IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොළොම්පුර අභිමානය ගංගාරාම නවම් මහා පෙරහර

දෙස් විදෙස් ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවූ ගංගාරාම නවම් මහා පෙරහර මෙවරත්  අද  (15) සහ හෙට (16) දෙදින රාත්‍රී 7.00 ට සියලු සෞඛ්‍ය ආරක්ෂක විධි විධානවලට අනුකූලව මහජන සහභාගීත්වයෙන් තොරව වීදි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත.

මෙවර පෙරහැරේ ප්‍රධාන විශේෂත්වයක් වන්නේ එම උතුම් සංස්කෘතික මංගල්‍යය නිවසේ සිටි සජීවීව නැරඹීමට අවස්ථාව සලසා දීමයි. සියලු ජාතීන් හා ආගමිකයන් එකට නරඹන පෙරහරක් වේ නම් කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් මහා පෙරහර බව සඳහන් කරන්නේ ඉමහත් හදපිරි බැතියෙනි.

වර්ෂ 2019 අග භාගයේ සිට ශ්‍රී ලාංකීය ජනතාව ගත කරමින් තිබෙන්නේ ඉමහත් දුෂ්‍කර කාලපරිච්ඡේදයක් බව අප සැවොම දන්නා කාරණාවකි. අපට පසුගිය වසර දෙකේදීම නවම් මහා පෙරහැර බාධා මධ්‍යයේ පැවැත්විය. කොරෝනා නිසා එම අවස්ථාව මඟ හැරී ගියත් කුමන අභියෝග මධ්‍යයේ වුවද මේ තරමින් හෝ නවම් මහ පෙරහර පැවැත්වීමට ලැබීම සම්බන්ධව අපි සතුටට පත්වන්නෙමු.

පෙරහර පැවැත්වීම ජාතික වගකීමක් වුවත් රෝගය පතුරාලීමට නොව රෝගය මර්දනය කිරීමට අපට කළ හැකි උපරීම ක්‍රියාමාර්ග ගනිමින් කටයුතු කිරීම අපගේ වගකීමක් කොට  සලකමු. ඒ නිසාම නවම්  මහා පෙරහර නිවසේ සිට ඔබ නැරඹුවා යැයි කියා සිතේ කනස්සල්ලක් ඇති  නොකර ගත යුතුය. එමගින් ඔබගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඒ ආකාරයටම රැකෙනු ඇති බව අපගේ විශ්වාසයයි. ගිය වර සේම මෙවරත් ලංකාවේ සියලුම නාළිකා නවම් මහා පෙරහැර සජීවීව ඔබ වෙත ගෙන ඒමට  පිළිවෙතින් පෙළ ගැසී සිටීම නවම් මහා පෙරහර සංවිධායක කමිටුව ලෙස අපට සතුටකි.

‘නිරෝගී පරිසරයක් රට තුළ මවන්නට අපට කළ හැකි උපරිම දායකත්වය එය බව අපි විශ්වාස කරන්නෙමු. පෙරහරක් නිසා කොරෝනා මර්දනය කිරීමට අපට කිසිදු අවශ්‍යතාවක් නොමැත. පෙරහරේ උත්කර්ෂවත් භාවය වෙනදා මෙන්ම එක ලෙස රැකී තිබෙන බවට අපි සහතික කරන්නෙමු. එයට හොඳම උදාහරණය වෙනදා සේම නැටුම් කණ්ඩායම් 35 ක් 40 ක් අලි ඇතුන් 12 ක් පමණ මෙවර පෙරහැරට සහභාගී වීමයි. එය පසුගිය වසරවලට සාපේක්ෂව අඩු ගණනක් වුවත් පෙරහැරේ අලංකාරයට එය කිසිසේත්ම බාධාවක් නොවනු ඇත. අවශ්‍ය වන්නේ කොරෝනාවලට මුවාවී පෙරහර නොපැවැත්වීම නොව කෙසේ හෝ මෙය පැවැත්වීමයි.

