IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


චම්පික අනාගත චක්‍රයා

අගමැති මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුමෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැතිර ගිය කතාව ඉකුත් සතියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූද, අගමැතිවරයාට සමීපතම ලේකම්වරයකු වූද ඔහු මේ වන විට සමාජයෙන් වසන් වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ‘‘ඔහු කිසිම දුරකතන ඇමතුමකට උත්තර දෙන්නේ නැහැ. ගෙදරත් නැහැ. අපි හැමතැනම ආරංචි කරලා බැලුවා. තොරතුරක් සොයාගන්න බැහැ’’ යැයි ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කීවේය.

මේ අතර ආරංචිමාර්ග සඳහන් කළේ, හිටපු ලේකම්වරයාට එරෙහිව නීතිමය පියවරක් නොගැනීමට අගමැතිවරයා තීරණය කර ඇති බවය. ‘‘සිද්ධිය දැනගත් පසුව අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සී.අයි.ඩියට පැමිණිලි කරන්න සූදානම් වුණා. ගත්ත සල්ලි නැවත දෙන්න ඔහු පොරොන්දු වෙලා තියෙනවා’’ යැයි ද තවත් ආරංචියක් පැතිර ගියේය. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉකුත් සඳුදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූයේය. ඒ දත් සම්බන්ධ සුළු ශල්‍යකර්මයක් කරවා ගැනීමටය. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අගමැතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.

‘‘ශල්‍යකර්මයකට භාජන වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එංගලන්තයේ සුප්‍රසිද්ධ ශල්‍යකර්ම වෛද්‍යවරයකු වන මහාචාර්ය හිලාලි නූර්දීන් ඒ සඳහා ලංකාවට පැමිණි බව වාර්තා වුණා. සුදුසුම පුද්ගලයෙක් ඒ සඳහා සහභාගි කරවා ගැනීම ඉතාම හොඳයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය පිළිබඳ ඉගෙනුම ලැබූ හිලාලි නූර්දීන් වෛද්‍යවරයාට හැකියාව දැනුම හා අත්දැකීම් තිබෙනවා. සුදුසු පුද්ගලයාට සුදුසු කාර්ය සඳහා තැනදීම හොඳයි. මෙවන් සත්කාර්යයකට ජාතිය, ආගම, කුලය වැනි දේවල් බලපාන්නේ නැහැ’’ යැයි ඉරාන්ගේ ප්‍රකාශයේ සඳහන් වේ.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ජන්ම දිනය ඉකුත් බදාදාට යෙදී තිබිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එදින පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ හිමියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය. මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැති දානමය පිංකමකටද ජනාධිපතිවරයා සහභාගි වූයේය. දන් පිළිගැන්වීමටද ජනාධිපතිවරයා එක්වූයේය. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මුරුත්තෙට්ටුවේ නාහිමියන්ගේ ජන්ම දිනයට සුබ ප්‍රාර්ථනා කර තිබුණේය.

සියදිවි හානිකර ගැනීම හෝ ඊට උත්සාහ කිරීම ශ්‍රී ලංකා නීතියේ හැටියට තහනම් හා නීති විරෝධී කටයුත්තකි. කෙනෙකු සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ බව ඔප්පු කළහොත් ඔහුට නීතියෙන් දඬුවම් හිමිවෙයි. මෙවැනි පසුබිමක් තිබියදී බී.ඒ.ඩබ්. අබේවර්ධන නමැති මාලඹේ ප්‍රදේශයේ පදිංචි නීතිඥයකු ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවා තිබේ. ඒ සියදිවි හානිකර ගැනීමට නීතිමය අවසර ලබාදෙන ලෙස ඉල්ලමිනි. ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් නව නීති සකස් කරන්නැයි ද ඔහු ලිපියෙන් ඉල්ලා තිබේ. නීතිඥයාගේ ලිපිය පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමැතිවරුන් වෙත ද යොමුකර තිබේ.

 තමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවය කළ බවත්, ඉන් ඉවත් කළ හෙයින් ජනතා බදු මුදලින් අධ්‍යාපනය ලැබීමේ ණය ජනතාවට ගෙවා ගැනීමට තමන්ට නොහැකි වූ බවත්, එම ලිපියේ සඳහන් වෙයි. ‘‘ණය ගෙවා ගත නොහැකිකම මත සියදිවි නසාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම’’ යන ලිපි ශීර්ෂය යටතේ ඔහු එම ලිපිය ලියා තිබේ.

ගුරු සංගම් ඇතුළු වෘත්තීය සංගම් ගණනාවක් ඉකුත් කාලයේ දිගින් දිගටම වර්ජනවල නිරත වෙමින් වැටුප් වැඩි කරවා ගැනීමේ උත්සාහයන්හි නිරත වූයේය. ගුරු වැටුප් ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟ ගුරු අරගලය තාවකාලිකව නිමාවට පත්විය. එහෙත් නැවතත් වැඩවර්ජන රැල්ලක් මතුවන්නට පටන් ගෙන තිබේ. ගුරුවරුන්ට වැටුප් වැඩිවීම නිසා ශ්‍රේණිගත විදුහල්පතිවරුන්ට වැටුප් විෂමතාවක් ඇතිවී ඇතැයි කියමින් ඔවුහු අද සංකේත වර්ජනයක නිරත වෙති. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ඉකුත් බදාදා වැඩවර්ජනය කළේය.

