IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


උඩවලවේ ජල අර්බුදයේ ඇත්ත නැත්ත

මේ වසරේ මාර්තු මස 31 වැනි දින උඩවලව වම් ඇළ, උඩවලව දකුණු ඇළ යන ප්‍රදේශවල යල කන්නයේ භෝග වගාව පිළිබඳව තීරණ ගැනීම සඳහා කන්න රැස්වීම පැවැත්වුණි. මෙය සෑම කන්නයකම ආරම්භයට පෙර පවත්වන රැස්වීමකි. රැස්වීමට මහවැලි, කෘෂිකර්ම, වාර්මාර්ග ආදී කන්න වගාවට සම්බන්ධ වන සියලු‍ම රාජ්‍ය ආයතනවල නිලධාරීහු ද ගොවීහු ද සහභාගී වූහ.

වාරිමාර්ග සහ කාලගුණ අංශවල පුරෝකථන අනුව මෙම කන්නයේ ජල සැපයුම අඩු වීමට ඉඩ ඇති නිසා තීරණය වූයේ උඩවලව දකුණු ඇළ ප්‍රදේශයේ මුළු වගා බිම් ප්‍රමාණය වූ හෙක්ටයාර 12094න් හෙක්ටයාර 6047ක වී වගා කිරීමට ද හෙක්ටයාර 6047ක වෙනත් භෝග ද වගා කිරීමටය. 

එහෙත් සමහරක් ගොවීහු එම තීරණයට වෙනස්ව කටයුතු කළහ. හෙක්ටයාර 9777ක වී වගා කර තිබුණි. කන්න රැස්වීමේ දී තීරණය වූයේ සියයට 50ක් වී සහ සියයට 50ක් වෙනත් භෝග වගා කිරීමට වුවත් වී වගා කරන ගොවීන්ගේ ප්‍රමාණය සියයට 67 දක්වා වැඩි වී වෙනත් භෝග වගා කරන ප්‍රමාණය සියයට 33 දක්වා අඩු විය.

උඩවලව වම් ඇළ ප්‍රදේශයේ වී වගා කිරීමට හෙක්ටයාර 4897ක් ද වෙනත් භෝග සඳහා හෙක්ටයාර 4897ක් ද උක් වගාව සඳහා හෙක්ටයාර 1368ක් ද යොදා ගැනීමට තීරණය විය. එහෙත් ගොවීහු හෙක්ටයාර 5317ක වී වගාවද හෙක්ටයාර 5603ක වෙනත් භෝග ද වගා කළ අතර උක් වගාවේ යෙදුණේ හෙක්ටයාර 242ක පමණි.

කන්න රැස්වීමේ දී තීරණ ගනු ලැබූයේ ඉහත සඳහන් ආකාරයට වුවද ගොවීන් විශාල පිරිසක් එම තීරණයට පිටුපා වී වගා කිරීම නිසාත් උක් වගාව අතහැර දැමීම නිසාත් ජල අවශ්‍යතාව බලාපොරොත්තු වූවාට වඩා විශාල ලෙස ඉහළ ගියේය.

ඒ අතරම උඩවලව ප්‍රදේශයට බලාපොරොත්තු වූ පරිදි වර්ෂාව නොලැබීම නිසා ජල හිඟය උග්‍ර තත්ත්වයකට පත්විය. සමහරු යෝජනා කරන්නේ සමනල වැවෙන් උඩවලවට ජලය ගෙන ගොස් ඒවා ගොවීන්ට ලබා දී වී වගාව සහ අනෙකුත් භෝග වගා ආරක්ෂා කර ගත යුතු බවය. එහෙත් විදුලි බල අමාත්‍යංශයෙන් ප්‍රකාශ වන්නේ ඒ ආකාරයට සමනල වැවේ ජලය භාවිත කළහොත් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවී දකුණු පළාතට බලපාන ලෙස විදුලිය කපා හැරීම සිදුවන බවයි. 

