IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අපේ රටේ පැළ නොවන හයිකු

නූතනයේ අප අතර සිටින ප්‍රතිභාසම්පන්න කවියකු වන සුමින්ද කිත්සිරි ගුණරත්න පාඨක විචාරක අවධානයට ලක්වූ කෘති කිහිපයක්ම රචනා කළ නිර්මාණකරුවෙකි. චක්කරං කොටුව, ඇහැළි, නාරජ සහ වේ රජ, ලංකා පොකුණ, ලුම්බිණි වැනි කාව්‍ය කෘති ද ජී.බී. සේනානායක කාව්‍ය විමර්ශන, ආරියවංශ පතිරාජ ප්‍රතිරාව, දෘෂ්‍යාත්මක මානව විද්‍යාව හා මානව වංශ ලේඛ චිත්‍රපටය, කැමරාවෙන් ලියැවෙන මානව කතන්දර වැනි විමර්ශන කෘති ඒ අතර කැපී පෙනේ. ප්‍රිස්ම ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහයයි.

මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ අප කළ සංවාදයක සටහනකි. 

• ප්‍රිස්ම ඔබේ කවි මගෙහි ලෙන්දොර හැරීමක් වගෙයි පෙනෙන්නේ. මේ අනුභූහීන් ආකෘතීන් හා පරිකල්පනාත්මක අවකාශ ගැන මුලින්ම කතා කරමු.

විවිධ සාහිත්‍ය ශානර අතරින් ‘‘භාෂාමය කවිය’’ එක්තරා ආකාරයකින් මනෝ විද්‍යාවක් ද වෙනවා. සංඥාමය තරලයක් මතයි භාෂාව කම්පන තරංග නගන්නේ. භාෂාවේ වචනයක් කියන්නේ ඒ මනෝ තරලය මතට දමන කුඩා කැට කැබල්ලක්. ඒ කැට කැබලිත්ත අරුත් රළ රස භාව සිය දහසක් නගනවා. එමගින් විවිධ අර්ථතල භවතල මතුවෙනවා. මේ සියුම් මනෝ විද්‍යාත්මක කාර්ය පිළිබඳ තාක්ෂණය හසුවූ තැනැත්තෙක් තමයි ‘‘කවියා’’ ලෙස හැඳින්වෙන්නේ. ඔහු තමා තුළින් අනෙකාගේ කම්පන නාඩිය හඳුනා ගන්නවා.

අද අපි ජීවත් වෙන්නේ ‘‘මහා කම්පනයකට’’ මුහුණ දුන්න සමාජයක. වසංගත, සාගත, දේශපාලන වංචනිකත්වය සහිත අසහනකාරිත්වයක් මේ සියල්ල නිසා කැළඹුණු මහා සමාජ මනස මහා කම්පනවලට දැන් සංවේදී නැහැ. එය නිර්වින්දනය වෙලා තියෙන්නේ. කැළඹුණු සයුරකට ගලක් අතහැරියට මහා කැළඹීම තුළ ඒ කුඩා කම්පනය විද්‍යාමාන නොවන තරම්. ඒත් වඩා සැහැල්ලු දෙයක් වෙරළකට පමුණුවාගෙන රසවිඳ විඳ ඉන්න ඒ රළම හේතු වෙනවා. ‘‘ප්‍රිස්ම’’ කියන්නේ එබඳු සැහැල්ලු දෙයක්. එහි සමාජ කම්පන රසික වෙරළකට පාවීමට නියමිතයි.

ඒ සඳහා සුදුසු සරල, සැහැල්ලු කාව්‍යමය ආකෘතීන් පිළිබඳ මා කලක සිට සැලකිලිමත් වුණා. එහිදී මේ හුරුබුහුටි කාව්‍ය ආකෘති කෙරෙහි මගේ අවධානය යොමු වුණා. දෙස් විදෙස් කවියන් ඒවා භාවිත කර ඇති ආකාරය පසුගිය සත් වසරක කාලයේ ගැඹුරින්  හැදෑරුවා. ඒ හැදෑරීම් සමග මා තුළම විශාල අාධ්‍යාත්මික පුබුදුවක් ඇති වුණා.  ත්‍රිපිටකය, බයිබලය උපනිශද් වේද ග්‍රන්ථ, මහායාන ධර්ම ග්‍රන්ථ, ජනශ්‍රැති අතරින් යෙදෙන කඳු බිමක ගමනක් ඒ. මේ කඳුකර ගමනෙදි මා විඳි චමත්කාරයයි. ප්‍රිස්ම අනුභූතින්වලින් එන්නේ.  

