IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


’කයිට්ස් පොලිසිය සිංහලෙන් ලියූ කොළයකට බලෙන් අස්සන් ගෙන අපට පහර දුන්නා’

(සිරාජ් හසීම්)

යාපනයේ විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධයෙන් තමන්  අත්අඩංගුවට ගත් කයිට්ස් පොලිසිය සිංහල බසින් ලියන ලද කොළයකට   බලහත්කාරයෙන් අත්සන් ලබාගත් බවත්, තමන්ට පහර දුන් බවත්  නඩුවේ මුල් විත්තිකරුවෝ හයදෙනා පෙරේදා (28) විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් පැවසූහ.

යාපනයේ පුංකුඩිතිව්හි පදිංචි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ නඩු විභාගයේ විත්තියේ සාක්කි විමසීම මහාධිකරණ විනිසුරුවරුන් වන බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අන්නාලිංගම් පේ‍්‍රමශංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන් යන විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදී පෙරේදා (28)   ආරම්භ විය.

සිසුවිය පැහැරගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, පැහැරගැනීම, අපයෝජනය කිරීම, මරා දැමීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින බූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංහම් ජෙයක්කුමාර්, බූබාලසිංහම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස්කුමාර්) යන විත්තිකරුවෝ නව දෙනා බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

පළමු විත්තිකරුවන් හයදෙනා වෙනුවෙන් පෙනී සිටි මහින්ද ජයවර්ධන, ආරුමුගම් රගුපති සහ සින්නරාසා කේදීෂ්වරන් යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත සාක්කිකූඩුවට නැග තමන් පවසන දේ සත්‍ය බවට දිවුරා පොරොන්දු වෙමින් පළමු විත්තිකරුවෝ හය දෙනා සාක්කි ලබාදුන්හ.

නඩුවේ පළමු විත්තිකරු වන බූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් සාක්කි දෙමින් මෙසේ සදහන් කළේය.

‘මම වසර 23ක සිට පුංකුඩිතිව්වලයි පදිංචිව සිටින්නේ. ධීවර රැුකියාව ජීවනෝපාය විදිහට කරනවා. කයිට්ස් පොලිසිය මෙම ඝාතනයට මා  සම්බන්ධයි කියලා 2015 මැයි 14 වැනි දා අත්අඩංගුවට ගත්තා. මගේ කමිසය ගලවල දෑත් පිටුපසට කර බැඳ බිම දාල පාගා මට පහර දුන්නා. කයිට්ස් පොලිසියේ ගෝපි නමැති පොලිස් කොස්තාපල්වරයකු බිම වැටී සිටි මගේ කකුල පාගන් හිටියා. තවත් උසස්පොලිස් නිලධාරියෙකු මට පහරදුන්නා. (තමන්ට පහරදුන් ආකාරය විත්තිකරු සවිස්තරව විස්තර කළේය).

මට පහරදීමෙන් පසු ඔවුන් උසස් පොලිස් නිලධාරියෙකු ළඟට රැගෙන ගියා. එහිදී මට සිදුකරපු පහරදීම් ගැන කියන්න යද්දි ගෝපි නමැති පොලිස් නිලධාරියා බලපෑම් කරල මාව නවත්තගන්න උත්සහා කළා. එහෙත් මම සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියා දැනුම්වත් කළා. පසුව මාව කයිට්ස් මහේස්ත‍්‍රාත් ලෙනින් කුමාර් මහතා හමුවට ඉදිරිපත් කළා. මෙම අපරාධයට මගේ සම්බන්ධයක් නැති බව මම ඔහුටද ප‍්‍රකාශ කළා. එමෙන්ම පොලිසිය මට පහරදී වදහිංසා පමුණවීම ගැනත් කියුවා. එහෙත් මම බන්ධනාගාරගත කර සිටි නිසා පැමිණිල්ලක් කරන්න බැරිවුණා.

මේ සිසුවිය ඝාතනයට  මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ලක්ම ප‍්‍රතික්ෂේප කරනවා.  විත්තිකරු සාක්කි දෙමින් කීවේය.

