ලජ්ජාව සහ භය ඇතිවිය යුත්තේ වැරැදි දේ කිරීමටය. ලජ්ජාව සහ භය නොමැති වූ විට සිදු කළ නොහැකි වරදක් අපරාධයක් හෝ තක්කඩිකමක් නැත. දේශපාලකයන් බහුතරයකට මෙම ලජ්ජා භය පිහිටා නැත. මෙම ලජ්ජා භය අහිමි ඊළඟ පිරිස රාජ්‍ය නිලධාරීන් හා සේවකයෝය.
බහුතරයක් රාජ්‍ය නිලධාරීන්ට මෙම ගුණාංග දෙකම පිහිටා තිබෙන අතර සුළු පිරිසකට එය පිහිටා නොමැත. ඔවුන් කරන කියන දෙයින් සමස්ත රාජ්‍ය සේවයම අපවාදයට ලක්වේ. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් එබඳු අපවාදයක් නිර්මාණය වූ විට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටේ. රටක් අභ්‍යන්තරයෙන් දුර්වල වීමට මෙම තත්ත්වය හේතුවේ.
ඉහත කාරණාවට අදාළ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම පුවතින් කියැවුණේ අඩු ආදායම්ලාභීන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබාගත් නිවාස ණය වෙනුවෙන් ගෙවන වාරිකවලින් එහි ඇතැම් නිලධාරීන් රුපියල් කෝටි ගණනක මුදලක් වාචා කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පවසන බවය.
සිද්ධියට අදාළව එම කාර්යාලයේ සේවකයන් දෙදෙනකුගේ හා සේවිකාවන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇති බව ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකරු පී.ඒ.ඩී.එස්. වික්‍රමසිංහ මහතා ද අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එබඳු වංචාවක් සිදුවී ඇති බවය.
මෙයට දශක කිහිපයකට පෙර රාජ්‍ය සේවයට එක්වීම අතිශයින්ම අභියෝගාත්මක විය. අවශ්‍ය සුදුසුකම් සපුරා තිබීම පමණක් නොව මනා චරිතවත් පුද්ගලයකු යන්නද සොයා බැලුණි. පවුල් පසුබිම සම්බන්ධයෙන්ද විමර්ශනය කෙරුණු අතර ඒ සියල්ලෙහිම අරමුණ වූයේ ප්රශස්ත රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාමය.
රාජ්‍ය සේවයේ වත්මන් පිරිහීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ රාජ්‍ය ආයතන තම පක්ෂ කාර්යාලයක් යැයි සිතූ දේශපාලනඥයන් තම හෙන්චයියන් බුරුතු පිටින් රාජ්‍ය ආයතනවලට රිංගවා ගැනීමය. එසේ පැමිණෙන පිරිස් සතු එකම සුදුසුකම දේශපාලන දාස භාවය පමණි. එවැනි දේශපාලන දාසයන්ගෙන් රාජ්‍ය සේවයේ ගුණාත්මක බව ආරක්ෂා කරගත නොහැකි බව ඒකාන්ත සත්‍යයකි.
ජාතික නිවාස අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුවී තිබෙන්නේ මහා පරිමාණ හොරකමකි. අප පුවත්පතට තොරතුරු අනාවරණය කර ඇති නිලධාරියා පවසා තිබෙන්නේ මෙම නිවාස ණය අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ඉදිකිරීමට ලබාදී ඇති බවත් ආබාධිත රණවිරුවන් ද එම ණය මුදල් ලබා ගෙන ඇති බවත්ය. ඔවුන් එම ණය වාරික නිසි පරිදි ගෙවා ඇතත් එම ගෙවීම් අඩුවෙන් පොත්පත්වල සඳහන් කර එම මුදල් සොරකම් කර ඇති බවය. ණයලාභීන් කිහිප දෙනකු ණය වාරික වශයෙන් දුන් රුපියල් 50,000, 60,000 සහ 1,00,000 ආදී මුදලින් කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් 50, 100, 200, 500 වැනි අඩු මුදල් ගණනක් බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
වරදක් බව දැන දැනම එය කරන විට ඕනෑම අයකුට තැතිගැන්මක් ඇතිවිය යුතුය. එහෙත් චෝදනාවට ලක්ව වැඩ තහනමට ලක්ව ඇති සේවකයන් දෙදෙනාට හා සේවිකාවන් දෙදෙනාට එබඳු තැති ගැන්මක් තිබී නැත. එසේ තිබුණේ නම් පෙර දක්වා ඇති අන්දමට ඉතා අඩු මුදල් ගණනක් සටහන් කරන්නේ නැත. ලබාදුන් ණය අයකර ගැනීමට කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන අතර නිවාස අධිකාරියේ සේවකයන්ට අමතරව බාහිර පුද්ගලයන් ද ඒ සඳහා යොදවා ඇති බවත් ණය අයකර ගැනීමට යොදවා ඇති අධිකාරියේ සේවකයන්ට වැටුපට අමතරව අය කරන මුදල්වලින් කොමිස් මුදලක් ද ගෙවන බවත් ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
වංචාවේ බරපතළකම ඉහත විස්තරයෙන්ම පැහැදිලිවේ. වැටුපට අමතරව කොමිස් මුදලක් ද ලබා දෙනුයේ එම සේවකයන් තෘප්තිමත්ව රාජකාරියේ යෙදවීමටය. එබඳු වරප්‍රසාදයක් හිමිකර දී තිබියදීත් මෙසේ වංචා කරනුයේ උපන්ගෙයි වංචාකරුවෝ වෙති. ප්රශ්නය වන්නේ මෙම වංචාවට අනුබද්ධව සිටිනුයේ දැනට වැඩ තහනමට ලක්ව ඇති සිවු දෙනා පමණක්මද යන්නය. මෙය සාමූහික වංචා කිරීමකි. මෙබඳු වංචාවක් සැහෙන කාලයක් මුළුල්ලේ එම ආයතනය තුළ සිදු කිරීමට පරිසරයක් තිබීමෙන් එහි කළමනාකාරිත්වයේ ස්වභාවයද හඳුනා ගත හැකිය.
වැඩ තහනමට ලක්ව ඇති සිවුදෙනා හා එහි ඇතැම් නිලධාරීන් වංචාකාරී ලෙස මුදල් යොදවා සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත් ඔවුන් උසස් තත්ත්වයේ ඇඳුම් පැළඳුම් ආහාරපාන මෙන්ම සුවඳ විළවුන් ආදිය කුරියර් සේවාව හරහා ආයතනයට සපයා ගෙන ඇති බවත් ඊට අමතරව විනෝද චාරිකා සඳහා එම මුදල් යොදවා ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
අධි පරිභෝජනයට ඇබ්බැහිවීම බරපතළ ඛේදවාචක නිර්මාණය කරන බව හඳුනා ගැනීමට ඕනෑ තරම් උදාහරණ සමාජයේ වෙයි. ඒවායින් ඉගෙන ගැනීම පුරවැසියන්ගේ වගකීමකි. නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුව ඇති මහා පරිමාණ වංචාව සෙස්සන්ට පාඩමකි. ඒ පාඩම් ඉගෙන නොගැනීම තම ජීවිත බලවත් අන්ධකාරයකට ඇද දමා ගැනීමකි.
(***)
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික නිවාස කළුතර කාර්යාලයේ ගැහිල්ල