IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඇමරිකාවත් චීනයත් දෑතට ගැනීම

රට හරි මඟට යොමුකිරීමට රජය ගනිමින් සිටි නොයෙකුත් උත්සාහයන්, සති ගණනාවක් පුරාවට එකම තැන නතරව තිබිණ. දැන් ඒවා ඉදිරියටම ගෙනයාමට සළසුම් කර ඇත. එසේ කටයුතු කරමින් පවතින්නේ ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 වසංගත තත්ත්වයේ බිහිසුණුම පුපුරායෑම සිදුවෙමින් පවතින පසුබිමකය.

මාරාන්තික ඩෙල්ටා වෛරස ප්‍රභේදය, පැයකට වතාවක් ශ්‍රී ලංකා පුරවැසියන් හය දෙනෙකුගේ ජීවිත බිලි ගනිමින් සිටී. මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත්, රටේ සෞඛ්‍ය සේවාවන් අකර්මණ්‍ය වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ බියට පත්ව සිටිති.

දෛනිකව නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙන දත්තවල පවතින බවට හදුනාගෙන ඇති පරස්පර විරෝධීතා තත්ත්වයන් පවතින වාතාවරණය තවත් බරපතල කර ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියටය.
රජයේ අවධානය යොමුව තිබෙන අංශ දෙකකි. කැබිනට් තනතුරු මාරුවක් ඉන් එකකි. 

මේ සම්බන්ධයෙන් මෙම තීරුවෙන් පසුගිය අවස්ථාවක අනාවරණය කෙරුණු අතර එසේ කැබිනට් තනතුරු මාරුවක් සිදුවීමට යන්නේ ගෙවුණු සෙනසුරාදා දින රජය බලයට පත්ව හරියටම වසරක් සපුරා තිබෙන පසුබිමකය. මෙම තීරුවෙන් පසුගිය අවස්ථාවල අනාවරණය කැරුණු ආකාරයටම, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යවරුන්ගේ පමණක් නොව එම අමාත්‍යවරුන් සමග වැඩකටයුතු කරන ඉහළ නිලධාරීන්ගේ පවා කාර්යසාධනය විමසුමට ලක්කැරෙන අධ්‍යනයක් සිදුකිරීමට පියවර ගෙන තිබිණ. එම අධ්‍යනයෙන් කාර්යසාධනය දුර්වල යැයි හඳුනාගෙන තිබෙන අමාත්‍යවරුන්ගේ තනතුරු මාරු කිරීමට නියමිත බව වාර්තාවී තිබිණ. 

සංචාරක විෂය පථය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යටතට පත්වන ලකුණු පෙනෙන්නට තිබිණ. විදේශ සංචිත ඉහළ නැංවීමේ අරමුණින් මෙම ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය ලබා දී තිබිණ.  ලබන වසර සදහා අයවැය සකස් කිරීමේ මූලික කටයුතුවල මේ දිනවල යෙදී සිටින මුදල් අමාත්‍යවරයා, කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් දරුණු ලෙසම බැටකා සිටින රටේ සංචාරක ක්ෂේත්‍රය නැවත ගොඩනැංවීමට අනුගමනය කිරීමට යන පියවර ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිතය. 

මෙම ක්ෂේත්‍රය වහාම නඟා සිටුවීමට හැකිදැයි යන්න බරපතල ගැටලුවකි. ගුවන් ටිකට්පතක් මිලදී ගතහොත් තවත් ගුවන් ටිකට්පතක් නොමිලයේම ලබාදෙන වැනි වියදම් අධික ක්‍රමවේදයකි. අනෙක් අතට ශ්‍රී ලංකාව යනු, මෘත ශරීරාගාර පිරීගොස් තිබෙන, කෝවිඩ්-19 ආසාදිතයන් වීදිවල මැරී වැටෙන, රටක් බවට පත්ව ඇතැයි යන්න ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්ව තිබීම, රටේ සංචාරක ක්ෂේත්‍රයේ ක්ෂණික පුබුදුවක මං අවුරන්නකි.

අන්තර්ජාතික තලය සැළකීමේ දී, එක්සත් ජනපදය සමග සබඳතා වර්ධනය කරගනු වස්, රජය සිය ගමන් මාර්ගය වෙනස්කරගෙන තිබෙන බවට ලකුණු පහළව ඇත. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය ලලිත් චන්ද්‍රදාස මහතා පත්කිරීමට ඉඩ තිබෙන අතර ඔහු එම තනතුරට යෝජනා කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද සදහන් කළ යුතු වේ. 

තෝරාගතහොත් ඔහු පත්වනු ඇත්තේ දැනට එම තනතුර දරමින් සිටින විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් වන රවිනාථ ආරියසිංහ මහතා වෙනුවටය. 

