බදු ගෙවීම් පැහැරහැර සිටින වෘත්තිකයන්ගෙන් රුපියල් බිලියන 40 ක මුදලක් එකතු කර ගැනීමේ අතිරේක ඉලක්කයක් සපුරා ගැනීම උදෙසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවට පසුගිය ප්‍රවෘත්ති පත්‍ර වාර්තාවක පළවී තිබිණ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වන නඳුන් ගුරුගේ මහතා පවසන පරිදි, වර්ෂය අවසාන වීමට මත්තෙන් මෙම මුදල එකතුකර ගැනීම උදෙසා ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන් දෙදෙනකුගෙන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් විසිදෙනකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.
වර්තමානය වන විට වෘත්තිකයන් 10,600 ක පමණ පිරිසක් සහ වෘත්තීය සේවා සපයන්නන් බදුගෙවීම පැහැර හරින්නන් බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශ්වාස කරන බව ඒ මහතා වැඩි දුරටත් පවසා තිබිණ. වෛද්‍යවරුන්, නීතිඥයන්, රූපලාවන්‍යාගාර ක්‍රියාකරුවන්, මංගල හා උත්සව අවස්ථා සැලසුම්කරුවන් ද මීට අයත් වන අතර මොවුන් ඌන ලෙස බදු ගෙවන හෝ බදු ගෙවීම පැහැරහරින්නන් බවට සැක පහළ කරයි.
පුදුමය නම් ටියුෂන් ගුරුවරුන්/ගුරුවරියන් මෙම ලැයිස්තුවේ නොමැතිවීමයි.
මෙලෙස ඌන ලෙස බදු ගෙවන හා හෝ බදු ගෙවීම පැහැර හරින්නන් ගෙන් බොහෝ දෙනකු බැංකු වල මුදල් තැන්පත් කිරීම සහ වාහන හා විවිධාකාර නම් යටතේ දේපළ මිලදී ගන්නා බවද නඳුන් ගුරුගේ මහතා පවසා ඇත.
මගේ අදහස නම් ආදායම් බදු හා දේපළ/ධන බදු වැනි ඍජු බදු ගෙවන ලොව පුරා ජනතාව ඒවා ගෙවනුයේ අසතුටින් බවය. ඍජු බදු අය කිරීම යනු කෙනකුගේ සාක්කුවෙන් මුදල් ලෙස රජය වෙත ධනය මාරු වීමයි. ඍජු බදු ගෙවීම විනිවිදභාවයෙන් යුතුය. එය කෙනෙකුට දෘශ්‍යමාන වේ. එබැවින්, එය ගෙවන අවස්ථාවේ සිතට යම් වේදනාකාරී හැඟීමක් දැනේ. එහෙත් අගය එකතු කළ බද්ද (VAT), භාණ්ඩ හා සේවා බද්ද (GST) වැනි වක්‍ර බදු ගෙවීමේදී පාරිභෝගිකයකුට එය දෘශ්‍යමාන නොවේ. එය “මිලෙහි” අඩංගු කර ඇත. ඇත්ත වශයෙන් කියතොත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නීතිරීති වලට අනුව, විකුණන්නා විසින් පාරිභෝගිකයා වෙත දෙනු ලබන ඉන්වොයිසියේ/ බිල් පතෙහි ඪ්ඔ සාධකය හෙළි දරව් නොකළ යුතු වේ. මෙහි තාර්කික පදනම නම් තමා විසින් කරනලද මිලදී ගැනීමේ තිබෙන බදු කොටස දැක සිතෙහි වේදනාවක් ඇතිවීම වැළැක්වීමය.
බදු ගෙවීමට අනුකූලතාව නොදක්වන පුරවැසියන්ට එදිරිව දණ්ඩන ක්‍රියා මාර්ග ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සංවර්ධිත රටවල පුරවැසියන්ගෙන් බහුතරය ස්වේච්ඡාවෙන්ම සෑම වර්ෂයකම අවසානයේ ස්වකීය දේපළ ප්‍රකාශයට පත් කිරීම, ආදායම් පෙන්වීම හා බදු ගෙවීම සිදු කිරීමට පෙළඹේ.
