‘‘ලබ්බට තැබූ අත පුහුලටත් තැබුවා වාගේ’’ යැයි කියමනක් පැරැන්නන් අතර තිබේ. එයින් අදහස් කරන්නේ එක දෙයක් විනාශ කළ අයෙක් එයින් නොනැවතී තවත් බොහෝ දේ විනාශ කිරීමේ සූදානමක් ඇති බව හැඟවීමය. එකක් වැනසූ පසු මීළඟ එකත් වැනසිය හැකි බව පෙන්නා දීමටය. මෙවර කිවිදා දැක්ම මේ පැරණි ඉඟි වැකියෙන් පටන් ගත්තේ මෙරට සමාජයට මේ කියමන අදාළ වෙන බවක් පෙනෙන්නට තිබෙන නිසාය.
මෙරට ආර්ථිකය මේ වනවිට තිබෙන්නේ අතිශයින්ම බරපතළ කඩාවැටීමකය. සමහරුන් කියන්නේ කණ්ඩායමක් විසින් ආර්ථිකය ඝාතනය කළ බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියා තිබුණේ මෙරට ආර්ථික අපරාධයක් (Economic Crime) සිදුවී තිබෙන බවය. මේ ආර්ථික ව්‍යසනය මුළු රටේම ජන ජීවිතය කඩාවට්ටා ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ ආර්ථික අර්බුදයේ ප්‍රමාණය ගැන මීට පෙර කිවිදා දැක්ම කීපයකින්ම සාකච්ඡා කර ඇත. මෙවර කිවිදා දැක්මෙන් මා මතු කරන ප්‍රශ්නය වන්නේ ආර්ථිකය කඩාවැට්ටූ අයම මීළඟට රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරන්නට උත්සාහ දරන්නේද යන්නය. ආර්ථිකයට තැබූ අත ප්‍රජාතන්ත්‍රවාදයටත් තියන්නට සැරසෙනවාද යන්නය. මෙය ඉතාමත් වැදගත් හා අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් යැයි සිතෙන්නේ ආණ්ඩුවේ සමහරුන් කරන කියන දේ ඇසෙන විටය, දකින විටය.
ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදය
මෙරට ජන ජීවිතයට රටේ ආර්ථිකයේ ඇති බලපෑම දැන් හැමෝම හොඳින් දන්නා කාරණයක්ය. ආර්ථිකය වැටුණු විට හැමෝම කඩාවැටෙන බව ඉතාමත්ම පැහැදිලිය. රටේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලන අවකාශයද ආර්ථිකය වගේම ජන ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්ය. ආර්ථිකය කඩාවැටුණු විට මිනිසාට අවශ්‍ය භෞතික දේවල් ලබාගැනීමට නොහැකි වීම අනිවාර්යය. ආර්ථිකය කඩාවැටීමෙන් සිදුවන්නේ මිනිස් අවශ්‍යතා භෞතිකව සීමා වීමය. ප්‍රජාතන්ත්‍රවාදය කඩාවැටීමෙන් සිදුවන්නේ මූලික මිනිස් අවශ්‍යතාවක් වන නිදහස සීමා වීමය. ඒ කියන්නේ අප කැමති ආකාරයෙන් ජීවත්වීමේ මූලික නිදහස ජනතාවට ලැබීඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා බවය.
නිදහස් ආර්ථික ක්‍රමය (වෙළඳපොළ ක්‍රමය), නිදහස් ඡන්ද ක්‍රමය යන ක්‍රම දෙක මගින් ආරක්ෂා වන්නේ රටේ ආර්ථිකයත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් යන දෙකමය. දැන් පෙනෙන්නට පටන් ගෙන ඇත්තේ ආර්ථිකයේ කඩාවැට්ටීමට එහා යන ආකාරයෙන් මෙරට ඡන්ද නිදහස හකුලා දමන්නට සමහරුන් සැරසෙන බවය.
රටේ ජනමතය නිවැරදිව පාර්ලිමේන්තුව මගින් නියෝජනය වන්නේද යන කාරණය මේ වනවිටත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් මතු වී ඇති ගැටලුවක්ය. ව්‍යවස්ථාවේ තිබෙන ඉඩ පාවිච්චි කරමින් රටේ ජනමතයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළින් පෙන්නුම් කර ඇතැයි සමහරුන් කියන්නේ මේ නිසාය. 69 ලක්ෂයක් ඡන්දය ගත් කෙනා සහ 58 ලක්ෂයක් ගත් කෙනා ගෙදර සිටිද්දී පාර්ලිමේන්තුවෙන් ඡන්ද 134ගත් කෙනා රට පාලනය කරන තැනකට රට තල්ලු වී ඇත්තේ ව්‍යවස්ථාවේ තිබෙන මේ ඉඩ නිසාය.
