IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


එළදෙනුන්ට පින් සිද්ධ වෙන්න අපේ දුව රටට රන් පදක්කමක් ගෙනාවා

(කාංචන කුමාර ආරියදාස)

මගේ කිරි එළදෙනුන්ට පින්සිද්ධ වෙන්න මුළු ලෝකයම පරදවා අපේ රටට රන් පදක්කම ගෙනෙන්න මගේ දුවට හැකි වුණා යැයි උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශූරතා සහ පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ තරගයේ දී කාන්තා කිලෝ ග්‍රෑම් 45ට අඩු බර පන්තියේ රන් පදක්කම දිනාගත් ශ්‍රීමාලි සමරකෝන් ක්‍රීඩිකාවගේ මව ආර්.එම්.ඩබ්ලිව්. සුනේත්‍රා කුමාරිහාමි මහත්මිය පැවැසුවාය. 

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශූරතා සහ පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ තරගාවලියේ දී දී කාන්තා කිලෝග්‍රෑම් 45ට අඩු බර පන්තියේ රන් පදක්කම හිමිකර ගත් ශ්‍රීමාලි සමරකෝන් ක්‍රීඩිකාවගේ මව පියා සහ නිවෙස සොයා අප හබරණ තිබලව නිවෙසට ගිය අවස්ථාවේ දී මව එසේ කීවාය.

 මේ වන විටත් උස්බෙකිස්තානය සිටින ශ්‍රීමාලි සමරකෝන් රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාවගේ මව සහ පියා කිරි ගවයන්ගෙන් ජීවිතය ගැටගසා ගන්නා පවුලකි. 

ඔවුන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් පලු‍ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් අතර පිහිටි තිඹලව නමැති ග්‍රාමයේ පදිංචිව සිටිති. තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව ප්‍රවෘත්ති නාළිකාවලින් දැන ගත් බව දෙමාපියෝ කියති.

අප එම නිවෙසට යන විට ශ්‍රීමාලි සමරකෝන් ක්‍රීඩිකාවගේ පියා සමරකෝන් (55) මහතාත් ආර්.එම්.ඩබ්ලිව්. සුනේත්‍රා කුමාරි (53) කිරි ගවයන්ගේ කටයුතුවල නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

අතේ ඇති ගොම ඇඳිවතින් පිහදා ගත් සුනේත්‍රා කුමාරි අප සමග කියා සිටියේ කුඩා අවධියේ සිට තම දියණිය බර ඉසිලීමේ ක්‍රීඩාවට දක්ෂතා දක්වා මෙම තරගාවලියේ දී 2015 දී රිදී පදක්කම ලංකාවට ලබාදුන් බවය. කුඩා අවධියේ සිට මේ දක්වා තම දියණියට ඉගැන්වීම් සඳහා අනේක දුක් කරදර විඳිමින් සිටින බව ඇය අප සමග පැවැසුවාය.

මේ වන විටත් තම කුඹුරක් උගසට තබා කිරි ගවයන් දෙදෙනකු මිලදී ගෙන තම දියණියටත් කුඩා දියණියටත් ඉගැන්වීම් කටයුතු සිදු කරන බව ද තම දියණිය බර ඉසිලීම් සිදුකොට රන් පදක්කම ලබාගත් ගෞරවය සතුට සියල්ල මෙම කිරි දෙනුන්ට අත්වන බවත් එම මව නිරහංකාරයෙන් යුතුව පැවසුවාය.

මෙම දැරිය හත්වැනි වසරේ අධ්‍යාපනය ලබද්දී හබරණ පාසලේ දී ලැබූ ජයග්‍රහණ පිළිබඳවත් ඇය දැඩි ආර්ථික දුෂ්කරතා සහිතව බර ඉසිලීමේ කටයුතු සිදු කරද්දී එකල විවිධ අයගේ උදව් උපකාර ලබා දී තිබෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රීමාලි සමරකෝන් ක්‍රීඩිකාවගේ මව ආර්.එම්.ඩබ්ලිව්. සුනේත්‍රා කුමාරිහාමි (53) මහත්මිය මෙසේ ද කීවාය.

