රජයේ භාණ්ඩ හා සේවා මිලදීගැනීම්වලදී මහා පරිමාණයෙන් වංචා දුෂණ සිදුවන්නේය යන චෝදනාව නැගෙන්නේ කලෙක පටන්ය. ඊට ආණ්ඩු භේදයක් නැති නමුත් එහි අනිටු පලය නම් ශෝචනීයය. මන්දයත් කවර පාලනයක් යටතේ සිදුවුවත් එයින් අවසානයේ කාබාසිනියා වන්නේ ජාතික ධනය වන බැවිනි. පසුගියදා ගෑස් මිල ඉහළ යෑමෙන් පසුව එවැනි කතාබහක් මතුව තිබේ. මෙවර සත්‍ය ගවේෂණයෙන් හෙළිදරව් කෙරෙනුයේ ගෑස් ටෙන්ඩරය පසුපස වූ කතාවයි.
ද්‍රව පැට්‍රෝලියම් වායුව හෙවත් එල්.පී ගෑස් ලංකාවට සැපයීම සඳහා රජයේ ආයතනයක් හැටියට කොළඹ ගෑස් සමාගම පිහිටුවූයේ 1992 වසරේදීය. 1995 වසරේදී සිංගප්පූරු සමාගමක් වන ෂෙල් සමාගම විසින් එහි බහුතර කොටස් මිලදී ගනු ලැබුණු අතර ෂෙල් ගෑස් ලංකා නමින් මෙරට දී එහි ව්‍යාපාරික කටයුතු සිදුවිණි.
එය නැවතත් මෙරට රජය අතට පත්වූයේ 2010 වසරේදී කොටස්වලින් 51% ක් විකිධෑමට ෂෙල් සමාගම තීන්දු කිරීමත් සමඟය. ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඞ් බිහිවන්නේ එහි ප‍්‍රතිපලයක් වශයෙනි. මෙටි‍්‍රක් ටොන් 11 000 කට වැඩි ධාරිතාවක් සහිත ලිට්රෝ ගෑස් සමාගම මෙරට ගෑස් ආනයනයෙහි ප‍්‍රමුඛයා යැයි කිවහොත් නිවැරැදිය.
මෙහිදී ගෑස් සමාගමේ පූර්වාපරලෝප සංධි ගැලපීමක් ආරම්භයේදීම කිරීමට හේතුවක් තිබේ. ඒ, ආන්දෝලනයට තුඩු දී ඇති ගෑස් ටෙන්ඩරයට නම ගෑවෙන්නේ ෂෙල් සමාගමේ වීම නිසාය. එය සිදුවන්නේ කෙසේද?
මුළුතැන්ගෙය දක්වා එන ගෑස් ටැංකියට ගෑස් පිරවීමට පෙර සිටම ජාතික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ගෑස් ආනයනය කිරීම ලිට්රෝහි කාර්යය. ඒ අනුව වෙළෙඳපොළ අවශ්‍යතාව අනුව මිලදී ගැනීම් සිදුවේ. රජයේ පාර්ශ්වයෙන් කරන කවර මිලදී ගැනීමකදී වුව එය ආවාට ගියාට කරන්නට බැරිය. අවම පිරිවැය, උපරිම ආර්ථික වාසි ආදී අරමුණු රැසක් පෙරදැරිව ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශයක් සකසා තිබෙන්නේ මේ සියල්ලට වැය කරන්නේ මහජන ධනය නිසාය.
එහෙයින් රජය සැලකිල්ලට ගතයුත්තේ තමන්ට වඩාත් වාසිදායක ගිවිසුම්වලට අවතීර්ණ වීමටය. ගෑස් සැපයුමට අදාළව ලංකාවේ රජයට වාසිදායක ගිවිසුමක් සම්බන්ධයෙන් එවැනි වාසිදායක ඇරියුමක් මේ වසරේ ද පැමිණියේය. ඒ හරියටම මේ වසරේ මාර්තු 21 වැනිදාය. ඕමාන රජයේ තෙල් හා ගෑස් පිළිබඳ ඇමැති මොහොමඩ් හමාඩ් අල් රූමි මහතා ලිට්රෝ ගෑස් සමාගමට ගෑස් සැපයීම සම්බන්ධව දීර්ඝකාලීන ගිවිසුමක් වෙනුවෙන් මේ ආරාධනය කළේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්ටය. ලිපියක් මගින් මේආරාධනය කළ රූමි මහතා සීයට සීයක රාජ්‍ය ව්‍යවසායක් වන ඕමාන් ටේ‍්‍රඩින් සමාගම (ඕ.ටී.අයි) මගින් රජයන් දෙක අතර සිදුවන ගනුදෙනුවක් හැටියට මෙය සිදුකිරීමට අපේක්ෂා කරන අවධාරණය කළේය. ඉන්පසුව අපේ‍්‍රල් 04 වැනිදා ඕ.ටී.අයි හා ලිට්රෝ නියෝජිතයන් අතර කොළඹදී සාකච්ඡාවක් ද පැවැත්විණි.