ගංගාරාම නවම් මහා පෙරහර රටේ සංස්කෘතික පාර්ශවය පෝෂණය කිරීම උදෙසා දක්වන දායකත්වය අතිමහත් බව ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. පිටරට දේ සිරි සැප දේ යැයි  සමහරු පාරම් බාමින් ගිය යුගයක් ඒවාට අභියෝග කරමින් නවමු දේ හඳුන්වා දෙන්නට ගල්බොඩඅත්තේ ඥානිස්සර පොඩි හාමුදුරුවෝ කටයුතු කළහ. අපෙන් වියැකී ගිය නැටුම් කලාවට, රංගන කලාවට නව ජීවයක් ලබා දීම උන්වහන්සේ ගත් අප්‍රතිහත වෑයමේ සුවිශේෂී  සංධිස්ථානයක් ලෙස නවම් මහා පෙරහර අපට අවිවාදයෙන් නම් කළ හැකිය.

අතීතයේ සමහරු තමන් බෙර ගහනවා යැයි සමාජය ඉදිරියේ නිරාවරණය වන්නට ලැජ්ජාශිලී වූහ. ඒ අයට එම සිතිවිලිවලින් මිදී ඒ ගැන අභිමානයෙන් පෙනී සිටීමට පරිසරයක් ගොඩනැගුවේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝය. ලංකාවේ අගනුවර පැවැත්වෙන එකම පෙරහරේ නටනවා යැයි අපේ නැට්ටුවන්ට අභිමානයක් එක් කළේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේය.

නුවර, කැලණි පෙරහරවල්  සේම නවම් මහා පෙරහර ද පෙරහර ඉතිහාසයේ  සිය අනන්‍යතාව දැනටමත්  සකසා ගෙන අවසන්ය. එසේම පෙරහරට සහභාගී වන සියලුම ශිල්පීන්ට නූතනත්වයට ගැලපෙන අලුත් කලා නිර්මාණ බිහි කිරීමේ නිදහස පොඩි හාමුදුරුවෝ ලබා දී ඇත.

අපෙන් වියැකි යන සාම්ප්‍රදායික දේ නැවත ඉස්මතු කර ගන්නා ලෙස උන්වහන්සේ නිතරම උපදෙස් අනුශාසනා ලබා දුන්හ. බොරු පා කරුවන්, අත්භූත මිනිස්සු වැනි නව අංග පෙරහරට එක් වූයේ ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා අනුවය.

ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර ව තිබෙන ගංගාරාම  නවම් මහා පෙරහැරේ ඉතිහාස කතාව විමසා බැලීමේ දී එය අපට කොටස් දෙකකින් යුක්තව විග්‍රහ කර බැලිය හැකිය. නවම් මහා පෙරහැරේ ආරම්භය මුලින්ම සිදුව ඇත්තේ 1979 වසරේය. එම පෙරහැරේ ආරම්භයට හේතු පාදක වී තිබෙන්නේ කලින් අගනුවර තිබූ ඇසළ පෙරහරය. ගංගාරාම කුලඟන සමිතිය ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණි. කොටුව – පිටකොටුව – මරදාන – වැනි දීර්ඝ ගමනක් ගිය පෙරහරක් බවට එය පත්ව තිබුණි. එම පෙරහරේ මූලික දර්ශනය ලෙස යොදාගෙන තිබුණේ  බුදුන් වහන්සේ පස්වග මහණුන්ට ධර්මය දේශනා කරන අවස්ථාවයි. වසර 1962 එම පෙරහර නතරවී තිබුණේ එවකට වැඩ සිට ලොකු හාමුදුරුවන් වහන්සේගේ දෑස් නොපනී යාමේ හේතුවත් සමගය. උන් වහන්සේ දුෂ්කරතාවයට පත්වීම නිසා පෙරහැරේ කටයුතු අඩපණ තත්ත්වයට  පත්විය. එහෙත් ගංගාරාම පොඩි හාමුදුරුවන් වහන්සේට අවශ්‍යතාව තිබුණේ කෙසේ හෝ පෙරහැර නැවතත් ආරම්භ කර පවත්වා ගෙන යාමටයි.

