IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රශ්න ගැන අවධානයක් ඕනෑ

තේ කර්මාන්තය අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයකි. ක්‍ෂණිකව සිදු කළ කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා තේ කර්මාන්තය හතර ගාතෙන් වැටුණේය. කොවිඩ් වසංගතයත් සමග තත්ත්වය තවත් බැරෑරුම් විය. 

ඒ සියල්ලම ඉතිහාසයට අයත් දේය. තේ කර්මාන්තය යළිත් අළු ගසා නැගී සිටියේ පසුගිය වසරේදීය. එම නැගි සිටීම 2019 වසරත් සමග සන්සන්දනය කිරීමේ දී මනාව කැපී පෙනේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ 2019 වසරේදී තේ දලු කිලෝවකට ලැබුණේ රුපියල් 85ක් බවයි. එහෙත් පසුගිය වසරේ දී දලු කිලෝවකට ගෙවන මුදල රුපියල් 360 දක්වා ඉහළ ගිය බව ඔහු කීවේය.

මෙය ඉතා යහපත් තත්ත්වයකි. මෙම තත්ත්වය දිගටම පවත්වාගෙන යා හැකි නම් මේ කර්මාන්තය සවිමත්ව පවත්වාගෙන යාමට එය මනා පිටිබලයකි. එය එසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී තේ කර්මාන්තයට වර්තමානයේ අත් වී ඇති ඉරණම අනාවරණය කළේය. 

ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ කුඩා තේවතු හිමියන්ගේ අමු තේ දලුවලට ලැබෙන මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බැවින් කුඩාතේ වතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවය. මේ වනවිට දලු කඩන අයට ගෙවා පොහොර  දැමු විට කර්මාන්තය පාඩු ලබන තැනකට පැමිණ ඇති බවත් කුඩා තේවතු හිමියන් වතුවලින් දලු කැඩීම අතහරින තැනකට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි. 

ජනතාවට සෘජුව බලපාන ප්‍රශ්න අභියෝග සාකච්ඡාවට බඳුන්වන තැනක් බවට පාර්ලිමේන්තුව පත්විය යුතු වුවද බොහෝ විට එහි සිදුවන්නේ ර​ටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට තරම් නොවන තුට්ටු දෙකේ සංවාදයයි. පෞද්ගලිකව සිදුකරන ආක්‍රෝෂ පරිභවයන්ය.

එම පරිසරය තුළ රටේ ආර්ථිකයටත් තේ කර්මාන්තයේ යෙදෙන අති විශාල පිරිසකටත් බලපාන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කතා කිරීම ගැන ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයාට ප්‍රණාමය පිරිනැමිය යුතුය.  මන්දයත් එබදු සංවාද පාර්ලිමේන්තුව තුළ අතිශයින්ම විරළ හෙයිනි. 

කුඩා තේ වතු හිමියන් මුහුණ දී සිටින ඉරණම සුළුවෙන් ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකිය. මෙම කර්මාන්තය මත යැපෙන පවුල් සංඛ්‍යාව ලක්‍ෂ ගණනකි. රටට බරක් නොවී රටේ ආර්ථිකයට යහමින් සම්මාදන් වන කුඩා තේ වතුහිමියන් මුහුණ දී ඇති ප්‍රශ්නය නිවැරදිව වටහා ගනිමින් කඩිනමින් විසඳුම් ලබා දිය යුතුය. 

කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රශ්නයට ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා විසඳුමක් ද ඉදිරිපත් කර තිබේ. මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මුහුණ දී තිබෙන විදේශ විනිමය ගැටලුව තව දුරටත් තීව්‍ර වන්නට පෙර සෙස් අරමුදල වැනි අරමුදලක් පාවිච්චි කර කුඩා තේ වතු ආරක්‍ෂා කර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසය. කඩිනමින් ක්‍රියා මාර්ග නොගතහොත් විසඳාගත නොහැකි ගැටලුවක් ඇතිවන බව ද ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි. 

​තේ කර්මාන්තයට සම්බන්ධ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා කුඩා තේ වතු හිමියන් මුහුණ දී සිටින ගැටලුවට හේතුව අනාවරණය කර තිබිණි. අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ ගිය වසරේ තේ නිෂ්පාදනය අඩුවීම නිසා මිල ඉහළ ගිය අතර ගිය වසරේ දී තේ නිෂ්පාදනයෙන් ඩොලර් කෝටි 180ක් ලැබුණූ බවය.

එහෙත් මේ වසරේ තේ නිෂ්පාදනය වැඩිවීම නිසා දලු මිල යම් පමණකට අඩුවන බවත් ගිය වසරේ ඩොලරයේ වටිනාකම ඉහළ ගිය නමුත් ඩොලරයේ මිල අඩුවන විට ඒ හා සාපේක්ෂව අපනයනය සඳහා ලැබෙන මිලත් අඩුවන බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණ. 

කුඩා තේවතු හිමියන් මුහුණ දී සිටින ගැටලුවත් එයට හේතුවත් ඉතා පැහැදිලිය. දැන් අවශ්‍ය වන්නේ ගැටලුව තව දුරටත් වර්ධනය වීම අවසන් කර කඩිනමින් විසඳුමක් සැපයීමය.

