IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අල්ලස් - දූෂණයෙන් තොර රටක් කවදා බිහිවේද?

රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවට මතයක් සමාජය තුළ තිබීම මෙන්ම නීතිය සැමටම සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවන බවට අදහසක් සමාජයේ පැලපදියම් වීම සියලු නොපනත්කම්වලට අවශ්‍ය පරිසරය සකස්කර දීමකි. සියලු වර්ගයේ අපරාධවලට හොකරම්, මැරකම්වලට මෙන්ම අල්ලස් ගැනීම් මෙන්ම පාතාල පන්නයේ ක්‍රියාකාරකම්වලට ප්‍රධාන හේතුව වන්නේ නීතියේ විධානය හා ආධිපත්‍යය බිඳ වැටීමය. ශ්‍රී ලංකාව යනු ඒ බව සැකයකින් තොරව ඔප්පු කළ රටකි.

අප පුවත්පත ඉකුත්දා ඉතා සුවිශේෂී පුවතක් වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ සූදු පොළක් වැටලීමක දී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනය යළි ලබා දීමට රුපියල් 5000 ක අල්ලසක් ඉල්ලා එය ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ අහුන්ගල්ල පොලීසියේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයකුට වසර 20 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළ බවය. එයට අමතරව රුපියල් 20,000ක දඩයකට ද ඔහු යටත් කළ බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය. 

සමහරකුට අනුව එය මිටි තැනින් ජලය ගලා යෑමක් විය හැකිය. ‘‘මහ හොරු නිදැල්ලේ සිටිය දී රුපියල් 5000ක අල්ලසක් ගත් පොලිස්කාරයකු හිරේ දාලා’’ යනුවෙන් යමකුට සිතිය හැකිය. එබඳු ජනප්‍රිය මනසකින් එදෙස බැලීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරති. එහෙත් යථාර්ථය එය නොවේ.

මේ රට යනු ජනාධිපති ලේකම්වරුන් නීතිය ඉදිරිපිට වැරැදිකරුවී හිරේ වැටුණු රටකි. අල්ලස් ගැනීමේ චෝදනාවට වැරැදිකරුවකු වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියකු තවමත් හිරේ විලංගුවේය. මිනී මැරීමේ චෝදනාවට වැරැදිකරු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මරණීය දණ්ඩය ලැබ තම නව යොවුන් පුත්‍රයා සමග මහ උළුගෙදර කල්දේරම් බතෙහි රස බලමින් සිටී. 

මෙය තව දිගු කළ හැකි ලැයිස්තුවකි. මේ ලැයිස්තුවෙන් කියැවෙන්නේ තරාතිරමේ බේදයකින් තොරව අප රට තුළ නීතිය ක්‍රියාත්මකවන බවය. රට අරාජික කිරීමේ අරමුණෙන් පෙළෙන ඇතැම් පිරිස් එය එසේ නොවේ යැයි කීමට කප්පරක් තර්ක ගොඩනගති. අවසානයේ දී අනීතික ක්‍රියාවලට අවශ්‍ය බලපත්‍රය බවට පත්වන්නේ ද එම මතවාදයමය. එහෙයින් රුපියල් 5000 ක අල්ලසක් ගත් උප පොලිස් පරීක්‍ෂකවරයකුට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් නියම කිරීම එයට හිමි බරින් හඳුනාගත යුතුය. 

අප රට යනු සෑම දෙයම පහසුවෙන් කරගැනීමට උත්සාහ කරන බහුතරයක් ජනතාව ජීවත්වන රටකි. නියමිත අනුපිළිවෙළට, ක්‍රමවේදයට ගමන් නොකර ‘‘වංගු ගසා වැඩේ කර ගැනීමට’’ ඔවුහු උත්සාහ කරති. රාජ්‍ය ආයතනයකට යෑමට පෙර එහි තමන් දන්නා හඳුනන අයකු සිටීදැයි සොයා බැලීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. එසේ සොයා බලන්නේ තමන්ගේ අවශ්‍යතාව පහසුවෙන් කර ගැනීමටය. එසේ දන්නා හඳුනන අයකු නොවේ නම් කීයක් හෝ අතමිට මොළවා ඉක්මනින් හා පහසුවෙන් තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට උත්සාහ කරති. අල්ලස් ගැනීමට හැකිවී තිබෙන්නේ එසේ අල්ලස් දීමට කැමැත්තෙන් සිටින පිරිස් සිටින නිසාය. 

