IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඕමාන් සිද්ධියට සම්බන්ධ තව දෙන්නෙක් ඉන්නවා

(අශන්ති වරුණසුරිය)

ඕමාන් මිනිස් ජාවාරම මේවන විට කරළියේ බෙහෙවින්ම කතාබහට ලක්වී තිබෙන ඛේදනීය සිදුවීම රාශියකින් සැදුම්ලත් ප්‍රශ්නයකි. දිගින් දිගටම කතා බහට ලක් වුවත් මේවන තුරුත් මෙකී මිනිස් ජාවාරමේ මහ මොළකරුවන් කවුරුන්ද යන්න හෙළි කර ගැනීමට හැකි වී නැත.

ඕමාන් මිනිස් ජාවාරම සම්බන්ධයෙන් හෙළිදරව් කළ රන්තැටිගේ නිශ්ශංක හෙවත් ඩුබායි සුද්දා සමඟ මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ.

 

ඔබේ නමත් එක්ක සම්බන්ධ ඩුබායි ගමනේ මූලාරම්භය මතක් කළොත් ?

"ඩුබායි සුද්දා" මැදපෙරදිග මිනිස්සු දාපු නමක්. මම ලංකාවේ රාජ්‍ය සේවකයෙක් විදියට රජයේ රැකියාවක් කරමින් ඉදලා, පසුව 2019 ඩුබායි රාජ්‍යට ගිහිං ලක්ෂ දෙකහමාරකට හොරෙක්ට අහු වෙනවා. මාව වංචනික ලෙස රැවට්ටූ මේ පුද්ගලයාව මම කාලයක් හෙව්වා. පසුව ඔහුව හොයන්න ඇප් එකක් හැදුවා. මේ ඇප් එක හරහා ගොඩක් අය එකතු වුණා. මිනිස්සු ගොඩක් එයාලගේ ප්‍රශ්න කියන්න පටන් ගත්තා. මෙහෙම කාලයක් යනකොට ජාවාරම් කාරයින්ට තිත තියන්න මම කල්පනා කළා. ඒ වෙනුවෙන් වැඩ ගොඩක් කළා. ඒ අනුව තමයි කාලයත් එක්ක මිනිස්සු මට ඩුබායි සුද්දා කියලා නම දැම්මේ. මේක ලොකු ජාවාරමක්.

එතකොට කාන්තාවන්ගේ ප්‍රශ්න විතරද ඔබට එන්නේ ?

නැහැ දෙපාර්ශවයේම ප්‍රශ්න එනවා. පිරිමි අයගෙන් නම් එන්නේ බොහොමයක් මුදල් ලබා ගෙන රැවට්ටු ප්‍රශ්න. කාන්තාවෝ නම් ගණිකා සේවයට අලෙවි වෙනවා. ජාවාරම් කාරයෝ කාන්තාවෝ  බිස්නස් කරනවා.

කවුද ජාවාරම්කාරයෝ ? ලංකාවේ අයද ඒ රට වල අයද ?

ලංකාවේ තැරැව්කරුවන් හරහා රට ගියාම ඕමාන්හි බාබර්ලාට මේ විදියට විකිණෙනවා. ඕමාන් වල ලංකාවේ කාන්තාවන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. බහුතරයක් ගණිකා සේවයේ රැකියා. තැරැව්කරුවන් ඩුබායි රටට කාන්තාවන් ගෙන්නලා ඒ හරහා ඕමාන් වලට ගෙන එනවා. මෙහිදී ලක්ෂ 14,17, 20ටත් අපේ කාන්තාවෝ විකිණෙනවා. මේ ප්‍රශ්න එක්ක අදාල ගෙදරින් එළියට පැන්නම නැවත මෙම කාන්තාවන් ජාවාරම්කරුවන්ට අහු වෙලා නැවතත් ගණිකා සේවයට විකිණෙනවා. තානාපති කාර්යාලය පවා කාන්තාවන්ව විකුණනවා. මෙහෙම ප්‍රශ්නයක් වෙලා සමාජ ගත වෙන්න කාන්තාවන් කැමති නැහැ. නීතියේ පිහිට පතන්නෙත් නැහැ. නීතියට ගියාමත් කාන්තාවෝ තවත් අසරණයි. ඒ නිසා කාන්තාවෝ නිහඬයි. 

ඔබට බොහෝ දෙනෙක් ප්‍රශ්න පවසලා තියෙනවා. මෙකී පිරිස්ට ඔබ පිහිට වෙලා තියෙනවා ද ?

ඔව් ගොඩක්. ඒත් සමහරු දන්නෙත් නැහැ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් මම මූලිකත්වය ගත්ත කියන එකවත්. එහෙම රහස්‍ය භාවයෙන් සිදුකළ බොහෝ දේවල් තියෙනවා.