සමනල වැවේ ජලය උඩවලවට දීම නිසා දකුණේ විදුලිය කැපීමට සිදු වන්නේ කුමක් නිසාද යන්න ඊළඟට මතුවන ප්‍රශ්නයයි. එසේම දකුණට පමණක් එය සීමා වන්නේ කෙසේද යන්න ද ප්‍රශ්නයකි. එසේ වුවද මෑත දී මාධ්‍ය මගින් හෙළි කර තිබුණේ ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියෙන් දකුණු පළාතට සහ සබරගමු පළාතට විදුලිය සැපයීම සඳහා ආරම්භ කර ඇති ව්‍යපෘතියකට එක් තේ වතු හිමියකු විසින් බාධා පැමිණවීම නිසා එම ව්‍යාපෘතිය නිම කිරීමට නොහැකි වී ඇති බවයි. එම තේ වත්ත මැදින් සම්ප්‍රේෂණ රැහැන් ගෙන යෑම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂ 17ක මුදලක් ගෙවීමට සූදානම් වන නමුදු එම පුද්ගලයා ඒ සඳහා රුපියල් ලක්ෂ 90ක් ඉල්ලා සිටී.

රජයට එරෙහිව උද්ඝෝෂණ පවත්වා රටෙහි ක්‍රියාකාරීත්වය අඩපණ කර දැමීම සඳහා විපක්ෂය කවර හෝ අවස්ථාවක් ප්‍රයෝජනයට ගැනීමට සූදානම්ව සිටී. මිහින්තලේට පැමිණෙන වන්දනාකරුවන්ගෙන් විදුලි බිල සඳහා ආධාර ලබා ගනී. එසේම පොසොන් සමයේ පොසොන් උත්සවයට රජයේ ආධාර නොලැබෙන බව ප්‍රකාශ කරමින් මිහින්තලා නාහිමියෝ පිංඩපාතයේ ගොස් මහජනතාවගෙන් මුදල් ලබාගෙන රජයේ ආධාර අනවශ්‍ය යැයි ප්‍රකාශ කළහ.

මිහින්තලයේ මාස 10කට රුපියල් ලක්ෂ 41කට වැඩි විදුලි බිල නොගෙවා තිබීම නිසා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කර තිබුණි. සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒවා ගෙවා දැමූ බව වාර්තා විය. මහජනතාවගෙන් මිහින්තලයේ විදුලි බිල ගෙවීමට මුදල් ලබාගෙන නිකුත් කළ ලදුපත් සමාජ මාධ්‍යයේ ප්‍රකාශයට පත්කර තිබුණි.

විදුලිය කැපූ විට මහජනතාව උද්ඝෝෂණ සඳහා පොලු‍ මුගුරු රැගෙන පාරට බසිනු ඇතැයි අපේක්ෂා කිරීම හැඳින්විය හැක්කේ මෝඩකමක් ලෙස පමණි. සජිත් ප්‍රේමදාස මහතා එබදු බිල් ගෙවීමෙන් ලබා ගත හැක්කේ ජනතා අප්‍රසාදය මිස ජනතා ප්‍රසාදය නොවන බව කිසිවකුත් ඔහුට වටහා නොදීම කනගාටුවට කරුණකි. දිවයින පුරා හිඟ විදුලි බිල්පත් ඇති විහාරස්ථානවල ද අනෙකුත් ආගමික් මධ්‍යස්ථානවල ද  විදුලි බිල් ගෙවා දැමීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කිරීමට ද ඉඩ ඇත.