ලබන මස මැද භාගය වන විට ඔහු තනතුරින් විශ්‍රාම යෑමට නියමිතය. රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාරගත්තේ 2020 දෙසැම්බර් මාසයේදීය. චන්ද්‍රදාස මහතාද මේ වන විට ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස සේවය කරමින් සිටී. ඔහු, ශ්‍රී ලංකාවේ ජනපති ධූරය, අගමැති ධූරය, මුදල් අමාත්‍ය ධූරය හොබවන ගෝඨාභය, මහින්ද සහ බැසිල් රාජපක්ෂවරුන්ටද, වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ද, නෑකමින් මස්සිනා වෙයි. 

නිව් ෆෝට්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගමක් එක්වනම කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරය පවරා ගැනීමට කටයුතු කළේ මෙම කණ්ඩායමේ මැදිහත්වීම හරහා බවට විශ්වාසයක් මෙරට වෙළද කවයන් අතර පවතී. ඒ කෙසේවුවත්, කොළඹ අපක්ෂපාතීයැයි එක්සත් ජනපද පරිපාලනයට ඒත්තු ගැන්වීමට නම් රාජ්‍යතාන්ත්‍රික යහපැවැතුම්වලින් දුරකට යාමට සිදුවන බව නම් සහතිකයෙන්ම කිව හැකිය.

මුදල් අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමට ප්‍රථමයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පුරා මාසයක කාලයක් ගතකළේය. රජයේ ආරංචි මාර්ගවලට අනුව, මෙම කාලය අතරතුර ඔහු ආචාර්ය චන්ද්‍රදාස සහ වොෂින්ටන් නුවර බලා ගොස් විවිධ එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන් සමග නොනිල මට්ටමින් සාකච්ඡා පවත්වා ඇත. 

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා ගොඩනගා ගැනීමට පවතින අවස්ථා හඳුනාගැනීම සහ අන්තර්ජාතික මට්ටමේ පවතින ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අනුගමනය කරමින් සිටින්නේ නිර්පාක්ෂික පිළිවෙතක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම, මෙම සාකච්ඡාවල අරමුණ වී තිබී ඇත. කොළඹ නැවත නැවතත් එසේ කියා සිටිය ද, වොෂින්ටනයේ, විශේෂයෙන්ම ජෝ බයිඩන් පරිපාලනයේ අදහස වන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ඉතා දැඩි ලෙස චීනය දෙසට නැඹුරුව සිටින බවය.

එක්සත් ජනපදය සහ චීනය සමග ශ්‍රී ලංකාව පවත්වාගෙන යමින් සිටින සබඳතාවල කැපී පෙනෙන වෙනස්කම් පවතින බව පෙනෙන්නට ගන්නේ මෙතැනදීය. 

එක්සත් ජනපදය සැළකුවහොත්, ශ්‍රී ලංකාව සහ එරට අතර සමීප සබඳතාවයක් පවත්වාගැනීම යනු, ආර්ථික සහයෝගීතාවයේ - විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජනයන්හි, වර්ධනයකි. මෑතකදී, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දූෂණය සහ වෙනත් අකටයුතුකම් නිසා ශ්‍රී ලංකාවෙන් ආයෝජකයින් දුරස්ව සිටින්නේ යැයි දක්වා තිබිණ. අනෙක් පැත්තෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැළකිය යුතු ස්ථානයක් හිමිකරගෙන සිටි චීනය, කොළඹ වරාය නගරය පිහිටුවීම හරහා එය වඩාත් පුලුල් කර ගැනීමට සමත්ව ඇත. 

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වොෂින්ටනයට ඇත්තේ බියකි. ඒ, එතැන මුදල් විශුද්ධිකරණයට යොදාගැනෙනු ඇතැයි කියාය. කොළඹ වරාය නගරය තවදුරටත් ක්‍රමානුකූල සහ නීත්‍යානුකූල කිරීමට අදාළ කටයුතු ලබන මාසයට යෙදී තිබෙන චීන අගමැති ලි කෙයිකුයන්ගේ ශ්‍රී ලංකා සංචාරයත් සමග සිදුවනු ඇත.

ගෙවුණු මැයි මාසයේ බැසිල් රාජපක්ෂ මහතා ලොස් ඇන්ජලීස් නුවර බලා යෑමට ප්‍රථම, කොළඹ දී, නොනිල මට්ටමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර සාකච්ඡා පැවැත්විණ. එම සාකච්ඡාවලට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී ටෙප්ලිට්ස් ද එක්ව සිටියාය. 