නඩුවේ දෙවන විත්තිකරු වන බූබාලසිංහම් ජෙයක්කුමාර්ගේ සාක්කි දෙමින් මෙසේ පැවසීය.

මම පදිංචි වෙලා ඉන්නේ පුංකුඩුතිව් ප‍්‍රදේශයේ. ධීවර රැකියාව ජීවනෝපාය ලෙස කරනවා. මුහුදු නොයන දිනවල පොල් ගස්වල නැගල පොල් කඩනවා. තල් ගස්වල නැගල අතු කපනවා. සිසුවිය ඝාතනයට ලක්වූ දිනට පසුදින එනම් 14 වැනි දා උදෑසන මම රැකියාවට ගියා. එදින මධ්‍යහනයේ නිවසට පැමිණියා. එවිට මගේ බිරිඳ කිව්වා ඔයාව හොයාගෙන පොලිසියෙන් ආවා ඔයාට ආලඩි මංසන්දිය ළඟට එන්න කියුවා කියල. ඒ නිසා මම ආලඩි මංසන්දියට ගියා.

එහි ගිය ගමන් කයිට්ස් පොලිසියේ නිලධාරින් මාව අත්අඩංගුවට ගත්තා. මගේ දෑත් පිටුපසට කර විලංගු දමා මට පහරදීල හිංසා පැමිණුවා. මගෙන් කිසිම ප‍්‍රකාශයක් සටහන් කරගන්නෙ නැතුව සිංහල බසින් ලියන ලද කොලයකට අත්සන් කරන්න කියල මට පහරදුන්නා. පහරදීම් ඉවසාගෙන ඉන්න බැරි නිසා මම ඊට අත්සන් කළා. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අයත් සිංහල බසින් ලියන ලද කොළයකට අත්සන් ගත්තා. අත්සන් අරන් මද වේලාවකින් දෙමළ පොලිස් නිලධාරියෙකු පැමිණ දෙමළ බසින් ලියන ලද ප‍්‍රකාශයකට අත්සන් ගත්තා. එහෙත් ඒ කොළේ කුමක් ලියල තිබුණද කියල කියුවෙ නැහැ. මා සම්බන්ධයෙන් නැගී ඇති සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා. මමත් මේ අපරාධයට  කිසිම සම්බන්ධයක් නැහැ.

  පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතා දෙවැනි විත්තිකරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසූ අතර ඊට පිළිතුරු සාක්කි දෙමින් විත්තිකරු මෙසේද සඳහන් කළේය.

උදයසූරියන් සුරේෂ්කරන්ව (ඝාතනය දෑසින් දුටු රජයේ සාක්කිකරු) මම දන්නවා නමුත් ඇසුරක් නැහැ. නඩරාජා පුවනේස්වරන් (ඝාතනය දෑසින් දුටු සාක්කිකරු) හඳුනනවා. මුහුදු රැකියාවට ගිහිං එන සමහර දවස්වලට මම ඔහුගේ නිවසට ගොස් රා මිලදී ගෙන පානය කරනවා. 2014 වසරේ තමයි එහෙට අන්තිමට ගියේ. සිසුවිය ඝාතනය වෙන්න වසරකට පමණ පෙර සිටම වෙනත් නඩුවක් මත ඇතිවූ අමනාපයක් මත මම එහි ගියේ නැහැ. මම රා පානය කරන්න යන සෑම අවස්ථාවකදීම තනිවමයි යන්නෙ. කවුරුහරි එක්ක බොන්න යන්නෙ නැහැ. පස්වැනි විත්තිකරු වන තිල්ලේනාදන් චන්ද්‍රහාසන් මගේ එකම පන්තියේ කෙනෙක් නිසා ඔහුව හොඳින්ම හඳුනනවා.

හයවැනි විත්තිකරු වන සිවදේවන් දුෂාන්ත්ව මම හඳුනන්නෙ නැහැ. මේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරයේදීයි ඔහුව හඳුනාගත්තෙ. සිසුවිය ඝාතනය වූ දිනයේ (2015.05.13)   මම නිවසේ තල් අතු කපමිනුයි හිටියෙ. මමත් ඝාතනය වූ සිසුවියගේ මව සමගත් කිසිදු අමනාපයක් නැහැ.

කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේ පුටුවක් සොරකම් කිරිමේ සිද්ධියකට නඩුවක් විභාග වුණා. පුංකුඩිතිව්වල පදිංචි කෙනෙක් තමන්ගේ නිවසේ පුටුවක් සොරාගැනීමක් ගැන කරන ලද පැමිණිල්ලක් මත ඒ නඩුව විභාග වුණා. එම පුටුව සොරාගත් නිවසයි සිසුවියගේ නිවසයි අතර සැලකිය යුතු දුරක් තියනවා. පයින් යනව නම් විනාඩි 15ක් විතර ගතවෙනවා. ඝාතනයට ලක්වූ විද්‍යා සිසුවිය මම එක පාරක් හෝ දැකල නැහැ.

මේ නඩුවේ හය වැනි විත්තිකරු වන සිවදේවන් දුෂාන්ත් විද්‍යා සිසුවියට ආදරය කිරීම ගැන මම කිසිවක් දන්නෙ නැහැ. සිසුවිය පැහැරගෙන දෙන්න කියල දුෂාන්ත් මට රුපියල් 23000ක මුදල් කොන්ත‍්‍රාත්තුවක් දුන්නෙත් නැහැ. මේ නඩුවේ ඉන්න තවක්කුමාර්, චන්ද්‍රහාසන්, දුෂාන්ත් කියන අයත් එක්ක එකතුවෙලා මම සිසුවිය පැහැරගත්තෙත් නැහැ. ඝාතනය කළෙත් නැහැ. මටත් පාසල් යන දුවෙක් ඉන්නෙ. මේ නිසා මෙහෙම දෙයක් මම කරන්නෙ නැහැ.

විද්‍යා සිසුවියගේ ඝාතනය ඉතා කෲර  ලෙසයි සිදුකර තිබුණේ. මෙම අපරාධය හමුදාව   සිදුකළා කියල ගමේ අය කලින් කිව්වා. මේ ගැන මමත් මගේ නීතීඥවරයාට සඳහන් කර සිටියා. එහෙත් ඒ ගැන කිසිම සාක්කිකරුවෙකුගෙන් විමසුවේ නැහැ.

මේ නඩුවේ සාක්කිකරුවෙකු වූ බාලසිංහම් නමැත්තා අපරාධය සිදුවූ තැන උදෑසන මාව දැක්ක කියල කියුවා. බාලසිංහම් කියන්නෙ මගේ බිරියගේ සහෝදරයයි. ඔහු දවසක් මගේ බිරිය සමගින් මාව බලන්න වව්නියාව බන්ධනාගාරයට ආව ගමනෙදි කියා සිටියා රහස් පොලිසිය තමන්ට තර්ජන හා බලපෑම් සිදුකරන බව. පිස්තෝලය පෙන්වල බොරු සාක්කි කියන්න කියල තර්ජනය කළා කියලත් කියුවා. ඒ බයටයි ඔහු එලෙස සාක්කි දුන්නේ. ඒ ගැන මම මගේ නීතීඥවරයාටත් කියුවා. ඔහු ඒ ගැනත් කතා කළේ නැහැ. මට පොලිසිය සිදුකරපු පහරදීම් ගැන ඒ දවස්වලම කයිට්ස් මහේස්ත‍්‍රාත් ලෙනින් කුමාර් මහතාට කිව්වා. 

මම මේ අපරාධයටත් කිසිම සම්බන්ධයක් නැහැ. මා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා අසත්‍යයි. මේ සියලූ චෝදනා මා ප‍්‍රතික්ෂේප කරනවා යැයි දෙවැනි විත්තිකරු පැවසීය. ඒ සමඟ ඔහුගේ සාක්කිය   අවසන් විය.

  නඩුවේ තෙවැනි විත්තිකරු වන බූබාලසිංහම් තවක්කුමාර් සාක්කි දෙමින් මෙසේද කීවේය.

