IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ආසියාවේ උද්ධමන වාර්තාව

සමාගමකින් ලැබුණු “පින්තාරු වැඩක්” සඳහා රුවන් සිය මිල ගණන් ඉදිරිපත් කරන ලද්දේ මීට දින කිහිපයකට කලිනි. සවස් යාමයේ එහි ගිය විට, රුවන්ගේ මිල ගණන්වලට අනුමැතිය ලැබී තිබිණි. සමාගමට අයත් ගොඩනැගිල්ලක් පින්තාරු කිරීම (තීන්ත ගෑම) සඳහා අවස්ථාව ලැබීම ගැන රුවන් සතුටෙන් පසුවිය. 

පින්තාරු කිරීම්, අලු‍ත්වැඩියා, ටයිල් වැඩ, වඩු වැඩ සහ විදුලි උපකරණ අලු‍ත්වැඩියා කිරීම යනාදි විවිධ තාක්ෂණික ක්ෂේත්‍රවල සේවා සපයන්නන් මෙන්, රුවන් යනු ද ස්වං-රැකියාවක් හිමි “සේවා සපයන්නෙකි”. රුවන්ගේ ආදායම අක්‍රමවත්, අවිධිමත් වුවත් මෙතෙක් කලක් ඔහුට ඒ ගැන ගැටලු‍වක් නොතිබිණි. ක්‍රමවත්, විධිමත් රැකියාවක නියුතු අයකුගේ ආදායමට වඩා රුවන්ගේ සාමාන්‍ය ආදායම හොඳ වූ බැවින් ඔහුට එලෙස ගැටලු‍වක් නොතිබිණි. 

රටේ ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙමින් තිබෙන මේ මොහොතේ, එය හාත්පසින්ම වෙනස් කතාවක් බවට පත්ව තිබේ. කොළඹ, අවටින් වැඩක් සොයාගැනීම පහසු නොවේ. රුවන්ගේ සාමාන්‍ය ආදායම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. වැඩ සහ ආදායම් නොමැති වීම නිසා මූලික අවශ්‍යතා සහ වුවමනාවල හිඟයක් නිර්මාණය වී තිබේ. ග්‍රාමීය ජනයාගේ ජනජීවිතයට සාමාන්‍ය නාගරික ජනයාගේ ගෘහස්ථ ජීවිතය අවුල් ජාලයක් බවට පත්ව තිබේ. 

එළවළු මිල ගණන් වේගයෙන් ඉහළ යෑම 

රුවන් සති කිහිපයකට හෝ වැඩක් සොයාගත්තේ මේ පසුබිමේ ය. කිසිදු ප්‍රමාදයකින් තොරව සිය රැකියාව ආරම්භ කිරීමේ අරමුණින් ඊළඟ දිනයේ උදෑසන රුවන් තීන්ත මිලදී ගැනීමට ගියේ ය. ලීටර හතරේ තීන්ත බාල්දියක මිල රුපියල් 1,500කින් ඉහළ ගොස් ඇතැයි දැනගැනීමෙන් රුවන් පුදුමයට පත්විය. 

“මොකක් ?” රුවන් කෝපයෙන් විමසීය. “මම ඊයේ තමයි ගණන් අහලා කොම්පැනියට කිව්වේ. අද උදේ වෙද්දි කොහොමද ගණන් වැඩි වෙන්නේ” රුවන් තවදුරටත් විමසීය. “ඔව්, ඇත්ත. ඒත් ආණ්ඩුව ඊයේ රෑ ගණන් වැඩි කරලා” කඩසාප්පු හිමියා කෙටි පිළිතුරක් දුන්නේ ය. 

රුවන්ට සිය කේන්තිය වළක්වාගත නොහැකි විය. “එතකොට ඔයාට මේ තීන්ත තොගය ආවේ ගණන් වැඩි කළාට පස්සේ ද ?” රුවන් කේන්තියෙන් විමසීය. රුවන්ට ඊට පිළිතුරක් නොලැබුණු අතර එය පිළිතුරු නොදී සිටීමට වගා බලා ගත යුතු ප්‍රශ්නයකි. 