‘‘අපේ දුව ලැබූ ජයග්‍රහණය සතුටුයි. හැබැයි මම කියන්නේ මේ ජයග්‍රහණයේ තමයි මගේ කිරි එළදෙන්නු මේ කිරි අම්මාලාට පින්සිද්ද වෙන්න තමයි මුළු ලෝකෙන් රටටම රන් පදක්කම ගේන්න පුළුවන් වුණේ. අදටත් මම මහත්තයත් එක්ක කිරි හරක් ටික බලන්නේ මෙයාගේ කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලට අවශ්‍ය මුදල් හොයන්න.’’

ගොවිතැන් කළ එකෙන් වැඩේ කරන්න බැරි වුණා. අපේ ලොකු පුතා කිව්වා ගොවිතැන් කරලා නංගි මේ තැන්වලට යවන්න බැහැ කුඹුර උගස් තියලා කිරි හරක් දෙන්නෙක් අරගමු කියලා. ඒ අනුව රුපියල් ලක්ෂ තුනකට අපි කුඹුර උගස් තිබ්බා. කිරි හරක් ටිකක් ගෙනල්ල එයාලගෙන් ගන්න මුදල තමයි වියදම් කළේ. දුවට මෙතැනට එන්න මං අදටත් සතුටු වෙන්නේ මේ කිරි අම්මලා අපේ දුවට විතරක් නෙවෙයි රටටම ආඩම්බරයක් වුණු නිසා’’ පසුගිය කාලයේ තරගවලට ඉදිරිපත් වෙන්න ඕනෑ වුණාම අපේ ගමේ බොහෝ දෙනකු මුදලින් උපකාර කළා. ඒ වගේම තමයි මම ආර්ථික මධ්‍යස්ථානයේ වගේම වෙළෙඳසල් ගානේ ගිහිල්ලා දුවට සල්ලි එකතු කරල දුන්නා. අම්මා කෙනෙක් හැටියට මට කරන්න පුළුවන් හැම කටයුත්තක්ම කළා. දුප්පත්කම කියන එක හැමෝටම තියෙනවා හැබැයි අපි කොහොම හරි රට වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකළා. දුව ජයග්‍රහණය ලැබුවා කියලා රූපවාහිනියෙන් දකින කොට පුදුමාකාර සතුටක් ලැබුවා.

‘‘අපේ ගෙදර මහත්තයත් හෘදයාබාධයකින් පෙළෙනවා. මම අවුරුදු ගණනාවක් තිස්සේ ගොවිතැන් කරලා උදේ හවස දැන් කිරි හරකුන්ට තණකොළ කපලා තමයි ජීවත් වෙන්නේ කොහොම හරි දුවව රටේ තැනකට ගේන්න අපට හැකි වුණා. සල්ලි නැතත් ඒ ආඩම්බරය තියනවා. ඒ වගේම දුව ඉගෙන ගත්ත මහමායා විද්‍යාලෙ ගුරුවරුන් දුවගේ ක්‍රීඩා උපදේශක ගුරුතුමා හබරණ ඉසුරු පාසලේ ගුරුවරුන් ගොඩක් අපට උදව් උපකාර කළා.’’

‘‘පුංචි කාලේ දුව බර උසුලන ක්‍රීඩාවට ඇතුළු වෙලා එද්දී යාට සපත්තු දෙකක්වත් තිබුණේ නැහැ. ඒව වගේම විවිධ ජයග්‍රහණ ලබන කොට ගුරුතුමා එයා දිරිමත් කළා. අපට කවදාවත් අමතක කරන්න බැහැ. 2103 වසරේ දුව ලැබූ ජයග්‍රහණයක් සමග මේ රටේ ජනමාධ්‍ය ආයතන ගොඩක් දුව ගැන ප්‍රවෘත්ති පළකරලා තිබුණා. ඒ අනුව බොහෝ දෙනෙක් දුවටත් පාසලටත් බර ඉසිලීමේ ක්‍රීඩාව ඉහළ නංවන්න උදව් උපකාර කළා. ඒ මාධ්‍යවේදීන් අපි සිහිපත් කරන්නේ පුදුමාකාර සතුටකින්.’’

