IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජනතාව හිතන 'විසඳුම' ඇත්ත විසඳුම නෙවෙයි

චැනල් ෆෝ නාලිකාවේ පාස්කු හෙළිදරව්ව, සමගි ජන බලවේගයේ සමගිය, ඉදිරි ජනපතිවරණය ආදි කරුණු පිළිබඳව මෙවර රජවීදියෙන් අදහස් දක්වන්නේ බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතාය.

• චැනල් 4 නාලිකාවේ හෙළිදරව්වත් සමඟ පාස්කු ප්‍රහාරය රාජපක්ෂවරුන්ගේ වැඩක් ලෙස අර්ථ කථනය කර තිබෙනවා. එය එසේ යැයි ඔබලාත් විශ්වාස කරනවද?

පැහැදිලිවම පාස්කු ප්‍රහාරයෙන් පසුව කාදිනල් හිමියන් දිගටම ප්‍රකාශ කළ කාරණාවක් තමයි මීට සම්බන්ධ මහමොළකරුවන් හෙළිදරව් කරන්න කියන එක. මෙය බලය ලබා ගැනීම සඳහා කරපු කුමන්ත්‍රණයක්ද කියන කාරණාවත් උන්වහන්සේ මතුකළා. හිටපු නීතිපතිවරයාත් මීට සමාන කාරණා තමයි මතු කළේ. 2015 රාජපක්ෂවරු පරාද වුණාට පස්සේ නැවත ඔවුන්ට බලයට එන්න කාරණාවක් සොයා ගත යුතුයි. රටේ ආර්ථිකය හදනවා කියලා බලයට එන්න බැරි නිසා ඔවුන් රට අස්ථාවර කරලා ආරක්ෂාව පිළිබඳ බියක් ඇති කරන්න මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කළා වෙන්න පුළුවන්.

රාජපක්ෂවරුන්ට කොහොම  හරි අවශ්‍ය කළේ බලය කියන එක අපි තේරුම්ගෙන ඉවරයි. බලයට එන්න ඕන හරිම සැලසුම තමයි එදා එයාලා ක්‍රියාත්මක කළේ. සහරාන්ගේ ප්‍රහාරය එල්ල වෙලා දින 07ක් යන්න කලින් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට එනවා කියන කාරණාව ප්‍රසිද්ධ කිරීමෙන්ම ඒ අයට තිබුණු හදිස්සිය පැහැදිලියි.

ඒ වගේම සහරාන් ඇතුළු කණ්ඩායමකට පඩිගෙව්වා කියන එකත් ඉතාම පැහැදිලි කාරණාවක්. පොහොට්ටුව කියන දෙයක් තමයි පාස්කු ප්‍රහාරයට කලින් ඒ අය පුංචි ඡන්දය දිනලා හිටියේ කියන එක. ජාතිවාදය පතුරලා වඳ කොත්තු බිය ඇති කරලා ඒ ඡන්දය ඒ අය දිනා ගත්තේ. ඒ නිසා ඉතාම පැහැදිලියි මේ සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා මෙහි ඇත්ත නැත්ත රටට හෙළිදරව් කළ යුතුයි.

• මාධ්‍ය ආයතනයක් කියූ පමණින් අප එය පිළිගත යුතුද?

නැහැ එහෙම වෙන්න ඕන නැහැ. හැබැයි ඒ හෙළිදරව් කරන පුද්ගලයා කවුද? පිල්ලයාන්ගේ ලේකම්වරයෙක්. පිල්ලෙයාන් මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවිධ තැන්වල මතුවූ කාරණා තිබෙනවා. ඒ තුළින් මහ මොළකරුවා කවුදැයි හඳුනා ගත යුතුයි.

ආණ්ඩුව මේ සම්බන්ධව ජනතාවට වග කියනවා නම් මෙහි ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම ඒ අයගේ වගකීමක්. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන වත්මන් ජනාධිපති එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වුණා. ඔහුට ඒ චෝදනාවලින් බේරෙන්න පුලුවන් එකම ක්‍රමය තමයි මෙහි සත්‍ය අසත්‍යතාව රටට හෙළිදරව් කිරීම. ඒ නිසා තමයි අපි ජනාධිපතිවරයාට ඒ බල කිරීම කරන්නේ.