එක පිට එක ප්‍රහාර 

මෙවැනි ආර්ථික අර්බුදයකදී හිටිහැටියේ ගන්නා ආර්ථික ප්‍රතිපත්ති නිසාවෙන් වෙළෙඳපොළ අවිනිශ්චිතතා ඇති වේ. එමඟින් ඉක්මනින් මුදල් හොයාගැනීමට අවස්ථාවක් සැලසේ. විදේශ විනිමය අර්බුදයට සහ ණය අර්බුදයට අමතරව ශ්‍රී ලංකාව උද්ධමනයකට මුහුණ දී තිබේ. ඇත්ත වශයෙන්ම නිවැරැදිව සඳහන් කරන්නේ නම් එය ඇණහිටුණු උද්ධමනයකි. (stagflation - ඉල්ලු‍මේ අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනය/ රැකියා අවස්ථාවල අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනය). 

stagflation (ඇණහිටීම - ස්ටැග්ෆ්ලේෂන්) ඉංග්‍රීසි භාෂාවේ stagnation (ඇණහිටීම නිශ්චලන/නිශ්චල) සහ inflation (උද්ධමනය) යන වචන දෙකේ එකතුවෙන් නිර්මාණය වූවකි. පළමු වචනය වන stagnation  යන්නේ තේරුම ආර්ථිකය කිසිදු චලනයකින් තොරව (ඉදිරියට ගමන් කිරීමකින් තොරව) එකතැන නැවතී තිබෙනවා යන්න යි. ආර්ථික ක්‍රියාකාරකම් මැඩ පැවැත්වුණු ආර්ථිකයක ජනතාවට ඔවුන්ගේ රැකියා සහ ආදායම් අහිමි වේ. එය අද රුවන් ඇතුළු බොහෝදෙනකු මුහුණ දී සිටින තත්ත්වයකි. පුළුල් ලෙස විශ්ලේෂණය කරන්නේ නම් ආර්ථික වර්ධනය මන්දගාමී වී විරැකියාව සහ දරිද්‍රතාව ඉහළ යන ආකාරයක් දැකිය හැකි ය. 

දෙවැනි වචනය inflation වන අතර එහි සිංහල අරුත උද්ධමනය යන්න යි. එනම් සාමාන්‍ය මිල ගණන්වල අඛණ්ඩ වැඩි වීම යි. වසර 2021 ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උද්ධමන අනුපාත ය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කගත කලාපයේ ඉහළම සීමාව ද ඉක්මවා ගොස් තිබේ.

එම සීමාව, සියයට 6 කි. ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය සියයට 7.6ක් දක්වා වැඩි වූ අතර නොවැම්බර් මාසයේ දී සියයට 9.9ක් දක්වාත් දෙසැම්බර් මාසයේ දී සියයට 12.1 ක් දක්වාත්, මේ වසරේ ජනවාරි මාසයේ දී සියයට 14.2ක් දක්වාත් ඉහළ ගියේ ය. පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 15.1 කි. ආහාර අංශයේ මිල වැඩි වීම ඉතා ඉහළ ය. ඉකුත් 2021 වසරේ මැද භාගයේ දී ආහාරවල උද්ධමන අනුපාතය ඉලක්කම් දෙකක අගයක් ගත්තේ ය. දෙසැම්බර් මාසයේ දී එය සියයට 20 ඉක්ම වූ අතර පෙබරවාරි මාසයේ දී සියයට 25 ඉක්මවා ගියේ ය. 

මෙම නිශ්චලන උද්ධමනය (ඇණහිටුණු උද්ධමනය)  සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වවලට එක පිට එක පිට පහර එල්ල වීමකි. නිශ්චලන උද්ධමනය නිසා ඔවුන්ට ආදායම් සහ රැකියා අවස්ථා අහිමි වෙන අතර උද්ධමනය නිසා මිල ගණන් ඉහළ යෑමට මුහුණ දීමට සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද වනවිට මෙම නිශ්චලන උද්ධමනය (ඇණහිටුණු උද්ධමනය)  මුහුණ දී ඇත්තේ ඇයි ? ඊට හේතු වී ඇති කරුණු දෙස පරෙස්සමෙන් බැලීමේදී අපේ අභ්‍යන්තර කරුණු සමඟ ගෝලීය කරුණු එකට එකතු වී ඇති බව පෙනී යයි. ඒ අනුව මෙම අර්බුදයට මූලික හේතුව වී ඇත්තේ අභ්‍යන්තර සහ බාහිර ප්‍රශ්නවල සම්මිශ්‍රණය යි. 

