IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


හිටපු මහාධිකරණ විනිසුරුවරියගෙන් පැය 4 ක් ප්‍රකාශ ගනී

(ඉන්දිකා රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මියගෙන් අද (20) පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

අද පස්වරු 1.00 කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි ඒ මහත්මිය පස්වරු 5.30 ට ඉන් පිටව ගියාය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 

 



අදහස් (23)

හිටපු මහාධිකරණ විනිසුරුවරියගෙන් පැය 4 ක් ප්‍රකාශ ගනී

Raveendra Monday, 20 January 2020 02:20 PM

වැදගත් මිනිසුන් තම පුද්ගලික වාසිය ගැන හිතලා කොහෙවත් යන රන්ජා වගේ අය සමග ගනුදෙනු කිරීම ඉතාමත්ම අවාසනාවකි. සුනාමියට ගසාගෙන ගියාසේ අපට නමේ පෙනෙන්නේ...

:       61       1659

dilanMonday, 20 January 2020 04:44 PM

එතකොට මේ ඩිස්ලයික් දාලා තියන සෙට් එක කියන්නේ "වැදගත් මිනිසුන් තම පුද්ගලික වාසිය ගැන හිතලා කොහෙවත් යන රන්ජා වගේ අය සමග ගණුදෙනු කිරීම ඉතාමත්ම අවාසනාවක්" නෙමෙයි කියලද? රටක ඉන්න මානසික වහල්ලු.........

:       61       11

ජොනී Monday, 20 January 2020 05:15 PM

හිටපු ජනාධිපතියා එවකට හිටපු අගවිනිසුරු වරියට කරපු දේ හරි ද?

:       1       65

NissankaMonday, 20 January 2020 06:52 PM

එම හඩ පටියේ කොතනකවත් ඇය දේශපාලන බලපෑමකට යටත් වී නඩු තීන්දු දුන් බවක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඇයට අහිමි වූ උසස් වීම විශ්‍රාම යාමට පෙර ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලීමක් කරන්නේ. එය වරදක් තමයි. ඒත් දේශපාලනය විසින් අහිමි කළ උසස් වීම ලබා ගැනීමට ඇයට වෙන විකල්පයක් තිබෙනවාද?

:       2       79

රංග Monday, 20 January 2020 07:24 PM

කවුරු උනත් ඔවුන්ගේ රාජකාරිය දේවකාරිය සේ කලානම් මෙවැන්නක් සිදු වන්නේ නැත.

:       1       111

Lakmal Tuesday, 21 January 2020 02:34 AM

වැදගත් මිනිස්සු ඔය වගේ වැඩ කරන්නේ නෑ.

:       12       47

NARAYANA Monday, 20 January 2020 02:55 PM

මේවගෙන් පේන්නේ අධිකරනය සහ නීති පද්ධතියම ලෝකයේ තියෙන දූසිතම කොටසක් බවයි. මේ අධිකරණ විසිරුවා හැර නව අධිකරන පද්ධතියක නිර්මාණය කර දෙන ලෙස අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.....

:       0       1

Amula Monday, 20 January 2020 03:19 PM

රන්ජා කියනවා වගේ මෙතන තියන ගැටළුව නම් රන්ජගේ කතාවල මුල ටික අග නෑ. සමහර ඒවගේ අග නෑ මුල තියනවා සමහර ඒවා හදලා. ගරු අධිකරණය වැදගත් තීන්දු තිබු අයව හොය හොයා පලි ගැනීමට ලක් කිරීමක්.

:       0       15

Shan Monday, 20 January 2020 03:35 PM

ශාක්ෂි එළිපිට තිබෙද්දී මොනවද මේ කරන්නේ.

:       9       0

lankasri Monday, 20 January 2020 04:50 PM

සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිසා පොඩි මිනිහෙක් ලවා හරි වැඩක් කරගන්න පෙළඹිලා. දැන් ඒකේ විපාක විදින්න වෙලා තියෙන්නේ එතුමියටමයි. අපේ රටේ මේ දුෂිත පාලන ක්‍රමය හැම තැනම තමන්ට තැනක් ගන්න ලොක්කන්ට ගොට්ට අල්ලන්න වෙලා. ඒ ලොක්කත් එතෙන්ට සුදුස්සෙක් නෙමේ ඒකයි ප්‍රශ්නේ.

