IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ණය කන්දේ වග නොදැන පිනුම් ගැහීම

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයක් එළැඹ තිබේ. ජාතික හා ගෝලීය වශයෙන් රටේ මෙන්ම මහජනතාවගේ පැවැත්ම තීරණය කෙරෙන ජනාධිපතිවරණයක් හැටියට එය හැඳින්වූව ද වරදක් නැත. අප අද මුහුණ දෙමින් සිටින්නේ ගැඹුරු ආර්ථික අර්බුදයකටය. නිදහසින් පසු මේ සා ගැඹුරු ආර්ථික අර්බුදයකට අපේ රට මුහුණ දුන්නේ නැත. එනිසා පිළිතුරු සොයාගත යුතුව තිබෙන්නේ අප රට ගොඩනැඟීමට පෙර ගොඩගැනීම පිළිබඳ ප්‍රශ්නයකටය.

මේ පරිසරයෙහි ජනාධිපතිවරණය දෙස බැලිය යුත්තේ පසුගිය වසර 71ක කාලයේදී අපට වැරදුණු තැන් මෙන්ම පසුගිය වසර පහක කාලයේදී ආර්ථිකමය වශයෙන් වූ බිඳ වැටීම් ද සැලකිල්ලට ගනිමිනි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණවල ඉදිරිපත් කරන පොරොන්දුවලට වඩා මෙවර අපේක්ෂකයන් ද ප්‍රතිපත්තිමය කාරණා ගැන වැඩිපුර කතා කරන තැනකට තල්ලු වී සිටින්නේ ඒ නිසා විය යුතුය. මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ආදීන් ආර්ථිකය ගැන විශේෂයෙන් කතා කරන මේ තත්ත්වය කිසියම් ඉදිරිගාමී පියවරක් හැටියට මම සලකමි.

වසර හතළිහක් තිස්සේ භාවිත විවෘත ආර්ථිකය හැටියට හැඳින් වූ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය දැන් තිබෙන්නේ අර්බුදයට ගොසිනි. එය අප රටට පමණක් සීමා නොවූ ගෝලීය අර්බුදයකි. ආර්ථික විශ්ලේෂකයන් පවසන පරිදි ලබන වසර වනවිට දළ ජාතික නිෂ්පාදිතය ගෝලීය මට්ටමෙන් ගත්කල 2-3% අතර පහළ අඩියකට වැටෙනු ඇත. ලංකාවට අදාළව ගත්විට 2015 දී 5%ක තිබූ ආර්ථික වර්ධන වේගය දැන් තිබෙන්නේ 2%ට වැටී ය. දකුණු ආසියාවේදී ලංකාව ඇෆ්ඝනිස්ථානයෙනුත් පහළට වැටී ඇති බව පසුගියදා කියනු ලැබුවේ අගමැතිවරයාම විසිනි.

එහෙත් මේ ආර්ථික කඩාවැටීමට හේතු ප්‍රත්‍ය ප්‍රමාණවත් පරිදි සොයා බැලීමක් සිදු නොවන බව මගේ හැඟීමයි. මූලිකව ගත්කල මෙම අර්බුදයට අපට පාලනය කළ නොහැකි ගෝලීය සාධක මෙන්ම ජාතික වශයෙන් ගත්කල ආර්ථික උපායමාර්ගවල ද අවුලක් ද තිබේ. ආර්ථිකය අවකළමනාකරණයත් දූෂණයත් වංචාවත් නාස්තියත් රාජ්‍ය සේවයේ බිඳවැටීමත් එකතු වූ විට රෝගියා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයේය. සැබැවින්ම මේ වනවිට රටේ නිෂ්පාදනය තිබෙන්නේ බින්දුවට වැටිලාය. නැතහොත් නිෂ්පාදනයක් සිදු නොවන තරම්ය.