මම ධීවර රැුකියාව කරනවා. 14 වැනි දා උදෑසන 10ට පමණ කයිට්ස් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් මාව අත්අඩංගුවට ගත්තා. පොලිසියට රැගෙන ගිහිං මගේ ඇඳුම් ගලවල පහරදුන්නා. පහරදී වදහිංසා පමුණුවල සිංහල බසින් ලියපු කොළයකට අත්සන් ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුම්න්තුවේ නිලධාරීනුත් ඒ විදිහට සිංහල බසින් ලියපු කොලයකට අත්සන් ගත්තා.

මම තවමත් විවාහ වෙලා නැහැ. මට විවාහයක් කතා කරල තියෙද්දියි මාව මේ සිද්ධියට අත්අඩංගුවට ගත්තෙ. මේ නිසා මගේ විවාහයත් නැතිවුණා. පුංකුඩිතිව්ල පදිංචි   කෙනෙක්  කොළඹ හිටපු දවස්වල ඇගේ නිවසේ තිබූ පුටුවක් සොරාගෙන ඇති බවට කයිට්ස් පොලිසියට පැමිණිලි කර තිබුණා. එහි මගේ නමත් තිබුණා. අයියා වන ජෙයක්කුමාර්ගේ නමත් සඳහන්ව තිබුණා. එහි වරද අපි පිළිගත්තා. ඝාතනයට ලක්වුණු සිසුවියගේ මවත් මේ සිද්ධියට සාක්කි දුන්නා. ඇය සාක්කි දීමෙන් පසු මම  කිසිවක් දන්නෙ නැහැ.

මට රා බොන පුරුද්ද අඩුයි. පුවනේෂ්වරන්ගේ නිවසට රා බොන්න යන්නෙ නැහැ. ඒ සිසුවිය ඝාතනය වෙන්න වසරකට පමණ පෙර සිටයි. සිසුවිය පැහැරගන්න රුපියල් 23000ක මුදලක් ගැනීමේ උවමනාවක් තිබුණේ නැහැ. මම මුදල් හම්බකරල කන කෙනෙක්. අර පුටුව පවා මම හොරකම් කළේ නැහැ. ජයක්කුමාරුයි ඒ පුටුව හොරා ගත්තෙ. මම කළේ බයිසිකලෙන් පුටුව බිමින් තියල පැත්තකට උත්සන් ගිය එක විතරයි.

සිසුවිය ඝාතනය වූ 13 වැනි දා මගේ සහෝදරයා වන ඉන්ද්‍රකුමාර් කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවකට යන්න  ඕන නිසා ඔහු බසයට නංවන්න ආලඩි මංසන්දිය වෙත එක්කගෙන ආවා. ඒ උදේ  7.30ට විතර. ඒ යන අතර සිසුවියගේ අයියත් දැක්කා. අයියව බසයට දාල උදේ 8.20ට පමණ මම ආපසු  ආවා. මේ ගැන මම පොලිසියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටත් පැහැදිලි කළා. ඒත් ඔවුන් ඒ ගැන අධිකරණයේදී සඳහන් කළේ නෑ.

මට පොලිසිය සිදුකළ පහරදීම් හා වදහිංසා පැමිණවීම් ගැන මම අධිකරණ වෛද්‍ය නිලධාරී, රහස් පොලිසිය, කයිට්ස් මහේස්ත‍්‍රාත් සහ උසස් පොලිස් නිලධාරියකු වෙත පැමිණිලි කළා.

මේ අපරාධයටත් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මා සම්බන්ධයෙන් එල්ල වූ සියලූචෝදනා ප‍්‍රතික්ෂේප කරනවා යැයි තෙවැනි විත්තිකරු කීවේය.

නඩුවේ සිව්වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂිදරන් සාක්කි ලබාදෙමින් මෙසේ පැවසීය.

මම තායිලන්තයෙන් රෙදිපිළි ආනයනය කර අලෙවි කරනවා.  මේ සිසුවිය  පැහැරගෙන ගිහිං අපයෝජනය කර මරා දැමුවේ මම කියලයි මුලින්ම පොලිසියෙන් කිව්වේ. දැන් ඒ අපරාධයට සම්බන්ධ වූවා යැයි චෝදනා එල්ල කරනවා. මේ සියලූ චෝදනා මා ප‍්‍රතික්ෂේප කරනවා. මට එරෙහිව නගපු සාවද්‍ය චෝදනා නිසාම මගේ මව මරණයට පත්වුණා. මගේ නිවසත් විනාශ කරනු ලැබුවා. මේ නඩුවේ මට එරෙහිව කිසිදු නඩු භාණ්ඩයක් නැහැ. මට විරුද්ධව සාක්කිත් නැහැ.