• පුංචි ඡන්දය ගැන දැන් හාවක් හූවක් නැහැ. දැන් ජනාධිපතිවරණයක් ගැනත් කතා වෙනවා. ඒකටත් පුංචි ඡන්දයට වෙච්ච දේම වේවිද?

එහෙම වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම ඡන්ද කල්දාන්න ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. මේ ජනාධිපතිවරයා ජනතා ඡන්දයෙන් තේරුණු කෙනෙක් නොවේ. නීත්‍යනුකූලව බැලුවොත් අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඡන්දවලින් දිනන්න බැරි අය තමයි මැතිවරණ කල්දාන්නේ. මැතිවරණ කොමිසම ඡන්ද දායකයාට තිබෙන අයිතිය තහවුරු කර දිය යුතුයි. මැතිවරණයක් තුළින් තමයි අලුත් දේශපාලන පරිවර්තනයක් ඇතිවිය යුත්තේ. පසුගිය මැතිවරණයෙන් එජාප නායකයාට දුන් දඬුවම තේරුම් ගත්තා නම් කවදාවත් ඡන්ද කල්දාන්න හිතන්නේ නැහැ.

මහ බැංකු මංකොල්ලයේ විනාශයට ජනතාව ඉතා හොඳ උත්තරයක් ලබා දුන්නා. මේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ සමගි ජන බලවේගය වටා කියන එක ජනතාව දැන් තේරුම් අරගෙන ඉවරයි. එදා ජේ.ආර්. ජයවර්ධන ප්‍රේමදාසගේ ගමන වළක්වන්න කටයුතු කළා වගේ අදත් සජිත් ප්‍රේමදාස මහතාට ඒ අභියෝගයම එල්ලවී තිබෙනවා. අද පොහොට්ටුවේ එජාපයේ මාලිමාවේ හැමෝගෙම පොදු හතුරා බවට පත්ව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස. ඒත් සියලු අභියෝග ජයගෙන සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්න පුළුවන්.

• පසුගිය මහ මැතිවරණයෙන් එජාපය අන්ත පරාජයට පත්වුණා. හැබැයි දැන් තිබෙන තත්ත්වය අනුව ඊළඟ මැතිවරණයේදි ඒ බෝලය කැරකෙන්නේ සමගි ජන බලවේගයට වෙන්න පුලුවන්.

එහෙම කවදාවත් වෙන්නේ නැහැ. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් කොහොමත් අපේක්ෂකයා නොවන බව පොහොට්ටුවේ අයම ප්‍රකාශ කරනවා. ඔහු ජනාධිපති වී සිටින්නේ 20/24 වනතෙක් පමණයි කියලා අපි නෙවෙයි කියන්නේ පොහොට්ටුවේ අය. එජාපයට 74 වන සංවත්සරයවත් හරියට තියාගන්න බැරිවුණා. එජාපයට වෙච්ච දේ සමගි ජනබලවේගයට නොවෙන්නේ ඩීල් දාන පොඩි මිනිහා ගැන නොහිතන දේශපාලනයක් අපි නොකරන නිසා. 3%ක් තියෙන අයට තව 47%ක් ගැනීම ඉදිරි මැතිවරණයකදි බරපතළ අභියෝගයක්. රනිල් ජනාධිපති වුණේ පොහොට්ටුව නිසා. 3% කණ්ඩායමේ අපේක්ෂාව තමයි ඉදිරි මැතිවරණයකදි කිසිම පක්ෂයකට 113 ලබා ගැනීම වැළකීම. ඒ හරහා රනිල්ට හිතවත් පිරිස එකතු කරගෙන අලුත් පාර්ලිමේන්තුවක් හැදීම තමයි ඒ අයගේ අපේක්ෂාව. අපට විපක්ෂයේ කිසිම පක්ෂයක් අභියෝගයක් නෙවේ.

• සජිත් ප්‍රේමදාස කියනවා ජනවරමකින් තොරව බලය ලබා ගන්න සූදානම් නැහැ කියලා.