ශ්‍රී ලංකාවේද සෑම මුදල් වර්ෂයකම නොවැම්බර් මස 30 වැනි දින වන විට, පුද්ගලයන් හා ව්‍යාපාරවලට අදාළව වත්කම්, බැරකම් හා ආදායම් ප්‍රකාශ කිරීම් හරහා බදු ගෙවීම් සිදු කිරීමට අදාළව නීති ප්‍රතිපාදන සලසා තිබෙන අතර ඒවාට අනුකූලතාවක් නොදක්වන්නන් හට දඬුවම් ලබාදීම සඳහා ද නීති ප්‍රතිපාදන සලසා තිබේ. එහෙත්,බොහෝ අවස්ථාවල මෙන්, නිලධාරින්ගේ අලසකම හා දූෂණය මීට හරස් වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2017 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට සංස්ථාගත නොවන බදු ගෙවන්නන් 1,198,946 දෙනකු ශ්‍රී ලංකාවේ සිට ඇත. මෙයින් සියයට 88 ක්ම, එනම් 1,051,364 ක් ම උපයන විට ගෙවීම් බද්ද (PAYE) යටතේ බදුවලට යටත් වූ සේවකයෝය. මොවුහු මූලික වශයෙන්ම මසකට රු. 100,000 කට වඩා මුදලක් උපයන පෞද්ගලික අංශයේ සේවකයන් විය හැක.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයට අනුව 2018 වන විට ආර්ථික වශයෙන් ක්‍රියාකාරී පුද්ගලයන් ගණන 8,387,759 ක් විය. මින් හැඟෙනුයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවන්නන් සංඛ්‍යාව වැඩි කිරීමේ අවකාශය ඇති බවය. කෙසේ වුවද, සමස්ත වෙනස්කමට ම අදාළ වන්නේ බදු ගෙවීම පැහැර හරින්නන් බවට උපකල්පනය කළ නොහැක.
සංවර්ධනය වෙමින් පවත්නා බොහොමයක් රටවල ඍජු බදු ගෙවීමේ දී අඩු මට්ටමේ අනුකූලතාවට මූලික ම හේතුවක් වන්නේ, තමා ගෙවන බදු මුදල් අධ්‍යාපනය, සෞඛ්‍යය හා අනෙකුත් මහජන සේවා සඳහා වැය නොකර අපතේ යන බවට ඔවුන් තුළ ඇති සිතුවිල්ලය.
මෙවැනි පසුබිමක, අපගේ දේශපාලකයන් විසින් බදු ගෙවන ජනතාවගේ මුදල් අපතේ යවමින් සිදු කරනු ලබන පිළිකුල් සහගත ක්‍රියා පිළිබඳව ඉස්මතු කර දැක්වීම සුදුසු වේ.
බදු ගෙවන ජනතාවගේ මුදල් අපතේ යන්නේ දේශපාලකයන් විසින් සිදු කරනු ලබන දූෂණ හා හුදු අවපාලන ක්‍රියා නිසාවෙනි. නිස්සාර, ව්‍යාජ, අකාර්යක්ෂම රාජ්‍ය සේවාවෙන්ද මේ සඳහා ලැබෙන දායකත්වය සුළුපටු නොවේ.
සෑම අතින් බැලුවත් රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත (over-stafed). මුදල් අමාත්‍යාංශය පවසන පරිදි, 2017 අවසානය වනවිට සමස්ත රාජ්‍ය සේවයේම සිටි සේවකයන් ගණන 1,375,499 කි. මෙයට රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මෙන්ම අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර, රජයට අයත් ආයතන සහ රාජ්‍ය බැංකුද අයත්ය.
