පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති අතුල විතානවසම්
මැතිවරණ සම්බන්ධයෙන් ලංකාවේ අපට ඇත්තේ දිගු ඉතිහාසයකි. එය අසල්වැසි ඉන්දියාවට, පකිස්ථානයට වඩා දිගු ඉතිහාසයකි. මැතිවරණ ක්‍රමය, ඡන්දය යනාදී වචන මෙරට දේශපාලන ශබ්ද කෝෂයට එකතු වන්නේ 1911 පටන්ය. මෙයින් එක් නියෝජිතයෙක් පත් කරගනු ලබන්නේ ලාංකිකයන් වෙනුවෙනි. ඒ ‘‘උගත් ලාංකිකයා’’ යන නමිනි. ඒ සඳහා ලංකාවට එක් ඡන්ද කොට්ඨාසයක් ලෙස පෙනී සිටියේය. මේ අවස්ථාව අපට ලැබුණේ මැකලම් ප්‍රතිසංස්කරණ හරහාය. කොළඹ ගාල්ල මහනුවර නගර සභා තුනට ඡන්දයෙන් නියෝජිතයන් පත් කළේ 1870 දීය. මෙරට මැතිවරණ ඉතිහාසය කොතරම් දිගු ද යන්න මෙයින් පැහැදිලිය.
සර්වජන ඡන්ද බලය අපට ලැබෙන්නේ 1931 දීය. ලාංකිකයන් සර්වජන ඡන්ද බලය පාවිච්චි කර තමන්ගේම ඡන්ද කොට්ඨාස පදනමින් නියෝජිතයන් පත් කර ගැනීම අරඹන්නේ ඉන්දියාවටත් වඩා වසර ගණනාවකට පෙරය. මෙවන් හොඳ ඉතිහාසයක් අපට තිබේ. 1947 සිට ආණ්ඩු පත් කිරීමටත් 1956 සිට ආණ්ඩු වෙනස් කිරීමටත්, මෙරට ජනතාව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මැතිවරණ පාවිච්චි කරති. ඒ වසර පහෙන් පහටය. දිගටම සිදු වන්නේ මෙයයි.
නියෝජිතයන් පත් කරනු ලැබීමට ජනතාව විසින් භාවිතයට ගනු ලබන ඡන්ද ක්‍රමයේ ඇත්තේ විශාල අවුලකි.
එය මුල සිටම පවතින්නකි. 1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙමින් 13 වැනි සංශෝධනය හඳුන්වාදීමත් සමග මෙරට පැවැත්වෙන ඡන්ද විමසීම් ගණනාවකි. පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණ වශයෙන් මෙරට මැතිවරණ ක්‍රම හතරකි. මේ ක්‍රම හතර සම්බන්ධයෙන් පවතින නෛතික විධි විධාන වෙනස්ය. පාර්ලිමේන්තු මැතිවරණ වලට අදාළ නෛතික ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ දක්වා තිබෙනවාට අතිරේකව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිරවණ පනතෙන් සවිස්තරාත්මකව දක්වා තිබේ. මේ ආකාරයට ඒ ඒ මැතිවරණ වලට අදාළ නෛතික විධි විධාන මැතිවරණ පනත් වශයෙන් තිබේ. කලින් කලට ඡන්ද විමසීම් පවත්වන්නේ මේවා අනුවය.
ඡන්ද විමසීම් පැවැත්වීම සම්බන්ධව, ඒවා පවත්වන ආකාරය සම්බන්ධව සහ ව්‍යවස්ථා සභා වලට නියෝජිතයන් තෝරා ගන්නා ආකාරය පිළිබඳ රට තුළ ඒකමිතික භාවයක් නැත. ආණ්ඩුව සහ විපක්ෂය අතරත් ඇතැම් විට ආණ්ඩුවේ සාමාජිකයන් අතරත්, උගත් බුද්ධිමත් කොටස් මෙන්ම සිවිල් සංවිධාන තුළත් මේ පිළිබඳ පොදුවේ පිළිගත හැකි අදහස් නැත. නියෝජන ක්‍රමයට මූලික වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙන්ම මැතිවරණ ක්‍රම සඳහා යොදා ගත් පනත් සම්පාදනය සම්බන්ධව පොදු එකඟතාවක් රට තුළ නොවීම ප්‍රශ්නයකි.
