IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගුරුවරයා සහ ත්‍රිවිධ අභිනය

මගේ ජනමාධ්‍ය මිතුරන්ගෙන් නිතර නිතර අසන්නට ලැබෙන මැසිවිල්ලක් ඇත. එය අද ඊයේ සිට නොවේ. බොහෝ කලකට පෙර සිටය. එය තවමත් නොනැවතී ඇසේ. වෙනසකට ඇත්තේ එය අඩු වී නොව වැඩි වී ඇසීමය. එයින් ඉඳුරා පැහැදිලි වන්නේ ව්‍යාධිය උග්‍රව ඇති බවය.

කුමක්ද මේ මැසිවිල්ල? මෙරට විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය විෂය හදාරන ශිෂ්‍ය ගණයා ප්‍රායෝගික පුහුණුව සඳහා ජාතික පුවත්පත් ආයතනවලට සහ ජාතික ගුවන්විදුලි, රූපවාහිනී ආයතනවලට එවීම මීට කලකට පෙර සිටම සිදුවූවකි. මේ පරපුර සමග වැඩ කිරීමේදී පුවත්පත් කතුවරයන්ට මෙන්ම විද්‍යුත් මාධ්‍ය අංශ ප්‍රධානීන්ටද ප්‍රත්‍යක්ෂයෙන් ඒත්තු ගැන්වුණු සාධකයක් ඇත. එනම් ඔවුන්ගෙන් වැඩි දෙනකුට අදහසක් නිරවුල්ව කියැවෙන විදියට වාක්‍යයක් ගළපා ගැන්මට හැකියාවක් නොමැති බවය. ඒ අතින් ඔවුන් හා තම ආයතනවල වැඩ කරන බොහෝ අංකුර මාධ්‍යකරුවන් අතර එතරම් වෙනසක් නොපවත්නා බවද මගේ මිතුරන්ගේ එකම අත්දැකීම වෙයි. ඔවුන්ගේ  කටින් මට නිතර නිතර නොනැවතී අසන්නට ලැබෙන්නේ අන් කිසිවක් නොව මේ වැකි ගැළපිය නොහැකි කම පිළිබඳ මැසිවිල්ලයි.

මේ වූකලී මේ රටේ ජාතික පාසල් පද්ධතියෙන් එකසේ බිහිව මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි පරපුරක් මිස වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණි පිරිසක් නොවෙති. එසේ නම් මෙසේ එකම රෝගයකින් පෙළීමට හේතුව එකම රෝග කාරකයක බලපෑම නොවිය හැකිද?

මුලින්ම ඔවුන් සිංහල අකුරු හඳුනා ගත්තේ පාසල් තුළදීය. ඒ අකුරු නිවැරදිව හඬ නැංවීමට ඉගෙන ගත්තේ එහිදීමය. ඒ අකුරු ලියන්නේ ඒ අකුරු එක්කොට වචන ලියන්නටත් ඒ වචන ගළපා වාක්‍ය හෙවත් වැකි ලියන්නටත් පුරුදු පුහුණු වුණේත් එතැනදීමය.

එසේ නම් ඔවුන් මේ වචන ගැළපීමේ රමණීය කලාවට හුරු බුහුටි නූනේ ඇයි? මේ රටේ ජාතික පාසල් පද්ධතියේ ගුරුවරයකු හැටියටත්, පුවත්පත්, ගුවන් විදුලිය හා රූපවාහිනිය යන තෙවැදෑරුම් මාධ්‍යවලම අත්දැකීම් ලත් මාධ්‍යකරුවකු ලෙසත්, මාධ්‍ය ගුරුවරයකු වශයෙනුත් මා මේ භාෂා කුසලතා හීන පරපුර ඇසුරෙන් පසක්කොට ගත් එක්තරා සත්‍යයක් ඇත.