දැන් විපක්ෂයේ සෑම කණ්ඩායමකටම අවශ්‍ය වී ඇත්තේ කවර හෝ ක්‍රමයකින් රට ගිනි තැබීමට අවශ්‍ය කුමන හෝ කරුණක් සම්පාදනය කර ගැනීමයි. අර්ථසාධක අරමුදල පිළිබඳව ඇතැම් විට බොරු මත පවා ප්‍රචාරය කරවා කම්කරුවන් පාරට බැස්සීමට ගත් උත්සාහය අසාර්ථක විය. තව ටික දවසකින් ස්ථාවර තැන්පතු පොලී අනුපාතය ඉතා අඩු මට්ටමකට පත්වනු ඇත. එවිට අර්ථසාධක අරමුදලට රජය පොරොන්දු වී ඇති සියයට 9ක පොලී අනුපාතය ඉතා ආකර්ශනීය දෙයක් ලෙස පිළි ගැනීමට සිදුවනවා ඇත. 

පසුගිය සතියේ සෞඛ්‍ය අංශයේ වැඩවර්ජනයක් පැවැත්වීමට සූදානම් කර තිබුණද එයට සෞඛ්‍ය සේවා අංශවල සහාය නොලැබීම නිසා අත්හැර දැමීමට සිදුවිය. විපක්ෂයේ නායකයන් සිතා සිටින්නේ දැන් ඉතා පහසුවෙන්ම මහජනතාව පාරට ගෙන්වා ගැනීමට සුදුසුම අංශය ලෙස සෞඛ්‍ය අංශය සැලකිය හැකි බවයි. එසේ වුවද සමහර රෝහල්වල බෙහෙත් හිඟයක් පවතිද්දී පවා, සායනවල රෝගීන්ට බෙහෙත් නොලැබෙද්දී පවා සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් මහජනතාව පාරට බැස්සවීමට නොහැකි වීමෙන් පැහැදිලි වන්නේ ඕනෑම අර්බුදයක දී එහි සැබෑ තත්ත්වය පිළිබඳව හොඳින් සොයා බැලීමට මහජනතාව සූදානම්ව සිටින ආකාරයයි.

ප්‍රශ්න සහ ගැටලු‍ උග්‍ර වෙමින් තිබිය දී ආවාට ගියාට නැගෙන ප්‍රකාශවලින් ද සමාජ මාධ්‍ය ජාලාවලින් ඉදිරිපත් කරන ප්‍රකෝප කිරීම් සහ ආවේගාත්මක ප්‍රකාශවලින් නොමග ගොස් සිදු කරගත් විනාශය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් මහජනතාවට ඇත. අරගලය මුවාවෙන් රට ගිනිබත් කළ ආකාරය ද මංකොල්ල කෑ ආකාරය ද විරුද්ධවාදීන් පීඩාවට පත්කළ ආකාරය ද මහජනතාවට මතකය. එබැවින් තවදුරටත් එවැනි අරමුණක් නැති සටන්වලට මැදිහත් වීමට ඔවුන්ට අවශ්‍යතාවක් නැත. 

උඩවලවේ ප්‍රශ්නය වැනි ඉතා තාවකාලික සිදුවීම් ඔස්සේ පවා විපක්ෂය, ඇතැම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ජාලා මහජනතාව පාරට බැස්සවීමේ උත්සාහයක නිරතව සිටින බව පෙනේ. නියඟය කාටවත් ඇති කළ හැකි හෝ නැතිකළ හැකි දෙයක් නොවෙයි. කලින් කලට ස්වභාවික විපත්වලට මුහුණ දීමට රටට සිදුවන අතර ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාව නොලැබුණහොත් රට පුරාම විදුලි කප්පාදුවක් හෝ සිදුවිය හැකිය.  

