IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අයි.එම්.එෆ් මුදල් නොලැබුණොත් රට හාන්සියි

(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

මෙවර අයවැයෙන් ජනතාවට සහන දුන්නාද? රට හදන වැඩපිළිවෙළක් අයවැයේ අඩංගු ද? රට තවත් ණය කරන්නේ ඇයි? යනාදී කරුණු සහ අයවැයට එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- ජනතා අපේක්ෂා සුන් කරමින් ඉදිරිපත් කළ අයවැයට හතරවටින්ම දැඩි ප්‍රහාර එල්ල වෙන්න පටන් අරන් නේද?

පිළිතුර:- ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප දෙස බලන විට අද තිබෙන ජාතික අර්බුදය පිළිබඳ වැටහීමහක් ඔවුන්ට නැති බව පේනවා. කරන ප්‍රකාශවලින් එය තහවුරු වෙනවා. අයවැය ලේඛනයක තිබෙන්නේ රජයේ ආදායම වියදම සහ හිඟය පියවන ආකාරයයි. ලංකා ආණ්ඩුවට නිදහස ලැබුණු දිනයේ සිට දිගටම ඉදිරිපත් කර තිබෙන්නේ හිඟ අයවැය ලේඛන. එදිනෙදා වියදම් පියවා ගන්නවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නෑ. 2022 මුළු බදු ආදායම රුපියල් බිලියන 1751යි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්වලට රජයේ මුළු ආදායමෙන් සියයට 72ක් යනවා. සමෘද්ධි ඇතුළු සහනාධාරවලට රු. බි. 506ක් වැයකර තිබෙනවා. එනම් සියයට 28ක්. එම වසරේ මුළු බදු ආදායමම මේ වියදම් දෙක වෙනුවෙන් වැය කර තිබෙනවා. කාගේ ආණ්ඩුව තිබුණත් ඉතිහාසයෙත් තත්ත්වය ඕකමයි.

2022 දී ණය පොලී ගෙවීම් රු. බිලියන 1565ක්. මේ ගෙවීම් කර තිබෙන්නේ මුදල් ණයට ගැනීමෙන්. රු. බි. 715ක් ප්‍රාග්ධන වියදම් දරා තිබෙනවා. මේ සියල්ල ණයට ගත් මුදල්. ආණ්ඩුව මොන වියදම් කළත් ඒ මුදල් ගන්නේ ජනතාවගෙන්මයි. එහෙම නම් සහන දෙන්න වෙන්නේ ලොකු අසහනයක් ඇති කරලයි. කවුරු ආණ්ඩු කළත් ඒක එහෙමයි. මේ වේලාවේ දෙන්න පුළුවන් උපරිම සහනය දී තිබෙනවා. ඒකත් කරුණු දෙකක් මත තීරණය වෙනවා. අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය තව සතියකින් දෙකකින් ලැබෙන්න ඕන. ඒක එකක්. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය නිම වෙන්නත් ඕන. ඒක අනෙක් කරුණයි. මේ කරුණු දෙක ඉටු නොවුණොත් මේ තිබෙන සහනයත් අපට සිතන්න බැරි තරම් අසහනයක් බවට පත් වෙනවා.

ප්‍රශ්නය:- ආර්ථික පීඩනයෙන් මිරිකී සිටින ජනතාව මීට වඩා සහන අපේක්ෂා කළා. සහන දුන් බව ඔබ කියනවා. දුන් සහන මොනවාද?

පිළිතුර:- නෑ... නෑ... සහන දුන්නා කියා මම කවදාකවත් කියන්නේ නැහැ. මොකද සහන දෙන්න ජනතාවට විශාල අසහනයක් ඇති කරන්න ඕනනේ. දැනටම විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, වෛද්‍යවරු මේ බදු බර දරා ගන්න බැහැ කියා රට අතහැර යන පසුබිමක තවදුරටත් ඔවුන්ගෙන් අරගෙන සහන දෙන්න බැහැ කියන එක අපි පිළිගන්න ඕන. කිසිම සහනයක් දෙන්න බැහැ. වැටුප් වැඩිවීම හෝ දිළිදු ජනතාවගේ සහන තුන් ගුණයකින් වැඩි කිරීම යන සියල්ල රඳා පවතින්නේ සමස්ත අයවැය ක්‍රියාවලියට අදාළ අනෙක් කොන්දේසි ඉටුවුණොත් පමණයි.