• ඔබ මේ කවි හැඳින්වීමට අලුත් යෙදුමක් උපද්දවනවා. ඒ තමයි සංකිත කවි යන යෙදුම. කෙටි කවිය, සංක්ෂිප්ත කවිය යන යෙදුම් අපේ රසික සමාජයේ තහවුරු වී ඇති අවස්ථාවක ඇයි ඔබ මේ නම යෝජනා කරන්නේ?

සංකිත කවිය අපට අලුත් දෙයක් නොවෙයි. එහි ඓතිහාසික විකාශයක් තියෙනවා. ධම්ම පදයේ ගාථා සහ සීගිරි කවි ගත්තත් ඒවායේ උපමා රූපක උදේශාත්මක කොටසෙන් ව්‍යුත්පන්න කළ විට සංකිත කවියේ මූලධාතුව මතු වෙනවා. ‘‘ඡායාව අනපායිනි’’ ‘‘චක්කංච වහතෝ පදං’’ කියන චිත්ත රූප දෙකම උපමා බවට පත් වන්නේ ඒ පසුපසින් උපදේශය ආවට පස්සේ. ආගමික සාහිත්‍යයේ මේ රූපක භාවිතය මෙන්ම හයිකු කවියේ මුළුමනින්ම චිත්ත රූපික ප්‍රකාශනය මිශ්‍ර කර ගනිමින් එස්රා ෆවුන්ඩ් වැනි කවියන් බටහිර කවියෙදි වෑයම් කරනවා.

මේවා පිළිබඳ සිංහල බසින් ගැඹුරට දැනගන්න ආරියවංශ රණවීර, ලියනගේ අමරකීර්ති වැනි විචාරකයින්ගේ කෘති මගින් පුළුවන්. හයිකු කාව්‍ය සම්ප්‍රදාය ඇසුරේ පසුගිය කාලයේ ලංකාවේ හයිකු ලිවීමක් ගැනත් සංකථනයක් ඇති වෙනවා. ඒත් මගේ නම් විශ්වාසය හයිකු ආකෘතිය සහ අන්තර්ගතය ඊට අනන්‍ය සංස්කෘතියෙන් උලුප්පලා අරගෙන වෙනත්  රටක පැළ කරන්න බෑ කියන එකයි. ඒ නිසා මම මේ හුරුබුහුටි කාව්‍ය ක්‍රමය සංකිත කවි යනුවෙන් හඳුන්වනවා. සංකිත්තේන කියන වචනය ධම්මචක්ක පවත්තන සූත්‍රයේ එනවා. ‘කොටින්ම කීම’ යන අර්ථය මෙහි ගැබ් වෙනවා. ස්කන්ධමය කීමක් නොව ධාතුමය කීමක්, කොවුල්මය කීමක් නොව කීරිමය කීමක්. මේ අර්ථයෙන් සංකිත කවිය යන්න මා යොදනවා.

•  සංකිත කවියට සීගිරිය සමග ඇති ජානමය සම්බන්ධයක් ගැන ඔබ කියනවා. ඔබ කියන්නේ එහි උපත සීගිරිය බව ද?

 සීගිරි කවිය සංකිත කවියක් වෙන්න පරිසර සාධකයත් බලපානවා. දීර්ඝ ලෙස කැට බිතක ලියන්න බැහැ. ඒ භෞතික පසුතලය  සංක්ෂිප්තතාවය අපේක්ෂා කළා. එනිසාමයි බොහෝ සීගිරි කවි මේ සා ව්‍යක්ත ප්‍රකාශන බවට පත් වුණේ. අනෙක් අතින් සීගිරි කවියා යම් ප්‍රමාණයක ‘හයිකු’ අවස්ථාවක් ‘සතෝරි’ මොහොතක් ක්ෂණ දර්ශනයක් ප්‍රකට කරගත්තා. 

• එතකොට ජපන් හයිකුව මෙතැනින් වෙනස් වෙන්නේ කොහොමද?