ශ්‍රීමාලි සමරකෝන් ක්‍රීඩිකාව ගේ පියා ඩී.එම්. සමරකෝන් මහතා කියා සිටියේ තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බවත් එමෙන්ම තම දියණියගේ ක්‍රීඩා ගුරුවරයා වූ නදීක බණ්ඩාර මහතා නිසා මෙම සියලු ජයග්‍රහණ ලැබුණු බවය. තම දියණියත් කුඩා අවදියේ සිට එම ගුරුවරයා රැකබලා ගනිමින් සිටි බව හෙතෙම සඳහන් කළේය.

ලංකාව රනින් සැරසූ ශ්‍රීමාලි සමරකෝන් හබරණ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය සහ බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවී පසුව උසස් අධ්‍යාපනය සඳහා මහනුවර මහමායා බාලිකා විදුහලට ඇතුළත් වී මේ වනවිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබූ මෙම සිසුවිය කුඩා අවධියේ ලැබූ ජයග්‍රහණ සහ එකල අප වාර්තා කළ වීඩියෝ දර්ශනද තවමත් ඇය සතුව තබා ගෙන සිටීම ද විශේෂත්වයකි.

 අප මේ නිවෙසට යද්දී තම මිනිබිරියගේ ජයග්‍රහණයට 110 හැවිරිදි කිරි අම්මා සුබ පැතුම් එක් කළාය. ශ්‍රී මාලී සමරකෝන් දැරියගේ දහම් පාසල් ගුරුවරයා වූ නන්දන සෙනවිරත්න මහතා ජයග්‍රහණය ලද විගස උදෑසන එම නිවෙසට පැමිණ සිටියේය. දහම් පාසල් ගුරුවරයා කියා සිටියේ ආර්ථික දුෂ්කරතා සහිතව මෙම ගම්මානයේ ජීවත් වන අසරණ පවුලක දියණියක් ලෝකය ජය ගන්නට දැඩි වෙහෙසක් දැරූ බවය.

එමෙන්ම ජයග්‍රහණය ලබා ගත්තාට පසුව ඇය ඔසවා තබනවාට වඩා ජයග්‍රහණ ලබා ගැනීම සඳහා උදව් පදව් කිරීම රජයේ වගකීම බවය. ලංකාවේ රනින් සරසන්නට මෙම මව සහ ප්‍රදේශවාසීන් නගර පුරා ඇවිද මුදල් එකතු කරමින් අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතුවලට යොමු කළ බව ද හෙතෙම දැඩි සංවේදීව පැවසීය.

අප එම නිවෙසේ සිටම ශ්‍රීමාලි සමරකෝන් ක්‍රීඩිකාව මාර්ගත ඔස්සේ සම්බන්ධ කරගෙන ලැබූ ජයග්‍රහණයේ සතුට විමසූ අතර ඇය කියා සිටියේ තමන් සහ පුහුණු ගුරුවරයා වූ නදීක බණ්ඩාර මහතා දැඩි විශ්වාසයකින් සිටි බවය.
 මව් රට රනින් බැබළ වූ බර ඉසිලීමේ ක්‍රීඩිකාව වන ශ්‍රීමාලි සමරකෝන් දැරියගේ පියා වන ඩී.එන්. සමරකෝන් (55) මහතා තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ පැවසීය. 