සිසුවිය ඝාතනයට ලක්වෙන්න කලින් දවසේ මාව පුංකුඩිතීව් වලදී වෑන් රථයක දැක්ක කියලා එක් අයකු පමණක් සඳහන් කළා. බසයෙන් බැස්ස සිසුවිය දිහා අපි බලා සිටි බවද කියා සිටියා. නමුත් මම ඒ සිද්ධියට සම්බන්ධ අයෙක් කියල සාක්කි දුන්නෙ නැහැ.

මේ සිසුවිය ඝාතනය කරල තිබුණ දවසෙ මම හිටියෙ කොළඹ. එදා උදේ කෝවිලට ගිහිං නැවතිලා හිටපු ලොජ් එකට ඇවිත් ඒ ඉස්සරහ තියෙන හෝටලයෙන් කෑම කෑවා. උදේ නවයට විතර යාළුවෙක් ආවා. ඔහු එක්ක බැංකුවට ගිහිං මුදල් අරගෙන මත්පැන් බෝතලයකුත් අරන් නැවතත් ලොජ් එකට පැමිණියා. පසුව එහි සිට මෝදර  ප‍්‍රදේශයට ගිහිං මත්පැන් පානය කළා.

පසුදා 14 වැනිදා පුංකුඩිතීව්වල සිසුවියක් ඝාතනය කර ඇති පුවතක් අසන්න ලැබුණා. ඒ සිසුවිය මගේ කාන්තීබන් කියන මිතුරාගේ සහෝදරියක්. මේ නිසා අවමගුලට සහභාගී වෙන්නයි මම පුංකුඩිතීව් වලට ගියේ. මගේ සහෝදරයා වන කුමාර් (ස්විස්කුමාර්) මේ සිද්ධිය සිදුවෙන්න පෙර මැයි 07 වැනිදා ස්විස්ටර්ලන්තයට යන්නයි හිටියෙ. ඒත් ස්විස්ටර්ලන්තයේ හිටපු වව්නියාවේ පදිංචි කෙනෙකුගේ අභාවයක් නිසා ඔහුට යන්න බැරිවුණා. මේ නිසා  ඔහු මා සමගින් කොළඹ නැවතිලා හිටියේ.

විද්‍යාගේ අවමංගල්‍යට සහභාගී වෙලා අපි පුංකුඩිතීව්වල නතර වුණා. 17 වැනි දා විනායගර් කෝවිලේ උත්සවයට සහභාගී වෙලා කොළඹ පැමිණීමට සූදානමින් සිටි වෙලාවෙ  කයිට්ස් පොලිසියෙන් ඇමතුමක් ලැබුනා. අපේ වාහනේ ඉන්න කෙනෙක්ට දුෂාන්ත් කියල කෙනෙක් මුදල් දීල තියෙනවා, ඒ ගැන විභාග කරන්න පොලිසියට එන්න කිව්වා. අපි පොලිසියට එන්න ඇහුවාම පොලිසියට එන්න එපා ආලඩි මංසන්දියට එන්න කියලා ඔවුන් කිව්වා. අපි වාහනයේ ගියා.

එතන හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කුමාර් අයියගෙන් (ස්විස් කුමාර්) ප‍්‍රශ්න කළා. එතකොට අපි හිටියේ වෑන් එකේ. එතැනට ආව කයිට්ස් පොලිසියේ ගෝපි කියන නිලධාරියා මොකද යකෝ මෙතන ඉන්නේ කියල මගෙන් ඇහුවා. පසුව එතනින් ගිය කයිට්ස් පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් චන්ද්‍රහාසන්, නිශාන්තන්, පෙරියම්බි, කන්නා කියන අයව විලංගු දමා රැුගෙන ගියා. එහිදී මම මොවුන්ව අත්අඩංගුවට ගත්තෙ මොකටද කියල ඇහුවා. ඔවුන් කිව්වා පොඩි විමර්ශනයකට කියලා.

