IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොරෝනා ආවේණික රෝගයක් වෙයිද?

වසර දෙකක් තුළ ශීග්‍රව බෝ විමෙන් සහ මරණ බොහොමයක් සිදුවීමෙන් පසුවත්, කෝවිඩ් - 19 වයිරසය තවමත් ප්‍රබේද ගත වෙමින් පවතී. ‘ඕමික්‍රොන්’ විශේෂය, පෙර පැවති සෑම ප්‍රබේදයකටම වඩා වේගයෙන් ව්‍යාප්ත වේ. එහෙත් එය හානිකර බවෙන් අඩු බව පැහැදිලිය. ශතවර්ෂයේ දරුණුතම වසංගතය බවට පත්වූ කෝවිඩ් ව්‍යසනය ඉක්මනින්ම වෙනස් ආකාරයකින්, එනම් ආවේණික රෝගයක් ලෙසින් පිළිගත හැකි තත්ත්වයකට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.

ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් මෙම ජනවාරි මුලදී පැවැසුවේ, ලෝකය උණ-සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කරන සේ, කොවිඩ් සමගද දිගු කාලීනව ජීවත් වීමේ නව ක්‍රම ගැන සිතිමට කාලය එළඹ ඇති බවයි. මෙම ප්‍රකාශයෙන් පසුව තවත් රටවල් කිහිපයක්ම ඔවුන්ද රෝගයේ නව පරිච්ඡේදයක් කරා ගමන් කරමින් සිටින බව පවසා ඇත.

කෙසේ වෙතත්, සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු හඟවන්නේ, වයිරසය පරිණාමය වන්නේ කෙසේද, සමාජය කෙතරම් ප්‍රතිශක්තියක් ගොඩනගාගෙන තිබේද යන්න සහ මිනිසුන් පරෙස්සම් වීම නැවැත්වුව හොත් සිදුවිය හැකි හානිය පිළිබඳවද විශාල අවිනිශ්චිතතාවක් පවතින බවයි.

2020 මුල් භාගයේ සිට ගත් හදිසි ක්‍රියාමාර්ග සහ වෙනත් දැඩි අවධානය යොමුකළ යුතු දෙයක් වෙනුවට, කළමනාකරණය කළ හැකි බොහෝ මහජන සෞඛ්‍ය අභියෝගවලින් එකක් ලෙස කොවිඩ් රෝගය සැලකීමට ආණ්ඩුවලට සිදු වීම නොවැළැක්විය හැකිය.

ආර්ථික වශයෙන් හානිදායක වන, රටවල් හෝ ප්‍රදේශ වසා දැමීම සඳහා ඇති ආශාව බොහෝ කලක සිට පහව ගොස් ඇත. එන්නත් මගින් ජනගහනයෙන් විශාල පිරිසක් ආරක්ෂා කළ විට ඔමික්‍රොන් එහි ශීඝ්‍ර ව්‍යාප්තිය සහ අඩුබලගතු තත්ත්වය නිසාම වසංගතයේ නිමවීම වේගවත්  කරයි.

මෙය ආවේණික රෝගයක් බවට පත්වීමේ සංක්‍රාන්ති අවධියක් බව බොහෝ පැහැදිලිව පෙනීමට පටන් ගෙනඇති අතර එයින් අදහස් කරන්නේ අප ඉතා විචක්ෂණශිලී වීම නැවැත්විය යුතු බව නොවේ. එහෙත් එයින් ඇඟ වෙන්නේ අප මීට වසර දෙකකට  පෙර ගත යුතුවූ ක්‍රියාමාර්ගවලට වඩා බෙහෙවින් වෙනස් පියවර ගත යුතු බවයි.

2022 වසර කොවිඩ් රෝගය පිළිබඳව මහජන කතිකාවකට යා යුතු වසර යැයි බලාපොරොත්තු වන්නේ ආණ්ඩු පමණක් නොවේ. නොයෙක් සීමාවලට යටත් වීමට සිදුවීම නිසා වෙහෙසට පත් මහජනයාද මෙම තත්ත්වයෙන් මිදීමට බොහෝ සේ උත්සුක වන අතර ‘අවදේශක’ සහ ‘අවේණික’ (Endemic) යන යෙදුම් සඳහා අන්තර්ජාලයෙන් අර්ථ සෙවීම් මෑත සති වල ඉහළ ගොස් ඇත.