ජපන් හයිකු කවියේ මේ ක්ෂණ දර්ශනය තිබෙනවා. ඒත් එය කිසියම් ප්‍රබල සම්ප්‍රදායක් නියෝජනය කරනවා. එහිදී හයිකු කිගෝ (Kigo) නම් භාවිතයක් තිබෙනවා. නිදසුනක් ලෙස වසත් සමය, ඉපල් ගස, පැරණි විල මෙබඳු කිගෝ යෙදුම්. සෘතුමය අත්දැකීම් සහිත රසිකයෙකුට ‘‘වසත් සමය’’ ආදි සෘතුමය පදයක් මගින් ඇති කරන කම්පනය අපගේ ඒකතානීය දේශගුණයක් පවතින රටක සිදුවන්නේ නැහැ. එනිසා එබඳු පද යොදමින් සිංහල හයිකු ලිවීමට උත්සාහ කිරීම අනුකාරකවාදී ප්‍රයත්නයක්. සංකිත කවි වෙනස් වෙන්නෙත් මෙතැනින්. 

• ඒත් පුහුණු කළ රසිකත්වයත් නොමැති කෙනෙකුට  සංක්‍ෂිප්ත කවි කලාව රසවිඳීමේ දුෂ්කරතාව ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා. කවිය පොදු සමාජයෙන් ඈත්වීමට මෙය හේතු වූ බවයි ඔවුන් කියන්නේ. 

සංකිත කවිය යනු ලිවීමට වඩා ලියැවෙන කවියක්. එය එක් අතකට ජන සාහිත්‍යමය අංගයක්. විධග්ධ පුහුණු තාක්ෂණමානී අංගයක් නොවේ. ඒ නිසා මෙම කවි රස විඳීමට එබඳු පුහුණුවක් අවශ්‍ය නැහැ. ඒත් ජපන් හයිකු කවියට මෙබඳු පුහුණුවක් අවශ්‍ය වෙනවා. කිසියම් පෘථුල විචාරකයෙකුට සංකිත කවිය ඔස්සේ ගැඹුරු රසාස්වාදී විචාරයකට පිවිසෙන්නත් පුළුවන්. හොඳ සංකිත කවියක් රහස් උමං පද්ධතියක දොරක යතුරක් වගේ. එහි සැරි සරලා විනෝද වෙන්නත් පුළුවන්.

පුදුම වෙන්නත් පුළුවන්. තීක්ෂණ රසිකයෙකුට අර්ථ නිධාන පාදගන්නත් පුළුවන්. වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ ‘‘සීගිරි ගී සිරි’’ කේ. ජයතිලකගේ ‘‘ සීගිරි ගී නිර්මාණය’’, ඩබ්ලිව්.ඒ. අබේසිංහගේ ‘‘ධම්මපද ගීතය’’ උදිත අලහකෝන් විසින් පරිවර්තිත ‘‘හයිකු කවි පිළිබඳ ඕෂෝගේ විවරණ’’ කෘතිය ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි අයගේ හයිකු කවි විමර්ශන මෙහිදී නිදසුනට ගත හැකියි.  

• ඔබ මතු කරන සංකිත කවිය විචාරක සමාජය කොයි විදිහට බාර ගනියි ද?

මෙරට විචාරක සමාජය තියෙන්නේ පෞද්ගලික ග්‍රහණයක. කල්ලි, කණ්ඩායම් විවිධ ආදානග්‍රාහිත්වයන් ද නැතුවා නොවේ. ඒත් මේ මඩ ගොහොරුවේම සියපත් පිපෙනවා ඒකාන්තයි. එබඳු විචාරකයන් කිහිප දෙනෙක් හරි අපට සිටිනවා. සංකිත කවියකින්ම කියනවා නම්.

පස් වගක් ඒ හොඳටම ඇති සමහරවිට මේ සංකිත කියන පදය ඇතමෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. මම ඒ අයගෙන් ඉල්ලන්නේ මේ පදය පැත්තකට වීසි කරන්න කියල. යන්න ඊට ඔබ්බෙන් ඇති කවියට. නැත්නම් අන්ධ අලියෙකු වගේ ගස් පතුරු ගලවන විචාරකයෙක් වෙන්න පුළුවන්. සැබෑම විචාරකයා ලෙස මා සලකන්නේ 1996 දී මා පළ කළ ‘‘චක්කරං කොටුවේ’’ සිට විවිධ මුද්‍රණ වාර හරහා කාව්‍ය කෘති කීපයක් ඔස්සේ මා මෙතැනට ඔසවා තැබූ ‘‘නාඳුනන රසිකයා’’යි. ඔහු තුළ විචාරකයා සිටිනවා.


ප්‍රවීණ කිවියර  සුමින්ද කිත්සිරි ගුණරත්න

සංවාද සටහන ගාමිණි කන්දේපොළ



අදහස් (0)

අපේ රටේ පැළ නොවන හයිකු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site