මගේ මූලිකම අවධානය හිමිවන්නේ ජනපති අපේක්ෂකයන් අඩුවෙන්ම අවධානය යොමුකරන කාරණයටය. එනම් රාජ්‍ය ආදායම බිඳවැටීමය. 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දෙන විට ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 24%කි. එය අද 10-12% අතර දෝලනය වේ. ඊට එක් හේතුවක් වූයේ නිෂ්පාදනය බිඳවැටීමය. අනෙක් කරුණ මූල්‍ය ප්‍රතිපත්තියයි. 1977 න් පසුව ඉහළ පැලැන්තියට අසීමිත ලෙස බදු සහන දෙන පිළිවෙතක් එවක එ.ජා.ප ආණ්ඩුව අනුගමනය කළේය. කොපමණ බදු සහන දුන්නත් නිෂ්පාදනයක් වුණේ නැත. එහෙත් පාරිභෝගිකයන් මත කෙළින්ම පැටවෙන වක්‍ර බදු ප්‍රමාණය අද වනවිට තිබෙන්නේ 87% ක් වැනි ඉහළ අගයකය. එහි අන්‍යාර්ථය නම් ඇති හැකි ධනපතින්ගෙන් අය කෙරෙන සෘජු බදු ප්‍රමාණය 13% ක් වැනි සුළු අගයක් බවය.

භාණ්ඩාගාරයට වසරකට ලැබෙන රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වන්නේ ලංකාව ලබාගත් ණය වාරිකය ගෙවීමට පමණි. දාහතර ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමට, ලක්ෂ පහකට අධික වූ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට, නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට, සංවර්ධනයට ආදී සියල්ලට මුදල් යොදා තිබෙන්නේ ණයටය. විදේශ ණය කන්ද මේ වනවිට ඩොලර් බිලියන 55 ක් දක්වා අහස උසට නැඟ තිබේ. දේශීය ණය කන්ද රුපියල් ට්‍රිලියන 13 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර රුපියල්වලට අමතරව ඩොලර්වලින් ගත් ණය ද සැලකිය යුතු ප්‍රතිශතයක් තිබේ. වෙළෙඳපොළෙන්, බැංකුවලින්, පෞද්ගලික අංශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන්, වෙනත් ආණ්ඩුවලින් ආදී වශයෙන් සියලුම මූලාශ්‍රවලින් ණය ගත් රටක් බවට ලංකාව පත්ව තිබේ.

දෙවැනි කාරණය නම් අපේ විදේශ විනිමයයි. අපට රුපියල් පමණක් නොවේ රට සල්ලි ද ඕනෑය. මේ වසර හතළිහේදී විදේශ විනිමය අපට ලැබෙන මූලාශ්‍ර ද විශාල ලෙස වෙනස් වී තිබේ. අද තේ, පොල්, රබර් කියා දෙයක් නැත. ඇඟලුම් වෙළෙඳපොළ විශාල ලෙස ප්‍රසාරණය විය. විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මූලාශ්‍රය වී තිබෙන්නේ ශ්‍රමය අපනයනය කිරීමය. ශ්‍රී ලාංකික කාන්තාවන් මැද පෙරදිග ගොස් කඹුරා මෙරටට එවන මුදල්ය. කෘෂි හා කාර්මික අපනයන අඩුවීම ද විශාල ප්‍රශ්නයකි. කුරුඳු, තේ, රබර් මිල ද ඇත්තේ පහළ වැටීය. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ කඩාවැටීම ද ඊට එකතු වූ නිසා රටට විදේශ විනිමය ගලාඒම විශාල ලෙස අඩු වී ඇත. විදේශ විනිමය සංචිතය විශාල ලෙස අඩුවීමෙන් මෙහි බරපතළකම පෙනේ. අන්තිමට අපට රුපියල් ද නැත.

ඩොලර් ද නැත. ආර්ථික උපායමාර්ග සකසද්දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කල්පනා කළේ අපනයන ආර්ථිකයක් ගැනය. එහෙත් වසර හතළිහකට පසු නිර්මාණය වී තිබෙන්නේ කුමක් ද? ආනයන ආර්ථිකයකි. අපනයනයට වඩා දෙකයි දශම පහක ගුණයකින් ආනයන වැඩි වී තිබේ. එයින් නිර්මාණය වී තිබෙන්නේ වෙළෙද අවාසියකි. මේ තත්ත්වය තුළ අප කළයුත්තේ අපනයන ආර්ථිකයේදී පුහුණු ශ්‍රමය අපනයනයට බර තැබීමය. උදාහරණයකට පුහුණු හෙදියකට උපැයිය හැකි මාසික ආදායම පුහුණු ගෘහ සේවිකාවන් හතර දෙනෙකුගේ මාසික ආදායමට සමානය. වැඩිහිටි ගහණයේ වැඩිවීමට සාපේක්ෂව සෞඛ්‍ය සේවාවලට ඇති ඉල්ලුමත් සමග මෙවැනි අංශයකට අවධානය යොමුකරන්නේ නම් රටට උපැයිය හැකි මුදල අතිවිශාලය. එහෙත් සැලසුම් සකස් කරන්නෝ මෙවැනි කාරණා ගැන නොසිතති.  

