IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ආයෝජන මණ්ඩලයත් කැබිනට්ටුව නොමඟ යැව්වාද

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් හත් දෙනකුට ලක්ෂ ගණනින් සුපිරි වැටුප් ගෙවන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) මගින් පසුගියදා හෙළිකරගෙන තිබිණි. මෙම බඳවා ගැනීම් සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ ඇස් වසමින් බවද මේ ආකාරයේ සුපිරි වැටුප්ලාභීන් 29 දෙනකුම බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන තිබූ බවද එහිදී සඳහන් විය.

රුපියල් ලක්ෂ 9කට ආසන්න මාසික වැටුප් ලබන නිලධාරීන් සිටින අපේ රට මේ වනවිට පරිප්පු ටිකත් පිටරටින් ගෙන්වා ගැනීමට නොහැකි තරමට ආර්ථිකය කඩාවැටී ඇතැයි කීම විශ්වාස කළ හැකිද? නැත. එහෙත් එය විශ්වාස කිරීමට සිදුව තිබේ. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම කමිටුවේදී ප්‍රකාශ කර තිබුණේ රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට වැටුප් ගෙවීම බරපතළ ගැටලු‍වක් බවය. මේ පිළිබඳව වහාම සොයාබැලිය යුතු බවය.

කෝප් කමිටුව මේ පිළිබඳව කරුණු විමර්ශනය කළ අවස්ථාවට ආයෝජන මණ්ඩල සභාපතිවරයාද සහභාගි වී සිටි බවද සඳහන් වෙයි. ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව මෙසේ කැබිනට් අනුමැතිය ලබාගෙන විශාල වැටුපකට 07 දෙනකු බඳවා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා ලබාදුන් පිළිතුර කුමක්දැයි අපි නොදනිමු. එහෙත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වශයෙන් බඳවාගත් හත් දෙනකුට මාසිකව රුපියල් ලක්ෂ 09ක වැටුපක්ද විධායක අධ්‍යක්ෂවරුන් සිවු දෙනකුට මාසිකව රුපියල් ලක්ෂ 08ක් බැගින් වන වැටුපක්ද  ගෙවා ඇති බව හෙළි වී තිබේ.

එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු බඳවාගෙන ඇත්තේ රුපියල් අට ලක්ෂ විසි දහසක වැටුපකට බවද ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියකට රුපියල් දස ලක්ෂයක මාසික වැටුපක් ගෙවා උපදේශක තනතුරකට බඳවාගෙන ඇති බවද වාර්තා වී තිබේ. මේ වියදම් කිරීම් සම්බන්ධ වගකීම භාරගත යුතු වන්නේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා මිස වෙනත් අයෙක් නොවේ. මේ නිසා ඔහු මේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් ලබාදෙන පිළිතුර ඉතා වැදගත් බව කිව යුතුය.

කන්න බොන්න හිඟ වී, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට නැග තිබියදී රටේ ජනතාව දැඩි ලෙස පීඩා විඳින තත්ත්වයක් තුළ ආයෝජන මණ්ඩලයේ කිහිප දෙනකුට තම රැකියා සියලු‍ සැප සම්පත් ලබාදෙන කප්රුකක් වී තිබෙන බව පැහැදිලිය. ආයෝජන මණ්ඩලය වැනි ආයතනයකට විශේෂඥ දැනුමැති පළපුරුදුකම් සහිත වෘත්තිකයන්ගේ සේවය අවශ්‍ය බවත් එවැනි පුද්ගලයන්ගේ සේවය ලබා ගැනීමට විශාල වැටුප් ගෙවිය යුතු බවත් අපි දනිමු. එහෙත් එවැනි විකල්පයකට යා යුතු වන්නේ ආයෝජන මණ්ඩලය තුළ එවැනි විශේෂඥ දැනුමැති පිරිසක් නොමැති නම් පමණි.

