IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්ව ගිය පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා මාස කීපයක් සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළේය. නොවැම්බර් 14 වැනි දින ඉදිරිපත් කළේ 2023 වර්ෂය සඳහා අයවැය ලේඛනයයි. 

පසුගිය අවුරුදු 75ක කාලය තුළදී ඉතාම අසීරුම කාලයක අභියෝග රැසක් මැද ඉදිරිපත් කළ අයවැයක් ලෙස මෙය හැඳින්විය හැක. රටේ සංචිත පහළට වැටී උද්ධමනය දරා ගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් රටේ සමස්ත ජනගහනයෙන් හැත්තෑ ලක්ෂයක් පමණ තම එදිනෙදා මූලික අවශ්‍යතා වූ ආහාර සෞඛ්‍ය අංශවලින් දරිද්‍රතාවයට පත් වී සිටින සමයක අයවැයක් ඉදිරිපත් කිරීම ලේසි පහසු නොවේ. පසුගිය අවුරුදු දෙක හමාරක කාලපරිච්ඡේදය තුළ පාලකයින් සිය අභිමතය පරිදිම කටයුතු කොට රටේ ආර්ථිකය කාබාසිනියා කර මුළු රටම බංකොලොත් කළේ සිය දිවි නසාගන්නා ආකාරයටයි.

කොතනින් පටන් ගෙන කෙසේ වැඩකොට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකිදැයි සිතා ගැනීමටවත් නොහැකි වී ඇති අවධියකි. අයවැයෙන් වැඩිපුර සහන ලබා දුනහොත් ඒ නිසාද රට තව තවත් අගාධයට යනු ඇත. එහෙත් මානව සම්පත රැක ගන්නේ නැතිව රටක් ඉදිරියට ගෙන යා හැකිද? ආයෝජන ඇති කොට එහි පල නෙළා ගැනීමට කොපමණ කලක් ගත වේද? රටේ බත සපයන ගොවි ජනතාව පත්වූ අසරණභාවයෙන් මුදාගැනීමට කොපමණ කලක් ගත වේද? 

කොපමණ කීවත් මිනිසුන් ස්වයංපෝෂිත වීමට තම හැකියාව අනුව හෝ වගා ව්‍යාපාරයක යෙදෙන්නේද නැත. බොහෝ අය නිකරුණේ රස්තියාදු වෙමින් කාලය ගත කරනවා විනා හරි හම්බකර ගෙන ජීවත්වීමේ මාර්ග ගැන සිතන්නේද නැත. එපමණක් නොව ඔවුන් දිරිගන්වා පෙළඹවීමට රජය ඇතිකර ඇති අලුත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේද? මේ අතර බලවත් උත්සාහයකින් ක්‍රියාකරන ජාත්‍යන්තර ණය අරමුදල් ලැබීමට තව කොපමණ කලක් ගත වේද? තරුණ අසහනය මන්දපෝෂණය දේශපාලන කැළඹිලි බලලෝභී දේශපාලකයන්ගේ උප්පරවැට්ටි ආදී සියල්ලක් මැද දැවෙමින් ගිනි ගනිමින් තිබෙන දේශය ගොඩනැගීමට  කෙසේ අයවැය ලේඛනයක් සාර්ථකව ඉදිරිපත් කරන්නේද? කෙසේ හෝ මේවා යම් මට්ටමක ඉතා අසීරු වූ ඉලක්කයකට ගෙන යන්නට හැකිවන සේ මුදල් ඇමැතිවරයා අයවැය ඉදිරිපත් කළේය. එහි ඉලක්ක ඇතිකොට රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් පොදු ජනතාව අවංකව හා කැපවී තමන්ම ක්‍රියා කළහොත් යම් මට්ටමක හෝ ප්‍රතිඵල ළඟාකර ගත හැකිවනු ඇත. 

මෙහිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා 1964 ජූලි 30දා තම මංගල අයවැය ඉදිරිපත් කරමින් කරන ලද දේශනයේ කොටසක් මෙසේ උපුටා දක්වමි. 

‘සෞභාග්‍ය කරා ගමන් කිරීමට කෙටි පාරවල් නැහැ. යම් යම් මුදල් ඇමැතිවරුන් හාස්කම් කරනු ඇතැයි සමහරු බලාපොරොත්තු වෙනවා. හාස්කම්වල යුගය දැන් අවසන්ව තබෙන බව කවුරුත් දන්නා දෙයක්. ඇත්ත වශයෙන්ම දේශපාලනමය ආර්ථික කටයුතුවලදී කළ හැකි හාස්කම නිතිපතා වෙහෙස වී වැඩ කිරීම පමණයි. කොටින් කියතොත් සමාජවාදී හාස්කමත් එයයි. නැවතත් මේ රට ශක්තිමත් හා බලවත් රටක් බවට පත් කිරීමට නම් ජීවිතයේ නොයෙක් අවස්ථාවල ආර්ථික ක්‍රමයේ විවිධ අංශවල සිටින අප හැම දෙනාම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. වර්තමාන පරම්පරාවෙත් අනාගත පරම්පරාවෙත් යහපත උදෙසා නිරන්තරයෙන්ම ඇප කැපවී සේවය කළ යුතුයි’ (හැන්සාඩ් වාර්තාව) 