ඊළඟ ගැටලුව නම් ඉතිරි කිරීම්ය. ආසන්න දශක හතර පුරාම අපේ ඉතිරිකිරීම් තිබෙන්නේ 22-23% ක මට්ටමේය. එවැනි ඉතිරි කිරීම් මගින් රටට ආයෝජනයට ප්‍රාග්ධනය ප්‍රමාණවත් වන්නේ නැත. අනෙක් අතට විදේශයන්ගෙන් එන ආයෝජන ද ප්‍රමාණවත් නැත. ඒ වෙනුවට සිදුවන්නේ විවිධ අර්බුද හමුවේ පවතින ආයෝජන ද මෙරටින් පළායාමය. මේ වනවිට විදේශ ආයෝජන සම්පූර්ණයෙන්ම ගලායමින් තිබෙන්නේ ආසියාවේ අනෙකුත් රටවලටය.

රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පැමිණි විට ප්‍රාග්ධනය මෙරටට ගලාඑන්නේ යැයි කතාවක් තිබුණත් අද එය යථාර්ථයක් වී නැත. එහෙත් කොමියුනිස්ට් පක්ෂයක් බලයේ සිටින චීනයට ප්‍රාග්ධනය ගලා යයි. ඇත්තටම ආණ්ඩු වෙනස් වුණා යැයි කියා ද ප්‍රාග්ධනය ගලාඑන්නේ නැත. ඒ සඳහා ප්‍රතිපත්ති වෙනස් විය යුතුය. වර්තමාන ආර්ථික අර්බුදය මේ වනවිට ආර්ථික තලයෙන් පිට සමාජ, දේශපාලන, සංස්කෘතික තලවලදී ද ප්‍රකාශවන්නට පටන්ගෙන තිබේ.

රටක ආර්ථිකය දුවන්නේ රාජ්‍ය හා පෞද්ගලික යන එන්ජින් දෙක උඩය. එහෙත් ලංකාවේදී මේ එන්ජින් දෙකම තිබෙන්නේ හරියට ක්‍රියාත්මක නොවන තැනකය. රාජ්‍ය සේවය තිබෙන්නේ විශාල බිඳවැටීමකය. විනයක් නැති තත්ත්වයකය. දැනුම, ආකල්ප, අකාර්යක්ෂමතාව, දූෂණය ආදියෙන් අගතැන්පත් තැනකය. ජනපති අපේක්ෂකයන් නොවළහා අවධානය යොමු කළ යුතු මූලික කාරණා හැටියට මේවා දැකිය යුතුය. අපේක්ෂකයන්ගේ කතා දෙස බැලීමේදී පෙරට සාපේක්ෂව යම් ආකාරයේ බර තැබීමක් මේ කාරණා ගැන තබා ඇති බව මම දකිමි. එහෙත් ආර්ථිකය දිශානුගත කිරීමේදී න්‍යායික වශයෙන් වූ පීලිපැනීම් ද දැකිය නොහැක්කේ නොවේ. රට ස්වයංපෝෂිත කිරීමට කරන කතාව එවැන්නකි. ලංකාව යනු අද වනවිට ලෝක ආර්ථිකයේම කොටසකි.

අපට ස්වයංපෝෂිත විය නොහැකිය. වර්තමානය වනවිට ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු වන්නේ ආසියානු ආර්ථිකයයි. එහෙත් අපේ බොහෝ දේශපාලකයෝ මෙවැනි වෙනසක් වී ඇති බවවත් දන්නේ නැත. ලංකාව රටක් හැටියට අර්බුදයකට පත්ව තිබෙන්නේ උතුරු, නැගෙනහිර පමණක් නොව දකුණු ආසියාව පවා පොදුවේ ගත්විට ඉදිරියට පැමිණෙද්දීය. අප තවමත් යටත්විජිත සමයේ මෙන් අපනයනය කරන්නේ ඇමෙරිකාවටත් යුරෝපාකරයටත් සීමාවය. ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වනවිට මිලදී ගැනීමේ හැකියාව අඩු වී තිබේ. නිෂ්පාදනය පහළ වැටී ඇත. චීනයේ ශ්‍රම බලකාය ලක්ෂ 9000කට ආසන්නය. එයින් ලක්ෂ 4000 ක් මධ්‍යම පාන්තිකයෝය. ඉතින් ලෝකයේ ලොකුම වෙළෙඳපොළ තිබෙන්නේ එතැනය. එහෙත් අපනයන ක්‍ෂේත්‍රයේදී මේ ලෝක පරිමාණ වෙනස්කම් සැලකිල්ලට ගන්නා බවක් අපේ ප්‍රතිපත්ති තීරණය කරන්නන්ගෙන් තවමත් විශද නොවේ.