එහෙත් ඊට ලංකාව පැත්තෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු අතර ඕ.ටී.අයි සාමාන්‍යාධිකාරිවරයා ලිට්රෝ සභාපතිවරයාට නැවතත් ලිපියක් යොමුකරමින් කියන්නේ ගෑස් සැපයුමට තමන්ට ඇති හැකියාව ගැනයි. මෙහිදී ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් ඊට ප‍්‍රතිචාර දැක් වූ අතර ලිට්රෝ ගෑස් මිලදීගැනීම් සිදුවන්නේ ටෙන්ඩර් පටිපාටියට අනුව බැවින් ඊට ඉදිරිපත්ව තරග කළ යුතු බවයි.
මේ අතරේ තවත් කතාවක් කිව යුතුය. ඒ දින සීය සමයේ ඕමාන් ටේ‍්‍රඩින් සමාගම (ඕ.ටී.අයි) අසාධුලේඛනගත කරන්නට ආණ්ඩුව පියවර ගෙන තිබූ බවය. ඒ අනුව ඕමාන රජය පැත්තෙන් විෂය බාර ඇමැතිවරයාම ලංකාවෙන් ඉල්ලීමක් කළේ එය රාජ්‍යතාන්ත‍්‍රිකව විසඳා ගත යුතු ප‍්‍රශ්නයක් හැටියට සලකා යැයි සිතිය හැකිය. කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්ගේ තීන්දුවක් අනුව මැයි 17 වැනිදා වනවිට ඔවුන් අසාධුලේඛනයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.
මෙටි‍්‍රක් ටොන් ලක්ෂ තුනක ගෑස් මිලදී ගැනීම් සඳහා ලිට්රෝ සමාගම ටෙන්ඩර් කැඳවීමක් කළේ මේ අතරේය. ජූලි 9 වැනිදා පැවැති ඊට අදාළ ලංසු තැබීමේදී සමාගම් 13 ක් තරග කළේය.
LGLL/LPG/082-IMP/17 දරණ මෙම ටෙන්ඩරයේදී ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක් වෙනුවෙන් මෙම කතා වස්තුවේ ප‍්‍රධාන චරිත වන ඕමාන් සමාගම ඩොලර් 48ක් ද ෂෙල් සමාගම ඩොලර් 49ක් ද ලංසු තැබුවේය.
මෙහිදී ටෙන්ඩර් මණ්ඩලය ටෙන්ඩරය පිරිනැමීමට තීරණය කරන්නේ ඕමාන් සමාගමට වඩා වැඩි මුදලක් කියන ෂෙල් සමාග මටය. ඕමාන් සමාගමේ ලංසුව ප‍්‍රතික්ෂේප කර ඊට හේතුව ලෙස දක්වා තිබුණේ මීට පෙර ගෑස් ආනයනය සඳහා ලබා දුන් අවස්ථාවේ සැපයුම් ප‍්‍රමාදයක් සිදුවූ බවය. ජූලි 31 වැනිදා නිවේදනය කළේ අභියාචනා තිබේනම් දින 10ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවයි.
කෙසේ වෙතත් මෙම ගනුදෙනුව අතරේ අපේ අවධානයට ලක්විය යුතු ලිපියක් අගෝස්තු 03 වැනිදා ලිට්රෝ සමාගමේ කළමණකාර අධ්‍යක්ෂ වෙත යොමුවේ. ඒ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා වෙතිනි. ගෑස් ටෙන්ඩරයේ අවුලක් ඇතිනම් අභියාචනා කරන්නැයි ලබා දී තිබූ අභියාචනා කාලසීමාවේදී යැවුණු මෙම ලිපියෙහි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර තිබුණේ මෙම ගනුදෙනුවේදී ප‍්‍රසම්පාදන ක‍්‍රියාපිළිවෙත පැහැදිලිවම දුර්වල බවයි.