දශක ගණනාවක සිටම ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍යංශවලට සහ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේදී අකටයුතු ක්‍රියාවල යෙදී ඇත. බොහොමයක් බඳවා ගැනීම් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුවද, ඔවුහු තම පාක්ෂිකයනට රැකියා ලබාදෙති. බොහෝ විට මෙලෙස බඳවා ගන්නවුන් හට නිසි සුදුසුකම් නොමැති අතර රැකියාව කිරීම සඳහා පුහුණුවක් ද නැත. ශ්‍රම බලකා සංඛ්‍යා ලේඛන අනුව මෙම සේවකයන් ගෙන් සියයට 80 කට වඩා ස්ථිර තනතුරු දරන අතර විශ්‍රාම වැටුපකටද හිමිකම් කියයි. මින් පෙනෙන්නේ මොවුන්ගේ මෙම වර්තමාන රැකියාවට අදාළ වියදම පමණක් නොව විශ්‍රාම ගිය පසු ඔවුනට ගෙවන විශ්‍රාම වැටුප සඳහා වැයවන මූල්‍ය බරද බදු ගෙවන ජනතාව විසින් දැරිය යුතු බවය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් (COPE) මෑතක දී හෙළි කර ගන්නා ලද කරුණු වලින් එක් සිද්ධියක් පහත දැක්වේ.
එක් විමර්ශනයකදී හෙළිවූයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් 85 දෙනෙකු සඳහා රු. මිලියන 160 ක අතිවිශාල මුදලක් වැටුප් ලෙස ගෙවා ඇති බවය. මොවුහු 2015 වර්ෂයේ සිට අමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස විෂය භාර අමාත්‍යවරයා විසින් බඳවා ගනු ලැබ සිටියහ. සම්බන්ධීකරණ නිලධාරීන් 85 දෙනාගෙන් 35 දෙනෙක් ඉන්ධන දීමනාද ඇතුළුව, රු. 250,000 ක මාසික වේතනයක් ද ලබති. මෙම සම්බන්ධීකරණ නිලධාරීන් විසින් ඉටු කරනු ලබන කාර්යයන් මොනවාද යන්න නිශ්චය කර ගැනීම සඳහා ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපතිවරයා වන සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් වෙත කරන ලද නියෝගයට අද වන තුරුත් ප්‍රතිචාර නොමැත. රාජ්‍ය අංශයේ මූල්‍ය විනය අනුකූලතාව සුරක්ෂිත කිරීම පිළිබඳව සොයා බැලීමට භාර දුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අකාර්යක්ෂමතාව මින් තහවුරු වේ.
මෙම නාස්තිය සිදුවූයේ නීතිඥයකු මෙන්ම කොළඹ පිහිටි කීර්තිමත් පාසලක අධ්‍යාපනය ලත් අමාත්‍යවරයකු යටතේය. අප විසින් තෝරා ගනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය ශීඝ්‍රයෙන් පහළ තත්ත්වයකට ඇදවැටීමේ හේතුව ඔවුනගේ අඩු අධ්‍යාපන සුදුසුකම් සහ පවුල් පසුබිම බව යන පොදු උපකල්පනය මිථ්‍යාවක් බව මින් පෙනේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවට 2015 සිට බඳවා ගත් කාර්ය මණ්ඩල සහායකවරුන් සහ කාර්යාල සහායක 1,707 ක් දෙනාගෙන් 390 දෙනකුම බඳවා ගත්තේ 2017 වර්ෂයේ සිට අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විසින් සපයන ලද ලැයිස්තුව පදනම් කර ගනිමින් බව දෙසතියකට පෙර පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා කමිටුවේදී ජාතික ඉතිරිකිරීමේ බැංකු නිලධාරිහු පැවසූහ. කුසලතාවට තැන දෙන්නේ මෙහෙමද?