ජනාධිපතිවරණ ප්‍රචාරණයේ නිරත උගතුන් හා බුද්ධිමතුන් ගැන ද යමක් කිව යුතුවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කතා කරන ඇතැම් බුද්ධිමතුන්ගේ තර්කයක් වී තිබෙන්නේ ඔහු ජයගතහොත් ලංකාව ඒකාධිකාරී, ඒකාධිපති රාජ්‍යක් කරා ගමන් කරනු ඇත යන්නයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෙළින්ම කියන්නේ ෆැසිස්ට් ආණ්ඩුවක් ගොඩනැඟෙනු ඇත කියාය. එහෙත් මගේ අදහස නම් මේ තර්කයෙහි කිසිදු පදනමක් නැති බවය. අපේ රටේ පවතින්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. තනි පක්ෂයකට දිගු කල් බලයේ සිටින්නට මිනිස්සු ඉඩ නොදෙති.

මෙවර ජනාධිපතිවරණයට සන්ධාන තුනක් බිහි වී තිබීමම ඊට කදිම නිදසුනකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණත් තරග කරන්නේ සන්ධානවලිනි. තරග නොකළ ද දෙමළ ජාතික සන්ධානය පවා දේශපාලන තීන්දු ගන්නේ සන්ධානයක් හැටියටය. මෙවැනි සන්ධාන දේශපාලනයක් ස්ථාපිත වූ රටක ඒකාධිපති පාලනයකට ඇති ප්‍රවණතාව ඉතා අඩුය. එනිසා මේ තර්කය ඉදිරිපත් කරන්නන්ගේ වෑයම හැටියට මා දකින්නේ සුළු ධනේෂ්වරය නියෝජනය කරන පාවෙන ඡන්ද භීතියට පත්කර අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමකි. මෙවැනි පදනමක් නැති කතාවලින් සිදුවන්නේ රටේ පවතින සැබෑ අර්බුදය වසන් කර අවශේෂ කාරණා මාතෘකා බවට පත්වීමය.

පසුගිය වසර දහයක පහළොවක කාලයේදී උගත් මධ්‍යම පන්තියක් නව රූපකායකින් බිහි වී තිබේ. රුපියල් ලක්ෂ දහයකට වඩා මාසික ආදායමක් ලබමින් සුඛෝපභෝගී මහල් නිවාසවල කුලියට ජීවත් වන මේ පිරිස බැංකුවල මුදල් තැන්පත් කරන්නෝ නොවෙති. මේ නව ජීවන සම්ප්‍රදාය සමග රටෙහි විශාල කළු ආර්ථිකයක් නිර්මාණය වී තිබේ. රාජ්‍ය ආදායම පහළ වැටෙන්නට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ මේ කළු ආර්ථිකයයි. ජනාධිපති අපේක්ෂකයන්ගෙන් මේ කළු ආර්ථිකය ගැන ලොකු සාකච්ඡාවක් දකින්නට නොමැති වීම කනගාටුවට කරුණකි. මේ කාරණා ගැන උනන්දු විය යුත්තේ රටේ ජාතික ආදායම් මන්දිර හැටියට සැලකෙන දේශීය ආදායම්, සුරාබදු හා රේගු යන දෙපාර්තමේන්තුය. එහෙත් රාජ්‍ය ආදායම අපේක්ෂිත ලෙස ගලානොඑන්නට හේතුව වී තිබෙන්නේ ද මේ මන්දිර තුනෙහි අකාර්යක්ෂමතාව හා දූෂණයයි.