එයට හේතු වූයේ කොළඹ නගරයට තිබූ එකම පෙරහර එය වීම නිසාය. මේ සිතුවිල්ල මත කාලයක් ගත වනවිට රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමන්ට මේ පිළිබඳව පුවත කණ වැටුණේය. ඒ අනුව ඔහුගේත් අදහස වූයේ ‘ඔව් පොඩි හාමුදුරුවනේ අපි කොහොම  හරි  නැවත මේ පෙරහර ආරම්භ කළ යුතුයි’ කියන ස්ථීර අදිටන පමණි. අගමැතිවරයාගේ  උනන්දුව නැවත ගංගාරාම  පෙරහර ආරම්භයට විශාල ශක්තියක් එක්කළ බව සඳහන් කළ යුතුමය.

පෙරහර ආරම්භයට මාසයක් වැනි කාලයක් තබා පුරුදු පුහුණුවී පෙරහර පැවැත්වීමට හැකිවීම  සුවහසක් බෞද්ධ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයකි. ඒ අනුව පෙබරවාරි නවම් පෝයට ත්‍රිවිධ රත්නයට කරන උපහාරයක් ලෙස ගංගාරාම පෙරහැරේ ආරම්භය සිදුවිණි. ඒ ඇසළ මාසයේ පෙරහර වෙනුවට ආරම්භ වූ නවම් පෙරහැරත් සමගය.

නවම් මාසයේ පෙරහැර ආරම්භ කිරීමට හේතු කාරණා වූ සිදුවීම් කිහිපයකි. ඉන් එකක් නම් නවම් මාසයට විදේශිකයන් බොහෝ ප්‍රමාණයක් ලංකාවට පැමිණීමය. අනෙක නවම්  පොහොයේ තිබෙන ශාසනික වැදගත්කමය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් ඕවාද ප්‍රාතිමෝක්ෂය පැවැත්වීම එම සුවිශේෂී ශාසනික කාරණයයි. 1919 සිට වාර්ෂිකව නොකඩවා පෙරහැර පැවැත්වීමට හැකිවීම පෙරහැර සංවිධායක කමිටුව ලැබූ විශාල ජයග්‍රහණයකි. පෙරහර පැවැත්වීමට එක අවස්ථාවක දී නොහැකි වූයේ ත්‍රස්තවාදීන් මහ බැංකුවට ප්‍රහාරයක් දියත් කළ අවස්ථාවේදීය . 

පෙරහැරට සූදානම් වෙමින් සිටින අවස්ථාවේ සිදුවූ හදිසි ප්‍රහාරයෙන් කරදරයට පත්වූවන් උදෙසා නවම් මහා  පෙරහරට එකතු වූ මුදල් බෙදා දීම සිදුවිණි. එයත් පෙරහර ඉතිහාසයේ සුවිශේෂී කාරණාවකි. 

නැවත පෙරහර පැවැත්වීමට බාධාවක් එල්ලවූ අවස්ථාව වන්නේ පසුගිය කොවිඩ් වසංගත සමයයි. 2020  වසරේ අපට ගංගාරාම නවම් පෙරහැර පැවැත්වීමට නොහැකි වූයේ කොවිඩ් මාරයා රටම වෙලාගෙන තිබු බැවිනි. එහෙත් විවිධ අභියෝගතා මැද වුවත් 2021 වර්ෂයේ දී කිරින්දේ අස්සජි හිමියන්ගේ නොසැළෙන නායකත්වය මැද දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මැතිඳුන් ඇතුළු පිරිසගේ සම්මුතියෙන් නැවත මෙම වසරේ පෙරහර මෙයාකාරව හෝ පැවැත්විය යුතු යැයි දැඩි තීරණයක් සේම ස්ථිරව නායකත්වයක්ද ලබා දුන්හ.

ඔවුන්ගේ උනන්දුව, උවමනාව නොවන්නට මේ ආකාරයෙන් හෝ නවම් මහා පෙරහැර පැවැත්වෙන්නේ නැති වග අපට විශ්වාසය. පසුගිය කාලයේ ජනතාව නිවසටම කොටුවී මානසික ව්‍යාකූලත්වයෙන් සිටීම මත මෙවැනි පෙරහැරක් පැවැත්වීමේ අවශ්‍යතාව හැමෝටම දැඩි ලෙස දැනෙන්නට විය. ඒ මත රාජ්‍ය අංශයේ සිට සියලු දෙනාගේම  සහයෝගය නවම් පෙරහරට හිමිවිය.

