IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇදුමට සමාන තවත් රෝගයක්

ඇදුම රෝගයට සමාන තවත් පෙනහලු ආශ්‍රිත රෝග තිබේ. COPD නැමැති රෝගයද පෙනහලු ආශ්‍රිතව විශේෂයෙන් පිරිමි පක්ෂයට දක්නට ලැබෙන රෝගයකි. එය පිරිමි පක්ෂයට යැයි සඳහන් කරන්නේ මෙය සිගරට්, සුරුට්ටු, බීඩි පාවිච්චි කරන අයට සෑදෙන රෝගයක් නිසාය. 

මෙම රෝගයට ගොදුරු වූ අයගේ දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණය කැස්සය. එසේම මෙම කැස්ස සහිත COPD රෝගය වැළඳුනොත්  කෙතරම් ප්‍රතිකාර කළත් සුව කළ නොහැකිය. 

රෝගයට හේතු

මෙම රෝගය වැළඳෙන්නේ වැඩි වශයෙන් සිගරට් පානය කරන අයටය. මෙය සෙම ආශ්‍රිත රෝගයකි. එහෙත් ඇදුම මෙන් මුලදී හතියක්  ඇති වන්නේ නැත. පසුකාලීනව හතිය ඇතිවේ. කාලයක් තිස්සේ සිට පානය කරන අයට මෙම රෝගය වැළඳිය හැකිය. එහෙත්  අධික ලෙස සිගරට් පාලනය කරන අයට කෙටි කලකින්ද රෝගය වැළඳිය හැකිය. 

මෙම අධික සෙම හා කැස්ස නිසා රෝග ලක්ෂණ පවතින විට බොහෝ දෙනා සිතන්නේ මෙය පෙණහලු පිළිකාවක් ලෙසටය. එහෙත් මෙය පෙණහලු පිළිකාවටත් වඩා භයානකය. කොතෙක් ප්‍රතිකාර කළත් සුව  කළ නොහැකිය. 

රෝගය මුලදී හඳුනා ගත්තොත් 

මෙම රෝගය මුල් කාලයේදී හඳුනා ගතහොත් රෝගය වර්ධනය වීමට පෙර සිගරට් පානය නතර කර ආයු කාලය වැඩි කරගත හැකිය. එහෙත් මෙම රෝගයට ගොදුරු වන්නන් මිය යන්නේ රෝගය හේතුවෙන් ඇති වන බරපතළ කැස්ස නිසා මහත් පීඩාවට පත් වෙමිනි. 

රෝග ලක්ෂණ 

මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය කැස්සය. අධික ලෙස සෙම සහ කැස්ස ඇතිවේ. වසර ගණනාවක් කෙතරම් ඖෂධ ප්‍රතිකාර කළත් වසර දහයක් පමණ කැස්ස පවතී. එම කැස්ස කිසිම ඖෂධ ප්‍රතිකාරයකට සුව නොවේ. 

කැස්ස මොනවගේද? 

මෙහිදී ඇති වන්නේ සෙම කැස්ස නොවේ. මුලදී නතර කළ නොහැකි වියළි කැස්ස ඇතිවේ. රෝගියා එම කැස්ස තිබියදීත් සිගරට් පානය කළොත් එම වියලි කැස්ස සෙම කැස්සක් බවට පත්වේ. එම  කැස්සෙන් පසු රෝගියාට ඉතා අපහසු ගතියක් ඇතිවේ. මෙය බොහෝ දෙනා ඇදුම ලෙසට සැක කරති. එහෙත් ඒ ඇදුම නොවේ. 

ඇදුම නම් රෝගය වැඩි වූ විට දුම ඇල්ලීමෙන් සුවය ලබා ගත හැකිය. එහෙත් මෙම කැස්සට දුම ඇල්ලීම පලක් නැත. ඉන් එතරම් සුවයක්  ලැබෙන්නේ නැත. දුම ඇල්ලීමෙන් ඇති වන්නේ මද සහනයක් පමණි. 

