IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අපේ ආර්ථිකයට උරදෙන සංචාරකයන් දිරිගන්වමු

දිවයිනට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව සතියෙන් සතිය වැඩි වෙද්දී  සංචාරකයන්  සතු දේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා වන සිද්ධි ද වැඩි වෙන්නට පටන් ගෙන තිබේ. ඉකුත් සෑම සතියකම   පාහේ එවැනි කනගාටුදායක සිදුවීම් වාර්තා විය.

බ්‍රිතාන්‍ය තරුණියකට අයත් ලක්ෂ දෙකහමාරක ජංගම  දුරකථනයක් සමඟ රුපියල් 40,000 ක මුදලක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් උදුරාගෙන පලායාමේ  සිද්ධියක් අප පුවත්පතේ ඉකුත්දා පළවිය.

2023 ජනවාරි මාසයේ 102545 ක් සංචාරකයන් මෙරටට පැමිණි අතර, පෙබරවාරියේ සංචාරකයන් 107639ක් මෙරටට පැමිණි බව වාර්තා විය. මාර්තු මාසයේ මුල් දින විසි හයේදී ලක්ෂය ඉක්මවූ සංචාරක පිරිසක් මෙරටට පැමිණි බව වාර්තා විය. 

2022 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස ආශ්‍රයෙන් බැලූවිට මෙය වඩාත් හොඳ ප්‍රගතියකි. ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය හිඟ කමින් පීඩා විඳින  ශ්‍රී ලංකාවට  සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම ආශිර්වාදයක් සේ ය. එසේ වන්නේ සංචාරක කර්මාන්තය ඔස්සේ   මෙරටට  ගලා එන ආදායම වැඩිවෙන ප්‍රවණතාවක් පවතින බැවිනි. 

මෙම ප්‍රවණතාව ආරක්ෂා කර ගැනීම ජාතික වගකීමක් වන අතර එම ප්‍රවණතාවට හානිකර ක්‍රියා සිදුවන්නේ නම් ඒවා එකහෙළා නවතා දැමීම ජාතික යුතුකමකි. මේ සඳහා  ආරක්ෂක අමාත්‍යාංශයත් සංචාරක අමාත්‍යාංශයත් අත්වැල් බැඳගත් වැඩපිළිවෙළක් දියත් කිරීම වඩා ඵලදායී වේ.

දිගින් දිගටම සංචාරකයන්ට සිදුවන හිරිහැර  වැඩිවීමෙන් පෙනී යන්නේ ඔවුන් වෙනුවෙන් සැපයෙන ආරක්ෂාවේ සහ සහාය සේවාවල යම් අඩුපාඩු පවතින බවයි. එම අඩුපාඩු සොයා බලා කිසිදු උපද්‍රවයකින් තොරව ඔවුන්ට සංචාරය කිරීමේ අවකාශය සැලසීමේ වගකීමක් අපට ඇත.

අප ආගන්තුක සත්කාරයට ළැදි, විදේශවලින් පැමිණෙන අමුත්තන්ට සුහදව සලකන පිරිසක් ලෙස දිනාගෙන ඇති හොඳ නම මෙවැනි සිද්ධි දිගින් දිගටම සිදු වුවහොත් ඉක්මනින්ම අපට අහිමි වී යා හැකිය. ඒ නිසා  දිනාගෙන ඇති හොඳ නම වැඩි බරක් යොදා රැකගත යුතුවේ. 

රටේ බහුතරය ඒ හොඳ නම ආරක්ෂා කරගන්නට කටයුතු කරන බව සැබෑය. සොරු සහ තක්කඩි කොයි රටෙත් සිටිති. සංචාරක කර්මාන්තය හොඳින් දියුණු වූ, සංචාරකයන්ට ආරක්ෂාව ඇති රටවල  සංචාරකයන්ට හානි කිරීමට සොරුන්ට සහ වංචනිකයන්ට ඇති ඉඩකඩ හැකි සෑම අයුරකින්ම අහුරා තිබේ. එවැනි ආරක්ෂක වැඩපිළිවෙළ අප ආදර්ශයට ගත යුතුය. 

විශේෂයෙන් සංචාරකයන් අනාරක්ෂිත බවට නිරාවරණය වන වාතාවරණය මුළුමනින්ම අහුරා තැබීම අපට ඒ ඔස්සේ කළ හැකි වේ.  අනාරක්ෂිත තත්ත්වයකට සංචාරකයන් භාජනවන ඉඩකඩ අවුරා දැමීම සඳහා අන්තර්ජාලය හරහා පහසුවෙන් ම ඔවුන්ට අදාළ උපදෙස් දීම කළ හැකිය.

දැනට අප වැටී සිටින ආර්ථික අර්බුදය මධ්‍යයේ අපනයන වර්ධනයෙන් විදේශ වෙළඳාම ඔස්සේ විදේශ විනිමය ඉපයීම්  වැඩි කිරීම  හිටි හැටියේ කළ නොහැක්කකි. සෘජු විදේශ ආයෝජන  රට තුළට කැඳවා ඒ මගින් අන්තර්ජාතික වෙළඳාම් වැඩි කරගැනීම ද ක්ෂණිකව කළ නොහැකිය. එම නිසා වඩාත් ඉක්මනින් කළ හැක්කේ සංචාරකයන්ට මේ රට විවෘත කොට රට තුළට එන විදේශ විනිමය වැඩි කර ගැනීමයි.

සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම උදෙසා මෙරට සම්පත් ප්‍රශස්ත අයුරින් තවමත් භාවිතා කරන සෙයක් පෙනෙන්නට නැත. උදාහරණයක් ලෙස ගතහොත් කොළඹ නගරයේ ශේෂ වී ඇති පුරාණ ලන්දේසි හා පෘතුගීසි සිහිවටන සංචාරක ව්‍යාපාරය සඳහා මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැත.  එම ස්ථාන කෙතරම් දුරට ඒ සඳහා  ප්‍රයෝජනයට ගත හැකිද යන්න ආර්.එල්. බ්‍රෝහියර් ගේ Changing  Face of Colombo (සිංහල පරිවර්තනය පද්මා එදිරිසිංහ ගේ කොළොම්පුර පුරාවෘත) කියවීමෙන් අයකුට දැනගත හැකිවේ.  

කොළඹ නගරයේ තරම් පැරණි සිහිවටන නැතත් මැලේසියාව මලක්කා නගරයේ  අලුතෙන් ආකෘති  ඉදිකොට එම කාර්යය කරන ආකාරය දැක බලා අපට පාඩම් උගත හැකි ය.

සංචාරකයන් කැඳවා ගැනීමේ විභවතාව ප්‍රශස්ත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතරම  ඔවුන්ට පිරිනමන ආරක්ෂාව හා සහාය සේවා වර්ධනය කිරීම ද වැදගත් වේ.

(***)



අදහස් (1)

අපේ ආර්ථිකයට උරදෙන සංචාරකයන් දිරිගන්වමු

sam Sunday, 02 April 2023 07:15 PM

අපේ ආර්ථිකයට උරදෙන සංචාරකයින් දිරිගන්වමු. නමුත් ඔවුන්ට අනවශ්‍ය ආකාරයට දුම්රියේ එල්ලී යාමද නැවතිය යුතුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site