මිනිසා විසින් නිර්මාණය කරන ලද සාධක  

අභ්‍යන්තර ප්‍රශ්න අතරින් ආර්ථිකය මත දිගින් දිගටම බලපෑම් එල්ල කළ ප්‍රධාන ම කරුණක් වන්නේ දැවැන්ත මුදල් අච්චු ගැසීම යි. එමඟින් ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමටත් 2020 වසරේ දී කොවිඩ් වසංගතයෙන් සිදු වූ ආර්ථික කඩා වැටීම පියවා ගැනීමටත් අරමුණු කර ගෙන තිබිණි. එමෙන්ම වත්මන් ආණ්ඩුව 2019 වසරේ දී බදු කපා හැරීමට දේශපාලන තීරණයක් ගත් අතර එහි මුදල් පියවා ගැනීම ද මෙම අච්චු ගැසීමේ එක් අරමුණක් විය. 

“කාල පමාවකින් පසු මිල ගණන් ප්‍රතිචාර දැක්වීම පටන් ගැනීම” ඉතා ප්‍රසිද්ධ, පිළිගන්නා ආර්ථික සංසිද්ධියකි. විශේෂයෙන්ම මුදල් අච්චු ගැසීම වැනි ප්‍රතිපත්තියකින් එවැනි බලපෑමක් සිදුවන අතර එය අපට අත්දැකීමට ලැබුණේ 2021 වසරේ අගභාගයේ සිට ය. එපමණක් නොව මුදල් අච්චු ගැසීම හේතුවෙන් විදේශ විනිමය අනුපාතයට ද බලපෑම් එල්ල කරන ලදි. මුදල් සහ විදේශ මූල්‍ය තත්ත්වය අතර සම්බන්ධයක් තිබීම ඊට හේතුව යි. මේ නිසා දැඩි ආනයන සීමා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටත් විදේශ විනිමය සීමා කිරීමටත් සිදු විය. මේ හේතුවෙන් ආර්ථික කටයුතුවලට විවිධ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය. 

ආනයන සීමා සහ විදේශ විනිමය සීමා හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ සැපයුම් හිඟයක් නිර්මාණය වූ අතර එමඟින් පරිභෝජනයටත් නිෂ්පාදනයටත් බාධා එල්ල විය. යෙදවුම්වල හිඟය හේතුවෙන් අපනයන මෙන්ම දේශීය නිෂ්පාදනයට  බලපෑම් එල්ල වූ අතර වසංගතය නිසා පමණක් නොව යෙදවුම් හිඟය නිසා ප්‍රවාහන ක්‍රියාවලියට ද බලපෑම් එල්ල විය. 

නිෂ්පාදන ක්ෂේත්‍රයට එල්ල වූ අනෙක් පහර නම් පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය යි. එමඟින් දේශීය නිෂ්පාදනය මෙන්ම වැවිලි කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනය සහ ඵලදායීතාව යන දෙකම අඩු විය. මේ සියල්ල අවසානයේ දී විනිමය අනුපාතිකය අවප්‍රමාණය වූ අතර මේ හේතුවෙන් ආනයනවල දේශීය මිල ගණන් ඉහළ ගියේ ය. එයින් සිදුවූයේ අඩුවීමක් නොව තවත් ප්‍රශ්නයක් නිර්මාණය කිරීම ය. 

ගෝලීය සාධක 

ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ම ලෝක උද්ධමනය ද වැඩි වීමට පටන් ගත්තේ ය. ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය පමණක් නොව ජපානය ආදී ලොව ප්‍රධාන පෙළේ ආර්ථික සියල්ලම මිල ගණන් ඉහළ යෑමකට මුහුණ දුන්නේ ය. මේ වසරේ පෙබරවාරි මාසය වනවට, මාස 12ක කාලයක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයේ උද්ධමනය අනුපාතය සියයට 2.6 සිට සියයට 7.9ක් දක්වා වැඩි වී තිබිණි. යුරෝපා කලාපයේ උද්ධමනය සියයට 1.3 සිට සියයට 5.9 දක්වා වැඩි විය. 