සුරාබදු දේශීය ආදායම් සහ රේගු වර්ජනයක්ද අත ළඟටම පැමිණ තිබේ. ජී.එස්.ටී. නමින් නව බද්දක් පනවා, එම බද්ද පරිපාලනය කිරීම මහාභාණ්ඩාගාරයට පැවරීමට පනතක් සම්මත වීම නිසා දේශීය ආදායම්, සුරාබදු හා රේගු නිලධාරීහු දැඩි විරෝධතාවයක නිරත වෙති. ඔවුන් ඉදිරියේදී ඒකාබද්ධ අරගලයක නිරතවීමට කටයුතු සකස් කරමින් ඇතැයි වාර්තා වේ. ඒ අනුව තවත් වැඩවර්ජන රැල්ලක් අත ළඟටම පැමිණෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවට නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා තව තවත් ඉල්ලීම් ලැබෙමින් තිබෙන බව වාර්තා වේ. ‘‘මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 76යි. අපේ රටේ ලියාපදිංචි ඡන්දදායකයන් ප්‍රමාණය හා සසඳා බලන විට එය ඉතා ඉහළ අගයක්. මෙලෙස අධික පක්ෂ සංඛ්‍යාවක් මැතිවරණවලට ඉදිරිපත්වීම හේතුකොටගෙන මැතිවරණ කළමනාකරණය ඉතා සංකීර්ණ වෙනවා. මැතිවරණ වියදම ඉහළයාමට ද එය බලපානවා. සමහර පක්ෂ මැතිවරණවලට ඉදිරිපත්වන්නේ නැහැ. ඒත් පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වෙනවා’’ යැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සමගි ජනබලවේගය පක්ෂය ගොවි ජනතාව වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ. ‘‘ගොවිජන ප්‍රකාශනය’’ නමින් නම් කර ඇති එම වැඩසටහන පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගොවි ජනතාවට සිදුව ඇති අර්බුදයෙන් ඔවුන් බේරාගැනීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සමගි ජනබලවේගය පක්ෂය සඳහන් කරයි. ‘‘අද ගොවි ජනතාව කබළෙන් ළිපට වැටිලා. පොහොර නැහැ, කෘෂි රසායන නැහැ, ගොවිතැන පාළුවට ගිහින්. මෙහෙම බැලුවම ගොවි කැරැල්ලක් ඇතිවීම ඈතක නොවෙයි. ගොවි ජනතාව අද හෙටම පාරට බහීවි. අපි ඔවුන් සමග එක්ව සටන් කරනවා’’ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ නායකයෝ පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ‘‘43 වැනි සේනාංකය’’ නමැති දේශපාලන සංවිධානයේ ජාතික මහා සමුළුව ඉකුත් දා ශ්‍රී ජයවර්ධනපුර ‘‘මොනාක්’’ හෝටල් ශාලාවේදී පැවැත්විණ. එම සමුළුවට සහභාගි වන්නැයි පාඨලී චම්පික කල්තියාම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබුණේය. එම සමුළුවට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂය තුළ මත ගැටුමක් හටගත්තේය. ‘‘සමගි ජනබලවේගයේ පිරිසක් නොයන්න තීන්දුවක් ගත්තා. අපි කිව්වා යනවා කියලා. අපට ආරාධනාවක් ලැබිලා තිබෙනවා. කාටවත් තහංචි දාන්න අයිතියක් නැහැ. ඒ අනුව පිරිසක් ගියේ නැහැ’’ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය. එජාප නායක රනිල් වික්‍රමසිංහ හෝ සජබ නායක සජිත් ප්‍රේමදාස හෝ 43 වැනි සේනාංකයට සහභාගි වූයේ නැත.

එහෙත් එම පක්ෂ දෙකේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ඊට එක්වූහ. හිටපු කතානායක කරු ජයසූරිය, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, කුමාර වෙල්ගම, තලතා අතුකෝරල සහ මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ 43 වැනි සේනාංකය හරහා විශාල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට පාඨලී උත්සාහ දරමින් සිටින බවය. ඇතැම් විට එම දේශපාලන ව්‍යාපාරය ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ මත පළ කරති.

එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනැගීමේ කටයුතු මීට මාස කීපයකට උඩදී ආරම්භ කළේය. එජාපය තවත් වැඩපිළිවෙළක් ලෙස උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කළේ ගාල්ලෙන්ය. රට හරි අතට ගැනීමේ උද්ඝෝෂණ මාලාව ඉදිරියේදී රටේ අනෙකුත් නගරවල ද ක්‍රියාත්මක කරන බව එජාපය සඳහන් කරයි.

කස්තුරි



අදහස් (1)

චම්පික අනාගත චක්‍රයා

ajith Monday, 31 January 2022 06:21 AM

දූෂිත දේශපාලන මඩගොහොරුවේ මාළු සිටිනා තැන් සොයමින් එම තැන්වලට සෙමෙන් සේන්දු වී එම තැන් වර්ණනා කරමින් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා " චම්පික " කොකා සියලු මාළු අහවර වූ පසු හිටපු තැනට දොස් තබමින් පියඹා ගොස් වෙනත්තැනක් සොයාගැනීම පුරුද්දක් කර ගත්තෙකි. මෙය එම කොකාගේ දේශපාලන සම්ප්‍රදායද වේ. කෙසේවෙතත් මේ පැමිණ තිබෙනුයේ කොකාගේ නොව තිත්තයාගේ වාරයයි. කොකාට වාරයක් නම්, තිත්තයාටද වාරයක් පැමිණෙන බව පැරණි පොත්වල සඳහන් බව රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි...

:       4       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site