මේ නිසා ඉදිරි ප‍්‍රසම්පාදන කටයුතුවලදී කඩිමුඩියේ නැතිව කල්වේලා ඇතිව වැඩ කරන්නැයි යන අවවාදය එහි සඳහන් කර ඇත. නැවත සැකැසූ ප‍්‍රසම්පාදන සැලැස්මක් අමාත්‍යංශයට එවන්නැයි ද එම ලිපියෙන් අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී තිබේ.
මේ අතරේ තවත් කටයුත්තක් සිදුවුණේය. ඒ, ජූලි සහ අගෝස්තු මාසවල ඇති වේ යැයි අපේක්ෂිත ගෑස් හිඟය වෙනුවෙන් ක්ෂණික මිලදීගැනීමක් කිරීමේදීය. එය ද පිරිනැමෙන්නේ ෂෙල් සමාගමටය. ගෑස් මෙටි‍්‍රක් ටොන් 50 000 ක ගනුදෙනුවක් වූ එහිදී මෙටි‍්‍රක් ටොන් එකකට ෂෙල් සමාගම අය කළ මුදල ඩොලර් 57 කි. එය ෂෙල් සමාගම මීට පෙර ටෙන්ඩරයේදී ඉදිරිපත් කළ මිලට ද වඩා ඩොලර් නවයක වැඩි අගයකි. ටෙන්ඩර් පටිපාටියට අනුව කටයුතු නොකරමින් කැලේ පාරේ යෑම නිසා මෙහිදී සිදුව ඇත්තේ පැහැදිලිවම මිලදී ගැනීම්වල අනිසි කල්යෑමක් සිදුවීමයි.
එහි තාර්කික ප‍්‍රතිපලය ක්ෂණික මිලදී ගැනීම් යැයි කියා ඩොලර් නවයක අතිරික්ත මුදලක් ලිට්රෝ සමාගමෙන් ෂෙල් සමාගමට ගෙවන්නට සිදුවීමයි. සරලව කිවහොත් ජාතික ධනය කාබාසිනියා කිරීමයි. ඉතින් හදිසි ගෑස් ආනයනය තුළ කිසියම් මූල්‍ය වංචාවක් ද සිදුව ඇතිදැයි සැක සංකා පහළ වීම හේතුයුක්ත නැද්ද? ඉන්පසුව මෙම ගනුදෙනුවේ ඇති පාරදෘෂ්‍යතාවයෙන් තොර ස්වභාවය වගකිවයුත්තන් අතරේ කතාබහට ලක් වූ අතර එය දැඩිව විවාදයට බඳුන් වූයේ සැප්තැම්බර් 17 පැවැති ලිට්රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදීය.
ලිට්රෝ සමාගමේ හිටපු සභාපති ශලීල් මුණසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් සහ අධ්‍යක්ෂ මණ්ඩල සෙසු සාමාජිකයන් වන අරුණ සිරිවර්ධන, කොළඹගේ හා රත්නායක යන මහත්වරු ද මෙම හමුවට සහභාගි වූහ. මෙම ගෑස් ටෙන්ඩරය රජය අනුදත් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියෙන් පීලි පැන කළ ගනුදෙනුවක් බවට ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩල හමුව හොඳම සාක්ෂියකි.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන අරුණ සිරිවර්ධන මහතා ෂෙල් සමාගමට ටෙන්ඩරය පිරිනැමීමේ පසුබිම එහිදී කෙලින්ම ප‍්‍රශ්න කළේය. ටෙන්ඩරයට අනුමැතිය ලබාගැනීම සඳහා සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරිය වන හපුආරච්චි මහත්මිය දුරකථන ඇමතුමක් ගැනීම ප‍්‍රසම්පාදනවිරෝධී පියවරක් යැයි චෝදනා කළ හෙතෙම ටෙන්ඩරයට අනුමැතිය දීමට අදාළ යෝජනාව ගැන සෙස්සන්ගෙ න් ප‍්‍රශ්න කළ ද කිසිවෙක් ඊට පිළිතුරු නොදුන්හ. එම යෝජනාවට අස්සන් කරතිබුණේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ හා ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ පමණකි. මෙහිදී ටෙන්ඩරයට අදාළ ඇගයීම් ලියකියැවිලි කිසිවක් අධ්‍යක්ෂ මණ්ඩලය අතට පත්කර තිබුණේ ද නැත.