මේ රටේ ජනතාව බුද්ධිමත්, ව්‍යවස්ථා සංශෝධනවලින් බලයට එන්න සජිත් ප්‍රේමදාසට කිසිම උවමනාවක් නැහැ. රනිල් කියන්නේ ජනවරමකින් පත්වූ නායකයෙක් නොවේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක්. පසුගිය කාලේ දේශපාලන අරගලයක් ක්‍රියාත්මක වුණා. අරගලයට පිංසිද්ධ වෙන්න තමයි රනිල් ජනාධිපති වුණේ. එහෙත් අපේ නායකයාට ආරාධනා කරලත් අපි ඊට කැමැත්ත ප්‍රකාශ නොකළේ එහෙම රටේ බලය ගන්න අපට අවශ්‍යතාවයක් නැති නිසා.

කලින්ම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකයා විදියට නම් කළේ සමගි ජන බලවේගයේ තව අපේක්ෂකයෝ සිටින නිසාද?

ජනාධිපතිවරණයට මාස 06 කට පෙර තමයි ජනාධිපති අපේක්ෂකයා විදියට ඔහු කරළියට ආවේ. අපි හිතන්නේ අපි විශ්වාස කරන්නේ සජිත් ප්‍රේමදාස නම් ඇයි අපි ඒක හංගගෙන ඉන්නේ. රටේ ජනතාව මුළා කරන්න අපට උවමනාවක් නැහැ. අපිට ශක්තිමත් නායකත්වයක් තිබෙන නිසා අපි කිසිම මැතිවරණයකට බියක් නැහැ.

• සජිත් කියන්නේ එකවරක් ජනපතිවරණයෙන් පැරදුණු නායකයෙක්. ඇයි එහෙම කෙනෙක් නැවත අපේක්ෂකයා කර ගන්නේ.

අපි ඒ පාර පාරද වුණේ ඇයි කියන එක අපි වටහාගෙන ඉවරයි. අපේම පක්ෂයේ අය ඒ මොහොතේ අපේම කකුලෙන් ඇද්දා. ඒ මොහොතේ ආගම, ජාතිය ඉස්සරහට දාලා වීරයෙක් නිර්මාණය කිරීම තමයි සිද්ධ වුණේ. ඒ නිසා ජනතාව ගෝඨාභයට ඡන්දය දුන්නා. හැබැයි ඒ වැරැද්ද නිසා රටට සිද්ධ වෙච්ච විනාශය ජනතාව තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා තව දුරටත් ආයේම ඒ වැරැද්ද කරයි කියලා විශ්වාස කරන්න බැහැ.

• සමගි ජන බලවේගයට මාලිමාව අභියෝගයක් නෙවේද?

ඉදිරි මැතිවරණයකදි දේශපාලන පක්ෂ 03ක් අතරේ තමයි තරගය තියෙන්නේ. ඒ හරහා එක පක්ෂයකට 113ක් ගැනීම අපහසුවී තිබෙනවා. අද වනවිට මාලිමාව හා රනිල් අතර තිබෙන සබඳතාත් හෙළිවී හමාරයි. අරගලයෙන් රාජපක්ෂලා එලෙව්වත් එතනින් එහා රනිල්ව එලවන මට්ටමට නොආවේ කාගේ සම්බන්ධකම් නිසාද කියලා හොයන්න ඕන.

• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙඩි තබන තත්ත්වයටත් දැන් පත්වෙලා තිබෙනවා. 

ඒ පිළිබඳව අපි කනගාටුවට පත්වෙනවා. රජයේ වගකීමක් තිබෙනවා ඒ පිළිබඳව හොයන්න. ජීවිත හානියක් නොවුණත්, කවුරු කළත් එහි සත්‍යතාව සොයා බැලිය යුතුයි. පාර්ලිමේන්තුවේ ස්වාධීනව අදහස් පළ කරන අයට නිදහසේ කටයුතු කිරීමට බැරිනම් වැඩක් නැහැ. ඒ නිසා වහාම මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

 

සංවාදය අමිල චින්තන ගමගේ



අදහස් (2)

ජනතාව හිතන 'විසඳුම' ඇත්ත විසඳුම නෙවෙයි

City Wednesday, 27 September 2023 07:58 AM

සජබය, කරුණාකර අගමැති කවුද කියලා කියන්න? සජිත් ජනාධිපති වෙනවා නම්...!

:       0       0

LGP. JATHUNARACHCHI. Tuesday, 03 October 2023 06:06 AM

ඔබේ වටිනා විසඳුම මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 357 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 745 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1087 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1444 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 521 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site