(***)



අදහස් (4)

කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රශ්න ගැන අවධානයක් ඕනෑ

සත්‍යපාල Tuesday, 13 June 2023 06:14 PM

වලේබොඩ මන්ත්‍රීතුමා කියන්නේ සහතික ඇත්ත.. අද මට අහන්න ලැබුණා තේදළු කිලෝවක් සඳහා ලැබෙන මුදල රුපියල් 150/=ක් තරමට බැහැලා කියලා. එයින් දලුකඩන්න කිලෝවක් සඳහා රුපියල් 50/= සහ කෑම සමග තේ සපයන්නත් වෙනවා. ඊළඟට පොහොරමිල යම් පමණකින් අඩුවුණත් ඉඩම් එළිපෙහෙළි කරන්න වියදම් වුණාම කිලෝවක් සඳහා වියදම් රුපියල් සියයක් ඉක්මවා යනවා... අත්දැකීම් අනුව කියන්නේ... ඉතින් කුඩා තේ වතු හිමියන්ට සහනයක් නැත්නම් ප්‍රශ්නයක් ඇතිවෙනවා තමයි. කොහොම වුණත් වැවිලි ඇමැතිගේ ප්‍රකාශය කැබිනට් එකේ සාමූහිකත්වය රැකීමට කිව්වත් ඒ කතාව හරි කියලා කියන්න බැහැ...

:       0       3

බද්රානි Wednesday, 14 June 2023 03:03 PM

කුඩා හෝ මහාපරිමාණ තේ වතු හිමියන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න නම් ගොඩක් අය ඉන්නවා. ඒත්, තේ වතු කම්කරුවන්ගේ ගැටළු ගැන කතාකරන්න නම් බල්ලෙක්වත් නැහැ. ඕනෑම කර්මාන්තයක් දියුණු වෙන්න නම් එහි සේවකයින්ට සාධාරණ වැටුපක් ගෙවන්න ඕනෑ. එහෙම නැති නම්, ඒ කර්මාන්තයට වගතුවක් වෙන්නේ නැහැ. එදා සුද්දෝ "සිලෝන් ටී" නමින් අපේ තේ ලෝක ප්‍රසිද්ධ කළා. ඒත්, මේ රටේ කළු සුද්දන්ට ඒ ලෝක ප්‍රසිද්ධ සන්නාම නාමයේ කීර්තියවත් තබා ගන්න මේ වනවිට නොහැකිවී තිබෙනවා. සුද්දන්ට බනින මෝඩ සිංහලයින්ට, සුද්දෝ මෙරටට දායාදකළ සියල්ල වැනසී යාමට වැඩි කලක් ගත නොවනු ඇත...

:       3       2

චතුරි Friday, 16 June 2023 05:02 AM

බද්රානි, ලංකාවෙන් "සිලෝන් ටී" නම ගැලවිලා දශකයකට වැඩියි දැන්. වෙන රටවල් කිහිපයක් ඒ මාකට් එක අල්ලලා. ඒ සමගම ලෝකයේ (එංගලන්තේ හා මැද පෙරදිග සැහෙන්න වේගයකින් කොපිවලට හුරුවෙමින් පවතිනවා. දැන් ලෝකයේ වැඩිම තේ මාකර්ට් එක තියෙන්නේ දැන් ලෝකයේ ලොකුම තේ මාර්කට් එක තියෙන්නේ චීනේ හා ඉන්දියාවේ. චිනේ තේ කියන්නේ ලංකාවේ වගේ හදන බ්‍රවුන් ටී හො බැල්ක් ටී නොවේ. ඉන්දියාවේ මාර්කට් එක තනිකරම වගේ යන්නේ එහෙ තේවලින්. වර්තමානයට එන්න කාලේ හරි දැන්. හොයලා බලන්න කෙන්යාව, ඉන්දියව, චීනේ වගේ රටවල් කොහොමද තේ කඩන්නේ කියලා. මිනිස්සු අතිත් තේ කඩපු ‍යුගය ඉවර වෙලා ගොඩක් කල් දැන්. සරලවම, මේ කර්මාන්තය දැන් ලෝකෙන් අඩුවේගෙන යන එකක්. ඉතිරිවෙලා තියෙන ටිකත් මිනිස් ශ්‍රමය අවමයෙන් පාවිච්චි කරන තත්වවලට වෙනස් වෙමින් යනවා...

:       0       1

CA Tuesday, 20 June 2023 11:06 AM

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මැදිහත් වීමෙන් දළු නෙලන මහත්ම මහත්මීන් හට දළු කැඩීම පිළිබඳ පුහුණුවක් හෝ උපදෙස් මාලාවක් ලබාදිය යුතුවේ. ඔවුන් කිසිදා දළු කැඩීමට පුහුණු වී නැති අයවන අතර පුරුද්ද අනුව හොඳින් දළු ඇදෙන තෙක් කල්මරාගෙන ඉඳලා දළු කැඩුවාම ඊළඟ සතියට දළු නැතිවමත් නෙලන ලද දළුවල ගුණාත්මක භාවය අඩුවීමත් සිදුවේ. එබැවින් නිසි පරිදි දළු නෙලීමේ අත්පත්‍රිකාවක් හෝ මුද්‍රණය කර ලබාදෙන ලෙස විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේ සංවර්ධන අධිකාරියෙන් ඉල්ලමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site