‘ආවේණික’ හෝ ‘අවදේශික’ යන්නෙන් අදහස්වන්නේ රෝගය තවමත් සංසරණය වෙමින් පවතින නමුත් අඩු, වඩාත් පුරෝකතනය කළ හැකි වේගයකින් පැතිර යන රෝහල් ගත වීම් අඩු රෝගයක් වීමය. මෙම යෙදුමෙන් සමහර විට අදහස් වන්නේ රෝගය නිශ්චිත කලාපයකට සීමා වී ඇති බවයි. එහෙත් එය කොවිඩ් සම්බන්ධයෙන්ද එසේම වීය යුතු නැත. උදාහරණයක් ලෙස, උණ-සෙම්ප්‍රතිශ්‍යාව (influenza) නිතිපතා ලොව පුරා පැතිරෙන ආකරයටම ශීත ඍතුවේදී ඉහළ යන අවස්ථා මෙන්ම වෙනත් බෝ වීම් රටා ද සිදුවිය හැක.

මේ අතර, අධ්‍යයන කිහිපයකින්, ඔමික්‍රෝනය පෙර ප්‍රබේදවලට වඩා බැරෑරුම් බවින් අඩු බව පෙන්වා දෙයි. ඉන් ඔබ්බට, එය දැනටමත් සමහර ස්ථානවල සමනය වෙමින් ඇති බව පෙනේ. දෙසැම්බර් වැඩිවීමෙන් පසු දකුණු අප්‍රිකාවේ නව ආසාදන අනුපාතය පහත වැටෙමින් පවතින අතර එක්සත් රාජධානියේ රෝහල්  ගතවීම්ද ස්ථාවර වෙමින් පවතී.

අවම වශයෙන්, වසංගතයේ ග්‍රහණය ළඟදීම ලිහිල්  වේ යැයි බලාපොරොත්තු වීමට හේතු තිබේ. වේගවත් රෝග ලක්ෂණ, එන්නත් යාවත්කාලීන කිරීමේ සහ මහා පරිමාණයෙන් නිපදවීමේ හැකියාව, එන්නත් කිරීම හේතුවෙන් සහ ඊට පෙර කොවිඩ් රෝගය වැළඳීම සඳහා ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළ යාම ආදී දෑ මේ සඳහා උපකාරවේ.

මේ සාක්ෂි යම් ආකාරයකින් දිරිගන්වන සුළුය. එහෙත් අපි ඉතා සුපරික්ෂාකාරීව සිටිය යුතුය. යනුවෙන් මොඩර්නා සමාගමේ සම-නිර්මාතෘ නුබාර් අෆෙයන් පැවැසීය. මොඩර්නා එන්නත් නිෂ්පාදක සමාගම ඔමික්‍රෝන් විශේෂිත බුස්ටරයක්ද සති කිහිපයක් ඇතුළත අත්හදා බැලීමට සූදානම් කරමින් සිටින බවද ඔහු පැවැසීය. මෙම වසරේදී රෝගය ආවේණික අවධිය කරා ළඟා විය හැකි නමුත් ‘තවමත් ආවිනිශ්චිතතාවක්’ පවතින බවත් ඔහු අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පරෙස්සම් වෙන ලෙස සියලු ලෝකවාසීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. ගෝලීය එන්නත් කිරීම් බහුලව තිබියදීත්, දැනට මාත්‍රා බිලියන 10 කට ආසන්න ගණනක් එන්නත් කර ඇතත්, තවමත් අප්‍රිකාවේ ජනගහනයෙන් සියයට 85 කට වඩා වඩි පිරිසකට කිසිදු මාත්‍රාවක් ලැබී නොමැති අතර WHO සාමාජික රටවල් 36 කට සියයට 10 ආවරණයක් වත් ලැබී නොමැත.