ප්‍රශ්නය:- රාජ්‍ය සේවකයන්ට දුන් දස දහසත් රැවටීමක් බව කියනවා. වැඩි කළ මුදලට වඩා වැඩි ගණනක් බදු වශයෙන් අය කරන විට ඇති වැඩේ මොකක්ද?

පිළිතුර:- ජනතාව තේරුම් ගන්නත් ඕන ඕකම තමයි. තමන්ට සහනයක් දෙන්න නම් අති විශාල ජනතාවක් මත අසහනයක් පටවන්න ඕන. තිබෙන ප්‍රශ්නය මේ පරම සත්‍යය තේරුම්  නොගැනීමයි. කාට හෝ වැඩි වැටුප් ගෙවන්න, සහනාධාර දෙන්න අවශ්‍ය මුදල් දෙන්නේ කවුද? ඒ සල්ලි දෙන්නේ ආදායම් මට්ටම්වල වෙනසක් නැතුව බදු ගෙවන සුවහසක් ජනතාව. අසහනය ඇති කර, ණයට ගෙන, මුදල් අච්චු ගසා සහන දී ඒ වැඩේ තවත් කර ගන්න බැරි වූ නිසා තමයි ලංකාව බංකොලොත් රටක් වුණේ. මේ ඇත්ත කෑගසන සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් තව තවත් ජනතාව නොමග යවමින් සිටිනවා. ඒ නිසා යථාර්ථය දෙස බුද්ධිමත්ව බැලීමේ හෝරාව එළැඹ ඇති බව හැමෝම තේරුම් ගන්න ඕන.

ප්‍රශ්නය:- රාජ්‍ය අංශයේ වැටුප් දස දහසකින් නැංවූවාට ආර්ථිකයේ එන්ජිම වන පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න කියන ඉල්ලීමවත් නොකරන්න තරම් සාහසික වුණේ ඇයි?

පිළිතුර:- අයවැය ලේඛනයක් හදන විට සාහසික වෙන්නේ නැහැ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන පිරිස් සාහසික වෙන්නේ නැහැ. සාහසික වුණොත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රජා සේවාවලට, දිළිඳු ජන කොටස්වල සහනාධාරවලට මුදල් වෙන් වෙන්නේ නැහැනේ. මේ වෙලාවේ මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබෙන්නේ මරණ තුනක් ඇති මිනිසෙක් පෑණි කෑය කියන ක්‍රමයේ අයවැයක්. තව නොබෝ දිනකින් අයි.එම්.එෆ් දෙවැනි වාරිකය නොලැබුණොත් එතැන මරණයක්. එය ලැබීමෙන් පසු විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලෝක එකඟතාව නොලැබුණොත් තව මරණයක්. ඒ අතර රට ඇතුලේ කරන නොදැනුවත් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුවොත් එතැනත් මරණයක්. මේ සියල්ල බැලන්ස් කළ හැකි ආකාරයට මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා. මරණ තුනෙන් බේරෙන්න බලාගෙන ඉදිරිපත් වූ අයවැයක්.

ප්‍රශ්නය:- හැබැයි පසුගිය කාලයේ ජනතාව නැගිට්ටේ දරාගත නොහැකි ආර්ථික පීඩනය හේතුවෙන් බව අමතකද?

පිළිතුර:- මොනව හෝ සිදුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණේ නැත්නම් ඕනම කෙනකුට ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන් සුමාන දෙකයි. ජාත්‍යන්තර එකඟතාවට අනුව මේ වැඩපිළිවෙළ කරන්න බැරි වුණොත් ලංකාව සති දෙකෙන් කඩා වැටෙනවා. අපි කැමැති වුවත් අකමැති වුවත් ඉදිරි වසර හතර සඳහා විස්තීරණ ණය පහසුකම් යටතේ අයි.එම්.එෆ් සමඟ ගිවිසුමකට එක්වී එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා.

