ආර්ථික හා දේශපාලන අර්බුදයෙහි කරවටක් ගිලි සිටින අප ජීවිත ගලවා ගනු පිණිස එල්ලෙන්ට පිදුරු ගසක් සොයමින් සිටින අසීරූ කාල සීමාවක් පසුකරමින් සිටී. ආර්ථික අර්බුදය පසුපසින් පැමිණි සමාජ සහ දේශපාලන අර්බුද හමුවේ වාර්ෂික පුරෝකථන කෙසේ වෙතත් හෙට දිනය ගත කරන්නට සිදු වන්නේ කෙසේද? යන අවිනිශ්චිත ස්වභාවයට ඇති නැති සියලු සමාජ ස්ථර මුහුණ දී සිටී.
සරලව පැහැදිලි කළහොත් ආර්ථිකයේ දැතිරෝ ද නොනවත්වා ධාවනය විය යුතු අතර විදේශ විනිමය උපරිම අයුරින් ඉපැයීමට රට තුළ ඇති සම්පත් ඵලදායීව කළමනාකරණය කර ගත යුතුව ඇත. පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ විදේශ විනිමය ඉපැයුම් ක්ෂේත්‍රයේ වඩාත් සක්‍රීයම දායකත්වය ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ලබා දෙනවා යන්න පැවසීම අසත්‍යක් නොවේ. විකල්ප බලශක්ති ප්‍රභව භාවිත කරමින්, ආනයන සීමා, සේවක ගැටලු ආදී දහසක් බාධක මධ්‍යයේ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය වඩාත් ජාතිමාමක කාර්යභාරයක් ඉටු කරමින් සිටී.
ඇඟලුම් ක්ෂේත්‍රයේ ආර්ථික දායකත්වය
වර්තමානය වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් ඇඟලුම් ක්ෂේත්‍රයෙන් හිමිවන අතර සමස්ත අපනයන වටිනාකමෙන් සියයට 40ක් නියෝජනය කරන්නේත් ඇඟලුම් ක්ෂේත්‍රයයි. 2018 වසරෙන් අනතුරුව අප මුහුණ දුන් පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය සහ දැනට මුහුණ දෙමින් සිටින ආර්ථික සමාජ අර්බුදය හමුවේ වූවද මෙරට ඇඟලුම් කර්මාන්තය සිය දායකත්වය මෙරට ආර්ථිකය වෙනුවෙන් නොමසුරුව ලබා දී ඇත.
කෝවිඩ් හමුවේ රට කිහිපවරක්ම වසා දැමූ තත්ත්වයක දී පවා 2021 වසරේ දී පෙර වසරට සාපේක්ෂව සියයට 22 අපනයන වර්ධනයක් සමගින් ඇමරිකානු ඩොලර් බිලියන 5.42ක අපනයන ආදායමක් හිමිකර ගැනීමට ඇඟලුම් ක්ෂේත්‍රය සමත් වීම එම කර්මාන්තයෙහි විශේෂ ප්‍රාගුණ්‍ය, ඵලදායීතාව යන සාධක මනාව පෙන් වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.
එමෙන්ම පසුගිය වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලාංකාව මුහුණ දෙමින් සිටින තත්ත්වය හමුවේ වූවද 2022 වසරේ මැයි මාසය වන විට පෙර වසරට සාපේක්ෂව සියයට 30ක වර්ධනයක් ද සහිතව ඩොලර් මිලියන 440ක් ඉපැයීමට ඇඟලුම් ක්ෂේත්‍රයට හැකිව තිබුණි. මෙම තත්ත්වය නිසැක වශයෙන්ම ඉදිරි මාස 6ක කාලය තුළ පවත්වාගෙන යමින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක අපනයන ආදායමක් ඉපැයීමට සමත් වෙතැයි පුරෝකථනය කළ හැක. මෙරට ශ්‍රම බලකායෙන් ලක්ෂ 3.5ක් ඇඟලුම් කර්මාන්තය හා එක්ව සිටින අතර වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව සේවකයන්ගේ රැකියා සුරක්ෂිත බව තහවුරු කිරීමට ඇඟලුම් ක්ෂේත්‍රයට හැකිව තිබෙන්නේ එම ක්ෂේත්‍රය මෙරට ප්‍රමුඛතම විදේශ විනිමය ඉපැයීම් මාර්ගය වන බැවිනි.