සමහර සංවර්ධිත රටවලද එන්නත් ආවරණ අඩු මට්ටමක ඇත. ජර්මනියේ සහ ඇමරිකාවේ එන්නත් නොලැබූ ප්‍රතිශතය ඉහළය. එයට හේතුව බොහෝ විට පෞද්ගලික ආකල්ප මත ගත් අනුවණ තීරණ වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඊළඟ අදියර ගැන කතා කිරීම ආරම්භ කිරීමටද ඉක්මන් වැඩිය. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ බිලුම්බර්ග් මහජන සෞඛ්‍ය අංශයේ මහාචාර්යවරයකු වන ක්‍රිස් බෙයර්ට අනුව, මීට පෙර ඔමික්‍රෝන් ඉහළ ගිය රටවල් සමහරක සංඛ්‍යා අවම වන බවක් දකින අතර, එක්සත් ජනපදය තවමත් එහි නොමැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ ජ්‍යෙෂ්ඨ හදිසි නිලධාරිනී කැතරින් ස්මෝල්වුඩ් පැවැසුවේ ‘අපට තවමත් ඉතා ඉක්මනින් පරිණාමය වන වයිරසයක් තිබේ. එය නියමිත වේලාවට ආවේණික විය හැක. එහෙත් එය 2022 දක්වා සීමා කිරීම මෙම අදියරේදී ටිකක් අපහසුවේ.

සෞඛ්‍ය හදිසි තත්ත්වය පහත හෙළන නිල ප්‍රකාශයක් නොමැතිව වුවද, ආණ්ඩු ඉක්මනින්ම එසේ හැසිරීමට පටන් ගනී. චිනයේ  ශූන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය පිටස්තර එකක් වන අතර, බොහෝ රටවල් ආක්‍රමණශිලී ක්‍රියාමාර්ගවලින් පසුබැසිමට උනන්දු වන අතර, බොහෝ රටවල් පෙර රැලිවලට සාපේක්ෂාව අඩු මරණ සංඛ්‍යාවක් උපුටා දක්වයි.

මුලින් ගත් දරුණු ක්‍රියාමාර්ග, යළිත් එම ආකාරයටම ක්‍රියාත්මක නොකරන්නෙමුය යන අදහසට බොහෝ ආණ්ඩුද පැමිණෙමින් සිටී. ප්‍රංශය දෙසැම්බර් මැද භාගයේදී එක්සත් රාජධානිය වෙත සිය දේශසීමා වසා දැමුවේ තම රට ඔමික්‍රොන් වලින් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීම සඳහාය. එහෙත්, මෑතකදී, එක් දිනක් තුළ ප්‍රංශයෙන් රොගීන් 370,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර එහෙත් සීමා ලිහිල් වෙමින් පවති.

රාජ්‍ය මට්ටමෙන් රෝගය පාලනය කිරීම අඩුවන විට, ස්වයං-පරීක්ෂා කිරිම, මුහුණු ආවරණ පැළඳීම සහ ස්වේච්ඡාවෙන් සමාජ අන්තර්ක්‍රියා සිමා කිරීමේ වගකිම වැඩි වැඩියෙන් පුද්ගලයන් මත පැටවෙනු ඇත. දිගු කලක් සංචරණ සිමා කිරීම් සඳහා සැහැල්ලු ආකල්පයක් දැරූ එක්සත් රාජධානිය මෙම දිශාවට තල්ලු කරන රටවල් අතර වේ. එංගලන්තය, කොවිඩ් ස්වයං හුදකලා කාලය දින පහකට කපා හැරීමෙන් අනෙක් අය සමඟ එකතුවිය.

ලන්ඩන් සනිපාරක්ෂක හා නිවර්තන  වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් හේමන්, එක්සත් රාජධානිය වයිරසය සමග ජිවත් විමට හුරු වෙමින් යන රටක් සඳහා හොඳ උදාහරණයක් ලෙස ඉක්මතු කළ බොහෝ රටවල්වල රෝග තත්ත්වය චලනය වන නිසා සෑම රටකටම එක කාල රාමුවක් නොමැති බව ඔහු සඳහන් කළේය.

‘‘නව ප්‍රබේද බිහි වන්නේ කොතැනදැයි අපට අනාවැකි කිව නොහැකි අතර, ඒවායේ දරුණුකම හෝ සම්ප්‍රේෂණ හැකියාව කුමක් වේද යන්න අපට අනාවැකි කිව නොහැක. එය නිසැකවම බාධක සහිත මාර්ගයක් විය හැකිය. ඔහු පැවැසීය.

(2022 ජනවාරි 15 දා ඇමරිකාවේ බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනයෙන් පළකළ, නයෝමි ක්‍රෙස්ජ් සහ ටීම් ලෝ ලියූ ලිපියක් ඇසුරෙනි)

ආචාර්ය නිමල් රාජපක්ෂ



අදහස් (0)

කොරෝනා ආවේණික රෝගයක් වෙයිද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site