දේශපාලකයන් විසින් රාජ්‍ය විෂය පථය තුළ සිදු කරන ලද තවත් සාහසික මූල්‍ය අවකල් ක්‍රියාවක් මෙන්ම අපරාධයක් ද වනුයේ 2016 වර්ෂයේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික සමාගමකට රු. මිලියන 21 ක් මාසික කුලිය ලෙස ගෙවීමය. පස් වසරක කාල සීමාවකට සමස්ත බැඳීම් වටිනාකම රුපියල් බිලියන 1.3 කට වැඩි බවට ඇස්තමේන්තු කර ඇත. ජනාධිපති විමර්ශන කොමිසමක් මගින් මේ පිළිබඳව දැන් විමර්ශන කටයුතු කරමින් සිටියි. හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසුවේ අගමැතිවරයා විසින් තම අමාත්‍යාංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට උපදෙස් දෙන ලද බවත් අමාත්‍ය මණ්ඩල සන්දේශයද අගමැතිවරයා විසින් අත්සන් කරන ලද බවත්ය.
මා මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, ජනාධිපතිතුමා විසින් නෙළුම් කුලුන විවෘත කරමින් කියා සිටියේ මෙම කුලුන ඉදිකිරීම සඳහා 2012 වර්ෂයේදී චීන සමාගමකට ගෙවූ රුපියල් බිලියන 2 ක මුදලට සිදු වූ දෙයක් නොමැති බවත් එවැනි සමාගමක් සොයා ගැනීමටවත් නැති බවත්ය. මෙම කාරණාව 2016 වර්ෂයේදී සොයා ගත් නමුත් බදු ගෙවන්නන් මතම පැටවුණු මෙම මූල්‍ය වංචාව සිදු කළවුන්ට විරුද්ධව කිසිදු පියවරක් තවම ගෙන නැත.
2017 වර්ෂයේදී රාජ්‍ය ආයතන 16කින් ලද පාඩුව රු. බිලියන 87 සිට 2018 වර්ෂයේ දී රුපියල් බිලියන 157 දක්වා දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව පසුගිය දා මුදල් අමාත්‍යවරයා විසින් හෙළිදරව් කරන ලදි. මෙයින් ගම්‍ය වන්නේ මේවා නැවැත්වීම සඳහා අර්ථවත් පියවර ගෙන නැති බවය. බහුතරයක් ඡන්ද කොට්ඨාස ඔවුන් විසින් මූල්‍යාධාර සපයනු ලබන මෙම ආයතන විඳින පාඩු පිළිබඳව කිසිවක් නොදන්නවා විය හැකිය. ඒ පිළිබඳව දන්නා අයද නොදන්නාක් මෙන්, එය තමාගේ ගැටලුවක් නොවන බවට අඟවමින් සිටියද එය අපගේ දරුවන්ගේ අනාගතය හා සම්බන්ධ කරුණකි.
ප්‍රතිපත්තිමය තීරණ විචාරය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් ස්වාධීන පෞද්ගලික ආයතනයක් වන Advocata ආයතනය විසින් රාජ්‍ය ආයතන හා සම්බන්ධව මෑතක දී “ක්‍රමික අවපාලනය” - Systeatic Misgovernance නම් වූ පර්යේෂණ පත්‍රිකාවක් සම්පාදනය කරන්නට යෙදුණි. මෙය ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් විසින් අනිවාර්යයෙන් කියවිය යුතුම වාර්තාවක් ලෙස හැඳින්විය හැකිය. අප විසින් වසර කිහිපයකට වරක් අපගේ රට පාලනය කිරීම සඳහා තෝරා ගනු ලබන ඇත්තන් විසින් රට පාලනය කරනු ලබන ආකාරය පිළිබඳ සිත් කම්පා කරවන හෙළිදරව්වකි එය.