මේ ව්‍යවස්ථාපිත තාක්ෂණික ඉඩ පාවිච්චි කිරීම මගින් ජනතා මතය නියෝජනය කරන්නේ යැයි කීම තරම් තවත් විහිලුවක් නැත. එහෙත් නීතියට අනුව එම තත්ත්වය නිවැරදි නිසා ඒ විහිලුව කියමින් සිටින්නට සමහර දේශපාලකයන්ට සිදුවී ඇති බව සැබෑවක්ය.
ආර්ථික අර්බුදයක් සමගින් රටේ ප්‍රජාන්ත්‍රවාදය අනතුරට ගිය පළමු සිදුවීම වූයේ මේ පාර්ලිමේන්තු ජනාධිපතිවරණ ක්‍රියාදාමයය. මේ තත්ත්වය එතනින් එහාට යමින් තිබෙන බව දැන් දැන් පෙනී යන කාරණයයි.
PTA මගින් මර්දනය
මේ තත්ත්වයේ මීළඟ දිගුව වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සාමාන්‍ය විරෝධතාකරුවන් මර්දනය පටන් ගැනීමය. 69 ලක්ෂයක ජනවරමක් තිබූ නායකයන්වත් මේ පනත පාවිච්චි කරමින් ජනතාව යටපත් කරන්නට නොගිය තත්ත්වයක PTA මගින් රට පාලනය කිරීම භාරගන්නේ කෙසේදැයි සිතා බැලපීම ඉතාමත් වැදගත්ය.
මේ තත්ත්වය ජාත්‍යන්තර වශයෙන්ද රටේ කීර්තිය යටපත් කරන්නට හේතු වී ඇති බව පැහැදිලිය. මානව හිමිකම් කොමිසමේ වාර්තාවෙන් මතුකර තිබූ කාරණයක් වූයේ සිවිල් අවකාශය යටපත් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති යොදා ගැනීමේ ගැටලුකාරීත්වයයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් රාජ්‍ය පාලනය කිරීම මේ කාලයේ සම්මත දේශපාලන භාවිතයක් නොවන බව රජයේ සමහරුන්ට තවමත් නොතේරීම කනගාටුවට කාරණයක්ය.
මානව හිමිකම් කොමිසම
ජිනීවා මානව හිමිකම් කොමිසමේ 52 වැනි සැසිවාරය මේ වනවිට ජිනීවා නගරයේ පැවැත්වෙමින් තිබේ. එහි ආරම්භක දිනයේදී මහ කොමසාරිස්වරියගේ වාර්තාව මගින් මතුකර තිබූ එක් කාරණයක් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර දේශපාලනයේ සිදුවෙමින් පවතින තත්ත්වයයි. විශේෂයෙන් මේ දිනවල සාකච්ඡාවෙමින් පවතින, ඉදිරියේදී සම්මත වේ යැයි සිතෙන 46/1 10(2022) යෝජනාව මගින් මේ තත්ත්වය සෘජු ලෙසින් ආමන්ත්‍රණය කර තිබුණි.
මානව හිමිකම් කොමිසමට ඉන්දීය නියෝජිතයා ඉදිරිපත් කළ කරුණු අතර ප්‍රමුඛ දෙයක් වූයේ මෙරට පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබඳ කාරණයයි. මේ වන විට පළාත් සභා මැතිවරණය වසර 03ක් තිස්සේ කල් දමමින් පවතින බව කවුරුත් දන්නා කරුණකි. මේ කල් දැමීමට හේතුව වූයේ එවකට බලයේ සිටි යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ 02 කට ඡන්දයකට මුහුණ දෙන්නට හැකියාවක් නොතිබූ නිසාය. ඒ සඳහා තාක්ෂණික කාරණයක් ලෙසින් මැතිවරණ පනත වෙනස් කිරීම තෝරාගන්නේ ආණ්ඩුව විසින්ය. මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉන්දියාව ලබාදුන් ඉදිරිපත් කිරීමේදී මේ කාරණය සෘජු ලෙසින්ම ප්‍රශ්න කර තිබුණි.