මට ගොඩක් සතුටුයි දුව මේ තැනට ආපු එක ගැන. අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි හිටියෙ හැබැයි රන් පදක්කම ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. කොහොම වුණත් 2015 වසරේ දුව රිදී පදක්කම මේ තරගයෙන් ගෙනාපු නිසා අපට විශ්වාසයකුත් තිබුණා.”‍

 ‘‘මම ගොඩක් සතුටු වෙනවා දුවට ලැබුණු ක්‍රීඩා ගුරුතුමා ගැන නදීක බණ්ඩාර සර් තමයි දුවට මෙතෙන්ට එන්න බොහෝ උදව් උපකාර කළේ. එයාගේ පවුලේ සාමාජිකයකු හා සමානව මගේ දුවට උදව් උපකාර කළා. ඒ වගේම පුංචි කාලේ ඉඳලා අපි දුවගේ දස්කම් දැක්කා. ඒ නිසා විශාල කැප කැපකිරීම් මටත් අම්මටත් කරන්න සිද්ධ වුණා.”‍
‘‘ඇතැම් දවස්වල ක්‍රීඩා උත්සවවලට තරගවලට සහභාගි වෙන්න සල්ලි නැති වුණාම මම රට හැම තැනම ණය වුණා ඒ වගේම කුඹුරු ඉඩකඩම් පවා උකස් තියලා තියෙනවා.”‍

‘‘මගේ දුව රන් පදක්කම දිනුවා කියලා දැනගත්තේ එයා පොඩි දෝණිට එවල තිබුණ පණිවිඩයකින්. ඒ වගේම අපි ප්‍රවෘත්ති බලනකොට තමයි දැනගත්තේ හැබැයි ක්‍රීඩා අමාත්‍යංශ හෝ වෙනත් කවුරුත් අපට දැනුවත් කළෙත් නෑ. කොහොමහරි අපේ බලාපොරොත්තු ඉටු වුණා.

ඒ බලාපොරොත්තුව තමයි දෝණි රන් පදක්කමක් ලංකාවට ලබා ගැනීමට තියෙන කැමැත්ත. ඒ සඳහා වසර ගණනාවක් අපි මහන්සි වුණා. අද මම හෘද රෝගියෙක් බවට පත්වෙලා හරියට වැඩක් පලක් කරගන්න විදිහක් නෑ අපි ගොඩක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ කොහොමහරි එයාගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගන්න තමයි අපට අවශ්‍යතාව තියෙන්නෙ.”‍

 ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාවගේ දහම් පාසල් ගුරුවරයා වූ නන්දන සෙනවිරත්න මහතා මෙසේ කීය.

 ශ්‍රීමාලි රන් පදක්කම දිනපු දවස අමතක නොවන දවසක්. මොකද මට එදා දුවෙක් ලැබුණා ඒ වගේම මේ දුව රන් පදක්කම දිනුවා. ඒ සතුට දෙකම එකක් වගේ තමයි මට දැනෙන්නේ. මොකද අපි පුංචි දවසේ ඉඳලා මේ කෙල්ල දක්වන දක්ෂතා දැක්කා. අපි ගමේ ගිහිල්ලා ගෙවල් ගානේ ගිහිල්ලා මුදල් එකතු කරලා දුන්නා මේ දුවට ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සපයා ගන්න.”‍ යැයි පැවැසීය.



අදහස් (9)

එළදෙනුන්ට පින් සිද්ධ වෙන්න අපේ දුව රටට රන් පදක්කමක් ගෙනාවා

Raveendra Monday, 13 December 2021 01:34 PM

අනේකවිධ බාධා කම්කටොළු මධ්‍යයේ තමන් උපන් ඒ ලංකාමාතාව ලෝකය ඉදිරියේ රනින් බැබලවූ ඔබට අපගේ උණුසුම් සුබපැතුම් පුතේ...!!! ලංකාමාතාව ලෝකය එදිරියේ තවතවත් ළඟින් බැබළවීමට ඔබට ලැබේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. සෑම දෙයක්ම නෑ, බෑ කියමින් ඝෘණාත්මක අදහස් තිබෙන පුරවැසියන් වැඩිපුරම සිටින රටක ඒ සියල්ලන්ටම ඔබව ආදර්ශයකි. මේ දරුවාව අප රටේ සියලුම පුරවැසියන්ට ආදර්ශයක් වේවා...!