අප රටේ දරුවකු පාසලට ඇතුල් කිරීම සමාන වන්නේ යුද්ධයකටය. ඒ වෙනුවෙන් ඇති තරම් මුදල් විසි කිරීමට ඇතැම් දෙමාපියෝ පෙළඹෙති. දරුවා පාසලට ඇතුල් කිරීමට දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ විදුහල්පතිවරයකු කොටු වූයේ මව සමග හෝටල් කාමරයක සිටියදීමය. මව කල් ඇතිව පොලිසිය දැනුවත් කර තිබූ හෙයින් එම වැටලීම සිදුවිය. 

දේශපාලනඥයන් ඡන්දය ලබා ගැනීමට තොග පිටින් අල්ලස් ප්‍රදානය කරන බව ප්‍රසිද්ධ රහසකි. එය උළු කැටය, වැසිකිළි පෝච්චිය, තහඩුවේ සිට බත් පාර්සල හා අරක්කු පානය දක්වා විහිදී යයි. එමෙන්ම මැතිවරණ ව්‍යාපාරයේ දී ඇතැම් ව්‍යාපාරිකයෝ එම මැතිවරණයේ මුළු බර කරට ගනිති.

ජයග්‍රහණයෙන් පසුව එම ව්‍යාපාරිකයන්ගේ මනදොළ සැපරීමට දේශපාලනඥයාට සිදුවේ. බොහෝ ව්‍යාපෘතිවලින් දේශපාලනඥයාට කොමිස් කුට්ටි ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. එහෙයින්ම එසේ කොමිස් කුට්ටි ගතහැකි ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව හිමිවන්නේ අත්‍යවශ්‍ය ව්‍යාපෘති පසෙකට ඇද දමමිනි. මුළු රටම අල්ලස් ආකරයක් යැයි හැඟී යන්නේ මෙම පරිසරය තුළය. 

මෙම තත්ත්වය තුරන් කිරීමේ පළමු වගකීම තිබෙන්නේ පුරවැසියාටය. කවර තත්ත්වයක් තුළ වුවත් අල්ලස් ලබානොදීමේ ස්ථාරත්වය පුරවැසියා ගොඩනගා ගත යුතුය. එමෙන්ම අල්ලස් ඉල්ලන්නන් උපක්‍රමිකව නීතියේ රැහැනට හසුකර දිය යුතුය. අල්ලස් මෙහෙයුම අඩපණ කළ හැකිවන්නේ එබඳු සක්‍රිය ජනතා මැදිහත්වීමකිනි. එබඳු ජනතා තෙරපුමකිනි.

මේ රට හැදිය හැකි බවට ඒකාන්ත විශ්වාසයක් අප සතුය. එහි පෙරමුණ ගත යුත්තේ පෙර දැක්වූ පරිදිම පුරවැසියාමය. දේශපාලනඥයන්ගේ ත්‍රාඩ ක්‍රියාදාම මෙන්ම දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ, සේවකයන්ගේ අනීතික ක්‍රියා මැඩලිය හැක්කේ එමගිනි. එමෙන්ම තරාතිරම් බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවට ගැඹුරු විශ්වාසයක් ජනගත විය යුතුය. නීතිය සම්බන්ධයෙන් ජනයා තුළ අචල විශ්වාසයක් ගොඩනැගිය යුතුය.

එමෙන්ම නීතිය ඉදිරිපිට සියල්ලන්ම සමානය, යන මතය අප හදවතට ගැඹුරින් කිඳා බැස්සවිය යුතුය. යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා රට පුරාම ඉදි වූ අරගලබිම්වල අභ්‍යන්තර ප්‍රකාශනය ද එයය. ඒවා තවදුරටත් සටන් පාඨ බවට පත් නොකර මහ පොළොවේ ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට සියල්ලන්ම මහෝඝයක් මෙන් මතුවිය යුතුය. 

(***)



අදහස් (1)

අල්ලස් - දූෂණයෙන් තොර රටක් කවදා බිහිවේද?

Perera Friday, 28 October 2022 06:43 AM

ඒ දවස උදාවෙන්නේ රටේ ජනතාවට මොලේ පෑදිලා පාඩුවේ රටේ දියුණුවට දැක්මක් සහ ක්‍රමවේදයක් ඇති සද්භාවයෙන් වැඩකරන පුද්ගලයින්ව බලයට පත්කරපු දවසට... එහෙම දවසක්වත්, එහෙම මිනිස්සුන්වත් පෙනෙන මානයේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1031 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site