එහෙත් එවැනි බඳවා ගැනීමකදී වුවද මේ ආකාරයට මිලියන ගණන් වැටුප් ගෙවීම නම් ජාතික අපරාධයකි. එසේම හිටපු නිලධාරිනියක් උපදේශක මට්ටමින් යළි බඳවාගෙන මිලියනය බැගින් මාසික වැටුප් ගෙවීම ආයෝජන මණ්ඩලය තුළ දැන් සේවයේ යෙදී සිටින විශේෂඥ දැනුමැති පුද්ගලයන්ගේ වෘත්තීය ගරුත්වය හෑල්ලු‍ කිරීමකි. ආයතනයේ අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට පවා මෙවැනි පත්කිරීම් හේතු විය හැකි බවද කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දී තිබිණි.

මෙවැනි සුපිරි වැටුප් හිමිකරුවන්ට ආයෝජන මණ්ඩලය තුළ මැජික් පෙන්විය හැකිදැයි අපි නොදනිමු. අද මේ රට මුහුණදෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මෙය හඳුන්වා දිය යුත්තේ නාස්තිකාර ක්‍රියාවක් වශයෙනි. මෙවැනි නාස්තිකාර වැඩට ආධාර සහ අනුබල දුන් සියලු‍දෙනා මීට වගකිව යුත්තෝ වෙති. අඩුම තරමින් මේ සුපිරි වැටුප්ධාරීන් ආයෝජන මණ්ඩලය හරහා රට වෙනුවෙන් කර ඇති කාර්යභාරය හෝ රට හමුවේ තැබීමට එහි සභාපතිවරයාට හැකි නම් එය යම් තරමක කරුණු පැහැදිලි කිරීමක් වනු ඇත. අඩුම තරමින් ගෙවූ වැටුපට සරිලන ‘‘විශේෂඥ’’ සේවාවක් ඔවුන් අතින් ඉටුවීදැයි මැන බැලීමට එය අවස්ථාවක් කරගත හැකිය.

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල විශේෂඥ සේවය සඳහා සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව බඳවා ගැනීම් සිදුකිරීමේදී ස්ථිර ප්‍රතිපත්තියක් නොතිබීම අඩුපාඩුවක් බවද මෙහිදී පෙන්වා දිය යුතුය. එවැනි ප්‍රතිපත්තියක් තිබේ නම් ලොකු ලොක්කන්ට අවශ්‍ය පරිදි හිතුමතේ නාස්තිකාර බඳවා ගැනීම් සිදුකිරීමට තිබෙන ඉඩකඩ ඇහිරෙයි. එසේ නොවීම දැනුමින් පරිපූර්ණ විද්වතුන් වෙනුවට තමන්ගේ ගජමිතුරු හාල්පාරු කෑලිවලට ලක්ෂ ගණනින් වැටුප් ගෙවා බඳවා ගැනීම් සිදුකිරීමට දොරටු විවෘත කර දීමකි.

මොන අතකින් බැලු‍වත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව ලක්ෂ ගණන් වැටුප් ලබාදී උපදේශකවරුන් බඳවා ගැනීම කළ නොහැක්කකි. එහෙත් මෙහිදී පෙනීයන්නේ එම නොකළ හැකි වැඩේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේදී කොළේ වසා ගැහිල්ලක් සිදුවී ඇති බවය. මුලින් ඒ පිළිබඳව සොයාබැලිය යුතුය. දෙවැනුව කිසියම් හෝ අයථා ක්‍රියාවක් සිදුවී ඇත්නම් එයට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවිය යුතුය. මේ දෙකම සිදුනොවන්නේ නම් අනාගතයේදීත් මෙවැනි සුපිරි වැටුප්ධාරීන් බිහිවීම වැළැක්විය නොහැක.

(***)



අදහස් (0)

ආයෝජන මණ්ඩලයත් කැබිනට්ටුව නොමඟ යැව්වාද

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site