ඒ නිසා මාත් කුමාර් අයියත් පොලිසිය පසුපසින් ගියා.   චන්ද්‍රහාසන්ගේ ගෙදරට ඔහුව අත්අඩංගුවට ගත්ත බව කියන්න යනකොට යතුරුපැදියෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙතනින් ශෂී කියන්නෙ කවුද කියල ඇහුවා. ඒ මම කියල මා ඔවුන් හට පිළිතුරු දුන්නා. මට පිටිපස්සෙ අඹ ගහ ළඟට එන්න කියල කියුවා. එතනට ගිය ගමන් මාවත් අත්අඩංගුවට ගත්තා.

පසුව අපිව පුරික්කට්ටුවාන් පොලිස් මුරපොළ වෙත රැගෙන ගියා. මම අහන ප‍්‍රශ්න 18ට උත්තර දීපං කියලයි පහර දුන්නා. මම තමයි සිසුවිය පැහැරගෙන ගියේ කියලයි ඇයව අපයෝජනයට කළෙත් මම කියලයි පිළිගන්න කියමින් ගැහුවා. වේදනාව දරාගන්න බැරුව ඔවුන් කියන විදිහට කළා. පසුව මහාලිංගම් දයානිධිගේ පුතා  තමයි සිසුවිය අපයෝජනය කරලා මරා දැම්මෙ කියල ගමේ ප‍්‍රචාරයක් කළා. පසුව පුරික්කට්ටුවාන් මුරපොළේ ඉඳන් අපිව කයිට්ස් පොලීසියට ගෙනියන්න පොලිස් වාහනයට නංවාගෙන සිටියදී  වාහන හතර පහකින් ඇවිල්ලා පොලිස් වාහනය නවත්වලා අපිව නැවතත් පුරික්කට්ටුවාන් මුරපොළ වෙත රැගෙන ගියා. පසුව එහේ ඉඳලා නාවික හමුදාවේ සහායෙන් අපිව යාපනය මූලස්ථාන පොලිසිය වෙත ගෙනගියා.

පසුදා අපිව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළා.   අපිට කළ පහරදීම් ගැන අපි වෛද්‍යවරයාට පැවසුවා.  ඔබ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්න  ඕනෑ. එහෙත් යාපනයේ දැන් තියෙන  තත්ත්වය අනුව   රෝහලේ නවත්වන්න බැහැ කියල වෛද්‍යවරයා කිව්වා. පසුව අපිව කයිට්ස් මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කළා. මහේස්ත‍්‍රාත් සමගිනුත් අපට සිදුකළ පහරදීම් හා වදහිංසා ගැන කියුවා. එමෙන්ම මේ ඝාතනය සිද්ධ වෙච්ච දවස්වල මම කොළඹ හිටි බවත් කිව්වා.

ඒ වෙනකොට අපේ ගෙදර ගිනිතියලා තිබුණා. ගිනිගත් නිවසේ මගේ මවගේ ඇස් කණ්නාඩිය බාගෙට පිලිස්සිල තිබුණා. එය සිසුවියගේ කණ්ණාඩිය කියල පොලිසිය බාරයට ගත්තා. පසුදා නැවතත් අධිකරණ වෛද්‍ය නිලධරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අපිව මහේස්ත‍්‍රාත් හමුවට ගෙනගියා. පසු අපිව රක්ෂිත බන්ධනාගාර ගතකළා. එදායින් පසු එක පාරක්වත් ඔවුන් මට පහරදුන්නෙ නැහැ. මගෙන් කිසිවක් විමසුවෙත් නැහැ.

මේ නඩුවට මා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා. මා සම්බන්ධයෙන් බොරු චෝදනා ගොනුකරලයි තියෙන්නෙ. මේ නිසා මගේ අම්මගේ ජීවිතයත් නැති වුණා. නිවසත් ගිනිබත් වුණා. දැන් මගේ බිරිඳත් දරුදෙදෙනා අතහැර යයි කියල බයෙනුයි මා පසුවෙන්නෙ. මේ නඩුවෙන් මාව නිදහස් කරන්න යැයි ඔහු කීවේය.