එය අප වෙතම එල්ල කර ගත යුතු දෝෂාරෝපණයක්ද වේ. රාජ්‍ය විෂය පථය තුළ වසර ගණනාවක සිටම කොපමණ වංචා හා මූල්‍ය අපරාධ සිදුකළද, අප විසින් එම තක්කඩි රැළම නැවත නැවතත් කිසිදු ප්‍රතික්ෂේප කිරීමකින් තොරව තෝරා ගනු ලැබෙති.
Adovocata ආයතනයේ පර්යේෂණ වාර්තාව අනුව රාජ්‍ය ව්‍යාපාර 527 න් සියයට 10 ක් (55) ම භාණ්ඩාගාරය විසින් උපාය මාර්ගික වශයෙන් වැදගත් ලෙස වර්ගීකරණය කර තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි රජයට අයත් ආයතන 2006 සිට 2017 දක්වා කාල සීමාව තුළ වාර්තා කර ඇති සමුච්චිත පාඩුව රු. බිලියන 580 ක් බව මෙම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් ව ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ විගණකාධිපතිවරයා විසින් හෙළිදරව් කරන ලද වාණිජ හා මූල්‍ය අක්‍රමිකතා හැරුණු විට සිදු කර ඇති බොහෝ වංචනික ක්‍රියා පිළිබඳව මෙම වාර්තාව පෙන්වා දෙයි. මේ සියල්ලක්ම නින්දා සහගත ඒවා වේ. කෙසේ වුවද, දේශපාලකයන්ගේ අවභාවිතාවල තරම කොපමණදැයි පාඨකයන්ට හරිහැටි තේරුම් ගැනීම පිණිස ඒවායෙන් කිහිපයක් පමණක් සාරාංශ කර දක්වමි.
එක් උදාහරණයක් නම්, 2014-2016 කාලය තුළ ලංකා සතොස විසින් රු. බිලියන 27 ක වියදමක් දරා සහල් මෙටි්‍රක් ටොන් 257,559 ක් මෙරටට ගෙන්වන ලද සිද්ධියයි.මෙයින් මෙටි්‍රක් ටොන් 233,807 ක් විකුණා රු. බිලියන 11.8 ක් උපයා ඇති අතර විඳින ලද පාඩුව රු. බිලියන 15කි. කන්ටේනර් 361 (අඩි 20) කට සමාන වන සහල් මෙටි්‍රක් ටොන් 7,947ක් නැති බව හෝ ගණනය කර නොමැති බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. තවද ආනයනය කර මාස 19 කට පසු සහල් තොගයෙන් මෙටි්‍රක් ටොන් 23,751ක් විකිණිය නොහැකි තොග ලෙස විවිධ ගබඩාවල තිබෙන බවද සඳහන් වේ.
නොරොච්චෝලේ බලාගාරය සඳහා 2009 සහ 2016 කාල වකවානුව තුළ ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම වෙනුවෙන් රු. බිලියන 4ක් පාඩුවක් සිදුවී ඇති බවට විගණකාධිපතිවරයා විසින් කරන ලද විශේෂ විමර්ශනයකදී ගණනය කර ඇත.
තවත් එවැනි බරපතළ ගනුදෙනුවක් වන්නේ එක්තරා ව්‍යාපෘතියකට 2009 දී මහජන බැංකුව විසින් පාරිභෝගිකයකුට දී ඇති රු. මිලියන 395 ක ණය මුදලයි. මෙම ණය මුදල රු. මිලියන 245ක් වන බැංකු අයිරාවක් ලෙසටත් රු. මිලියන 150 ක දීර්ඝ කාලීන ණයක් ලෙසත් දී තිබිණ. කෙසේ වුවද, මාස තුනක් ඇතුළත, සමස්ත මුදලම අක්‍රීය ණය ලෙසට දක්වා තිබිණ. රු. මිලියනය බැගින් වූ වාරික වලින් එය නැවත ආපසු ගෙවීමට එම පාරිභෝගිකයාට ඉඩ දුන් අතර එහි ප්‍රතිඵලය වූයේ ණය මුදල පියවා ගැනීමට බැංකුවට වසර 62 ක් බලා සිටිය යුතු වීමයි. බැංකුව විසින් කුලිය ලෙස ගෙවිය යුතු මුදලෙන් මෙම මුදල හිලව් කර ගැනීමට මහජන බැංකු කළමනාකාරිත්වය තීරණය කළේය.