රටක් ලෙස මේ අවස්ථාව අප සියලු දෙනාටම අසීරු බවට සැකයක් නැත. එහෙත් මින් ගැලවීමේ මාර්ගය ද ඇත්තේ අප සතුවයි. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සඳහා ඩොලර් මූලික ප්‍රශ්නය නම් ඩොලර් යළි ඉපැයීම අපට ඇති එකම විසඳුමයි. ඒ සඳහා විශාල දායකත්වයක් ඇඟලුම් ක්ෂේත්‍රය දැනටමත් ලබා දෙමින් සිටින අතර රජය පාර්ශවයෙන් ලබා දිය හැකි යටිතල පහසුකම් සම්පාදය ප්‍රමුඛතාවක් ලෙස සලකා මෙම ක්ෂේත්‍රයට ලබා දිය යුතුව ඇත.
අපනයන ආදායම් පිළිබඳ මිථ්‍යාව බිඳීම
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවකදී සහ පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේ දී සිදු කළැයි සඳහන් කරමින් ඇතැම් සේවක වෘත්තීය සමිති සහ පුද්ගලයන් එම ප්‍රකාශ මුළුමනින්ම විකෘති කරමින් ව්‍යාජ අර්ථ සහිතව සමාජ ගත කරන්නට කැස කැවීය.
විශේෂයෙන්ම අපනයනකරුවන් විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ලබන විදේශ විනිමයෙන් සියයට 14ක් පමණක් බවයි. මෙය මුළුමනින්ම අසත්‍ය සහ සමාජය නොමග යවන සුළු චෝදනාවක් විය. එහෙත් සැබවින්ම මහ බැංකු අධිපතිවරයා පැවසුවේ කුමක් ද? අදාළ සාකච්ඡාවේ දී මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ අපනයන ආදායම රුපියල්වලට පරිවර්තනය නොකිරීම විනා අපනයන ආදායම් මෙරටට පැමිණෙන්නේ නැති බව නොවේ. මේ කරුණු දෙක පැහැදිලිවම එකිනෙකට වෙනස් කරුණු ද්විත්වයක් වන අතර විදේශ විනිමය ප්‍රේෂණ සහ අපනයන ආදායමෙන් ලබන විදේශ විනිමය පැහැදිලිවම දෙආකාරයකට රට තුළට ලැබෙන විදේශ විනිමය සමුච්චයයි.
තවද මෙම සාකච්ඡාවේ දී අදහස් දැක් වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ විනිමය ආඥා පනත යටතේ 94 සිට 2016 වන අපනයනකරුවන් තමන් උපනයන විදේශ විනිමයෙන් යම් ප්‍රතිශතයක් විදේශවල රඳවා ගැනීමට අවසර හිමි වූ අතර 2021 පසු රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ එලෙස රඳවා ගත් මුදල් නිසි ලෙස ගණනය කර යළි රටට ගෙන ඒම සඳහා විනිමය පනත සඳහා නව රෙගුලාසි හඳුන්වා දුන් බවයි.