නඩුවේ පස් වැනි විත්තිකරු වූ තිල්ලේනාදන් චන්ද්‍රහාසන් සාක්කි දෙමින් මෙසේ ද පැවසීය.

‘මම රියැදුරෙකු වශයෙන් සේවය කළා. පසුව පුංකුඩිතීව් වලට ඇවිත් මුහුදු රැකියාව හා වෙනත් රැකියා කළා. මේ නඩුවේ චෝදනා එල්ල වන සියලූ දෙනාම මගේ මිතුරන්. මම හැමෝවම හඳුනනවා.

 2015.05.14වැනි දා උදෑසන මගේ අම්මා කියුවා විද්‍යාව ඝාතනය කරලා කියල. එතකොටයි මම ඒ ගැන දන්නෙත්.  ඇයව ඝාතනය කරල තිබුන තැනට අපි ගියා. විද්‍යාගේ අයියා සිහිසුන්ව ඇද වැටුණා. එවිට ඔහුව රෝහලට ගෙනගොස් නැවත එම ස්ථානයටම කැටුව ආව.

2015.5.12 වැනි දා මම මුහුදුගියා. එදා සවස මාපිල්ලේගේ ගෙදරට ගිහිං රා අරන් බිව්වා. 13 වැනිදා මම නිවසෙයි හිටියෙ. එදා 11ට විතර මාළු මරන්න මුහුදු ගියා. එදා සවසත් රා පානය කරන්න මාපිල්ලේගේ නිවසට ගියා. 17 වැනිදා පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. මගේ දෑත් බැඳ පහර දුන්නා. වදහිංසා කළා. ඒවා  දරා ගත නොහැකි නිසා ඔවුන් බලපෑම් කළ ආකාරයට චෝදනා පිළිගත්තා.

ඒත් මේ ඝාතනයටත් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. 2005 වසරේදී නාවික හමුදාව විසින් සිදුකළ අපයෝජන සිද්ධියකට එරෙහිව අපි තමයි මූලිකත්වය ගෙන විරෝධතා සිදුකළේ. මේ අපරාධය සිදුවුණෙත් නාවික හමුදා කඳවුර ආසන්නයේදීයි. අපත් පොලිසියත් අතර කොයි වෙලෙත් ප‍්‍රශ්න අදහස් නොගැළපීම් ඇතිව තිබෙනවා.

මම විද්‍යාව හඳුනන්නෙ නැහැ. එහෙම දැරියක් ඉන්නව කියල මම දන්නෙත් 14වැනිදායි. එහෙම ඝාතනයක් සිදුකරල තිබුණ නම් මම අද වෙනත් ඝාතන නඩුවකටයි හසුවෙන්නෙ. ඔවුනව මා විසින්ම ඝතනය කරනවා. අපේ ගමේ කෙල්ලෙක්ට මෙහෙම දෙයක් කරනව දැක්ක නම් ඔවුන් කපා කොටා ඝාතනය කරනවා. මේ අපරාධය මා විසින් සිදුකළේ නැහැ යැයි පස් වැනි විත්තිකරු කීවේය.

නඩුවේ හය වැනි  විත්තිකරු සිවදේවන් දුෂාන්ත් සාක්කි දෙමින් මෙසේ ද කීවේය.

මම පුංකුඩිතීව් ප‍්‍රාදේශීය සභාවේ උප කාර්යාලයක රියදුරෙකු වශයෙන් සේවය කළා. විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් අප කට උත්තර දුන්නෙ නැහැ. ඔවුන් විසින්මයි ඒ කටඋත්තර සටහන් කරල අත්සන් ගත්තෙ.