සියලුම රාජ්‍ය ආයතනවල පාලන කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා සාමුහික ප්‍රයත්නයක අවශ්‍යතාව මෙම පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දෙයි. අවංකකම, ඍජුබව, වගවීම යන ගුණාංග රහිත දේශපාලකයන් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරින් විසින් ක්‍රියා පටිපාටි හා ක්‍රියා මාර්ග අනුගමනය නොකරනු ලැබීමේ ප්‍රතිඵලය වී ඇත්තේ බදු ගෙවන්නන්ගේ මුදල් විශාල ලෙස අපතේ යාමයි. මෙලෙස නාස්ති කරන සම්පත්, අධ්‍යාපනය සෞඛ්‍යය වැනි ඉතා වැදගත් ක්ෂේත්‍රවලට සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා යොදා ගත හැකිය. ශ්‍රී ලංකාවේ මැතිවරණ දිනන්නේ අනුග්‍රාහකත්වය බවට මෙම වාර්තාව මගින් නිවැරැදි ලෙස හඳුනා ගෙන ඇත්තේ, කාර්යාල සහායකයන් (පියන් හෝ KKS ) 166,588 ක් සහ රියැදුරන් 25,645 ක් රාජ්‍ය සේවයේ සිටින විට වෛද්‍යවරුන් ඇත්තේ 19,612ක් සහ හෙදියන් 32,399ක් වීම යන හේතුව නිසා විය හැක.
බදුගෙවීම පැහැර හරින වෘත්තිකයන් සහ වෘත්තිකයන් නොවන අයවලුන් පිළිබඳ සොයා බැලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරන උත්සාහයට සියලුම යහපත් පුරවැසියන් සහයෝගය දිය යුතුය. කිසිවකුට කිසිදු වෙනසක් නැතිව බදු නීති තදින් ක්‍රියාත්මක කළ යුතුය.
ඍජු බදු පිටමං වෙන තවත් ඉතා වැදගත් ක්ෂේත්‍රයක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභිකයන්ට දෙනු ලබන තීරු බදු රහිත වාහන බලපත්‍රයයි. කැබිනට් අමාත්‍යවරුද ඇතුළුව බොහොමයක් මන්ත්‍රීවරු සැලකිය යුතු ලාභයකට ස්වකීය තීරු බදු රහිත වාහන බලපත්‍රය විකුණති. මෙයින් සිදුවන්නේ රජයට පාඩුවකි. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් හිටපු පළාත් සභිකයන් 421 දෙනෙකුට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සඳහා අනුමැතිය ලබා ගැනීමට පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම් වාර කීපයකදීම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර මුදල් අමාත්‍යවරයාට පින්සිදුවන්නට එය ප්‍රතික්ෂේප වී ඇති බවට වාර්තා වෙයි. එසේ වුවත් වජිර අබේවර්ධන අමාත්‍යවරයා නැවත එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට ද වාර්තා වේ. තුන්වන වර ඔහු දිනාවිද? මහජනතාවගේ අදහස්වලට දේශපාලකයන් කිසිදු සංවේදීතාවක් නොදැක්වීම විමතියට කරුණකි. ඔවුන් ජනතාව සහ අපගේ අදහස් කොතරම් හෑල්ලුවකට ලක් කර ඇත්ද යන්න මින් පෙනේ. මගේ අදහස නම්, බලපත්‍රය විකිණීමෙන් ලබන ලාභයට බද්දක් අය කර ගතයුතු බවය. එමෙන්ම, පසුගිය දශකය තුළ තම බලපත්‍ර විකුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ පළාත් සභිකයන්ගෙන් කොපමණ බදු මුදලක් අයකර ගත්තේද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙළිදරව් කළ හැකි නම් එය වඩා ප්‍රයෝජනවත් වනු ඇත.