පැවති නීතිය යටතේ විදේශ විනිමය වෙනත් රටක රඳවා තබා ගැනීම කිසිදු අනීතික ක්‍රියාවක් වූයේ නැත. එහෙත් ගෝලීය ඒකාග්‍රතා වාර්තාවෙහි (Gobal integral report) සඳහන් වන ලදු පත් අගයන් වංචනිකව වෙනස් කිරීම සහ විනිමය ආඥා පනත යටතේ අපනයනකරුවන් විසින් විදේශවල විදේශ විනිමය රඳවා ගැනීම යන කරුණු දෙක අතර කිසිදු සමානකමක් නොමැති අතර ලදුපත් අගය වංචනිකව වෙනස් කිරීම (Under invoicing) පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම මුලුමනින්ම රේගු අධිකාරිය යටතට ගැනෙන අතර ගෝලීය වාර්තාව විසින් සඳහන් කර ඇති 1994 සිට 2014 දක්වා විදේශවල අනීතිකව රඳවා ඇති ඩොලර් බිලියන 32ක මුදල පිළිබඳව පැහැදිලි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් මෙයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන වාර්තා සහ වටිනාකම් රාජ්‍ය ආයතන වන රේගුව, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහබැංකුව සතුවන අතර මෙම රාජ්‍ය ආයතන තුන මගහරිමින් අපනයන වටිනාකම් සැඟවීමට හෝ අඩු වටිනාකමකින් යළි ඉන්වොයිස්ගත කිරීමට කිසිදු ඉඩක් නැති බව බොළඳ වෘත්තීය සමිතිවල ළදරු මනසට නොවැටහෙනු ඇත.
ව්‍යාජ මතවාද සමාජ ගත කිරීමට වැර දරන පාර්ශ්වවල තවත් පදනම් විරහිත චෝදනාවක් වන්නේ ඇඟලුම් සමාගම් සිය විදේශ ආදායමෙන් සියයට 80ක් විදේශයන්හි රඳවා තබා ගන්නා බවයි. මෙම අභූත චෝදනාව සනාථ කිරීමට නම් මෙම ආදායම් ඔවුන් පවත්වාගෙන යන්නේ විදේශ බැංකු පද්ධතියක ද එසේ නම් එම මූල්‍ය ආයතන කවරේද යන්න හෙළි කර ගත හැකිය. එහෙත් මෙබඳු අපවාද හුදෙක්ම සේවක වෘත්තීය සමිති නායකයන්ගේ මනස් තුළ මැවෙන ප්‍රලාප වන විට මෙම ප්‍රවාද මහ පොළොවේ යථාර්ථයක් වන්නේ නැත.
විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය ගෝලීය වශයෙන් ව්‍යාප්ත ඩොලර් බිලියන වටිනාකම් සහිත ජාත්‍යන්තර වෙළෙඳනාම සහිතව ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් බැවින් ව්‍යාපාර ක්‍රමවේදයෙහි යහපත් පාලන රටා ගෝලීය යහ පිළිවෙත් ආරක්ෂා කිරීම සහ අමුද්‍රව්‍ය ආනයනයේ සිට නිමි ඇඟලුම් සිල්ලර වෙළෙඳපොළට පිවිසෙන අවස්ථාව දක්වාම ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිති ආරක්ෂා කිරීමට නිෂ්පාදකයෝ බැඳී සිටිති. එපමණක් නොව එම ප්‍රමිති පවත්වාගෙන යෑම පිළිබඳව දැඩි පසු විපරමක් ද කෙරෙන බව ඇඟලුම් සේවකයන්ගේ දුක විකුණා ඩොලර් සොයන රජ්‍ය නොවන සංවිධානවල සේවය කරන ඇතැම් අය නොදන්නවා විය නොහැක.
ඇඟලුම් ක්ෂේත්‍රයේ අවසන් නිෂ්පාදනවලින් සියයට 50ක් පමණ යෙදවුම් ආනයනය මත රඳා පවතී. රටේ පවතින විනිමය අර්බුදය, ගැනුම්කරුවන්ගේ ඇණවුම් කලට වේලාවට ලබාදීම සහ කර්යක්ෂමතාව, නිෂ්පාදනය සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. සේවක වෘත්තීය සමිතිවල ඇතැම් නායකයන් පවසන ලෙසට ඇඟලුම් අපනයන ආදායමෙන් සියයට80ක් විදේශයන්හි රඳවා සිටී නම් ඇඟලුම් සමාගම්වලට මේ ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවන්නේ නැතිවාක් මෙන්ම ආනයන යෙදවුම් මෙරටට ගෙන ඒමට ද හැකිවන්නේ නැත. තවත් මෙවැනිම ප්‍රලාඵයක් වන්නේ ඇඟලුම් අපනයන ආදායමෙන් සියයට 41ක් විකල්ප බලශක්ති මිල දී ගැනීමට භාවිත කිරීම යන්නයි.