මෙහිදී මතු කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයත් මීට පෙර පළාත් සභාවට සිදුකළාක් මෙන් කඩාකප්පල් කිරීමට සමහරුන් උත්සාහ කරන බව පෙනෙන්නට තිබීමය. පනත වෙනස් කර ඡන්දය කල් දැමීමට දරන උත්සාහය පරාජයට පත් කිරීම අත්‍යවශ්‍ය බව මාගේ අදහසය.
පාර්ලිමේන්තුව එක අතකට
ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සිදුවී ඇති තවත් බරපතළ ගැටලුවක් වන්නේ රටේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව තනි අතකට හෝ අත් කීපයකට යටත් වී තිබීමය. මෙය ඉතාමත් බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙන අර්බුදයක් බව මාගේ මතයය. විධායක ජනාධිපතිධුරය එක පුද්ගලයකු අත පැවතීම නිසා රටේ ඇති වූ ප්‍රශ්න එමටය. ඒ නිසාම විධායක ජනාධිපතිධුරය වෙනස් විය යුතු යැයි යන මතය රට තුළ ස්ථාපිත වී ඇත. එවැනි තත්ත්වයක පාර්ලිමේන්තුවේ බහුතරය හෙවත් වැඩි මන්ත්‍රී සංඛ්‍යාව එක පුද්ගලයකුගේ තීරණයක් මත පවතින දෙයක් වීම භයානක තත්ත්වයක්ය.
විධායක ජනාධිපතිධුරය එක අතකටත්, ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවේ බහුතර බලය තවත් එක් අතකටත් යට වූ විටෙක රට ගමන් කරන්නේ කොහාටදැයි කවුරුවත් දන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ව්‍යවස්ථාදායකයේ හඬ නිහඬ වීම ඉතාමත් බරපතළ තත්ත්වයක් බව නොකියාම බැරිය.
පාර්ලිමේන්තුවේ මේ දිනවල සිදුවෙමින් පවතින සමහර දේවල්වලින් පෙන්නුම් කරන්නේ එම ආයතනයේ පැවතිය යුතු ගෞරවය හා ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නොපෙනෙන අතකට යටත් වී ඇති බවය. සමහර මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඇති අයිතිය පවා මේ ‘‘බරපතළ නොපෙනෙ සුළු අත’’ විසින් කපාහැර දමනු ලැබ ඇති බව පෙනෙන්නට තිබෙන කරුණය. මේ තත්ත්වය කිසිදු ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවේ.
රනිල් - දිනේෂ්
මේ වනවිට රනිල් රටේ ජනාධිපති වී ඇති අතර දිනේෂ් රටේ අගමැති බවට පත්වී ඇත. මේ දෙදෙනාම පොහොට්ටු පක්ෂයේ අය නොවේ. ඒ දෙදෙනාටම ඔවුන්ගේ දේශපාලන පක්ෂ තිබේ. එහෙත් මේ සිදුවෙමින් පවතින්නේ ඔවුන් දෙදෙනාගේ තනතුරු තබා ගනිමින් හා ඔවුන්ගේ දේශපාලන චරිතවලට මුවාවෙමින් සිදුකෙරෙන බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යාපෘතියකට පාර කැපීම බව මාගේ අදහසයි.
රනිල් හා දිනේෂ් යන දෙපලම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හිතැති අය බව ඒ අයගේ පසුගිය කාලයේ කතාවලින් පෙනීයන කරුණක්ය. එහෙත් ඔවුන් මේ දක්වා සිදුකළ කවර උත්සාහයක හෝ එවැනි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමත් ගැබ් වී තිබුණා නම් ඒ සියල්ලම කණපිට හැරවෙන පරිද්දෙන් පාර්ලිමේන්තුවේ ‘‘බහුතර නටවන අත’’ හරහා ප්‍රජාතන්ත්‍ර විරෝධයක් සමාජගත වන බව ඉතාමත් පැහැදිලිය.
මේ තත්ත්වයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගලවා ගැනීම හැමෝගේම වගකීමය.ආර්ථිකය බිමට දැමූ අයවලුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයත් බිම දැමීමට දරන උත්සාහය පරාජය කළ යුතු බව මාගේ මෙවර කිවිදා දැක්මය.