ගිය වර මෙන්ම මෙවර ද පෙරහැර පැවැත්වීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුවිය. එනම් පසුගිය කාලවල මෙන් නැටුම් ශිල්පීන් පෙරහැරට ගෙන්වාගෙන නතර කර ගැනීමක් සිදුවන්නේ නැත. වෙනදා සිදුවූයේ සියලු ශිල්පින් පන්සලේ නතර කරවා ගෙන සියලු ඇප උපස්ථාන සිදුකර පෙරහැරට සම්බන්ධ කර ගැනීමයි. එහෙත් මෙවර එය සිදු වූයේ නැත. මෙදා ශිල්පීන් ඒකරාශී කර නොගෙන පෙරහැර සම්බන්ධ කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් විය. ඈත දුර බැහැරින් මෙවර නැටුම් ශිල්පීන් ඒ නිසාම ගෙන්නා ගැනීම සිදු වූයේ නැත. මෙවර සිදුවන්නේ කොළඹ අවට සිටින ශිල්පීන් නිවස තුළදීම සූදානම් වී පෙරහරට පැමිණ සහභාගීවී නැවත බස් රථයෙන්ම නිවෙස් බලා යාමයි. වෙනදා මෙන් නැවතීමක් මෙවර ද සිදු නොවේ.

කොරෝනා නොපැතිරෙන ආකාරයට ආරක්ෂා සහිතව පෙරහැර පැවැත්වීම අපි සියලු දෙනාගේම අරමුණයි. ගංගාරාම පෙරහැර නාළිකා බොහෝමයක එකවර විකාශය කිරීමට අවස්ථාව සලසා දී තිබේ. මෙවර පෙරහැරට පන්සලට සම්බන්ධ දායක පිරිස කොහොමත් පැමිණීම සාමාන්‍ය කාරණාවකි. එහෙත් පිටින් කිසිවකු පැමිණීමට අප උනන්දු කරන්නේ නැත. එසේ කරන්නේ ජනයා ඒකරාශී කරමින් ජාතික වගකීමට පයින් ගැසිය නොහැකි නිසාය.
එහෙත් කවුරු හෝ පාර අයිනේ සිට පෙරහර නරඹන්නේ නම් අපට එය තහනම් කළ නොහැකිය. එහෙත් ඒ සඳහා අප උනන්දු කරන්නේ නැත. වෙනදා මෙන් ආසන පහසුකම් සැපයීම අප සිදු කරන්නේ නැත.

මෙවර පෙරහරේ නැටුම් කණ්ඩායම් ලෙස ඉදිරිපත් කෙරෙන අංග වන්නේ දෙවොල් නැටුම, උඩැක්කි, පන්තේරු, වඩිග පටුන, අවි අත මුරා යුද, පවරු නැටුම, චාමර නැටුම, රාක්ෂ නර්තනය, දෙවොල් නැටුම, කොල්මුර, වේ, එසේම ඊට අමතරව ගිනිබෝලකරුවන් බොරු පා කරුවන්, පිළිම රථ, වෙස් නැටුම් කණ්ඩායම්, කස කණ්ඩායම ඔබේ රසවින්දනය උදෙසා පෙරහරේ ගමන් කරනු ඇත. එසේම මෙවර පෙරහර ගමන් මාර්ගය වන්නේ උද්‍යාන වීදිය  ශ්‍රී ජිනරතන පාර,  හුණුපිටිය වැව පාර, ඩබ්ලිව්. ඒ. රාමනායක මාවත, ශ්‍රිමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත හන්දිය, නවලෝක රෝහල ඉදිරියෙන් ආපසු හැරී ශ්‍රිමත් ජේම්ස් පීරිස් මාවත, සීමාමාලකය ඉදිරියෙන් මුත්තයියා පාර, බේබෲක් වීදිය, නුග ගස වට රවුම, ශ්‍රී ජිනරතන පාර, හුණුපිටිය පාර ඔස්සේ ගංගාරාම විහාරස්ථානයට සම්ප්‍රාප්ත වේ.


ගංගාරාම විහාරවාසී හීන්බුන්නේ  කොණ්ඩඤ්ඤ හිමි

සටහන - අමිල චින්තක ගමගේ 
ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (0)

කොළොම්පුර අභිමානය ගංගාරාම නවම් මහා පෙරහර

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site