කාබනික පොහොර යොදා කෘෂිකර්මය පවත්වාගෙන යෑමට ගත් උත්සාහය පිළිබඳව සිදුවීම් මතක් කරන විට උඩවලව සිදුවීම කිසිදු වටිනාකමක් ඇත්දැයි සිතන තරමට එහි බලපෑම පහළ මට්ටමක පවතී. 2022 වසරේදී වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5.4 දක්වා පහත වැටුණි. එය සියයට 34.1කින් පහළ වැටීමකි. 2021 වසරේ හෙක්ටයාර එකකට වී කිලෝග්‍රෑම් 4571ක් ලැබුණි. 2022 වසරේදී එය කිලෝග්‍රෑම් 3045 දක්වා පහත වැටුණි. එවැනි රටක උඩවලවේ හෙක්ටයාර 7000ක් නියඟයට හසුවීම තුළ රටක් පාරට බැස්සවීම සඳහා එය හේතුවක් කර ගැනීමට හැකි ද යන්න සිතා බැලිය යුතුව ඇත.

කැබිනට් මණ්ඩලයේ පෙරේදා පැවැති රැස්වීමේ දී සමනල වැවෙන් ජලය මුදාහැර උඩවලව ජල ප්‍රශ්නය විසඳීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ඒ හේතුවෙන් සමනල වැව ජලාශය 16 වැනිදා සිට වසා දැමීමට සිදුවනු ඇත. පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ලබාගෙන විදුලි හිඟය පිළිබඳ ගැටලු‍වට විසඳුම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ සඳහා රුපියල් බිලියන 4ක මුදලක් අතිරේකව වැය කිරීමට සිදුවේ. වගා හානි සිදුවන ගොවීන්ට වන්දි ගෙවීමට කටයුතු කරන්නේ නම් මෙවැනි පාඩුවක් දැරීමට සිදු නොවනු ඇත. එසේ වුව ද කුඩා ප්‍රදේශයකට සීමා වන මෙම ගැටලු‍ව මහා විනාශයක් සිදුවන ආකාරයේ ජාතික ප්‍රශ්නයක් බවට පත්කර ගන්නා විට ඊට වන්දි ගෙවීමට සිදු වන්නේ මහජනතාවට බව මේ සිදුවීමෙන් පැහැදිලි වේ.

රටේ ඉදිරි ගමන පිළිබඳව දේශපාලන ස්ථාවරභාවය ඉතා වැදගත් වන අවස්ථාවක මෙම සියලු‍ සිදුවීම් වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමට රජයට සිදුවේ. එක අතකින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදුවන මෙම අවස්ථාවේ රට තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යා යුතුව ඇත. අනෙක් අතට සංචාරක ව්‍යාපාරය ඉතා වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු එක් මසක පැමිණි වැඩිම සංචාරක පිරිස වාර්තා වූයේ ජූලි මාසයේදීය.

විපක්ෂයට සහ ඇතැම් නාලිකාවලට අවශ්‍ය වී ඇත්තේ රටේ සාමකාමී පැවැත්ම විනාශ කර දමා ජනතාව මහමගට බස්සවා රජය විසින් ගොඩනගමින් තිබෙන ආර්ථික ස්ථාවරත්වය විනාශ කර දැමීමටය. සියලු‍ දෙනාම පරෙස්සම් විය යුත්තේ කවර හේතුවක් නිසා හෝ එවැනි තත්ත්වයක් රට තුළ ඇතිවීම වළක්වා ගැනීමටය.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (6)

උඩවලවේ ජල අර්බුදයේ ඇත්ත නැත්ත

randil dunuwille Wednesday, 09 August 2023 11:48 AM

මෙයාට ඕනේ ආණ්ඩුවට කඩේ යන්න විතරයි. හැමදාම මෙයා මේක තමයි කළේ.. නමට මහාචාර්ය... ආණ්ඩුවේ වැරැද්දක් දකින්නේම නැහැ.

:       9       21

Nimal Wednesday, 09 August 2023 12:12 PM

මේ දුර්දාන්ත රජය ගෙදර යවන තුරු අප සැවොම ක්‍රියාත්මක විය යුතුයි...