ඔබ සතු සාක්ෂි සාධක සමඟ ඕමාන් හැර වෙනත් රටවල තානාපති කාර්යාල වලත් මෙවන් දේ සිදු වෙනවා ද ? 

මේකට අපේ කාන්තාවෝ විකිණෙනවා සේ වෙනත් රට වල කාන්තාවොත් මෙලෙස විකිණෙනවා. දේශපාලන හස්තයන්ගේ හයියෙන් මේ දේවල් සිදු කෙරෙනවා. සල්ලි එන ප්‍රධාන මාර්ගයක් නිසා මේක යට ගහනවා. සියලු තානාපති කාර්යාලවල මේ දේ වෙනවා. ඉදිරියේදී සාක්ෂි සහිතව හෙළි කරන්න සූදානම්.

ඕමාන් තානාපති කාර්යාලයේ නිලධාරියෙක්ට මේ වන විට නිතිය ක්‍රියාත්මක වෙනවා ?

නමුත් ඔහුගේ ඉත්තෝ ඉන්නවා. අවශ්‍ය කරන තව ප්‍රධාන දෙදෙනෙක් ඉන්නවා. ඔවුන්ටත් දඩුවම් ලබා දිය යුතුයි.

ඔබ දිගින් දිගටම දේශපාලඥයින් සම්බන්ධ බවට පවසන්නේ ඇයි ?

කාන්තාවෝ කියනවා ඔවුන් රට යනකොට අරයව, මෙයාව හම්බ වෙන්න කියලා මැප් එකක් දීලා එකිනෙක නිලධාරී ළඟට යැවුවා කියලා. නිලධාරීන්ව මෙලෙස හසුරුවන්න දේශපාලන හස්තයක් තිබිය යුතුයි. මේවාට 225ම වග කිව යුතුයි. මිනිස්සුගේ සාක්ෂි බොහෝ මා සතුයි.

ඔබ පසුගිය දා CID ගියා නේද ?

ඔව්, පැය 24ක්ම මම ජාවාරම්කරුවන්ගෙ තොරතුරු ලබා දුන්නා. ඔවුන් අපක්ෂපාතිව මේ දේවල් සිදු කරයි කියල මම හිතනවා.

එතකොට ඩුබායි සුද්දා පිටුපස කවුද ඉන්නේ ?

මිනිස්සු. මේක මැදපෙරදිග අරගලයක්.

ඔය මැදපෙරදිග අරගලේ පිටුපස දේශපාලනය පක්ෂයක් නැතිද ? පක්ෂ වල ඔබට ආරාධනා එහෙම ලැබිලා නැතිද ?

ජනතාව කියනවා මම තැනකට එන්න ඕන කියලා. ඔව්, පක්ෂ වලින් මට ආරාධනා තියෙනවා. විවිධ පක්ෂ සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. විජය කුමරතුංග කියන චරිතෙට මම හරිම කැමතියි. මේක දියසෙන් කුමරු වගේ බහුතරයක් බිහි විය යුතු කාලයක්.

ඒ කියන්නේ ඔබ චන්ද්‍රිකා කුමරතිංග, කුමාර වෙල්ගම සමඟ එකතු වෙන්න කැමතියි ?

මම කැමති කෙළින් කතා කරන නායකයන්ට. කුමාර වෙල්ගම එවන් චරිතයක්. ඔහු මගේ ගමේ. ගමේ මිනිස්සුත් හරිම ආදරෙයි ඔහුට.

 

(තැරව්රිකානියකගේ වදහිංසාවට ලක්වෙන අසරණ කාන්තාවගේ වීඩියෝ දර්ශණ සහ ඕමාන් මිනිස් ජාවාරමේ තවත් විස්තර ඇතුලත් ලංකාදීප Online රතු කට්ට අශන්ති වරුණසුරිය සමඟ සම්පුර්ණ වීඩියෝව)

 



අදහස් (1)

ඕමාන් සිද්ධියට සම්බන්ධ තව දෙන්නෙක් ඉන්නවා

AB Tuesday, 06 December 2022 07:17 PM

ආසියානු රටවල් ඉන්දියාව ඇතුළුව කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදවීම නතර කර තිබේ. මේවනවිට සෞදි අරාබියාව ඇතුළු මැදපෙරදිග රටවල් කනතාවන් වෙනුවෙන් ඔවුන්ගේ රටවල තිබු දැඩි නීති ඉවත් කර ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ඔවුනට සමාජයේ පිරිමින් සමානව අවස්ථවන් ලබාදී තිබේ. එමනිසා වදහිංසාවට ලක්වෙන අසරණ කාන්තාව සහ ඕමාන් මිනිස් ජාවාරම පිලිබදව පමණක් නොව සියලු මැදපෙරදිග රටවල මෙවැනි ක්‍රියාවන් සිදුවනවා ඇත. මෙම සියලු කරුණු රජතන්ට්‍රික තානාපති මට්ටමින් සකජා කර විසදා ගත යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site