මේ ගිවිසුම ප්‍රකාරව අයවැය ලේඛනය සකසා තිබෙන්නේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිවන ආකාරයට. ඒ වෙනුවෙන් අවශ්‍ය ගැළපුම් නිසි ලෙස කළේ නැත්නම් දෙවැනි වාරිකය ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත වෙන්නෙත් නැහැ. ඒවා නොකෙරුණොත් මුළු ලෝකෙම අපේ රට අත්හරිනවා. ලංකාව ගත් ණය ගෙවීමටවත් සූදානම් නැති රටක් බවට ලෝකයට වැටහුණු ගමන් ලංකාව නිකුත් කරන ණයවර ලිපි මුළු ලෝකයේම බැංකු පිළිගන්නේ නැහැ.

එහෙම වුණාම අපට ඛනිජ තෙල්, පෝර, රසායනික ද්‍රව්‍ය, බෙහෙත්, ආහාරපාන, යන්ත්‍ර සූත්‍ර, උපකරණ, අමතර කොටස්, අමුද්‍රව්‍ය නැතුව යනවා. එහෙම වුණොත් ගියවර වගේ නෙමෙයි මුළු රටම පුපුරා යනවා. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත කියන්න තිබෙන සංඛ්‍යා දත්ත පිළිබඳ අබමල් රේණුවක තරම් අවබෝධයක් නැති මෙහෙම විපක්ෂයක් ලෝකයේ වෙන කිසිදු රටක නැහැ.

2022 දෙසැම්බර් 31 වනවිට හිරවී තිබෙන ණය තොගය ඇමෙරිකන් ඩොලර් බිලියන 36.9යි. මෙයින් ඉදිරි වසර පහ හයේදී ගෙවීමට බලාපොරොත්තු වන්නේ සියයට 37යි. සියයට 51ක් ගෙවීමට තිබෙන්නේ වසර හයත් විස්සත් අතර කාලයකදී. සියයට 12ක් ගෙවන්න තිබෙන්නේ වසර විස්සකට පසුවයි. කවුරු ආණ්ඩු ගත්තත් මේ ණය ගෙවන්න එකඟතාව ඇතිකර ගන්නම වෙනවා. නැති නම් රට සති දෙකක්වත් ගෙනියන්න බැහැ.

ප්‍රශ්නය:- මූල්‍ය අරමුදලේ ඉලක්ක කීපයක් සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම හැරුණු කොට වෙනත් දෙයක් මේ අයවැයේ නැහැ කියලද ඔබ කියන්නේ?

පිළිතුර:- ඔව්. එහෙම නැතුව මේ රට පවතින්නේ නැහැනේ. අයි.එම්.එෆ්. ඉලක්ක ඉටු නොකළොත් ඊළඟ සුමානෙ තෙල් නැහැනේ. ගියවර තෙල් නැතුව ගත වුණේ දින කීපයයි. ඉන්දියාව හරි මැදිහත් වී මුදල් දී තෙල්, ගෑස් ගත්තා. මෙවර ගත් ණය ගෙවන්නත් බැහැ කියා ඇති පසුබිමක ආයෙම සල්ලි දෙන්න ලෝකයේ කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළේ ගෝඨාභය ජනාධිපතිගේ කාලේ.

මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් අනුකාරක සභාවේ අනුමැතියෙන් ඊට අදාල කටයුතු කිරීමට විදේශ සමාගම් තෝරා ගත්තා. ප්‍රංශයේ ලසාර්ඩ් සමාගම එම තෝරා ගැනීම වුණා. ණය නොගෙවීම නිසා විදේශ රටවල පැවරෙන නඩුවලට පෙනී සිටීමට ක්ලිෆඩ් හාන්ස් සමාගම තෝරා ගත්තා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අලුත් වැඩපිළිවෙළක් ගෙනියන්නේ නැහැ. ගෝඨාභය ජනාධිපතිවරයා ඇති කරගත් වැඩපිළිවෙළ කරගෙන යනවා.