ක්ෂණික මිලදී ගැනීම සඳහා මාසයක කාලයක් දීර්ඝ කිරීමත් තවත් වසරක කාලයකට ගෑස් ටෙන්ඩරය පිරිනැමීමත් කාරණා දෙකක් බවත් ඒවා පටලැවීමෙන් හටගෙන ඇත්තේ සන්නිවේදන ප‍්‍රශ්නයක් යැයි කීමට මෙහිදී මූල්‍ය අධ්‍යක්ෂවරිය උත්සාහ දැරීය. එහෙත් ෂෙල් ක්ෂණික මිලදීගැනීම් හා ටෙන්ඩරයට අදාළ අයකිරීම්වලදී ගෑස් මෙටි‍්‍රක් ටොන් එකකට වෙනස් අයකිරීම් කළේ මන්දැයි සිරිවර්ධන මහතා දිගින් දිගටම ප‍්‍රශ්න කරද්දී මූල්‍ය අධ්‍යක්ෂවරිය අවශ්‍ය ලියකියැවිලි අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර නැති බව අනාවරණය විය. ඇය ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටියාය. අනෙක් අතට මෙම ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩල හමුව පැවැත්වෙද්දී ටෙන්ඩරයට අදාළ ලියකියැවිලි සියල්ලට කබීර් හෂීම් ඇමැතිවරයා අස්සන් කර අවසන්ය. ඒ බව පිටවුණේ කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස්ගේම මුවිනි. මූලික සමාගම් 13 ක් අතරෙන් ටෙන්ඩරයට අදාළව ලංසු ඇපකර තබා තිබුණේ පස් දෙනෙකු පමණි. ෂෙල් ඊස්ටන් ඩොලර් 49ක්, බීපී එනර්ජි ඩොලර් 53ක්, විටෝල් ඩොලර් 66.50 ක් ලෙස ඉදිරිපත් වූ මෙහිදී අවම අයකිරීම වූයේ ඇ.ඩො. 48 ක් වූ ඕමාන් ටේ‍්‍රඩින් සමාග මය. අදාළ ටෙන්ඩරයට මූලිකඅනුමැතිය හිමිව තිබුණේ ඇමැතිවරයා විසින් පත්කරන ලද පස් දෙනෙකුගෙ න් සමන්විත තාක්ෂණික කමිටුවෙනි. ලිට්රෝ ගෑස් ලංකා සමාගමින් තාක්ෂණික කාර්යමාණ්ඩලිකයන් තිදෙනෙක් ද මුදල් අමාත්‍යංශයෙන් හා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයෙන් එක් අයෙක් බැගින් ද එය නියෝජනය කළහ.
කැබිනට් ප‍්‍රසම්පාදන කමිටුව නියෝජනය කළ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ලේකම් ආචාර්ය බී.එම්.එස් බටගොඩ මහතා මීට අනුමැතිය දී ඇතිදැයි සිරිවර්ධන මහතා මෙහිද ප‍්‍රශ්න කළේය. පීරිස් මහතාත් හපුආරච්චි මහත්මියත් එය එසේ වී යැයි කී විට සිරිවර්ධන මහතා ඒ අවස්ථාවේදීම දුරකථන ඇමතුමක් ගෙන බටගොඩ මහතාගෙන් ඒ ගැන විමසා ඇත. එහෙත් වසරක ටෙන්ඩරයට තමා අස්සන් නොකළේ යැයි ඔහු එහිදී පවසා ඇත. ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යැවීමට කිසිවෙකු හෝ උත්සාහ දරන්නේ යැයි තමාට සිතෙන බව ද මෙහිදී බටගොඩ මහතා පැවැසීය.