1947පටන් 1978 ව්‍යවස්ථාව දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් වුයේ රටේ පොදු එකඟතාවකින් නොවේ. ඒවා සකස් වුයේ පාලක පිරිසගේ අභිරුචියටය. මේ නියාමන හැදුවේ බලය හෙබවුවෝය. ඒ හදා ගැනීමට සම්බන්ධව විපක්ෂයේවත් සිවිල් සංවිධාන වලවත්, ජනතාවගේවත් පුළුල් සහභාගීත්වයක් තිබුණේ නැත. ඔවුන්ගේ අදහස් පුළුල් ලෙස දායක කර ගත්තේ නැත. මෙය බරපතළ තත්ත්වයකි. ඒ නිසා ව්‍යවස්ථාවේ සඳහන් නියෝජන විධි ක්‍රියාව මූලික වශයෙන්ම පොදු එකඟතාවකින් තොරය.
ව්‍යවස්ථාවේ විධි විධාන වලින් පමණක් මැතිවරණ පැවැත්විය නොහැක. සවිස්තරාත්මක විධි විධාන එයට අවශ්‍යය. ඒ ඒ මැතිවරණ වලට උප නීති නැතිනම් පනත් සකසා ඇත්තේ ඒ අනුවය. මේ පනත් සකසා ඇත්තේ ද බලය හොබවන ආණ්ඩුමය.අනෙක් කොටස් වල අදහස් පුළුල්ව විමසීමක් හෝ ඒවා බරපතළ ලෙස සැලකිල්ලට ලක් කර නැත. ලංකාවේ මැතිවරණ ක්‍රම පිළිබඳ මූලික ගැටලුව මතු වී ඇත්තේ මේ නිසාය.
මේ ගැටලුව නිසාම මැතිවරණ කල් දැමීම සිදුව තිබේ. පළාත් සභා මැතිවරණය එයට හොඳම උදාහරණයයි. ඇතැම් පළාත් සභා මැතිවරණ පැවැත්වි යුතුව තිබුණේ මීට වසර තුනකට පමණ පෙරය. එසේ වීත් තවමත් මැතිවරණ නොපවත්වා කල් මරන්නේ තිබෙන අවුල නිසාය. පළාත් සභා ක්‍රමය සම්බන්ධව ඇති විධි විධාන වල වෙනස්කම් පිළිගැනීමට ඇතැම් කොටස් සූදානම් නැත.
සියයට 70 ක් කේවල ඡන්ද ක්‍රමය යටතේත් සියයට 30 ක් සමානුපාතික ක්‍රමයෙනුත් පත් කර ගැනිමට දිනේෂ් ගුණවර්ධන කමිටුව යෝජනා කළ ද සමහර දේශපාලනඥයන්ගේ කැමැත්තක් නැත. තමන්ගේ පත්වීම පිළිබඳ ගැටලු මතුවිය හැකි යැයි සිතීම එයට හේතුවය. නියෝජන ක්‍රමයක් සකස් කිරීෙම්දී සෑම කෙනකුම තම තමන්ගේ වාසි කිරා මැන බැලීම මේ අවුල් වලට මුලය. නියෝජන ක්‍රමයක් සම්බන්ධව ව්‍යවස්ථාධායකය තුළ පොදු ඒකමිතික භාවයක් ඇති කර ගැනිමට නොහැකිව තිබනේනේ නව නියෝජන ක්‍රමයක් දෙස එකිනෙකා සැකයෙන් බැලීම නිසාය. ගොඩ නැගෙන ක්‍රමයෙන් මැතිවරණ වලදී තමන්ට වැඩි සුරක්ෂිතභාවයක් නොලැබේය යන සැකය නිසාය.
මෙය පළාත් සභා, පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් තිබෙන ප්‍රබල දෝෂයකි.
නියෝජන ක්‍රමයකදී යම් යම් අංශ වෙනුවෙන් බර තැබීම් කළ යුතුය. කාන්තාවන්ට කොතරම් නියෝජනයක් ලබා දිය යුතුද යන්න එයින් එක් කරුණකි. ඒ වගේම ජන වාර්ගික වශයෙන් කොතරම් බර තැබීමක් කළ යුතුද යන්න්ත අවධානයට ගත යුතුය.
නාගරික ප්‍රදේශ හැරුණු කොට ග්‍රාමීය ප්‍රදේශ වලට නැතිනම් පසුගාමී ප්‍රදේශ වලට කොතරම් බර තැබීමක් කළ යුතු දැයි සිතා බැලීම අවශ්‍යය. මේ සම්බන්ධයෙන් ද තිබෙන්නේ ගැටලුකාරී තත්ත්වයකි. මෙවන් සාධකවල ප්‍රතිඵලයක් වශයෙන් නියෝජන ක්‍රමය සම්බන්ධ ඒකමිතකභාවයක් ඇති කර ගැනීමට අපට තවමත් හැකිව නැත. ඒකමිතික භාවයක් ඇති කර ගැනිමට නම් මීට වඩා සවිඤ්ඤානිකව ජනතාව කෙරේ අවබෝධය තබා නියෝජන ක්‍රමයක් සැකසිය යුතුය. එහෙත් මෙරට නියෝජන ක්‍රම සැකසිමේදී බොහෝ විට සිදු වන්නේ පාලකයන්ගේ මුලික අභිරුචියට අනුව එම කටයුත්ත කිරීමට උත්සාහ කිරීමය.