:       0       64

fairoos Monday, 13 December 2021 02:54 PM

සුබ පැතුම්

:       1       37

සුරලොව ඇල්මන් Monday, 13 December 2021 04:27 PM

ලංකාව රනින් සැරසූ පුතණුවනි. ඔබට මාගේ සුබ පැතුම්... බුදු හිමියන් බුදුවීමට උදව් කළ බෝධියට අනිමිස ලෝචන පූජාව කළා සේ... මෑණියන් කිරි ගවයින්ට පින්දීම උසස් ගුණයක්... අපි බලමු කෘෂිකර්ම ඇමතිවරයා කුඹුර බේරාදීමෙන් හා ක්‍රීඩා ඇමැතිවරයා අවශ්‍ය ආධාරයක් දෙයිද කියලා...

:       2       39

iks. chandrasiri Monday, 13 December 2021 05:55 PM

දුප්පත්කම කියන්නේ ජයග්‍රහණයට බාධාවක් නොවන බව මේ දියණිය වගේම ඇගේ දෙමාපියනුත් ලොවට පෙන්වා දී ඇත. ඇගේ ගුරුවරුන්ටත්, උදව් උපකාර ළ සැමටමත් ස්තුතියි.

:       0       37

Jana Monday, 13 December 2021 08:04 PM

සතුන්ට කල ගුණ දැක්වීම, මතක් වීම කොච්චර හොඳ දෙයක්ද? ඇත්තෙන්ම සතුන් නෙවෙයි කිරි අම්මලා

:       0       39

G.M.Bandusena Tuesday, 14 December 2021 07:32 AM

ඈත ගමේ මේ දියණිය වගේ දක්ෂ දරුවෝ තවත් ඉන්නවා. රට ලෝකෙටම ඔසවා තැබූ මේ දියණිය වෙනුවෙන් අපේ ක්‍රීඩා ඇමතියන්ට මේවා ඇහැට පේනවද කනට ඇහෙනවද කියලා සැකයි. ඔවුන්ගේ ඇස් ඇරේවා අවශ්‍ය ආධාර උපකාර දැන්වත් ලබාදීමට කටයුතු කළයුතුයි. දියණිය ඔබගේ අනාගතය අධ්‍යාපනය සහ ක්‍රීඩාවෙන් ජය ලැබේවා. පවුලේ සැමගේ අනාගතය වාසනාවන්ත වේවා! දළදා සමිඳු පිහිටයි.

:       0       5

Prabath Wednesday, 15 December 2021 07:35 AM

සුභ පැතුම් ඔබට දියණිය. අපිට ක්‍රීඩා ඇමති කෙනෙක් නැද්ද ආහ්..ඌ බයිලා ගගහා රට වටේ යනවා වෙන වෙන වැඩ වලට.අර විශ්ව විද්‍යාල වල කෘෂිකර්ම අංශයේ අය කෘෂිකර්ම වැඩ හැර අනෙක් ඔක්කොම කරනවා වගේ.ආ මූ නම් අගමැති වෙන්න බලාගෙනනේ ඉන්නේ.වෙයි කියලා තමයි බය

:       1       4

janahitha UAE Wednesday, 15 December 2021 09:24 AM

අධ්‍යාපන ක්‍රීඩා කටයුතු සඳහා අපි උදව් කරන්නෙමු. මෙම ගම විශාල ජාතික කිරි නිෂ්පාදනාගාරයක් බවට පත් කරමු

:       0       0

SiriThursday, 16 December 2021 12:22 PM

කවුද ඔය කියන ක්‍රීඩා ඇමතිද? කරයි කියල තමයි බය....

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site