ගෝඨාභය වැරදි නම් ඒ වැඩපිළිවෙළත් වැරදයි. දැන් අපි කරන වැඩපිළිවෙළත් වැරැදියි. මේක හරි ගස්සන්නේ  කොහොමද කියා මට තේරෙන්නේ නැහැ. ක්ලිෆඩ් හාන්ස්, ලසාඩ් සමාගම් සමඟ ඇති කරගත් ගිවිසුම්වලින් ඉවත් වෙන්න කියා අපට කියන්න පුළුවන්ද? ඉන්දියාව, චීනය, ජපානය සමඟ කළ සාකච්ඡාවලින් ඉවත් වෙන්න පුළුවන්ද? එහෙම රට පවතීවිද?

ප්‍රශ්නය:- ඔබ මේ මොන තර්ක ගෙනාවත් ඉදිරි මැතිවරණය ඉලක්ක කර මේ අයවැව ඉදිරිපත් කර ඇති බව ජ.වි.පෙ. ඇතුළු කණ්ඩායම් කියන්නේ ඇයි?

පිළිතුර:- ඒක තමයි ඒ අයට තිබෙන අබෝධයේ තරම. ඔය අය අතර සිටින ආචාර්යතුමියක් කතා කරනවා මම දැක්කා. ඒ අය රට බාර ගන්නවා නම් අයි.එම්.එෆ්. ගිවිසුමෙන් අයින් වෙනවද නැද්ද කියා කියන්න ඕන. ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අහෝසි කරනවා කියා නොකියන්නේ  ඇයි? ණය නොගෙවන බව කියනවද? මේවා නොකරනවා නම් ඒ අයට සතියක්වත් මේ රට කරන්න බැහැ. ඒ අය රට ඉදිරියේ ඇත්ත කියන්න ඕන.

ප්‍රශ්නය:- මේ අයවැයත් වචන ගොඩක් පමණක් බවත් ගිය අයවැයේ කාබන් කොපියක් බවත් ඇතැම් අය කියනවා. ඇත්තට මේක ප්‍රායෝගික අයවැයක් නෙමෙයිද?

පිළිතුර:- ඕව කියන්නේ තම තමන්ගේ නැණ පමණින්. රටක් බංකොලොත් වූ පසු ඉදිරිපත් වන පළමු අයවැය මේක. මේකෙ මොන සුරංගනා කතා කිව්වත් හෙට අනිද්දා වනවිට අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය නොලැබුණොත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත නොවුණොත් රට පවතින්නේ සති දෙකක් පමණයි.

ප්‍රශ්නය:- ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 3450කින් පමණ ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. මේ කරන්නේ ජනතාව තවත් ණයකායන් කිරීම නොවෙයිද?

පිළිතුර:- කවුරු ආණ්ඩු කළත් 2028දී ජාත්‍යන්තර වෙළෙඳපොළට ගිහින් ගත හැකි උපරිම ණය මුදල ඇ. ඩො. බිලියන 1.5යි. අනෙක් මූල්‍ය ආයතන දෙන ප්‍රතිපාදන තීරණය කර තිබෙන්නේ ඒ අනුවයි. ලංකාවේ සල්ලි අච්චු ගහන්නත් බැහැ. ජාත්‍යන්තර ආයතන පිළිගත හැකි මට්ටම ඉක්මවා ණය ගන්න බැහැ. මේ සියල්ලටම අපි ගැට ගසා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒවායෙන් මිදුණොත් වෙන්නේ විනාශයක්.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

 



අදහස් (15)

අයි.එම්.එෆ් මුදල් නොලැබුණොත් රට හාන්සියි

liyanage Monday, 20 November 2023 11:02 AM

ඔබතුමා ගැන කණගාටුයි.. කොහොමත් රට දැන් හාන්සියි... ඔබතුමාලගේ ආර්ථික ක්‍රියාවලිය තුළ...!