විශේෂයෙන්ම තෙල් මිල ගණන්, ආහාර මිල ගණන් සහ කාර්මික අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන ලදි. මේ හේතුවෙන් පරිභෝජනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම යන සියල්ලටම බලපෑම් එල්ල විය. එමඟින් ඉහළ ආර්ථික හිමි රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් තිබෙන රටවලට ද බලපෑම් එල්ල විය. ආනයන සීමා සහ විදේශ විනිමය සීමා පනවා තිබුණ ද ශ්‍රී ලංකාවට සිය ආනයන වියදම අඩු කරගැනීමට නොහැකි විය. ගෝලීය උද්ධමනයේ උණුසුම දේශීය ආර්ථිකයට ද දැනෙන්නට විය. 

රුසියානු - යුක්රේන අර්බුදය හේතුවෙන් මෙම අර්බුද උග්‍ර අතට හැරී තිබේ. මෙම අර්බුදය නිසා ගෝලීය නිෂ්පාදනයටත් ගෝලීය උද්ධමනයට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත. ඉකුත් 2021 වසරේ මැද භාගයේ දී ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන් ගත් නමුත් අද වනවිට නිෂ්පාදනයට, වෙළෙඳාමට සහ මූල්‍ය ගලා ඒම්වලට බාධා එල්ල වීමත් සමඟ එම වර්ධනය සීමා වී තිබේ. ඊට අමතරව බටහිර රටවල් පනවා තිබෙන සම්බාධක හේතුවෙන් එය තවත් තීව්‍ර වී තිබේ. 

රුසියාව සහ යුක්රේනය යනු ලෝක වෙළෙඳපොළට තෙල්, ගෑස්, ගල් අඟු‍රු, තිරිඟු‍ පිට සහ අනෙකුත් ධාන්‍ය වර්ග සපයන ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනෙකි. මෙම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර එම නිසා නිමැවූ නිෂ්පාදනවලට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ආහාර මිල ගණන් ඉහළ යමින් තිබේ. යුද්ධය පමණක් නොව බලශක්ති මිල ගණන් ඉහළ යෑම ඊට හේතු වී තිබේ. 

ක්‍රියාමාර්ග 

ඇත්ත වශයෙන් ම සඳහන් කරන්නේ නම්, ආසියාවේ ඉහළම උද්ධමනය ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. ගෝලීය සාධකවලට වඩා අභ්‍යන්තර සාධක ඊට සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇතැයි එමඟින් අනාවරණය කෙරේ. බහුවිධ ආර්ථික කරුණු කාරණවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව උද්ධමනකාරී ප්‍රවණතාවලට මුහුණ දීමේ දී වෙනදාට වැඩි අවදානමක් බවක් පෙන්නුම් කරයි. 

ප්‍රශ්නයේ ප්‍රධාන කාරණය වන්නේ දැඩි උද්ධමනකාරී නැඹුරුතාවල ග්‍රහණයෙන් මිදෙන්නේ කෙසේ ද පමණක් නොව ආර්ථික ඇණහිටීමෙන්, සැපයුම් හිඟවලින්, ණය අර්බුදයෙන් සහ විදේශ විනිමය අර්බුදයෙන් ගැලවෙන්නේ කෙසේ ද යන්න යි. ඇසිය යුතු වඩාත් වැදගත් ම ප්‍රශ්නය වන්නේ ඉකුත් වසර දෙකක කාලයේ දී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ විශේෂිත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මොනවා ද යන්න යි. 

උග්‍ර අතට හැරෙමින් තිබෙන මෙම ආර්ථික අර්බුදයට පිළිතුරු දීම පමාවෙත්ම රටට මෙම අර්බුදයෙන් “මිදීම සඳහා” දැඩි පිළිවෙත්, ක්‍රියාමාර්ග අවශ්‍ය වන කාලයකට පැමිණෙමින් සිටි  යි. රාජ්‍ය වියදම් අඩු කිරීම, බදු වැඩි කිරීම සහ මුදල් වර්ධනය සීමා කිරීම වැනි කර්කශ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට පැමිණීමට සිදුවනු ඇත. ආර්ථිකමය දෘෂ්ටිකෝණයකින් බලන විට මෙම දැඩි ක්‍රියාමාර්ග ඉතා වේදනාකාරී වේ. දේශපාලන දෘෂ්ටිකෝණයකින් බැලු‍ව ද එය එසේ වේ. 

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ  පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා 

මහාචාර්ය සිරිමල් අබේරත්න විසිනි 



අදහස් (0)

ආසියාවේ උද්ධමන වාර්තාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site