මේ වාරයේදී ලක්ෂ 150කට අධික ඡන්දදායක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කරති. ඔවුන්ගෙන් ඉහළම මට්ටමේ සිටින 20% ක ජනයා ජාතික ආදායමෙන් ලබන පංගුව 55% කි. පහළම මට්ටමේ ජීවිත ගෙවන 20% ක පිරිස ලබන්නේ ජාතික ආදායමෙන් 4% කි. මේ තරම් ආදායම් පරතරයක් අපේ රටේ කවදාවත් තිබී නැත. මැද මට්ටමේ ජීවිත ගෙවන 60% ක ජනයාට ලැබෙන්නේ ජාතික ආදායමෙන් 40% කි. එසේ බලද්දී යමක් මිලදී ගැනීමට ඇති හැකියාව හෙවත් ක්‍රය ශක්තිය තිබෙන්නේ මේ පළමුව කී 20%ක පිරිසටය. මේ වනවිට රැකියා කරන පිරිසෙන් 14%ක් රජයේ සේවකයෝය. 26% ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්නෝය.

බහුතරය වූ ඉතිරි 60% ක ජනයා සිටින්නේ අවිධිමත් ආර්ථිකයේය. මේ බහුතරය මාස් පඩි ගන්නෝ නොවෙති. ස්වයං රැකියා කරන්නෝ, අක්කරයක් දෙකක් වවන්නෝ වෙති. සියලුම ආණ්ඩු යටතේ අඩුම සැලකිල්ලක් අවධානයක් ලබන පිරිස වන්නේ මේ අවිධිමත් ආර්ථිකය නියෝජනය කරන පිරිසයි. මේ ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ මේ පිරිසයි. පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් කෙළින්ම බඩේ පාර වැදුණේ මේ අවිධිමත් අංශයටය. මා සිතන්නේ ජනපති අපේක්ෂකයන්ගේ වැඩි අවධානයක් මේ කියන අවිධිමත් අංශයට යොමු විය යුතු බවය.

ඉතින් මේ ප්‍රශ්න විසඳීමට නම් බලය ඉල්ලන සෑම පාර්ශ්වයකටම විවේචනාත්මකව මෙන්ම ස්වයංවිවේචනාත්මකව ද ප්‍රශ්න දෙස බැලීමට හැකි විය යුතුය. පසුගිය වසර හතළිහක කාලයේදී සිදු වූ වැරැදි මොනවාද යන්න ගැන ආපසු හැරී බැලීමට ශක්තියක් තිබිය යුතුවේ. ජාතික හා ගෝලීය වශයෙන් රටේ මෙන්ම මහජනතාවගේ පැවැත්ම තීරණය කෙරෙන ජනාධිපතිවරණයක් හැටියට 2019 ජනාධිපතිවරණය හැඳින්වීමෙහි වරදක් නැත්තේ එබැවිනි. පිළිතුරු සොයාගත යුතුව තිබෙන්නේ අප රට ගොඩනැඟීමට පෙර ගොඩගැනීම පිළිබඳ ප්‍රශ්නයකට යැයි මා මේ සාකච්ඡාව ආරම්භයේදී කීවේ ද ඒ නිසා ය.

සටහන
බිඟුන් මේනක ගමගේ



අදහස් (8)

ණය කන්දේ වග නොදැන පිනුම් ගැහීම

rana Tuesday, 05 November 2019 05:24 AM

යල් පැනපු දේශපාලන අදහස්......කලින් කලට වෙනස්වන චරිත.....ඔය පණ්ඩිත අදහස් අපි දන්නවා. නමුත් එදා විවේචනයට ගිය ඈයෝ කෝ? එතකොට කට ඇරියද ?

:       608       352

Sanath Kandy Wednesday, 06 November 2019 06:20 AM

රාජපක්ෂ ආණ්ඩුවලට මුක්කු ගහද්දී ඔය දේවල් පෙන්නලා දුන්නේ නැත්තේ ඇයි? අවංකව පිළිගන්න මේ කියන දේවල් මුල සිටම පෙන්නා දුන්නේ අනුර කුමාර ඇතුළු ජවිපෙ බව. දැන්වත් සැබෑ වමේ අපේක්ෂක අනුර කුමාර සහෝදරයාගේ වේදිකාවට ගොඩවී රට ගොඩනගන යතාර්ථවාදී වැඩපිළිවෙලට සහයෝගය දෙන්න. ජීවිතයේ සැන්දෑ සමය පසුතැවිල්ලකින් තොරව ගත කරන්න පුළුවන් වේවි.