ලංකාවේ නියෝජන ක්‍රමවල මෙකී දුර්වලතා වලට අමතරව මැතිවරණ කල් දැමීම බලය හොබවන පක්ෂයේ විලාසිතාවක් බවට පත් කර ගෙන තිබේ. මැතිරණයක් පැවැත්විය යුත්තේ තමන්ට වාසි දායක අවස්ථාවකදී පමණක් බව ඔවුහු කල්පනා කරති. පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී මෙය විශේෂයෙන් දක්නට ලැබෙන්නකි. කෙසේ වුවත් මැතිවරණ කල් දැමීම අනුමත කළ නොහැකිය.
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පාලන ආයතන පවත්වා ගෙන යනු ලබන්නේ ජනතාව විසින් පත් කරගනු ලබන නියෝජිතයන් මාර්ගයෙනි. ඒ තෝරා ගැනීම කරනු ලබන්නේ කලින් කලට පවත්වන මැතිවරණ වලිනි. මෙසේ කලින් කල පවත්වන මැතිවරණ අතිශය වැදගත්ය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරිමට අවකාශ සලසා දීම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සිදුවිය යුත්තකි. මැතිවරණ කල් දැමීමෙන් සිදුවන්නේ මෙම අයිතිය උඳුරා ගැනීමකි.
1978 පටන් මෙරට ක්‍රියාත්මක වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයකි. 1978 මුල් ව්‍යවස්ථාවට අනුව සුළු ජන නියෝජනයට සරිලන වෙන් කිරීමක් කරනු ලැබීය. සියයට 12.5 සීමාව පැනවුණේ ඒ අනුවය.
ව්‍යවස්ථාව සකසන අවස්ථාවේදිත් මේ සීමාව සම්බන්ධව සුළු ජන නියෝජිතයෝ විවිධ විවේචන ඉදිරිපත් කළහ. එස්. තොන්ඩමන් මහතා සෘජුවම ඉදිරිපත් කළ විවේචනය එක් උදාහරණයකි. එහෙත් එදා පැවැති ආණ්ඩුව එම විවේචන එතරම් ගණන් ගත්තේ නැත.අසුව දශකයේ මැද භාගයේදී ප්‍රේමදාස අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර සියයට 12.5 සීමාව සියයට 5 කට අඩු කිරීමට පියවර ගත්තේය. ඒ 14 වැනි සංශෝධනයෙනි. මේ නිසා සුළු ජන කොටස් වලට මෙන්ම කුඩා පක්ෂ වලට පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණි. මුස්ලිම් කොංග්‍රසයට, වතුකරයේ පක්ෂ වලට, ජ.වි.පෙ.ට මෙන්ම උතුරේ පක්ෂ වලට ද වැඩි නියෝජනයක් ලැබුණේ සහ ලැබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
අවස්ථාවර ආණ්ඩු බිහි වීමට මේ ක්‍රියාවලිය හේතු වු බවට තර්ක තිබේ. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ නිශ්චිත බහුතරයක් එක් පක්ෂයකට ලැබෙන්නේ නැත. සියයට 5 සීමාවෙන් සුළුතර පක්ෂ වලට වැඩි නියෝජනයක් ලැබීම මේ තත්ත්වය තීව්‍ර කර තිබේ. මේ පසුබිම යටතේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ බොහෝ විට බලයට පත් වන්නේ සුළුතර ආණ්ඩවුය. මේ සුළුතර ආණ්ඩු වල පැවැත්මට කුඩා පක්ෂ වල සහාය අවශ්‍යයි.