අවසාන වශයෙන් කීමට ඇත්තේ, මෙරට බදු ගෙවන ජනතාවගෙන් සුවිශාල ධනස්කන්ධයක් පැහැර ගැනීමේ වරද ඡන්දදායකයන් විසින් දේශපාලකයන් මත පැටවිය යුතු බවය. ඔවුන් මැතිවරණවලදී ප්‍රතික්ෂේප කළ යුතු අතර සිර දඬුවම් දීමට හෝ දේපළ තහනමට ලක් කිරීම ඇතුළු නීතිමය පියවර ගැනීමට බල කළ යුතුය. මේවාට ආධාර අනුබල දෙන සියලුම රාජ්‍ය සේවකයන්ටද මෙය අදාළ විය යුතුය.
ළඟ එන මැතිවරණවල දී තම ඡන්ද බලය පාවිච්චි කිරීමේදී ඡන්දදායකයන් සැලකිල්ලට ගත යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ, පාඩු ලබමින් සිටින රාජ්‍ය ආයතන නැවත ප්‍රතිව්‍යුහගත කිරීම උදෙසා මෙන්ම විශාල සේවක සංඛ්‍යාවක් සිටින රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව දැරිය හැකි නිසි මට්ටමකට ගෙන ඒමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභිකයන්ට දෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය නැති කර දැමීම සඳහා දැඩි තීරණ ගැනීමට සූදානමින් සිටින්නේ කුමන අපේක්ෂකයන් ද යන්නයි.
සංජීව ජයවීර විසිනි
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතා මුදල් සූරාකන දේශපාලකයෝ
wisramikaya Tuesday, 01 October 2019 08:37 AM
වැදගත් දේ සේවක අතිරික්තය නොවෙයි. ඒ අයගෙන් ඉටුවන සේවය කොපමණද කියා බලන එකයි. මහජන සේවය සපයන ඕනෑම ආයතනයකට ගිහින් බලන්න කොපමණ ජනතාවක් අවට රැස් වෙලා ඉන්නවාද තම කාර්යය ඉටු කරගන්න? උදාහරණ වශයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාරතමේන්තුව මේ අතර ප්‍රධාන ස්ථානයක් ගන්න බව එහි යන ඕනෑම කෙනෙකුට දැක ගන්න පුළුවන්. ඒ වුනාට කියන්නේ නම් ලැබෙන වැටුප මදි කියලයි.
ලුම්බිණි Wednesday, 02 October 2019 05:08 AM
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා උත්සාහ කළත් මේක වෙන්නේ නැහැ. කලින් හිටි කොමසාරිස්ලත් මේක කරන්න උත්සාහ කළා. ඒත් දේශපාලකයෝ සහ ඔවුන්ට ගැතිකම් කරන නිළධාරින් මේවට ඉඩ දුන්නේ නැහැ. හැම කෙනෙකුටම අදායම් බදු නොම්මරයක් නැත්තේ මොකද? ලක්ෂ 30ක් මාසෙට උපයන දොස්තරලා අවුරුද්දටම ගෙවන බද්ද රුපියල් 35000 යි.ඉතින් මොනවා කියන්නද?
mahinda Wednesday, 02 October 2019 01:23 PM
බොහෝ ආයතනවල බදු ගෙවන්නේ ලබන අාදායමෙන් 25%ක් වගේ අාදායමකට... අනිත් අදායම් පිල්ලි යවනවා. ඒවාට ලෑස්ති වුණු ඔඩිට්ලත් ඉන්නවා.