මෙම රෝගයට සිගරට් පානයට අමතරව පාරිසරිස සාධකද බලපායි. මෙම රෝගය  බෝවන්නේ නැත. මෙය පෙනහලු ආශ්‍රිතව සිගරට් පානය නිසාම සෑදෙන රෝගයකි. 

සිගරට් පානය නතර කළාම රෝගය සුවවන්නේද? 

රෝගය හඳුනාගත් පසු සිගරට් පානය නතර කළොත් රෝගය තවත් වැඩිවීම නතර කර ගන්න පුළුවන්. එහෙත් එසේ කළාට රෝගය සියයට සියයක්ම සුව වන්නේ නැත. රෝගයට ප්‍රතිකාර ගත යුතුය. එවිට තවත් වැඩිවීම නතර වේ. එහෙත් නිට්ටාවට සුව වන්නේ නැත. නිසි ප්‍රතිකාර හා ඇවතුම් පැවතුම්වලින් රෝගය හොඳින් පාලනය කර ගත හැකිය. 

ඉන්හේලරය විසඳුමක්ද? 

ඉන්හේලරය භාවිතයෙන් බොහෝ දුරට රෝගියාට දැනෙන අපහසුතා මග හරවා ගත හැකිය. එහෙත් මෙම රෝගකාරක ආසාදනය පෙණහලුවලට පැමිණියහොත් බලපෑම තවත් වැඩිවේ. 

බෝනොවන රෝගයෙහි පෙළෙන්නකුට COPD වැළඳුනොත් 

දියවැඩියාව, හදවත් රෝග, අධිරුධිර පීඩනය වැනි රෝගයකින් හෝ රෝග  කිහිපයකින් පෙළෙන කෙනකුට COPD රෝගය වැළඳුනහොත් එය රෝගියාට තවත් බරපතළ වේ. මේ රෝගීන් පෙණහලු ආශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩිය. ඊට හේතුව බෝ නොවන රෝගයකින් පෙළීම නිසා ප්‍රතිශක්තිය අඩුවීමයි. හදවත් රෝග, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන කෙනකු සිගරට් පානය කරයි නම් ඒ පුරුද්ද දිගටම  කරගෙන ගියොත් කල් යාමට පෙර COPDරෝගයට ගොදුරු විය හැකිය. එය ඉතාම භයානක වේ. 

රෝගයට හේතුව සිගරට් බීමද? 

මෙම රෝගය සෑදෙන්නේ පෙනහලු ආශ්‍රිතවය. එය සිගරට්, බීඩ්, සුරුට්ටු වැනි ඕනෑම දුම්පානයකින් කෙනකුට සෑදිය හැකියි. දුම්පානය පෙණහලුවලට අහිතකර යැයි සිතන බොහෝ දෙනා ෆිල්ටර් ආධාරයෙන් දුම්පානය කරයි. එහෙත් එය පලක් නැත. එයින් දුම්පානය නිසා ඇතිවන රෝගීවීම වැලැක්විය නොහැකිය. 

ප්‍රතිකාර මොනවද? 

මෙම රෝගය සෑදෙන්නේ දුම්පානය නිසාමය. එනිසා පළමුව සිගරට් ඇතුළු සියලුම දුම්පාන වර්ග නතර කළ යුතුය. දුම්පානය නතර කිරීමෙන් පසු මෙම රෝගය සෑදී නොමැති නම් සෑදෙන්නේ නැත. 

මෙම රෝගයට ගොදුරු වීමට පාරිසරික සාධක එන්සයිම යනාදිය බලපාන්නේ ඉතාම අඩුවෙනි. ඒ මෙවැනි දුම ආශ්‍රිතව කම්හල් ආදිය තිබෙන්නේ නම් පමණි. රෝගයට සියයට අනූනවයක්ම හේතුව දුම්පානයයි. 

කුඩා වියේ ඇදුම පසුව COPD විය නොහැකිද? 