:       1       19

Rata Perata Monday, 20 November 2023 12:57 PM

මේ වගේ කාලකණ්ණි එක්ක හදන ආර්ථිකය... IMF එකෙන් ණය අරගෙන රජයේ සේවකයින්ට පඩි වැඩි කරනවා. නියම ආර්ථිකය හැසිරවීම... අනිත් එක එතකොට රජයේ නොවන සේවකයින්ට මොකද වෙන්නේ?

:       0       22

චන්දිම ෆොන්සේකා Monday, 20 November 2023 02:18 PM

1980 ගණන් වල එවකට පැවැති යූඑන්පී ආණ්ඩුවේ තිබුණු දූෂණ, වංචා වලට එරෙහිව රට හදන්නය ආර්තිකය දියුණු කරන්න තමන් මහා විද්වතෙක්ය කියලා මහා ඝෝෂාවක් කරගෙන චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් බලයට රිංගපු මේ මිනිසා ඔහුගේ සහෝදර ගුණවර්ධන සෙට් එක අන්තිමේදී අවුරුදු ගණන් බලයේ ඇමැතිකම් අරගෙන මේ රටට කරලා තියෙන අහවල් සෙතක්ද කියලා බලන්න. අන්තිමේදී මේ ගොල්ලන් අර නරකයි කියන අයටත් එහා ගිහින් තමන්ගේ වරප්‍රසාද ලබා ගත්තා වැජඹුණා විතරයි... රටේ පොදු මිනිසුන් වෙනුවෙන් සත පහක දෙයක් කරලා නැහැ. මතකනේ අර ගෝඨාගේ කාලේ මෙයයි එස්බී දෙන්නයි කිව්ව කතාව. අපිට ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ... අපි ගාව ඩොලර් ඔනෑතරම් තියෙනවා... ඩොලර් හොයන්න ඔනෑතරම් ක්‍රම අපිට තියෙනවා.. බයවෙන්න කිසිම දෙයක් නැහැ කියලා. දැන් එනවා අනේ මම දන්නේ නැහැ දැන් මට මුකුත් තේරෙන්නේ නැහැ, මේක මල ගෙදර මේ පැණි කනවා වගේ වැඩක්... ඒ හින්දා ලොක්කා කියන දේ කරගෙන ඉන්නය වගේ බහුබූත බයිලා කියාගෙන. මතක තියා ගන්න රට ගොඩ යන්න නම් මෙවැනි ප්‍රෝඩා කාරයන් මකබෑවිලා යන්නම ඕනෑ.

:       0       22

Nimal Monday, 20 November 2023 05:10 PM

හිඟාකෑම හැරෙන්න ඔබට කළ හැකි වෙන කිසිවක් නැද්ද?

:       0       19

Sampath Monday, 20 November 2023 06:21 PM

ඔබතුමාලාට හාන්සි වෙන්නවත්, මහන්සි වෙන්නවත් දෙයක් නෑ. අපි දිවි හිමියෙන් බදු ගෙවලා ඔබතුමා වගේ ඔස්තාර්ලාව රැකගන්න කැප වෙනවා.

:       0       17

pakeer Monday, 20 November 2023 11:04 PM

බෝල වගේ දේශපාලකයෝ දන්නේ... හිඟා කකා ලෝකෙ වටේ ගිහින් ඇවිත් ඒ සල්ලිවල පාටි දාන්න විතරයි. නුඹලා මේ රට හදනකන් ගොබ්බයෝ රෑනක්... එදත් හිටිය තාමත් ඉන්නවා බලාගෙන... ඔබලා දන්නේ ණය ගන්න විතරයි... ඔබලාගේ මොලේ තියෙන්නේ අසූචි...

:       0       5

M. saman perera Tuesday, 21 November 2023 10:48 AM

මේවා කියන්න ඇමැතිවරු ඕනෑද?

