගෙයි මල්ලිගෙයි ගේමක්..

:       0       10

Sarath Wednesday, 22 June 2022 08:26 PM

ඩඩ්ලි හරි... !

:       3       5

ගමේ එකාලා Thursday, 23 June 2022 01:55 PM

මේ හාල් මාෆියාකාරයින්. බොරුවට පොරවල් වෙන්ඩ හදනවා. ලැජ්ජා නැතිකම තමයි...

:       0       0

Kaputa B Friday, 24 June 2022 09:05 AM

කපුටු කාක් කාක් කාක්

:       0       0

Bamunuarachchi Saturday, 02 July 2022 08:32 AM

මේ සිංහල රටේ වී වෙළඳාමට මස්කඩ කාරයෙකුත් එළිබැහැලා. ඉතින් මෙරටට හරියාවිද? ඝෝඨාභය මහත්තයෝ පාස්කු ප්‍රහාරයේ මුවාවෙන් රට හමබ්යින්ගෙන් බේරාගන්න අපිට හොඳ අවස්ථාවක් ලැබුණා. ඔබ එය ප්‍රයෝජනයට ගත්තේ නැහැ. ඒ අතින් ඔබ ෆේල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන

ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2604 8

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප





ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 5900 15

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site