පසුව බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජනපදය බලා ගොස් සිටි වකවානුවේ දී, එරට පරිපාලනයේ ප්‍රධාන නිලධාරීන් සමග නොනිල මට්ටමින් සාකච්ඡා පැවැත්විණ. 

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය බරපතල ලෙසින් කඩාවැටෙමින් පැවතිය ද ව්‍යවස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම සහ දෙමළ ජනතාව මුහුණදෙමින් සිටින ගැටලු විසඳාලීම, ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ තවමත් ප්‍රබලව නැගී සිටී. මෙම කාල වකවානුවේදීම අත්‍යවශ්‍ය උපදෙස් ලබාගැනීම සදහා ටෙප්ලිට්ස් මහත්මියද වොෂින්ටන් නුවර බලා ගියා ය.

කොළඹ දී, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් වෙන වෙනම අවස්ථා දෙකක දී, මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් දෙදෙනකු හමුවිය. එම එක් හමුවක් පැවැත්වුණේ ජනපති මන්දිරයේදීය. බලයට පත්ව වසර 2ක් ගෙවී තිබෙන තැන පළමු වතාවට, දෙමළ ජාතික සන්ධානයට තමා හමුවට එන්නැයි ජනපතිවරයා ආරාධනාවත් කළේ ද එම කාලයේදීමය. කෙසේවුවත්, අවසන් මොහොතේ දී, එම රැස්වීම අවලංගු කෙරිණ. එය එසේ සිදුවූයේ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා එසමයේ දිවයිනේ නොසිටි නිසාය. ඔහු නැවත දිවයිනට පැමිණි පසුව රැස්වීම නැවත කැඳවීමට අපේක්ෂිතව තිබුණත් දින සම්බන්ධයෙන් මෙතෙක් අවසාන තීරණයක් ගෙන නැත.

ඊට පෙර මං තනන්නාක් මෙන්, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියමිත යැයි මත පළව තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට, එක්සත් ජනපද තානාපතිවරයාගේ නිල නිවස වන ජෙෆර්සන් හවුස්හි රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගීවන්නැයි ආරාධනාවක් ලැබිණ. ඔහු හැරෙන්නට එසේ ආරාධනාවත් ලැබී තිබුණු අනෙක් පුද්ගලයා වූයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් මහතාය. 

විවිධ අංශයන් ගණනාවක් ආවරණය කරමින් ඇමරිකාව මෙසේ දියත් කර තිබෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ඉතා සමීප සගයෙකු මෙන්ම හතර දෙනාගේ කණ්ඩායමේ (ක්වොඩ්) සාමාජිකයෙක් ද වන ඉන්දියාව, කල්තියාම දැනුම්වත් කර තිබූ බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සදහන් කළේ ය.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 



අදහස් (8)

ඇමරිකාවත් චීනයත් දෑතට ගැනීම

NIMAL Wednesday, 18 August 2021 10:22 PM

ඇමෙරිකානුවෙක්, චීනය දෑතට ගැනීම...

:       0       0

kamal Friday, 20 August 2021 10:13 AM

ඇමරිකාවත් චීනයත් දෑතට ගැනීමට ලංකාවට හයියක් නැත. දැනට වෙලා තියෙන්නේ ඇමෙරිකාවෙත්, චීනයේත්, මුළ මහත් ලෝ්කයේත් අත්වලට යටවී හිඟමන් යැදීමයි.

:       12       12

siri Friday, 20 August 2021 12:27 PM

බොරු පච කෙළිමින්, ජනතාව නොමග යවමින්, රවට්ටමින්, කාලය කා දමමින් තමන්ගේ ඔය බඩජාරි බඩ වියත රැකගන්නවා කියන්නේ... ඕකට නේද?

:       20       11

somosiFriday, 20 August 2021 02:24 PM

එක වේලකට හාල් සේරු දෙකක බත් ගිලින්න මොනවා හරි කියවන්නත් එපැයි නේද

:       10       7

Nuwan Friday, 20 August 2021 04:47 PM

ඔය දෙකම කෙසේවෙතත් ලෝකෙන් පළමුවෙන්ම බංගලියන්ගෙන් ණය ගත්තේ අපේ සර් හොඳේ..!!!

:       18       9

nirmal Friday, 20 August 2021 06:25 PM

රටේ මෙච්චර හොරකම් කරලා රට වලපල්ලට දාලා... නුඹලාට හෙණ ගහනවා.

:       5       9

Bamunuarachchi Sunday, 22 August 2021 01:12 PM

අපේ රජය රට දියුණු කරන හැටි බලාගෙන ඉන්න බැරි අය ඝෝෂා කරනවා.

:       1       0

gampilaSunday, 22 August 2021 01:57 PM

ඔයාට වැරදිලා ආරච්චි මහත්තයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site