:       0       5

nandana Tuesday, 21 November 2023 08:47 PM

මේ අයගෙන් මේවා අහලා වැඩක් නැහැ. ඒ කාලේ ආර්ථිකේ මෙහෙයවූයේ මොවුන්..!

:       0       4

keheliya Wednesday, 22 November 2023 09:58 AM

"සමාවීම ගැන ප්‍රමාද වෙන්න" ටියුෂන් ගුරුවරයෙකු වී කෙසේ හෝ ලංකා දූපත් රාජ්‍යයේ දූපත් දියවන්නාවේ ඇමැති කෙනෙක් වීමම ලෝක වාර්තාවක්. ලෝකයේ වෙනත් රටවල නම් එහෙම වෙන්නේ නැහැ. ඔබේ ආර්ථික න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ඔබ විසින් කලින් කල රටට හෙලිකළ දත්ත ඇසුරින් කදිමට ඔප්පු කර අවසානයි. ඔබ වැනි කුජීත ඇමැතිවරු සිටින මෙවැනි රජයකින් මිට වඩා දෙයක් පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකිදැයි අසන්නට සිදුව තිබෙනවා. රටක් වශයෙන් හිඟාකමින් සහ IMF ආයතන හරහා රට උගසට තබමින් මේ යන ගමනේදී තව තවත් මෙරට ජනතාව හිඟමනට පත්කර තිබීම අපරාධයක්. රට වැසියන් වන අපටද හිඟාකෑම හැර කළහැකි වෙනත් දෙයක් ඉතුරු වී නැත. විනාශ කරන ලද රටේ ධනය පැහැර ගත් මේ හොරුන්ට දිය හැකි උපරිම දඬුවම කුමක්දැයි ඔබම තීරණය කළයුතු දවස උදාවී ඇත. ලැජ්ජයි බන්දුල ලැජ්ජයි..! කොහොමත් රට දැන් හාන්සියි...

:       0       6

M. SAMAN PERERA Wednesday, 22 November 2023 12:10 PM

මේවා කියන්න ඇමැතිවරු ඕනෑද?

:       0       4

මුදිත් Wednesday, 22 November 2023 01:01 PM

80 දශකයේ ඉඳන් මන්ත්‍රී සහ ඇමැති... දැන් කියනවා රට සල්ලි නොලැබුණොත් රට හාන්සියි කියලා. මිනිස්සුන්ට තාම තේරෙන්නේ නැහැ.. මුන්නැහේ පාර්ලිමේන්තුවේ මෙච්චර කාලයක් මොනවා කළාද කියලා..!

:       0       4

Latha Wednesday, 22 November 2023 01:05 PM

රටට ආදායම මදිවී අයවැය හිඟය ඇති වෙන්නේ රාජ්‍ය වියදම් අනවශ්‍ය විදිහට වැඩි නිසයි..අනිත් හැම ආසියානු රටකම ජනගහනයෙන් 200ට එකක් රජයේ සේවකයින්..ලංකාවේ 15ට එකයි. ඒකයි රට ගෙනියන්න බැරි. දේශපාලන පාඩම්වලට රජයේ සේවකයෝ වැඩිකරගෙන කෙළවා ගත්ත බදුගෙවන මිනිස්සු පළි නැහැ. අනවශ්‍ය වියදම් කපලා දාන්න මොළයක් නැද්ද?

:       0       5

Silva Friday, 24 November 2023 10:18 AM

ලැබුණත් හාන්සියි...

:       0       2

Gemiyek Saturday, 25 November 2023 02:39 PM

බන්දුලලාගේ, රංජිත්ලාගේ PhD වටින්නේ නෑ...!

:       0       1

Kazi Shajahan Thursday, 30 November 2023 03:05 PM

රට හාන්සි කරපු අයම කියනවා.. , රට හාන්සියි කියලා... අපේ රට කවුද හරියටම හාන්සි කළේ...? ඒවා කියන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 276 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1204 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 586 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1790 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1332 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 499 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2002 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site