:       712       757

Wasudewa Wednesday, 06 November 2019 09:14 AM

මේ ජනාධිපතිවරණය කිසිම තීරණාත්මක ජනාධිපතිවරණයක් නෙමෙයි. මෙතුමා පරණ රෙජීමය කාලේ කෝප් එකේ සභාපති කාලේ... ලොකු හොරකම් එළිවෙන කොට ඒ ඔක්කොම හංගලා කරපු රඟපෑම අපිට හොඳට මතකයි. දැන් මේ බොරුඅර්බුද ගැන කියනවා. එ්ත් සජිත් අවුරුදු ගණනාවක් තිස්සේ මුළු රටම් ආවරණය වන පරිදි දුගී දුප්පත් මිනිසුන්ට ගෙවල් ලක්ෂ ගණනක් හදලා දීලා විශාල වැඩක් පොඩි මිනිහට කරපු කෙනෙක්. අනික සජිත් හොද ශ්‍රී ලාංකිකයෙක්, සල්ලි හොරකන් කරලා නැහැ. මිනීමැරුම් චෝදනා නැහැ. ජාතිවාදය අවුස්සනේ නැහැ. පවුල් බලයක් නැහැ. ඉතින් සජිත් තමයි එකම සුදුස්සා...

:       807       1222

piyalThursday, 07 November 2019 11:16 AM

සජිත් මේ සේරම එක වල්ලේ...

:       170       68

sirisena Thursday, 07 November 2019 10:39 AM

ණය කන්ද හිමාලයට උස්සන්න මහින්දට ඔබත් උදව් කලා නේද?

:       409       556

ranjith Saturday, 09 November 2019 10:58 AM

කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය මේ මුක්කු ගැහිල්ලෙන් වහල්භාවය නිසා මේ ඇත්තෝ විනාශ කරලා දෙන මූලධර්ම උගන්වන්න එනවා. මෙයත් පාර්ලිමේන්තුවේ ඉන්නකොට මුක්කු ගහගෙන කරපු වරදවල් වලට කතාකළාද?

:       168       389

dilal Thursday, 14 November 2019 06:31 AM

ඔබතුමාගේ ලිපියේ වැදගත් කරුණු ගොඩක් තිබෙනවා. ඔබතුමා ණය ගැන කතාකරමින් 1994 මැතිවරණ සමයේදී ප්‍රකාශ කලා මෙරට සෑම වැසියෙක්ම පිටරටට රු.12000ක් ණයයි කියා .මේ දිනවල නවගමුව මහතා කියනවා සෑමකෙනෙක්ම දැන් රු.580000ක් ණයයි කියා. කොහොමද 1994න් පසු බලයට පැමිණි නායකයින්ගේ දක්ෂතා? 1994න් පසු බලයට පැමිණි ආණ්ඩුවල ඔබත් බොහෝ කාලය ඇමතිකම් කලා නේද. මේ රට දියුණුකරන්න බැරි එක් බරපතලම කරුණක් තමයි තමන්ට බලය ලැබුනහම රට දියුණුකරන්න බැහැ. වැඩ නොකළ නිසා විපක්ෂයට තල්ලුවුනාට පස්සේ ජනතාව බලයට පත්කරගත් ආණ්ඩුවට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩු පෙල්ලන්නමයි හදන්නේ විපක්ෂයට ගිය දා සිට.

:       0       0

Rohana Thursday, 14 November 2019 01:21 PM

පක්ෂ දේශපාලනය කොහොම වුනත් මෙතුමා කියන කතාව ඇත්ත. පොරොන්දු දෙන කුමන දේශපාලකයත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඔය කියන සහන කෙසේ වෙතත් රාජ්‍ය ආදායම ඉහල නංවන්න තව ලස්සන යෝජනා ඉදිරිපත් වෙනවා. එතකොට ඔය කියන බදු සහන දෙන්න බැරිවෙනවා. ඔය ඉදිරිපත් කරලා තියෙන පොරොන්දු කන්දරාව ඉටු කරන්න රජයේ ආදායම ආශ්චර්යකින් ඉහල ගියොත් නම් හැකිවේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 106 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 537 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1722 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1288 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site