මින් අවුරුදු 58කට පෙර ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා විසින් කරන ලද මෙම ප්‍රකාශය අදට කොතරම් උචිතද? එතුමා වර්තමාන තත්ත්වය එදා එලෙසම දැක තිබේ. ඒ අනුව කටයුතු කිරීමට වර්තමානයේ හැමට වගකීමක් ඇති බව නොකිවමනාය. පසුගිය කාලවකවානුව තුළ සිදු වූ පෙරළිකාර සිදුවීම් දෙස බලන විට ඇන්.ඇම්. පෙරේරා මහතා නිවැරදිව පෙන්නුම් කළාක් මෙන් මුදල් ඇමැතිවරුන්ට හාස්කම් කිරීම අපහසුය. ඔවුන්ට පවතින තත්ත්වය තුළ යම් මූල්‍ය කළමනාකරණයක් කිරීම හැර විශ්වකර්ම වැඩ කළ නොහැකි වනු ඇත.

අප දැන් කළමනාකරණය කරගත නොහැකි මට්ටමට විදේශ ණය ලබාගෙන ඇත. අනාගත පරපුර ණය උගුලේ හිරවී ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් 1948දී නිදහස ලබන විට අප කිසි රටකට ණය වී සිටියේ නැත. එහෙත් දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව රටේ විනාශ වූ දෑ ප්‍රතිසංස්කරණය කිරීමට එංගලන්තය පවා ශ්‍රී ලංකාවෙන් ණය මුදල් ගෙන තිබුණ බව පෙනේ. එහෙත් ඉන් පසුව 15 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හා වෙනත් ණය මූලාශ්‍ර මගින් බිලියන ගණනක විශාල ණය කන්දරාවක් අරගෙන තිබුණත් රට තිබූ තැනටත් වඩා පහළට වැටී ඇත. රාජ්‍ය පාලකයන්ගේ අමනෝඥ ක්‍රියා උද්දච්ච තීරණ, නිලධාරී වාදය, සොරකම, වංචාව, දූෂණය, පවුල්වාදය හා ජනාධිපතිතුමා අයවැයේදී කියූ පරිදිම ‘ලෝකෙට ණය වී ජයට ගෙදර මගුල් කෑම’ හා සමාන කරුණු එලෙසම අඩුවක් නැතිව සිදුව ඇත. 

කෙසේ වුවද වර්තමානයේ  ඉතා දුෂ්කර ගමනක් යන ජනාධිපතිවරයා ඉතිහාසයෙන් අප ලද පාඩම් හා අවබෝධතා හා දේශපාලන කඩාවැටීම් පසුබෑම් හා අභියෝග නිසි පරිදි වටහාගෙන අවංක යුක්තිගරුක සාධනීය වැඩපිළිවෙළක් අනුගමනය කළහොත් මින් මතුවට හෝ යළි නැගීසිටින ශ්‍රී ලංකාවක් බිහිවනු ඇත. 


හිටපු රාජ්‍ය ඇමැති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. තිස්ස කුට්ටිආරච්චි 



අදහස් (1)

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය

Peduru Sunday, 04 December 2022 07:30 PM

විදේශ ණය ගත්තත් එය පලදායි ලෙස යොදා ගැනීම 1988 න් අවසන් වුණා. එම කාලයේ ගත් විශාලම ණය මහවැලිය සදහා ගත් ණයයි. එය ගත්තේ ඉතාම අඩු පොලියකටයි. එය ගෙවන බව ජනතාවට දැනුනේ ද නැත. එම කටයුත්ත නොකලේ නම් කන්න බතත්, විදුලි බලයත් නැත. එම වකවානුවේ රටෙහි විදේශ විනිමය ද ප්‍රයත්නයක් නොවීය. ඉන්පසු බලයට පත්වූ රජයන් රාජ්‍ය දේපල විකුණා කමින් කොමිස් ගැසුවේය. එහෙත් එම කොමිස් කෑම රටට ඔරොත්තුදෙන ලදී. ඉන්පසු යුද්ධයහි දරුණු කාලය විය. ඵහෙත් රට වැටුනේ නැත. යුද්ධය අවසන් වූ පසු හම්බන්තොට වරායට, අධිවේග පාරවල්වල, මොණරාගල බහුල ප්‍රදවනයක් වන මත්තල ගුවන්තොටුපල හැදීමට, අලින්ට ක්‍රිකට් ගැසීමට ස්ටුඩියෝ හැදීමට වුවමනාවටත් වඩා වැඩියෙන් අධික පොලියට මුදල් ගෙන වැඩි කොටසක් දේශපාලුවන්ගේ සාක්කුවලට යාමත් සියලු ආයෝජන සුදු අලි වීමත් නිසා රට මෙලෙස ප්‍රපාතයකට ඇද වැටුණි.. මේවා විගණකාධිපතිගේ වාර්තාවල ඇත. ණය ගැනීම නොවේ ප්‍රශ්නය හොරාකෑම හා අධීක්ෂණය පොලියයි. ණය නොගෙන දියූණු වූ රටක් නොමැත.

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site