මහාචාර්ය චරිත හේරත්
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථීකයට තැබූ අත ප්‍රජාතන්ත්‍රයටත්?
Gamunu Saturday, 24 September 2022 08:29 AM
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ප්‍රජතන්ට්‍රවාදයක් නොමැත. පාර්ලිමේන්තුව තුල අවස්ථවන් ගනවකදී පුජ්‍ය පක්ෂයට පහරදී තිබේ. පාසල් දරුවන්, විදේශ තානාපති දුත පිරිස් පාර්ලිමේන්තුවේ සිටිනා අවස්තන්හිදී පක්ෂ විපක්ෂ මත්රිවරුන් පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරු කරගත් අවස්ථවන් කොපමණ තිබේද. රටේ ප්‍රජතන්ත්‍රවාදය පිලිබදව පැහැදිලි කිරීමට පෙර රට කරවන පාර්ලිමේන්තුවේ ප්‍රජතන්ත්‍රවාදයක් තිබේද ? පාර්ලිමේන්තු කතානායක වරයාගේ අසුනට හානි කිරීමේ, මිරිස් කුඩු ප්‍රහාරයන් සිට සෙන්කොලය පැහැරගැනීම දක්වා අවස්ථවන් ගණනාවකදී සිදුවිය. ආසියාවේ පළමු ප්‍රජතන්ත්‍රවාදී රට ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල සිදුවන ප්‍රජතන්ත්‍රවාදී නොවන සිදුවීම් ගණනාවක් රටේ පුරවැසින්ට පමණක් නොව විදෙස් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය ලබදිනි. රටේ ආර්ථිකය මේවනවිට මුළුමනින්ම කඩාවැටී තිබේ. පාර්ලිමේන්තුව තුල ප්‍රජතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමපිලිබදව ගැටළු මතුව තිබේ. එනම් ඔවුනට යලිත් චන්ද ඉල්ලා ගමට යාමට නොහැකි තත්වයක් ඔවුන් විසින්ම උදාකරගෙන තිබේ. පසුගිය කාලයේ රටේ පුරවැසියන් ගෑස්, ඉන්දන, අහාර පාන වෙනුවෙන් දින ගණන් පෝලිම්වල සිටියේය.
gamunu Saturday, 24 September 2022 08:30 AM
රටේ පුරවැසියන් හට අවශ්‍ය බෙහෙත් වර්ග ගණනාවක් රට තුල නොමැති අවස්ථවක කොටි ගණනක් මුදල් මැතිවරණ සදහා වියදම් කරනාවූ දේශපාලකයන්ගේ විදුලි සහ ජලබිල්පත් පවා මේවනවිට රටේ පුරවැසියන් හට ගෙවීමට සිදුව තිබේ. මෙවැනි වාතාවරණයක් තුල රටේ පුරවැසියන් මන්ට්‍රිවරුන් 225ම ප්‍රතික්ශේප කිරීමේ වරදක් නොමැත. මේවනවිටත් එය සිදුවී හමාරය. වර්තමාන පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය සහ දේශපාලකයන්ගේ ක්‍රියාදාමයන් නිසා IMF, WORLD BANAK සහ වෙනත් රටවල් ලංකාව සමග තිබු විස්වාසනියත්වය කඩවීම් නිසා නැවත සහන ලබාදීමට අවශ්‍ය උවත් සහනදීම පිලිබදව ප්‍රස්නකර සිටි. මෙවැනි අවස්ථවක විදේශීය දුත පිරිස් පවා ලංකාවට සහයෝගය ලබාදීමට හෝ සහන ලබාදීම් කඩිනම් නොකරමින් සිටිනුයේ රටේ කැපිපෙනෙන දේශපාලන වෙනසක් සිදුව විස්වාසනියත්වයක් සහ පැහැදිලි විනිවිද බවක් පිලිබදව ඔවුනට ප්‍රත්‍යක්ෂ වන තුරු වන්නට ඇත. ඉදිරි මැතිවරණයේදී රටේ පුරවැසියන් බුද්දිමත් තීරණයක් ගෙන වර්තමාන දේශපාලන ක්‍රමය වෙනස් කරනා තුරු විදෙස් සහයෝගය සහ ආයෝජන ශ්‍රී ලංකාවට නොලැබෙනු ඇත.