එම ඇමතුමෙන් පසුව ඇතිව තිබුණේ වියවුලකි. ලිට්රෝ කළමණාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් විදුලි බල අමාත්‍යංශ ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ගෙන ඔහු ද ටෙන්ඩර් කමිටුවේ එක් සාමාජිකයකු බව සිහිකළේය. මාසයක දිගුවට අනුමැතිය දුන් ඔහු පරාජයට පත් ෂෙල් ඊස්ටන් සමාගම වෙනුවෙන් ඉන්පසුව දින හතක් ඇතුළත වසරේ කොන්ත‍්‍රාත්තුවට ද නැවත අයැදුම් කරන්නැයි නිර්දේශ කළ බව ද සිහි කළේය.
ඉන්පසුව එය කැබිනට් මණ්ඩල අනුමැතියට යා යුතු යැයි කී පීරිස් මහතා ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ගන්නැයි ඇමැතිවරයා ඉල්ලා සිටි බව පීරිස් මහතා කීය. එවිට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන කොළඹගේ මහතා ප‍්‍රශ්න කළේ යම් හෙයකින් මෙය කැබිනට් මණ්ඩලය ප‍්‍රතික්ෂේප කළහොත් එවැන්නක් අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළේ කෙසේද යන්න ප‍්‍රශ්නයක් වනු ඇති බවයි.
කෙසේ වෙතත් ටෙන්ඩරයට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාදීමේ ලියකියැවිලි ඊට පසුදිනම (18 වැනිදා) ඇමැතිවරයාට යොමුකළ යුතු බව මෙහිදී කළමනාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කර ඇත. මෙහිදී සිරිවර්ධන මහතා ඇතුලූ තවත් සාමාජිකයන් දැක් වූ විරෝධය හේතුවෙන් එම ඉල්ලීම අත්හැර දමන්නට ඔහුට සිදුව ඇත.
පසුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව තිබුණේ මාසයක ක්ෂණික මිලදී ගැනීම්වලට පමණකි. කෙසේ වෙතත් දිගින් දිගටම ටෙන්ඩරය සම්බන්ධයෙන් වූ ප‍්‍රශ්නකිරීම් හමුවේ ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩල හමුව එකම ගිනි ගොඩක් බවට පත්වෙද්දී කළමණාකාර අධ්‍යක්ෂවරයා කර තිබුණේ රැස්වීමෙන් පිටත්ව යෑමයි. පසුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ කොළඹගේ මහතා ද එයින් පිටතට කැඳවා තිබූ අතර සිරිවර්ධන මහතා ඊට තම විරෝධය දැඩිව පළ කර තිබිණි.
මේ අනුව ෂෙල් සමාගමට ගෑස් ටෙන්ඩරය හිමිව ඇත්තේ තාක්ෂණික ඇගයීම් කමිටුව සකස් කළ කමිටු වාර්තාව පදනම් කරගෙන බව පැහැදිලිය. විශේෂයෙන්ම ප‍්‍රසම්පාදන අවුල ගැන කියමින් අමාත්‍යංශ ලේකම්වරයාම ලිට්රෝ සමාග මට යැවූ ලිපියෙහි අවධාරණය කර තිබුණේ ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයේ 4.1 හා 4.4 මගින් කියැවෙන ප‍්‍රසම්පාදන සැලසුම්කරණය අතිශය දුර්වල බවය.
ප‍්‍රසම්පාදන සැලසුම්කරණය යනු භාණ්ඩ හා සේවා වෙනුවෙන් යොදාගන්නේ කුමන ප‍්‍රසම්පාදන ක‍්‍රමයදැයි යන්න තීරණය කිරීමට එහා ගිය කරුණකි. මන්දයත් එය වඩාත් අදාළ වන්නේ ප‍්‍රසම්පාදනය ආරම්භයට වඩා අවසානයට වන බැවිනි. මේ බව පවසන්නේ අප නොව රජය විසින්ම සම්පාදනය කරන ලද ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයයි. අනෙක් අතට මිලදීගැනීම්වලදී රාජ්‍ය දෙකක් අතර සිදුවන ගනුදෙනුවකදී හුදු වෙළෙඳපොල තර්කනයට එහා ගිය රාජ්‍යතාන්ත‍්‍රික මිත‍්‍රභාවයකින් වාසිදායක ගනුදෙනු කරා යා හැකිය. එසේ බලද්දී ඕමාන් රාජ්‍යට අප කර ඇත්තේ පස්ස හැරවීමකි.