:       9       14

සෙනෙවිරත්න Wednesday, 09 August 2023 06:58 PM

ඊයේ රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක ඔය කියපු වතුහිමියා ගැන කිව්වා. ඒ පරපුර තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ තමන්ගේ බූදලයෙන් ජාතික පාසල් ඇතිකලේ රත්නපුර රෝහල සඳහා ඉඩකඩම් හා පාසල් සඳහා ඉඩකඩම් දුන්නේ ඔවුන් තමයි. රත්නපුර නගරසභා පිට්ටනිය ඔවුන්ගේ පරිත්‍යාග. ඔවුන් පාසල් ඇතිකළේ නඩත්තු සඳහා වතුපිටි සමග කියලා මේ ඇදුරුතුමා නොදන්නා කෙනෙක්. ඒ සමග කියන්න ඕන ඔය දැන් කියන ඉඩම හිමිකම් කියම කෙනාගේ සහෝදරයා මරා දැමීම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභාපති කෙනෙක් කියලා ඒ කාලයේ අහන්න ලැබුණා මම හිතන්නේ මේ වත්ත පමණක් වෙන්න ඇති... දැනට ඔවුන් සතුව තියෙන්නේ කියලා ඒ සමග කියන්න ඕනෑ. මේ වත්ත එජාප පාක්ෂික අයෙකුගේ නිසා මෙහෙම කලාද කියලා හිතෙනවා.. එහෙම කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ එජාප පාක්ෂික කෙනෙකුගේ ඉඩමක් සඳහාත් මෙහෙම කළ නිසාම තමයි. ඒ ගැන විමර්ශනය කළොත් හොඳයි...

:       0       10

dhamneth Thursday, 10 August 2023 11:37 AM

වරින්වර නියඟය හා ගංවතුර ඇතිවීම හෝ රටට පමණක් සීමාවූවක් නොවේ. මීට දශක කීපයකට පෙර නියඟයක් ඇතිවුණාම ප්‍රෙද්ශයේ ගොවිමහත්තුරු තම ප්‍රෙද්ශයේ පන්සලකට හෝ දේවාලයකට හෝ ගොස් දේවකන්නලව්වක් කරනවා. දැන් සංගම් නායකයින් කිහිප දෙනෙකුගේ උපදෙස් මත උද්ඝෝෂණ කරනවා. මේ ක්‍රියාමාර්ග දෙකින් එකකින්වත් වැස්ස නම් ලැබෙන බවක් පෙනෙන්න නම් නැහැ...

:       0       0

Cisco Thursday, 10 August 2023 08:16 PM

ගොවියන්ට 50% ක් වී වවන්න කිව්වට හරියන්නේ නැහැ. ජලය පහසුවෙන් ගෙනයාහැකි ඇලවල්වල කුඹුරු වී වගාවට 50%ක් වෙන්කරලා ඉතිරිය වෙනත් බෝග වවන්න කිව්වා නම් හරි. නැත්නම් ගොවියන් ස්වේච්ඡාවෙන් 50:50 බෙදෙන්නේ නැහැ. මෙයා දන්න ඇත්ත දන්නේ නැතිව නිකම් පවතින රජයට කඩේ යනවා...

:       0       0

Ratne Friday, 11 August 2023 04:44 AM

රටේ ව්‍යවස්ථාවට, නීතියට පිටින් සහ ජනතා මතයට අවස්ථාව නොදෙමින් රටේ පාලන බලය අල්ලාගෙන සිටින වංචනිකයින් පිරිසට කඩේ යන මහාචාර්ය තනතුරක් දරණ පුද්ගලයෙක්ගේ ලිපියක් මේක. මෙවැනි අධ්‍යාපනය ලද පුද්ගලයින්, තනතුරු හෝ පුද්ගලික වාසි අපේක්‍ෂාවෙන් වංචනික පාලකයින් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් පාලකයාට රිසි සේ හොරකම, වංචාව, ජඩ වැඩ සිදු කර ගෙන යාම අවස්ථාව සැලසී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site