:       0       22

athula Monday, 20 January 2020 05:00 PM

හරිම අප්‍රසන්නයි. ආයෙත් පරණ සෙල්ලම පටන් අරන් වගේ. මමත් ඔය හඬපටය ඇහුවා. එතුමිය කිව්වේ උසස්වීම් දෙන සහ ලැබෙන ක්‍රමවේදයේ තියෙන දෝස එහෙම එතුමිය කිව්වා කියල ඔච්චර ප්‍රශ්න කරන්න ඕනෙද ? ඕක නොවේ ඇත්ත. රන්ජන් කියන්න ඕන දෙය කෙළින් කිව්වා. කුඩු, මිනීමැරුම්, අපරාධ හොර අවි මේ සේරම ඇත්ත......ඔහු කළේ සමාජ සත්කාරයක් ඔහු පෙනී හිටියා ස්ත්‍රී දුෂකයන්ගෙන් අසරණ වෙන දුප්පත් මිනිස්සු වෙනුවෙන්.ඔහුගේ යම් යම් අඩුපාඩු තියෙන එක ඇත්ත. නමුත් ඔහු විතරයි ඔය පක්ෂයේ කොන්ද කෙලින් තියාගෙ හොරට හොරා මිනීමරුවාට, කුඩුකාරයට, හොර ජාවාරම්කාරයට කෙළින්ම ඇඟිල්ල දික් කරපු කෙනා.

:       1       81

De Monday, 20 January 2020 05:14 PM

අප්‍රිය දේශපාලන නිසා ශිරාණි බණ්ඩාරනායක වගේම අගතියට පත් තවත් උගත් කාන්තාවක්, රන්ජන් මෙහෙම නම් අනිත් අය කොහොමට කරන්න ඇතිද ?

:       0       6

Rasika Monday, 20 January 2020 07:13 PM

මේවගේ අය දේශපාලකයන් එක්ක ඩීල් දාපුව දැන් එලියට එන්නේ. තැනගේ රාජකාරිය හරියට කලානම් ඔය එක දේශපාලකයෙක්ටවත් නටන්න ලැබෙන්නේ නැහැ. කීදෙනෙක් අහිංසක මිනිස්සු හිරේ දලා ඇතිද ?

:       35       1

Bandara Monday, 20 January 2020 10:50 PM

ආ මෙයාද මේ...

:       30       14

nimal karunaratne Tuesday, 21 January 2020 12:57 AM

මම විදේශීය රටවල් කිහිපයක වැඩකළ වසර 18 ක්, මම දැකපු පලවෙනි රට 8 පාස් දේශ පාලුවන් පසුපස ගිහින් ප්‍රමෝෂන් ලබාගැනීමට ලිංගික අල්ලස් වලට යටවෙන විනිසුරුවන් සිටින ලංකාව, මේ විනිසුරුවන් ගෙන් මොන සාදාරන අධිකරණ තීන්දුවක් ලබගැනිමට හැකියාවක් තිබෙනවද ?

:       75       237

Mahesh Tuesday, 21 January 2020 01:19 AM

රනිල්ගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද මහිදානන්දට වෙඩි තියන්න හදපු එකට ? අන්තිමට හිටපු සහ ඉන්න නිලධාරීන්ට විතරයි වගේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. මහින්දත් ලස්සනට නීතිය නවනවනේ. රටකට ගිය කලක්..

:       36       16

Amula Tuesday, 21 January 2020 03:23 AM

මේවට තමා කියන්නේ කඩේ යනවා කියලා.