කෙසේ වෙතත් එයින් අවසන සිදුව ඇත්තේ රාජ්‍ය සමාගමක් සමඟ වාසිදායක ලෙස ඇතිකර ගැනීමට තිබූ ආනයනික ගෑස් ගිවිසුම අහිමිකර ගැනීමය. යම් හෙයකින් ඕමානය සමඟ ගිවිසුම්ගත වී නම් ගෑස් මිලට එකතු වන අතරමැදි ගාස්තු නොමැතිව කිසියම් පාලනයක් යටතේ ගෑස් තොග ආනයනය කිරීමේ අවස්ථාව ලංකාවට ලබාගැනීමට තිබුණේය. මන්දයත් ඕමානය වනාහි ගෑස් නිෂ්පාදකයෙකු බැවිනි. එහෙත් ෂෙල් සමාගම ගෑස් නිපදවන්නෙක් නොවේ. බෙදාහරින්නෙක් පමණි. ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් ටෙන්ඩරයේදී දුෂිත ගනුදෙනුවක් සිදුවී ඇතිදැයි ප‍්‍රශ්න රැසක් පැනනැගීම නොවැළැක්විය හැකිය.
නියමිත ප‍්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ටෙන්ඩර් මණ්ඩලවලට ඉඩ ලබා නොදී මෙම කටයුත්ත සිදුවීම එම සැකය දෙගුණ තෙගුණ කරයි. ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩල හමුව පැවැති දිනයේම රජයේ පුවත්පතකට කැබිනට් ප‍්‍රකාශකයකු පවසා තිබුණේ ෂෙල් සමාගමට පිරිනැමුණු ටෙන්ඩරය යළි සලකා බැලෙන බවකි. එහෙත් ආරංචි හැටියට එවැන්නක් සිදුවෙලා නම් නැත. ඒ වෙනුවට ෂෙල් සමාගමටම ටෙන්ඩරය පිරිනැමීමට තීරණය වී තිබේ. අනෙක් අතට ඕමාන් ටේ‍්‍රඩින් හලා ෂෙල් තෝරාගැනීමේදී එය අනුමත කළ පිරිස් නොකියන කතාවක් ද තිබේ.
ඒ, පසුගිය වසර දෙකේදී ෂෙල් ඊස්ටන් ටේ‍්‍රඩින් සමාගම ද පමාවීම් හෝ ගුණාත්මකභාවයේ ප‍්‍රශ්න නිසා ලිට්රෝ සමාගමට හානි ගෙවීම් කර ඇති බවයි. වරක් ඔවුන්ට ටොන් එකකට ඇමෙරිකන් ඩොලර් 20 බැගින් දඩ ගෙවීමට සිදුවුණේය.
එහෙත් මේ ටෙන්ඩරයේදී ඒ කිසිවක් අදාළ වී නැත. ඒ අනුව ෂෙල් සමඟ වූ පැරැණි හාදකම අත්හරින්නට නොහැකි කිසිවෙකු හෝ මේ ගනුදෙනුවේ බලවත් තැනක සිට ඇති වග සක්සුදක් සේ පැහැදිලිය. නොඑසේව ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩලයත් බයිපාස් කර කැලෑ පාරෙන් ටෙන්ඩරයක් අනුමත වන්නට විදියක් නැත.
සත්‍ය ගවේෂණ
(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
([email protected],[email protected])
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් ටෙන්ඩරය ෂෙල් එකට ගියේ හරි පාරෙන්ද
Rohana Wednesday, 18 October 2017 02:02 AM
ගෑස් ටෙන්ඩරය ෂෙල් එකට ගියේ හරි පාරෙන්ද නැත. හොර පාරෙන්.
B.L.Ramanayak Wednesday, 18 October 2017 06:02 AM
ටෙන්ඩර් මණ්ඩලයක් විසින් තීරණයක් ගන්නේ තාක්ෂණික මෙන්ම ආර්ථික කරුණු සලකා බැලීමෙනි. වරදක් වී ඇත්නම් පැමිණිල්ලක් ලැබුනොත් අමාත්‍යංශය විසින් පරීක්ෂා කරනු ඇත
Athula k Wednesday, 18 October 2017 10:15 AM
අලුත් තාලෙට බැංකු කඩන ගෙදරට හොරෙන් විදුලිය ගන්න පට්ට හොරෙකුත් මෙතන හිටියනේ.
Raawana Thursday, 19 October 2017 02:39 AM
කොයි පාරෙන් ගියත්, ඕවට වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක ජනතාවට.