මැතිවරණයට පෙර හෝ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ වහාම හෝ එකී ප්‍රතිඵලවලට අනුකූලව සුළුතර පක්ෂ වල සහාය ගැනීමට ප්‍රධාන පක්ෂ වලට සිදු වනු ඇත. එවන් අවස්ථාවල සුළු පක්ෂ ආණ්ඩුවට එක් වන්නේ යම් යම් ඉල්ලීම්, කොන්දේසි මතය. ඇමැති ධුර, රාජ්‍යයේ වැදගත් තනතුරු (තානාපති සේවාව දක්වාම මෙය ගොස් තිබේ.) යනාදිය ප්‍රමුඛය. මීට අමතරව තම ජන කොටස් වලට විශේෂිත වු සැලකිලි, වරප්‍රසාද ඉල්ලා සිටින අවස්ථා තිබේ. කෝටි ගණනින් මුදල් හුවමාරු වන බවට ද කතා තිබේ. ඒ නිසා ඔවුන්ගේ සහාය ලබා ගැනීමට මෙවන් ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩු වලට සිදුව තිබේ. මෙවන් දේ සිදුවිය යුතු දැයි සිතා බැලිය යුතුය.
කෙසේ හෝ සුළු පක්ෂ වල සහාය ලබා ගෙන ආණ්ඩුවක් පිහිටවුවද එම පක්ෂ ආණ්ඩුවේ ස්ථාවරත්වයට තර්ජනයක් වන අවස්ථා අපි දැක ඇත්තෙමු. ඇතැම් අවස්ථා වල මේ සුළු පක්ෂ ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ උපකරණයක් හැටියට ආණ්ඩු අසීරුතාවට පත් කරන අවස්ථා තිබේ. රටක් ඉදිරියට ගෙන යාමේදී මේ තත්ත්වයට ඉතාම අහිතරකය.
ආණ්ඩුවලට සහයෝගය දක්වන සුළුතර කණ්ඩායම් රටේ පොදු සුබ සිද්ධියට වඩා, පොදු යහපතට වඩා, රටේ දිගු කාලීන පැවැත්මට වඩා තම පක්ෂයේ ඉල්ලීම් ඉටු කර ගැනීමට උත්සාහ දැරීම ලොකු තර්ජනයකි. ඇති වී තිබෙන මේ පසුබිම යටතේ සුළු පක්ෂ වලට සියයට 5 සීමාවෙන් ලබා දී ඇති වාසිය වෙනස් කළ යුතු බවට ඇතැම් පාර්ශ්වවලින් යෝජනා වී තිබේ. මේ වාසිය ඉවත් කළ යුතු බවට ද ඇතැම්හු යෝජනා ඉදිරිපත් කරති.
ජර්මනියේ පවත්නා ආකාරයේ මිශ්‍ර ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණවලදී ක්‍රියාත්මක කළ යුතු බවට ද යෝජනා තිබේ. එනම් 1978 ට කලින් පැවැති සරල බහුතර ක්‍රමයේ නියෝජනයක් 1978 න් පසුව හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමයේත් අංග ඇතුළත් වු ක්‍රමයකි. තනි මන්ත්‍රී ඡන්ද කොට්ඨාස ක්‍රමය යටතේ යම් නියෝජිත පිරිසකුත් සමානුපාතික නියෝජන ක්‍රමයෙන් කිසියම් නියෝජිත පිරිසකුත් පාර්ලිමේන්තුවට පත් කර ගත යුතු බවට යෝජනා තිබේ.
මේවා සම්බන්ධ මූලික එකඟතාවක් නැත. සාමාන්‍යයෙන් මෙවැන්නකට මුලදී සියලු දෙනා කැමැති වීම මෙරට දක්නට ලැබෙන්නකි. එහෙත් නියෝජන ක්‍රමය පිළිබඳ විධි විධාන සකසන විට ප්‍රශ්න මතු කරති. එතැනදී බලන්නේ තමන්ට තම පක්ෂයට ඇති වන වාසි අවාසි කොතරම් ද කියාය. රටට පොදුවේ යහපත් නියෝජන ක්‍රමයක් සකස් කිරීමේදී මෙය ප්‍රබල බාධකයකි. රාජ්‍ය බලය අභ්‍යාස කරන අය ඒ සම්බන්ධ නීති සැකසීමේදී ප්‍රමුඛත්වය ගැනීම මේ බොහෝ ප්‍රශ්න වලට හේතුවකි.
මැතිවරණ සම්බන්ධ කාල සටහනක් අපට නැත. එහෙත් වෙනත් රට වලට එවැන්නක් තිබේ. ඇමෙරිකාව උදාහරණයකි. ජනාධිපතිවරණයට පමණක් නොව ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් ද ප්‍රශස්ත කාල සටහනක් එරට තිබේ. තනතුරේ නිල කාලය හැකි තරම් සීමා කර තිබේ. 1851 දී සිදු කළ 22 වැනි සංශෝධනයෙන් එරට එක් පුද්ගලයකුට ජනාධිපතිධුරය හෙබවිය හැක්කේ වාර දෙකකි. ඒ වගේම නිල කාලය වසර හතරකි. ජනාධිපතිවරයා පත් කිරිම සම්බන්ධ විස්තරාත්මක කාල සටහනක් ඇමෙරිකාවේ තිබේ. ජනාධිපතිවරයකු තේරී පත් වී වසර හතරකට පසුව හතර වැනි වසරේ නොවැම්බර් මස පළමු සතියේ අඟහරුවාදා මැතිවරණය පැවැත්විය යුතුය.