එනම් මෙසේ ඉතා ශෝකජනක ලෙස ඔවුන් භාෂා කුසලතා හීනයන් බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ වරදින් නොවන බවය. මෙරට පාසල් පද්ධතියේ අතීතයේ සිට සිංහල භාෂා සාහිත්‍යය ඉගැන්නූ නිර්මාණාත්මක ගුරු රසිකයා ඉන් අතුරුදන්ව යෑමම මේ අභාග්‍ය සම්පන්න ව්‍යාධිය හට ගැන්වූ රෝගකාරකය නොවුහයි කාට නම් කිය හැකිද? මෝඩගඩොල් අච්චුවක් වැනි ගුරු අත්පොතක් තුළ තම පරිකල්පනය සිරකළ ගුරුවරයා කෙරෙන් නිර්මාණාත්මක භාෂා සාහිත්‍ය රසිකයා අතුරුදන්ව යෑම කවර අරුමයක්ද? සියලුම ගුරුවරුන් ඉගැන්විය යුත්තේ ඒකාකාරී අච්චුවක සිරකරුවන් ලෙස අත් පා විලංගු ලමින් නම් මොන පරිකල්පනයක්ද?  මොන නිර්මාණාත්මක ගුණයක්ද? කවර සෞන්දර්යක්ද? කවර මාධුර්යයක්ද2 කවර රසයක්ද?

මගේ වැටහීමේ හැටියට ගුරුවරයා වූ කලී සංස්කෘත නාට්‍ය ශාස්ත්‍රයේ ආදී කර්තෘ භරත මුනිවරයා නළුවා අරබයා කළ විවරණය අනුව ඊටම සමාන චර්යා පද්ධතියක් ඇත්තෙකි. කවර හෙයින් එසේ විය හැකිද? භරත මුනිවරයාගේ විග්‍රහය අනුව නළුවා කරළිය මත සිට ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයන් වෙත තමා නිරූපණය කරන භූමිකා සතු භාවයන් පමුණුවා ලන්නේ සතර අභිනය මගිනි. මේ සතර අභිනයන් අතරින් ප්‍රධාන තුනක් හැඳින්වෙන්නේ වාචික, ආංගික හා සාත්වික යන නම්වලිනි. පාසල් පද්ධතියේ පෙර සිට සිංහල භාෂා සාහිත්‍යය ඉගැන්නූ ගුරුවරයා ගුරු රසිකයෙක් වූයේ තම කාරියේදී මේ සතර අභිනයම භාවිතයට ගත් හෙයිනි. ඔහු නිර්මාණාත්මක චරිතයක් වීමට ප්‍රධාන වශයෙන්ම පාදක වූයේ ​ෙම් නාට්‍යය ජීව ගුණයයි.

ඔහුගේ වචන භාවිතය නාට්‍යමය විය. අංග චලනය නාට්‍යමය විය. ඔහුගේ මුහුණේ ප්‍රකාශනයද නාට්‍යමය විය. ඉදින් කවර ශිෂ්‍යයෙක් ආකර්ෂණ නොවේද? කවර ශිෂ්‍යයෙක් ඔහු අබිබවා යන්නෙකු වීමට ආවේශයක් ආභාසයක් නොලබාද? මේ සියල්ලම කළ හැකි වනුයේ ඔහු තුළ පවත්නා නිර්මාණාත්මක විභාවය නිදහසේ ප්‍රකාශයට විකාශයට පත්වීමට ඉඩ ලත් කල්හිමය. ගුරු අත්පොත් මෝඩ ගඩොල් අච්චුවට සිර කළ එකාගෙන් මොන නිර්මාණ විභව ප්‍රකාශයක්ද? මොන විකාශයක්ද? ඒ නිර්මාණාත්මක ගුරු රසිකයා අතුරුදන්ව ගිය පාසල් පද්ධතියකින් බිහිවිය හැකි සිසු පරපුර ගැන කවර කතාද?

භාෂා සාහිත්‍යය ගුරුරසිකයා එදා පාසලේදී සිංහල විවරණ නීති ඉගැන්වූයේද කවියෙනි. ඔහු එමගින් සාහිත්‍යය පාඩම පමණක් නොව වියරණ පාඩමද මිහිරි කළේය. තම සිත තුළ ඇති අදහස තම හද තුළ ඇති හැඟීම නිරවුල්ව කියා පෑමට ඔහු ඉගැන්නුවේ සිසුන් පැදි පද බැඳීමට පෙළඹවීමෙනි. මේ පරම සුන්දර ගුරු රසිකයා  පාසල් පද්ධතියෙන් සදහටම අතුරුදන් කර දැමූ කල භාෂා කුසලතා හීන අනාථ පරපුරක් මෙරටට උරුම වීම කවර අරුමයක්ද?

කරුණාරත්න අමරසිංහ



අදහස් (0)

ගුරුවරයා සහ ත්‍රිවිධ අභිනය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 278 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1796 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1335 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site