ළමා වියේ ඇදුම රෝගයෙන් පෙළෙන දරුවාට වැඩිහිටි වියේදී වරින් වර එය සෑදිය හැකිය. එහෙත් එය COPD රෝගයට හේතු නොවේ. කුඩා වියේ ඇදුම රෝගියා තරුණ වියේදී දුම්පානය කරන්නේ නම් COPD රෝගයට පහසුවෙන් ගොදුරුවීමට එය හේතුවේ. 
රෝගය වැළඳෙන වයසක් තිබේද?

වයස අවුරුදු 15-16 කාලයේදී දුම් පානයට ගොදුරු වුවහොත් ඒ පුද්ගලයාට වයස අවුරුදු 30-35 වනවිට මෙම රෝගයට ගොදුරුවීමේ ඉඩකඩ තිබේ. 

රෝගය උත්සන්න වුවහොත් ප්‍රතිකාර තිබේද? 

මෙම රෝගයට ගොදුරු වූ බොහෝ දෙනා කැස්ස හුස්ම ගැනීමේ අපහසුතා වලින් පීඩා විඳිති. රෝගය බරපතළ වුවහොත් දුම් ඇල්ලීම එතරම් පලක් නැත. බරපතළ වූවන්ගේ ජීවිත බේරා ගැනීමට ඔක්සිජන් තෙරපි ප්‍රතිකාරය ලබාදිය යුතුය.

ඔක්සිජන් ප්‍රතිකාරය Oxygen Therapy

මෙම ප්‍රතිකාරය දවසට පැය 19ක් වත් ලබා දිය යුතුය. මෙම ප්‍රතිකාරය රජයේ රෝහල්වල නැත. මිල අධිකය. මෙය පෞද්ගලික රෝහල් වලින් ලබා ගත යුතුය. මෙම රෝගයෙන් වඩාත් පීඩා විඳින්නේ නම් කුඩා ඔක්සිජන් ප්‍රතිකාර උපකරණයක් මිලදී ගත හැකිය. 

ඔක්සිජන් තෙරපි දෙන්නේ ඇයි? 

මෙම රෝගයට ගොදුරු වූ රෝගියාගේ රුධිරයේ ඔක්සිජන් අඩුවේ. එසේම මෙවැනි රෝගීන්ගේ වායු හුවමාරුව නිසි ලෙසට සිදු නොවේ. මෙම රෝගයටත් ඇදුම රෝගයට මෙන් රුධිර නාල සිහින්වේ. එවිට බොහෝ දෙනා ඊට ඇදුමට කරන ප්‍රතිකාර කරති. එහෙත් මෙම රෝගය ඇදුම මෙන් ඉක්මනට පාලනය නොවේ. මෙම රෝගයට ගොදුරු වූ විට ඇදුම, පීනස ලක්ෂණ පහළ වේ. එහෙත් දරුණු ලෙස මෙම රෝගයෙන් පීඩා විඳින කෙනකුට තිබෙන එකම ප්‍රතිකාරය ඔක්සිජන් තෙරපි ක්‍රමයයි. 

අපේ රටේ මෙම රෝගය වැඩිද? 

අපේ රටේ මෙම රෝගය වයස අවුරුදු 50ට ඉහළ පිරිමි රෝගීන් නිතර හමුවේ. ඒ වැඩිදෙනා කැස්සෙන් පීඩා විඳිති. මේ රෝගීන් සිරුරෙන්  කෘශය. වැඩි දෙනා සිතන්නේ තමාට ඇදුම රෝගය වැළදී ඇතැයි කියාය. එසේ සිතා ප්‍රතිකාර කරති. එහෙත් වෛද්‍යවරයාට මෙම රෝගය පැහැදිලිවම හඳුනාගත හැකිය. 

සටහන - ශිරානි ගල්ලෑල්ල

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශන් ද සිල්වා



අදහස් (0)

ඇදුමට සමාන තවත් රෝගයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site