ඒ මැතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා ධුරයේ වැඩ බාර ගනු ලබන්නේ ඉන් පසුව එළැඹෙන ජනවාරි මස 20 වැනිදාය. කිසිඳු වෙනසකින් තොරව මෙය ඉතා පැහැදිලිව එරට ක්‍රියාත්මකය. පසුගිය කොරෝනා කාලයේ වුවද මෙය නොවෙනස්ව තිබුණි. ඉකුත් වසරේ මාර්තු සිට අගෝස්තු 14 දක්වා කාලය තුළ රටවල් 70 ක මැතිවරණ කාල සටහන් වෙනස් කර තිබුණි. මැතිවරණ කල් දමා තිබුණි. එහෙත් ඇමෙරිකාව එසේ කළේ නැත.
ඇමෙරිකාවේ ව්‍යවස්ථාදායකය හැඳින්වෙන්නේ කොංග්‍රසය නමිනි. එම කොංග්‍රසය මණ්ඩල දෙකකින් යුක්තය. මහජන මන්ත්‍රී මණ්ඩලය ඉන් එකකි. එයට නියෝජිතයන් පත් වන්නේ වසර දෙකකට වරකි. සෙනෙට් මණ්ඩලය නම් වු දෙවැන්නට නියෝජිතයන් පත් වෙන්නේ වසර දෙකකට වරකි. සෙනෙට් මණ්ඩලය නම් වු දෙවැන්නට නියෝජතියන් පත් කරන්නේ වසර හයක නිල කාලයකටය. ඒ අනුව සෑම වසර දෙකකට වරක් නියෝජිතයන්ගෙන් කොටසක් ඉවත් වී අලුත් පිරිසක් පත් වෙති.
මෙය සිදු වන්නේ ද නිශ්චිත කාල සටහනකට අනුව විධිමත්වය. ඒ වගේම එරට ජනාධිපතිවරයා තෝරා ගන්නා මැතිවරණයේදීම උප ජනාධිපතිවරයා ද පත් කර ගනු ලැබීම තවත් විශේෂත්වයකි. එයද සිදුවන්නේ කාල සටහනකට අනුවය. ඇමෙරිකාවේ විධායකය වගේම ව්‍යවස්ථාධාකයේ සභිකයන් පත් කර ගනු ලබන්නේ ද නිශ්චිත කාල සටහනකට අනුව බව මෙයින් පැහැදිලිය. එය විස්තරාත්මකය. රළු නැත.
එහෙත් ලංකාවේ මීට වෙනස්ය. නිශ්චිත දින වකාවනු නැත. ජනාධිපතිගේ නිල කාලයත් පාර්ලිමේන්තුවේ නිල කාලයත් ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන්ය. ව්‍යවස්ථාවේ යම් යම් කාල සඳහන්ව තිබුණ ද එය නිශ්චිත කාල සටහනක් වන්නේ නැත. පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් නිශ්චිත කාලයට පෙර පැවැත්විය හැකි වීම එයට හේතුවය. මෙවන් පසුබිමක් හිතකර නැත. පාලකයාගේ අභිරුචියට අනුව, බලය හොබවන අයගේ කාල සටහනකට අනුව මැතිවරණ දින තීන්දු කිරිම ජනමතයට ඉඳුරාම වෙනස් වන්නකි.
ඒ නිසා ලංකාවේ මැතිවරණ ක්‍රමය සම්බන්ධව කළ යුතු වෙනස් කම් කිසිසේත් කල් දැමිය යුතු නැත. ඒවා කඩිනමින් කළ යුතුය. එසේ නොකර කල් දමන්නේ නම් එය ජනතා පරමාධිපත්‍ය්‍යට පයින් ගැසීමකි. මැතිවරණ ක්‍රම පිළිවෙළට සැකසීමේ වගකීමක් වත්මන් පාලනයට ඇති බව අමතක නොකළ යුතුය.
(***)
සටහන - චමින්ද මුණසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අස්ථාවර ආණ්ඩු හදන කොඩිවිනය
කමල් Thursday, 05 August 2021 10:31 PM
සාමූහිකව කටයුතු නොකර තම තමන්ගේ වාසි බලා කටයුතු කිරීම සමූහයේ අගතියට හේතුවක්.