මේ සිසුවිය මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මාව අත්අඩංගුවට ගත්තට පස්සෙ අවස්ථා  දෙකකදී මගේ නිවසට රැගෙන ගියා. එක් අවස්ථාවක යාපනයට එන අතරවාරයේදී හිටපු ඇමතිවරයෙකුගේ යැයි කියන කෙනෙකුගේ නිවසට ගෙන ගියා. ඒ ඇමතිගේ පුත‍්‍රයත් මට පහර දුන්නා. පසුව මගේ නිවස බලන්න  ඕනෑ කියලා කියුවා. නිවසටගිය පසු මාව වෑන් රථයේ තියලා සී.අයි.ඩි.යේ නිලධාරීන් දෙදෙනෙකු මගේ නිවස වෙත ගියා. පසුව මාවත් නිවසට රැගෙන ගියා. වෑන් රථයේ තිබූ ෂොපිං මල්ලක් රෙද්දකින් ඔතාගෙන නිවස වෙත ගෙන ගියා. එය කහපැහැති පංජාබ් ඇඳුමකින් ඔතලා නිවෙස් වහලය උඩින් තිබ්බා. අතින් පෙන්නන්න කියල ෆෝටෝ ගහගත්තා. පසුව හෝටලයකට ගෙනගොස් කට උත්තරයක් ලියලා ඒකට අත්සන් ගත්තා. පසුව නාවික හමුදා කඳවුර වෙත ගෙන ගොස් පහරදීල වදහිංස කළා.

මම මගේ නෑනාටයි ආදරය කළේ. විද්‍යාට ආදරය කළේ නැහැ. මම ආදරය කළ ඇයත් මාව අතහැර ගියා. මම නිර්දෝෂීයි. මා සම්බන්ධයෙන් ඇති චෝදනා සියල්ලක්ම අසත්‍යයි. ඒ සියලූ චෝදනා මම ප‍්‍රතික්ෂේප කරනවායැයි හයවැනි විත්තිකරු කීවේය.

මෙම නඩුවේ විත්ත පාර්ශවය වෙනුවෙන් සාක්කි විමසීම සඳහා මහාලිංගම් ශෂිකුමාර්  හේවත් ස්විස්කුමාර්ගේ බිරිය වන මහාලක්ෂ්මී ශශිකුමාර් සහ කුගරූපන් නමැති දෙදෙනාද සාක්කි ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබීය.



අදහස් (5)

’කයිට්ස් පොලිසිය සිංහලෙන් ලියූ කොළයකට බලෙන් අස්සන් ගෙන අපට පහර දුන්නා’

jayantha Wednesday, 30 August 2017 05:49 AM

අපරාධකාරයෙකුට නීතියෙන් බේරුනත් ප්‍රතිවිපාක වලින් බේරෙන්න බැහැ.

:       0       92

T.A.C.Hemantha Thursday, 31 August 2017 03:36 AM

අපරදකාරයෝ කුඩුකාරයෝ වෙනුවෙන් පෙනී ඉන්න එවුන්ට යෙන වදින්න ඕන

:       0       8

sachith Thursday, 31 August 2017 08:30 AM

මේ දීලා තියෙන සාක්ෂි වල හැටියට මේ අපරාධ කරලා තියෙන්නේ පිටසක්වල ජීවින් වෙන්න ඕනෑ... කාව රවට්ටන්නද මේ බොරු කියන්නේ? දැන්වත් මේ වගේ සාහසික අපරාධ වලට මරණීය දන්ඩණය දෙන්න.

:       1       63

Suba Friday, 01 September 2017 11:24 AM

මෙච්චර රටේ අවදානය යොමුවුන සාහසික අපරාදයක් මෙතරම් වන වන ඉන්නේ මොකද මන්ද ? කල් ඇද්දම සාක්කි අල කරලා ගොඩදාගන්න හදනවා කියලයි මට හිතෙන්නේ ! රහස් පොලිසියේ ශානි මහත්තයට දුන්නනම් විද්‍යාත්මක සාක්කිත් එක්කම මේවෙනකොට නඩුව තිතටම ඔප්පු කරලා ඉවරයි! එහෙම වෙන්නේ නැත්තේ මොකක් හරි හොරයක් තියෙනවා ...?

:       0       2

Saman Saturday, 02 September 2017 10:59 AM

ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කළා නම් මෙයාලද? පොලිසියද? නේවිද? කියලා ඔප්පු කර ගන්න පුළුවන්... මතකයි නේද කොටදෙණියාවේ පොලිසි සිද්ධිය...ඒ දවස්වල අල්ලන්නමයි බලන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 143 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site