:       2       7

චින්තක සිල්වා Tuesday, 21 January 2020 05:05 AM

රටේ නිතිය පිලිබඳ මහජනතාව තුල දැඩි කල කිරිමක් මේ නිසා ඇති විය හැක. නමුත් මෙතුමිය සහ රාමනායක අතර ඇති වු කතාබහ මුල් කරගෙන වෙනත් අරමුණක් ඉටු කරගැනීමට අවශ්‍ය ජනමතය ගොඩ නැගෙමින් ඇත. ප්‍රශ්නය ඇත්තේ ඒ සඳහා මෙතුමිය ගොදුරක් කර ගැනීමයි. දේශපාලනයේ සහ මාධ්‍යයේ තිබෙන බිහිසුනු බව ඉතාම සංකිර්ණය. මාධ්‍යයේන් මඩ ගසන්නේ කාටද රටේ ජනතාව ද එතැනය!!! (ඉහත කොමේන්ට් වලින් එය පැහැදිලි වේ). රටේ පවතින දේශපාලනයට රටේ ජනතාව පමණක් නොව එම පාදඩකම නිර්මාණය කරපු දේශපාලකයා සහ මාධ්‍ය ද ගොදුරු වෙමින් ඇත.

:       0       214

hira Tuesday, 21 January 2020 05:08 AM

වැදගත් පෙනුම තිබුනට වැඩක් නැහැ.

:       124       162

MR Tuesday, 21 January 2020 07:04 AM

පත්මිණි රණවක මහත්මිය කොහෙදිවත් කියල නැහැ ඇය දීපු තීන්දුව රජයට පක්ෂපාතීව දුන්න කියලා. ඇය රන්ජන්ට කියන්නේ ඒ නඩුවේ තීන්දුව දුන්නේ ඇය කියලා විතරයි. අපේ රටේ විනිශ්චයකාරවරු හැමදාම දේශපාලුවෝ ඉස්සරහ නැවෙනවා තමන්ගේ උසස්වීම්, තානාන්තර හදාගන්න. මේ පිළිවෙල හින්දා එහෙම කරන්න වෙලා තියෙනවා. ඒක තමා අපේ රටේ නීතිය සම්බන්ධ තිත්ත ඇත්ත. ඒක එදත්, අදත් සිද්ධවෙනවා. ඒකට රන්ජන්ට විතරක් කරන්න දෙයක් නැහැ. මේ වෙලාවේ දේශපාලුවෝ සහ අධිකරණය හදන්නේ රන්ජන්ගේ වැරැද්ද පෙන්නා දෙමින් ඔවුන්ගේ නිරුවත මහජනතාවගෙන් වසන් කරගැනීමට තැත් කිරීමයි. මෙය අපි තේරුම් ගෙන මහජනතාව ලෙසේ මේ ක්‍රමයට එකට විරුද්ධව නැගී සිටිය යුතුයි . එසේ නැතිව අප කළ යුත්තේ දුමින්දව බේරා ගැනීමට උදව් කිරීම නොවේ.

:       26       102

MaheeTuesday, 21 January 2020 08:41 AM

ඔබේ විග්‍රහය හරියටම හරි. අපේ රටේ රජවී ඉන්නේ දේශපාලුවන් මිස නීතිය නොවේ. ඒ නිසා සියලු තරාතිරම්වල පුද්ගලයෝ රජවී ඉන්නා හොර තක්කඩින් ඉදිරියේ සාධාරණ හෝ ආසාධාරණ කුමක් හෝ ලාභයක් ලබාගැනීමට වැඳ වැටෙති. ඒ සිස්ටම් එකේ හැටි එහෙම නිසයි. පුගලයා යටපත් වී නීතිය රජවූ කල මිනිසුන් වැඳ වැටෙන්නේ නීතිය අභිමුඛයෙයි. විය යුත්තේද ඒකයි. දැන් නීතිය තිබෙන්නේ පොතේ පමණකි.

:       0       3

Bamunuarachchi Tuesday, 21 January 2020 11:52 AM

ඔන්න උසාවිය ගාව පෝස්ටර් ගහලා තිබෙනවා "මිනීමරු විනිසුරු අත්අඩංගුවට ගන්න" කියලා

:       0       0

Bamunuarachchi Tuesday, 21 January 2020 12:41 PM

රන්ජන් රාමනායක මහතා සහ තමන් අතර සිදුවී ඇති බවට සැලකෙන දුරකථන සංවාද තමාගේම ජංගම දුරකථනයෙන් ලබාගත් දුරකථන ඇමතුම් බවද පද්මිණී රණවක මහත්මිය එහිදී පිළිගෙන තිබේ.ලු කාල වරෙන්කෝ..... පටි රෝල්.

:       23       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 5197 11

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ



ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2733 10

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප




මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 730 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site