මේ බව ඇඟලුම් සංසදය හෝ සමාගම් කිසිදු විටක පවසා නැතිමුත් මෙම සාධකය සඳහා සැලකිය යුතු විදේශ විනිමයක් වැය වන බව කිව හැකිය. එමෙන්ම ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ සෙසු සැපයුම්කරුවන් වෙත විදේශ විනිමයෙන් ගෙවිය යුතු බව මේ වෘත්තීය සමිති නායකයන් අමතක කිරීම කනගාටුවට කරුණකි. මහබැංකු වාර්තා මගින් මේ කරුණ තවදුරටත් සනාථ කළ හැක.
(2021 2022 ජනවාරි සිට නොවැම්බර්)
අපනයන රෙදිපිළි සහ ඇඟලුම් ඇ.ඩො. 5,307 ඇ.ඩො. 5,364
ආනයන රෙදිපිළි සහ ඇඟලුම් ඇ.ඩො. 3,067 ඇ.ඩො. 2,864
නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා තාක්ෂණය හඳුන්වා දුන් අතලොස්සක් වූ ක්ෂේත්‍ර අතර ඇඟලුම් කර්මාන්තයට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදයේ අංශ කිහිපයක් මුළුමනින්ම ස්වයංක්‍රීයකරණයට ලක් කළ පළමු දකුණු ආසියාතික රට බව ශ්‍රී ලංකාව පත්ව තිබේ. විශේෂයෙන්ම සුහුරු ඇඟලුම් සහ ත්‍රිමාණ තාක්ෂණය යොදා ගනිමින් නිපදවන මෙරට ඇඟලුම් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ දී ඉහළ ඉල්ලුමක් සහ විශ්වාසයක් දිනා ගෙන ඇත. ඇඟලුම් සේවකයන්ගේ ගැලවුම්කර භූමිකාව රඟ දක්වන අය මේවා නොදන්නවා විය හැකිය.
තවද ආදායමේ අතිරික්තය කර්මාන්තයේ උන්නතිය සහ ප්‍රති ආයෝජනය නොකරන බවට සිදු කරන චෝදනාව ද පදනම් විරහිත බව කිව යුතුය. නූල් නිෂ්පාදනය සඳහා කපු වගා කළ යුතු අතර වෙනත් රටවල් සමග සැසඳමේදී කපු වගා කිරීමට තරම් මෙරට ඉඩම් නොමැති බව කාට වුව වැටහෙන සත්‍යයකි.
එමෙන්ම ඇඟලුම් කර්මාන්තය හා සම්බන්ධ යන්ත්‍ර සුත්‍ර ලංකාවේ නිෂ්පාදන කිරීමට වඩා ආනයනය කිරීම වඩා ලාබදායී වන්නේ මේ හා සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය හා සම්පත් අප සතුව නොමැති බැවිණි. ඇතැම් සමාගම් දේශීය රෙදිපිළි අවශ්‍යතාව හෝ සපයා ගැනීමට ප්‍රමාණවත් රෙදිපිළි රට තුළම නිෂ්පාදනය කරන අතර මෙම රෙදිපිළි අපනයනය කිරීමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 500ක පමණ ආදායමක් හිමිකර ගනී.
අප රටක් ලෙස පත්ව ඇති ඛේදජනක ඉරණමෙන් මිදීමට නම් විශාල කැප කිරීමක් කිරීමට සේව්‍ය සේවක සියලු දෙනාටම සිදුවන අතර දැඩි ආර්ථික අර්බුදයක් මැද විදේශ විනිමය උපයන අපනයනකරුවන් දිරිගන්වමින් විශාල අපනයන ඉලක්ක වෙත යෑමට අවශ්‍ය බිම් මට්ටමේ සහාය සහ යටිතල පහසුකම් සපයා දීම රටක් ලෙස මේ අවස්ථාවේ දී අප සිදුකළ යුතුම කර්තව්‍යයයි.
ටී. ආර්. සමරසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඟලුම් අපනයන ආදායම් සැඟවීමේ ඇත්ත නැත්ත